Chanuka Jeewantha

Chanuka Jeewantha එන්න මගේ ලෝකය මගේ වචනෙන් අහන්න

ශිෂ්‍යත්වේ කඩඉම පැනලා මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුල් වුණේ ලොකු ගැම්මකින්. ඒත් මම එදා දැනගෙන හිටියේ නෑ, මග...
14/01/2026

ශිෂ්‍යත්වේ කඩඉම පැනලා මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුල් වුණේ ලොකු ගැම්මකින්. ඒත් මම එදා දැනගෙන හිටියේ නෑ, මගේ ජීවිතේ සුන්දරම පරිච්ඡේදය ලියවෙන්න යන්නේ මේ තාප්ප අතර කියලා.

6 වසරේ ඉඳන් 11 වසරට එනකම් ගෙවුණු ඒ කාලය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. අදටත් කවුරුහරි මගෙන් ඇහුවොත් "ජීවිතේ ආයෙමත් එක දවසකට යන්න චාන්ස් එකක් දුන්නොත් යන්නේ කොහාටද?" කියලා, මම දෙපාරක් නොහිතා කියන්නේ "ගුරුකුලයේ 10-11 වසර කාලෙට" කියලා.

ඒ කාලේ ජීවිතේට මහා ලොකු බරක් තිබුණේ නෑ. ස්ට්‍රෙස් කියන වචනේ අහලවත් නෑ. අපේ ලෝකය පිරිලා තිබුණේ යාළුවෝ, ක්‍රිකට් මැච් සහ වොලිබෝල් කෝට් එකේ දූවිලි වලින්. ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හිතෙන්නේ නෑ. යාළුවෝ එක්ක පිස්සු කෙළපු, ඉන්ටවල් එකේ බත් මුලට පොරකෑව ඒ කාලේ... ඒක මාරම ආතල් එකක්.

හැබැයි මේ හැම විනෝදයක් අස්සෙම මට මගේ ටාගට් එක අමතක වුණේ නෑ. සෙල්ලම් කරන්න ඕන වෙලාවට උපරිමේටම සෙල්ලම් කළා වගේම, පාඩම් කරන්න ඕන වෙලාවට මම බොක්කෙන්ම පාඩම් කළා. පන්ති ගියා, රෑ එළි වෙනකම් වැඩ කළා.

2015 අවුරුද්ද... සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල නිකුත් වුණා.

මගේ මහන්සිය අපතේ ගියේ නෑ. මම "A" සාමාර්ථ 9ක් අරගෙන තිබුණා. ගමේ ඉස්කෝලෙන් ආපු පුංචි කොල්ලා, ගුරුකුලෙන් A නවයක් දාද්දි දැනුණු ඒ ගැම්ම වචනවලට පෙරලන්න බෑ. ඒක මගේ ජීවිතේ පළවෙනි ලොකු ජයග්‍රහණය.

ඒ ජයග්‍රහණයත් එක්ක මගේ හිතේ ලොකු හීනයක් මෝදු වෙන්න පටන් ගත්තා. කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න ඕන කියන හීනය. හැබැයි මම හිතාගෙන හිටියේ මගේ නවාතැන D.S. සේනානායක විද්‍යාලය වෙයි කියලා.

ඒත් දෛවය මම වෙනුවෙන් ඊට වඩා ලොකු දෙයක් ලෑස්ති කරලා තිබුණා. මගේ මුළු ජීවිතේම වෙනස් කරපු ඒ "Phone Call" එක එන්න තව ඉතිරිව තිබුණේ පැය කීපයක් විතරයි...

(මතු සම්බන්ධයි)

Chanuka Jeewantha

1999 මැයි 07... මම මුලින්ම මේ ලෝකේ එළිය දකින්නේ රාගම හොස්පිට්ල් එකේදී. හැබැයි මම එදා ඇස් ඇරලා බලපු ලෝකය අද මම දකින ලෝකය ...
13/01/2026

1999 මැයි 07... මම මුලින්ම මේ ලෝකේ එළිය දකින්නේ රාගම හොස්පිට්ල් එකේදී. හැබැයි මම එදා ඇස් ඇරලා බලපු ලෝකය අද මම දකින ලෝකය තරම් ලස්සන, පහසු තැනක් නෙවෙයි.

මට මතක ඇති කාලෙක ඉඳන් මගේ ලෝකය වුණේ පුංචි කටු මැටි ගෙදරක්. හීන දහසක් තිබුණට අපිට ලොකු සල්ලියක් තිබුණේ නෑ. හැබැයි ඒ පුංචි බිත්ති අතරේ මහා ලොකු ආදරයක් තිබුණා. 2004 කාලේ සුනාමිය රටම හෙල්ලද්දී තමයි අපේ ගෙදර අලුතෙන් හදලා වහලේ ගහන්න පටන් ගත්තේ. අවුරුදු 5ක් වෙනකම්ම මගේ ළමා කාලය ගෙවුනේ ඒ මැටි ගෙදර දූවිලිත් එක්ක. වැස්ස දවසට වහලෙන් වතුර එද්දී, ඒ වතුර බේරගන්න තැන් තැන් වල භාජන තියපු මතකයන් අදටත් මගේ හිතේ තියෙනවා.

මම අකුරු කරන්න මුලින්ම ගියේ මාකොළ සපුකස්කන්ද ප්‍රාථමික විද්‍යාලයට. ඒ කාලේ ජීවිතේ මාරම සරලයි. ලොකු ටාගට් තිබුණේ නෑ. තිබුණේ දුවලා පැනලා සෙල්ලම් කරන ආසාව විතරයි. හැබැයි කොහොම හරි මගේ ජීවිතේ පළවෙනි කඩඉම මම පන්නනවා.

ඒ 5 වසර ශිෂ්‍යත්වය.

ශිෂ්‍යත්වේ ප්‍රතිඵල එද්දී මට ලකුණු 152ක් ලැබිලා තිබුණා. ඒ ලකුණු ටික එදා අපේ ගෙදරට ගෙනාවේ පුදුම සතුටක්. ඒ සතුටත් එක්ක මම තීරණය කරනවා මගේ ඊළඟ පියවර තියන්න. ඒ තමයි කැලණිය ගුරුකුල විද්‍යාලය.

එදා ඒ කටු මැටි ගෙදර ඉඳන් බලද්දී මට නොපෙනුනාට, මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂය තිබුණේ එතන බව මම දැනගෙන හිටියේ නෑ...

(මතු සම්බන්ධයි)

Chanuka Jeewantha

Address

Bulugahawaththa Road
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Chanuka Jeewantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share