අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya

කාඩ්බෝඩ් පෙට්ටියක පාද යටින් ඇති පුවරුව, යටිපතුල්වල ගෝනුස්සන් ඇතමෙම පුවරුව වරක් ඔතා ඇති මමියකගේ බාහිර පාද කෙළවර අලංකාර කළ...
21/09/2025

කාඩ්බෝඩ් පෙට්ටියක පාද යටින් ඇති පුවරුව, යටිපතුල්වල ගෝනුස්සන් ඇත

මෙම පුවරුව වරක් ඔතා ඇති මමියකගේ බාහිර පාද කෙළවර අලංකාර කළේය. එය සෙරෙප්පු දෙකක යටිපතුල් නිරූපණය කරන අතර, ඒ සෑම එකක් යටතේම ගෝනුස්සෙකු තලා ඇත. පුරාණ ඊජිප්තුවරුන් තම ලෝකයේ භයානක අංග පාලනය කිරීමට ඇති ආශාව මෙම ප්‍රතිරූපයෙන් පිළිබිඹු වන අතර, එය මරණින් මතු ලෝකයට මාරු කරනු ලැබේ. මමිය මත, දර්ශනය මියගිය තැනැත්තාට සෑම උදෑසනකම පාතාලය හරහා නැවත ඉපදීම කරා යන රාත්‍රී ගමනේදී ඔහු මුහුණ දෙන සතුරු බලවේග කෙරෙහි බලය ලබා දීමට අදහස් කරන ලදී.
කාලය: ටොලමික් යුගය - රෝම යුගය
දිනය: ක්‍රි.පූ 3 වන සියවසේ අගභාගය - ක්‍රි.ව. 1 වන සියවස
භූගෝලය: ඊජිප්තුවේ සිට #අපි_නොදුටු_ලෝකය

සයිබීරියානු මැමොත් සොහොන් බිම: ප්‍රාග් ඓතිහාසික මෙගාෆූනා අභිරහසක් අනාවරණය කිරීම====================================="සයි...
21/09/2025

සයිබීරියානු මැමොත් සොහොන් බිම: ප්‍රාග් ඓතිහාසික මෙගාෆූනා අභිරහසක් අනාවරණය කිරීම
=====================================
"සයිබීරියාවේ සුළි සුළං සහිත විශාල පඩිපෙළේ, පෙර නොවූ විරූ පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් මගින් පර්යේෂකයන් 'සයිබීරියානු මැමොත් සොහොන් බිම' ලෙස හඳුන්වන දෙය හෙළිදරව් කර ඇත. අමතක වූ තැනිතලාවක් වූ මෙම ඇදහිය නොහැකි ස්ථානය, නොනවතින සයිබීරියානු හිරු යට දැවැන්ත කැණීම් වළක නිරාවරණය කර ඇති, කැපී පෙනෙන ලෙස සංරක්ෂණය කරන ලද දැවැන්ත ඇටසැකිලි දුසිම් ගණනක් ලබා දී ඇත. සාමාන්‍ය හුදකලා සොයාගැනීම් මෙන් නොව, මෙම ස්ථානය ව්‍යසනකාරී සිදුවීමක් හෝ සැලකිය යුතු ප්‍රාග් ඓතිහාසික චාරිත්‍රානුකූල රැස්වීමක් යෝජනා කරයි, ආසන්නයේ ඇති නොවෙනස්ව ඇති මෙගාෆූනා අවශේෂ ගණන සැලකිල්ලට ගෙන.
ලොව පුරා සිටින පුරාවිද්‍යාඥයින් සහ පාෂාණ විද්‍යාඥයින් ස්ථානය වෙත එක්රැස් වී, සෑම දැවැන්ත ඇටසැකිල්ලක්ම සොයා ගැනීමට සහ ලේඛනගත කිරීමට ඉතා සූක්ෂම ලෙස කටයුතු කරති. සෑම බුරුසු පහරකින්ම මෙම විශ්මයජනක ජීවීන් පිළිබඳ නව තොරතුරු හෙළි වන අතර, ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ පරිසරය සහ වසර දස දහස් ගණනකට පෙර ඔවුන්ගේ අභාවයේ අද්භූත තත්වයන් පිළිබඳ මිල කළ නොහැකි අවබෝධයක් ලබා දෙයි. මෙම සොයාගැනීම ප්ලයිස්ටොසීන යුගය පිළිබඳ අපගේ අවබෝධය නැවත අර්ථ දැක්වීමට පොරොන්දු වන අතර, මැමත්වරුන්ගේ සමාජ ව්‍යුහයන්, පුරාණ පාරිසරික තත්ත්වයන් සහ මෙම යෝධයන් සමඟ මුල් කාලීන මානව අන්තර්ක්‍රියා පිළිබඳව ආලෝකය විහිදුවයි. කැණීම් දිගටම කරගෙන යන විට, 'සයිබීරියානු මැමොත් සොහොන් බිම' පෘථිවියේ පුරාණ අතීතයට සාක්ෂියක් ලෙස පවතින අතර, පැවැත්ම, වඳවීම සහ අපගේ පාද යට සැඟවී ඇති කල් පවතින අභිරහස් පිළිබඳ බලගතු ආඛ්‍යානයක් එකට එකතු කිරීමට සැකසුම #අපි_නොදුටු_ලෝකය

ටජ් මහල් යනු ආදරයේ සංකේතයද ? “ටජ්මහල්” යනු “ෂාජහාන්” විසින් ඉදිකරන ලද බව පැවසීමට පෙර පැවති ගොඩනැගිල්ලකි. කෙනෙක් එය පිළිග...
21/09/2025

ටජ් මහල් යනු ආදරයේ සංකේතයද ?

“ටජ්මහල්” යනු “ෂාජහාන්” විසින් ඉදිකරන ලද බව පැවසීමට පෙර පැවති ගොඩනැගිල්ලකි. කෙනෙක් එය පිළිගත්තත් නැතත්, ඒ සඳහා ඇති සාක්ෂි සහ පුරා වස්තුන් ගෙන් කියන නිහඬ කතාව ප්‍රබලය. ලැයිස්තුගත කර ඇති ලිපි ගොන්න විශාලය. තවද සොයාගත හැකි ඡායාරූප වඩාත් ප්‍රබලය.


ලෝකයේ මහා ආශ්චර්යයන්ගෙන් එකක් ලෙස සැලකෙන ටජ්මහල්, මිනිසෙකුගේ බිරිඳට ඇති ආදරයේ ප්‍රමුඛතම ප්‍රකාශනය ලෙස ගොඩනඟන ලදැයි අප කවුරුත් අසා ඇත. එය “ෂාජහාන්” අධිරාජ්‍යයා විසින් ඔහුගේ බිරිඳ “මුම්ටාස්” සිහිකිරීම සඳහා ඉදිකරන ලද්දකි. කෙසේ වෙතත් මෙය සත්‍ය කතාවක් නොවේ. දමා ඇති පෝස්ටරය හොඳින් කියෙව්වොත්, සාජහාන් ගේ කැරට්ටුව අවබෝධ කරගත හැක. එය දෙවැනි වන්නේ අන්තඃපුරයක්ද තිබී එක්තරා ආගමික ශාස්තෘ කෙනෙක්ට පමණි.

එබැවින්, සත්‍යය වෙත ළඟා වීමට අපගේ අඛණ්ඩ උත්සාහයේ දී, අපි ඉතා වැදගත් ලිපි ලේඛන සහ තොරතුරු නිරීක්ෂණය කල යුත්තෙමු. “ටජ්මහල්”, “ෂාජහාන්” විසින් කිසි විටෙක ඉදිකරන ලද්දක් නොවන බව පෙන්නුම් කරන ස්ථිර තොරතුරු තිබේ. සාක්ෂි වලින් පෙන්වන්නේ, “ටජ්මහල’, “ෂාජහාන්” යුගයට සියවස් ගණනාවකට පෙර පැවති බවය. එය මුලින් ඉදිකරන ලද්දේ හින්දු හෝ වෛදික කෝවිල්/මාලිගා සංකීර්ණයක් ලෙස බවත්ය.

“ෂාජහාන්” එය, හුදෙක් එහි පෙර හිමිකරු වූ හින්දු රජු වන “ජායි සිං” ගෙන් මිළදී ලබා ගත් බවත් කියති.

මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් තමන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා කිරීම සඳහා අත්පත් කරගත් අනෙකුත් බොහෝ ගොඩනැගිලි වලට වඩා විශේෂ කරුණක් “ටජ් මහල්” හී පෙන්වයි. එනම් මෙතරම් දැවැන්ත ගොඩනැගිල්ලක පසුබිම මෙතරම් සාවද්‍ය නම් ඉන්දියාවේ ඉතිහාසය තව කොපමණ විකෘති වී ඇත්ද යන්නයි.

මෙහිදී ලෝකය කොතරම් බොරු වලින් පිරී තිබේද යන්න ගැන කෙනෙක්ට සිතෙනු ඇත.

ටජ්මහල් හී ගෘහනිර්මාණ ශිල්පය නිසැකවම ඉන්දියානු හින්දු දිශානතියකින් යුක්ත වේ. එය ශිව කෝවිලක පැහැදිළි ලකුණු පෙන්වයි. සියළුම මුස්ලිම් පල්ලිවල මෙන් ටජ් මහල් හී දිශාව මක්කම දෙසට යොමු නොවන්නේ ඇයිද යන්න ස්ථිර කල හැකි සාක්ෂි වේ. 1910 තරම් අගභාගයේදී පවා “එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා” හී “ෆර්ගසන්” යන විද්වතා ගේ ප්‍රකාශයේ අයුරෙන්, මෙම ගොඩනැගිල්ල ෂාජහාන්ගේ සොහොන් ගෙයක් වීමට පෙර මාලිගාවක් වූ බවයි.

ඊ හෙයින් “ටජ් මහල්” යනු ආදරයේ සංකේතය කියා කියනවාට වඩා “බොරුවේ සංකේතය” යයි කීම වඩා වටී.

කැමති කෙනෙක්ට මෙහි සත්‍ය වූ අතීතය අන්තර් ජාලයෙන් සහ, “එන්සයික්ලපීඩියා පොත් වලින්” සොයාගත හැක.

මී වදයක් තුළට  කුඩා මීයෙක් හෝ යම්  සතෙක්  මීපැණි සුවඳට  ආකර්ෂණය  වී  අහම්බෙන්  එතුලට  ඇතුලු වුවහොත්  මී මැස්සන් ඌට ප්‍රත...
20/09/2025

මී වදයක් තුළට කුඩා මීයෙක් හෝ යම් සතෙක් මීපැණි සුවඳට ආකර්ෂණය වී අහම්බෙන් එතුලට ඇතුලු වුවහොත් මී මැස්සන් ඌට ප්‍රතිචාර දක්වන්නේ ඉතා දරුණු ලෙසය... උන් මරා දමන තුරු නොනවත්වා දෂ්ට කිරීම් සමඟ එයට පහර දෙයි,
නමුත් ඊට පසුව මේ මිය ගිය සිරුර ඉවත් කරන්නේ කොහොමද යන ගැටළුව -ඇතිවන්නේ ශරීරය වදයෙන් පිටතට ගෙන යාමට නොහැකි තරම් විශාල වන විටදීට..

මෙහිදී, මී මැස්සන් අනතුර සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ සහජ බුද්ධිය පෙන්නුම් කරයි. ශරීරය කුණුවීමට ඉඩ දීම, බැක්ටීරියා සහ දුර්ගන්ධයන් පතුරුවා හැරීම වෙනුවට, ඔවුන් විශ්මයජනක තාක්‍ෂණයකට මුල පුරනු ලබයි.... ප්‍රොපොලිස් නම් ස්වාභාවික ද්‍රව්‍යයක් භාවිතයෙන් එම්බාම් කිරීම උන් විසින් ම සිදුකරනු ලබයි...

මී මැස්සන් ගස් දුම්මලයෙන් එකතු කරන මෙම දුම්මල ද්‍රව්‍යයට පහත ගුණාංග ඇත:
- ප්‍රතිබැක්ටීරීය සහ දිලීර නාශක
- තෙතමනය විනාශ කිරීම
- ගන්ධයන් වළක්වන අතර පටක දිරාපත්වීම වේගවත් කරයි...

මී මැස්සන් ඉටි සහ ප්‍රොපොලිස් ස්ථරවලින් සත්ත්වයා ආවරණය කරයි, වදයේ අභ්‍යන්තර පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් නොමැතිව සංරක්ෂණය කර ඇති හුදෙක් ඇටසැකිල්ලක් බවට පත් වන තෙක් ශරීරය ක්‍රමයෙන් වියළී යයි.

“දේවදූතයාගේ හිස කෙස්” සහ අනෙකුත් රසකැවිලිඔබ කුඩා කාලයේ “බොම්බයි මොටයි” හෙවත්, ස්ත්‍රියකගේ හවරිය සිහිපත් කරන කෙඳි සහිත රස...
16/09/2025

“දේවදූතයාගේ හිස කෙස්” සහ අනෙකුත් රසකැවිලි

ඔබ කුඩා කාලයේ “බොම්බයි මොටයි” හෙවත්, ස්ත්‍රියකගේ හවරිය සිහිපත් කරන කෙඳි සහිත රසකැවිලි කන්නට ඇතැයි සිතමි. මෙයට ඉරානයේ කියන්නේ, “දේවදූතයාගේ හිස කෙස්” යන්නය.

ඉරානයේ තරම් කෑම වල විවිධත්වයක් දුටු වෙන තැනක් නැත්තෙමි. සමහරවිට එය විශාල රටක් නිසා, එක එක ප්‍රාන්තයේ වෙනස් වෙනස් කෑම වර්ග එකතු වීමෙන් බොහෝ කෑම රාශියක් රටට හිමිව ඇතිවාක් වෙන්නට ඇත.

ලෝකයේ මහා සංස්කෘති ඇති රටවල් සේ හැඳින්වෙන රටවල් කීපයක් ඇත. එනම් ඒ රටකට තමන්ගේම භාෂාවක්, තමන්ගේම දින දර්ශනයක්, තමන්ගේම ආගමක් සේ පරාමිතික අවශ්‍යය යයි ඉරාන ජාතිකයන් කියන අතරේ, ඉරානය ඉන් එකක් වන බව ඔවුන් ආඩම්බරයෙන් කියති. මෙහිදී රටේ විශාලත්වයත් එක්තරා පරාමිතියකි.

අනෙක් රටවල් දෙක වන්නේ ඉන්දියාව සහ චීනයයි. වසර 7000ක පැරණි ඉතිහාසයක් ආර්යයන් සේ යයි කියන ඔවුන්ට ඇත.

ඔවුන්ගේ රටේම ඇති වූ ආගම වන්නේ “සොරොස්ත්‍රියන්” ආගමයි. එය බුදු දහමට තරමක් සමානත්වයක් දැක්වීම විස්මයට කරුණකි. සොරෝස්ත්‍රියානුවන් විශ්වාස කරන්නේ “අහුරා මැස්ඩා” යන කරුණාවන්ත දෙවියන් විසින් නිර්මාණය කරන ලද සෑම දෙයක්ම නිර්මල බවත්, ඒවා ආදරයෙන් හා ගෞරවයෙන් සැලකිය යුතු බවත්ය. ඔවුන් සාම්ප්‍රදායිකව ගංගා, ගොඩබිම හෝ වායුගෝලය දූෂණය නොකරයි.

“අහුරා මැස්ඩා” දෙවියන්, අනෙක් දේව වාදී ආගම් වල එන දෙවියන් මෙන් කෘර නැත.

මෙය සමහරුන් සොරෝස්ත්‍රියානු වාදය 'පළමු පාරිසරික ආගම' ලෙස හැඳින්වීමට හේතු වී තිබේ. මිනිස් ස්වභාවය බලහත්කාරයෙන් නොව ස්වභාවයෙන්ම හඳුනා ගැනීමට ඉඩ දෙන එය ඉතාම අවිහිංසාවාදී ආගමක් වේ. කණ පැලෙන ස්පීකර් දමාගෙන ආගම් වාක්‍ය කීමක් එහි නැත. එය ස්වභාවයට අභියෝග කරන්නේ නැත.

බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ ඉරානයෙන් පැමිණියවුන් සසුන් ගත වූහ යයි පැරණි ඉරාන ඉතිහාසයේ ලියැවී ඇත. සමහරවිට ඔබ “යෝනක බුද්ධරක්ඛිත” රහතන් වහන්සේ ගැන අසා තිබෙන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ එන මිළින්ද-නාගසේන කතාවේ මිලින්ද රජු, තවත් යෝනක ඇමතීන් සිය ගණනක් සමඟ යෝනක දේශයෙන් පැමිණියා යයි කියති. කෙනෙක් කියන්නේ “යෝනක” යනු ඉරාන දේශය කියායි. එකළ ඉරානය භුමි ප්‍රමාණය වශයෙන් ඉතා විශාල විය.

ඉතා වර්ණවත් සහ පුළුල් සංස්කෘතියක් ඉරානයේ ඇත.

මේ හේතුව හෝ වෙන අනෙක් හේතුවක් නිසා ඔවුන්ගේ ආහාර සංස්කෘතියත් එහි කොටසක් වන රසකැවිලි සංස්කෘතියත් ඉතා පුළුල් වේ. ඉරාන කාන්තාවන් ඉතා දක්ෂ ගෘහිණියන් වෙති. ඉවීමේ කලාව දන්නවා යනු ඔවුන්ට විශාල ආඩම්බරයක් ගෙන දෙන දෙයකි. මවගෙන් දියණියට සේ ඒ සංස්කෘතික දායාදයන් යන්නේය. පෙර ලිපියක, ඔවුන් බත් වැඩිය අනුභව නොකරති යයි කීවෙමි.

ඔවුන්ගේ බත් උයන ක්‍රම බොහෝ ගණනකින් එක ක්‍රමයක් වන්නේ ලොකු මාළු මිරිස් ගෙඩි දෙකට කපා, ඒවාට නොයෙක් සහල්, කුළු බඩු සහ මස් හෝ මාළු දමා, කෝප්ප මෙන් කෙලින් අතට උදුනේ තබා තම්බා ගැනීමෙනි. මේ කෑම කනවාට වඩා ඒ දෙස බලා සිටීමත් සතුටකි. එතරම්ම සුන්දරය. කළා කෘති වැනිය.

ඉරානය ගැන සාමාන්‍ය මාධ්‍ය වල ඇති දෑ පිටිසර ඉරාන ජනතාවට එතරම් අදාළ යයි නොසිතමි. හේතුව සරළය. එනම් ඔවුන් ස්වාධීන දිවිපෙවෙතක් ගත කරති. ඉරානය ධනවත් රටක් වුවද, මිනිසුන් එතරම් ධනවත් නැත. නමුත් තමා ඉන්නා පරිසරයේම ඒ ඒ දෛනික අවශ්‍යතා ඔවුන්ට සොයාගත හැකි හෙයින් ඉරාන ජන ජීවිතය බටහිර මාධ්‍ය වලින් පෙන්වන තරම් දුක්ඛිත නැත. ඒ අතරේ බොහෝ සුපිරි ධනවතුන්ද සිටී.

ඔවුන්ට ඇති එකම ගැටලුව වන්නේ අන්තවාදී ඉස්ලාමික කොටස් වේ. විශේෂයෙන් ඔවුන් ස්ත්‍රී පක්‍ෂයට කෙණෙහිලිකම් කරති.

ටෙහෙරානයේ සිට එක්තරා නිදහස් රටකට යන ගුවන් ගමනක කළු කබා ඇඳි ඉරාන් කාන්තාවන් පිරී සිටියහ. ගුවන් යානය අහසට නංවන තුරුම වැසිකිළි එකක්වත් භාවිතා කල නොහැකි වූයේ ඔවුන් එහි දිගටම මෙන් ලැගුම් ගෙන සිටි හෙයිණි. අනෙක් රටට ගුවන් යානය පාත් වන විට කළු කබා ඇඳි එකියක්වත් නොදුටුවෙමි. හරියට ලන්ඩනයේ සිට පැමිණි ගුවන් යානයක සිටින කාන්තාවන් කොටසක් මෙනි.

කෑම බොහොමයක් සඳහා මස් වර්ග භාවිතා වුනද, ඉරානයේ ඇති තරම් නිර්මාංශික අවන්හල් තිබේ. ඒවා සත්‍ය වශයෙන්ම සම්පූර්ණ නිර්මාංශික හෙවත්, “වීගන්” අවන්හල් වේ. මේ අවන්හල් ඉරානයේ අගනුවර වූ ටෙහෙරානයේ සහ එස්ඵහාන් නගරයේ ඇත. පසුව කී නගරය ඉරානයේ සංස්කෘතික අග නගරය [Cultural capital] සේ හැඳින්වේ.

ඉරාන සභ්‍යත්වය සහ ගොඩනැගිළි නිර්මාණ ශිල්පය අනුව තැනුණු ඉස්ලාමික පල්ලි සහ අනෙක් ගොඩනැගිළි වලට, ඉරානයේ අති පෞරාණික සංස්කෘතිය කලවම් වීමෙන් වැළකීමට නොහැකි විය.

මෙයට එක්තරා උදාහරණයක් සේ කියන්නට හැක්කේ, එහි ඉතා පැරණි ඉස්ලාමික පල්ලි වල මල් ඇඳ තිබීමය. ඔබට වෙන කිසිම රටක ඇති පල්ලියක, මල් ඇඳ තියෙනවා දකින්නට හැකි නොවේ යයි සිතමි. එය තහනම් රූපයක් වේ.

ඉරාන රසකැවිලි තනන ආකාරය ගැන පොත් ගණන් ලියා ඇත. කෙසේ හෝ මා දුටු කීපයක් ගැන කෙටියෙන් ලියන්නට උත්සාහ කරමි. සියල්ලට පෙර එකක් කිව යුතුය. මේ රසකැවිලි බොහොමයක් එකම ස්ථානයක විකුණන්නට ඇති නිසා ඒවා ඉතා වර්ණවත් සේ පෙනේ. රසකැවිලි කඩයකට ඔබ ගියහොත්, කුමක් ගන්නවාද කියා ඔබ අන්ද මන්ද වනු ඇත.

ඒ රසකැවිලි අතර මී පැණි හෝ වෙනත් ස්වභාවික රසකාරක දමා සකස් කරන ලද පලතුරු වර්ගද දැකිය හැක. වඩාත් මිළ අධික රසකැවිලි වලට, “සැෆ්රන්” නම් රසකාරකය මිශ්‍ර කෙරේ. “crocus flower” යයි කියන එක්තරා මලක රේණු වලින් තනන එය, රත්තරන් වලට වඩා මිළ අධික වේ. රේණු කීපයක් කිරි හෝ, ජළයට දැමූ විට ඒවා ජලයට අවශෝෂණය වී ලස්සණ කහ පැහැයක් ඇති වේ.

එය රසකැවිලි වලට දැමූ විට ඉතා ස්වභාවික රසයක් ඇති වේ.

සැෆ්රන් ඉරානයේ සහ දෙවනුව ඉන්දියාවේද නිෂ්පාදනය කල හැකි නම් ලංකාව වැනි රටක එය කල නොහැකි වීමට හේතුවක් නැත. මේ තොරතුර වගාවේ යෙදෙනෙ, ඒ හා පරීක්‍ෂණ කරන අයට ප්‍රයෝජනයක් විය හැක.

ලෝකයේ ඇති වැඩිම මිල ඇති කුළුබඩුව වන්නේ සැෆ්රන් ය. ඒ තරම් සැෆ්රන් මිළ අධික වන හේතුව වන්නේ, එක කිලෝ ග්රෑම් එකක් නිෂ්පාදනය සඳහා මල් 15,000 ක් පමණ අවශ්‍ය වීම සහ ඒවායින් එම රේණු එකින් එක ඉවත් කිරීමට අවශ්‍ය වන විශාල කාලය සහ ශ්‍රමය හේතුවෙනි. තවද ගිම්හාන කාලයේ පිපෙන ඒ එක මලක ඇත්තේ රේණු තුනක් පමණි. පෙති හයක මල දම් පැහැ වේ.

“නොගා” යනු ගැස් නමින්ද පුළුල් ලෙස ජනප්‍රිය, “ඉරාන නූගට්” සේ කියන කෑම වර්ගයකි. මුලදී ඉරාන නූගට් සෑදී ඇත්තේ වල් සියඹලා ගස්වල වාසය කරන කෘමියෙක් විසින් ඇතිකරන ද්‍රවයකිනි. “නූගට්හි” පොහොසත් හා මිහිරි පදනම නිර්මාණය කිරීම සඳහා දැන් සියඹලා ඉස්ම උණු කොට පෙරා ගනී. අද, මුල් ක්‍රමය ප්‍රතිස්ථාපනය වෙනස් වීමට සාමාන්‍යයෙන් සීනි සහ හොඳින් මිශ්‍ර කල බිත්තර සුදු මදය භාවිතා කෙරේ.

සාමාන්‍යයෙන් මෙය අසර්බයිජානය-ඉරාන කලාපයේ ආහාරයට ගන්නා නුගට් වර්ග වලින් එකකි.

“හල්වා ආර්ඩේ” යනු මිහිරි රසැති ඉරාන පේස්ට් එකක් වන අතර එය සාමාන්‍යයෙන් සීනි සහ තල පදනමක් සමඟ සකස් කර ඇත. මෙම මිශ්‍රණය ඉඳහිට ඉරාන පැස්ටා සමඟද දැකිය හැක. එය පැණිරස කෑමක් ලෙස රස විඳිය හැකි වුවද, “හල්වා ආර්ඩේ” යනු සාමාන්‍ය උදෑසන ආහාරයක් වන අතර, ඉඳහිට ඒ සමඟ පාන්ද පිරිනමනු ලැබේ.

මේ “හලවා ආර්ඩේ”, අනෙක් පිටි, පරිප්පු, ඇට වර්ග, වල විවිධ සංයෝජනයන් සකස් කරණ සරළ අරාබි හල්වා ප්‍රභේදයක් නොවේ. මේ බොහෝ රසකැවිලි වලට දේවදාර ඇට සහ පිෂ්ටාශියෝ ඇට කැබලි කර දැමීම දැකිය හැක.

වඩාත් ප්‍රසිද්ධ ඉරාන අතුරුපසවලින් එකක් වන්නේ මෘදු හා වර්ණවත් මස්ගාටි ය. මෙම සාම්ප්‍රදායික රසකැවිලි වල පදනම සීනි සමඟ ඒකාබද්ධ වූ ජලය හෝ කිරි වැනි ද්‍රව මිශ්‍රණයකි. සිසිල් කළ විට පිෂ්ටය දියර හෝ සියුම් එහෙත් ස්ථීර හා ජෙලි වැනි මිහිරි රසයක් නිර්මාණය කරයි.

පාදම ඉතා විවිධාකාර වන අතර සාමාන්‍යයෙන් විවිධ රස සංයෝජන ලබා දීම සඳහා සාම්ප්‍රදායික ඉරාන කුළුබඩු සහ අමුද්‍රව්‍ය සමඟ සංයුක්ත වේ. සාමාන්‍යයෙන් ඒ සඳහා රෝස වතුර හෙවත් රෝස් වෝටර්, එන්සාල්, කුංකුම, දෙළුම් යුෂ, දෙළුම් බීජ සහ තලන ලද දෙළුම් බීජ භාවිතා කෙරේ. ධනවතෙක් වෙනුවෙන් තනන ආහාර වලට සැෆ්රන්ද දමනු අත.

මේ රසකැවිලි කතාවේ කෙළවරක් නැති බව මා මුලින් කීවෙමි. එහෙයින් මේ පහත “බොම්බයි මොටයි” කතාවෙන් පසු විස්තර කිරීම නවත්වමි.

“පෂ්මාක්” යනු “කොට්න් කැන්ඩි” වලට සමාන සාම්ප්‍රදායික ඉරාන පැණිරසයි. සිහින් සහ බිඳෙනසුලු නූල් සේ සාදන තෙක් මෘදු ලෙස තැනූ එය සීනි සිරප් වලින් සාදා ඇත. අවසාන නිෂ්පාදනය කෙස් හෝ ලොම් වලට සමාන වන අතර, එය මෘදු නමුත් කෙස් වලට වඩා බරින් යුතු වේ. එය බොහෝ විට හැඳින්වෙන්නේ, “දේවදූතයාගේ හිසකෙස්” ලෙසය.

දේවදූතයා කෙසේ වුවත්, මේවා කටේ තොලේ ගාගෙන නොයෙක් විසිතුරු පැහැයෙන් තොල් රතු කරගත් කුඩා දරුවන් නම් පෙනෙන්නේ දේවදූතයන් ලෙසිණි.

මෙම සාම්ප්‍රදායික රසකැවිලි ඉරාන නගරය වන, “යාස්ඩ්” ප්‍රදේශයේ ආරම්භ වූ බව විශ්වාස කෙරෙන අතර, අද එය සාමාන්‍යයෙන් කර්මාන්තශාලා වලින් නිපදවනු ලැබේ. එය සාමාන්‍යයෙන් තල, රෝස් වෝටර්, එන්සාල්, කුංකුම, වැනිලා වලින් රස කර ඇත. ඉරානයේ එය තනිවම ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවේ. එය සාමාන්‍යයෙන් වෙනත් අතුරුපස වලට එකතුව පිරි නැමේ.

“පෂ්මාක්” බොහෝ විට කේක්, අයිස්ක්‍රීම්, පුඩිං සහ බීම වර්ග සමඟ පිරිනමනු ලැබේ. මෙම මිහිරි සංග්‍රහය ප්‍රධාන වශයෙන් ඉරානයේ නිෂ්පාදනය කළද, ඉඳහිට ලොව පුරා ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල්වල ඒවා ස්ථිරව ආරක්ෂිත බෑග්වල ඇසුරුම් කර තිබේ.

අවසානයේ කිව යුතු වන්නේ, ස්වභාවික රසකාරක මෙන්ම ස්වභාවික පළතුරු භාවිතා කරන ඉරාන රසකැවිලි ඉතා ප්‍රණීත බවත්, ඒවා තැනීම ඉගෙන ගැනීමටද, රටේ ඇති ඔවුන්ගේම පළතුරු සහ එළවළු ඉරාන ජාතිකයන් මහත් සේ අගය කරන බවත්ය. මින් අපට මහඟු පාඩමක් ලැබේ.

අප වැඩ ඇරී නිවස වෙත යන විට පළතුරක් ගන්නේ නම්, ඇපල් වලට මූලික තැනක් දීම බොහෝ අයගේ මුග්ධ සිරිතකි. ලෝකයේ ඇති පළතුරු අතරින් සහ, අනිවාර්යයෙන්ම ලංකාවේ ඇති දේශීය පළතුරු අතරින් අඩුම ගුණය ඇත්තේ ඇපල් වල බව බොහෝ දෙනා නොදනිති. “Eat an apple a day- keep the doctor away” යයි ඉංග්‍රීසි කියමනකි. එය ඇත්තය.

මක්නිසාදයත්, වතුර බීවාට ලෙඩ නොහැදෙන හෙයිණි.

එසේම, කොලස්ටරෝල් සහ දියවැඩියාව ඇති කරන බටහිර කෑමට වඩා, බොහෝ විවිධත්වයක් මෙන්ම නිරෝගී ජීවිතයක් ඇති කරන ලාංකික ආහාර වට්ටෝරුවක්ම අපට ඇත. අවාසනාවට බොහෝ අය ඒවා ඉගෙනීම පැත්තක තබා රැල්ලට කේක් හදන්නට යති. එයට එක හේතුවක් වන්නට ඇත්තේ, ඒ පැරණි ආහාර වර්ගවල අනර්ඝ රසය සහ ගුණය ගැන මෙලෝ හසරක් නොදත් හෙයින් යයි සිතමි.

ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ තනි  පර්වතයකින් කැටයම් කරන ලද එල්ලෝරා හි කයිලාස දේවාලය, උස් කුළුණු, කැටයම් කරන ලද කැටිති සහ ශ...
05/09/2025

ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ තනි පර්වතයකින් කැටයම් කරන ලද එල්ලෝරා හි කයිලාස දේවාලය, උස් කුළුණු, කැටයම් කරන ලද කැටිති සහ ශිව දෙවියන්ට ගෞරව කරන විස්තීර්ණ සහන සහිත දැවැන්ත පර්වත-කැපූ සිද්ධස්ථානයකි...

🌍 අප්‍රිකාව සෙමෙන් දෙකට බෙදී යයි!විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ අප්‍රිකානු මහාද්වීපය නැගෙනහිර අප්‍රිකානු විවරය දිගේ ක්‍රමයෙන...
05/09/2025

🌍 අප්‍රිකාව සෙමෙන් දෙකට බෙදී යයි!

විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ අප්‍රිකානු මහාද්වීපය නැගෙනහිර අප්‍රිකානු විවරය දිගේ ක්‍රමයෙන් කැඩී යන බවයි - එය ඉතියෝපියාව, කෙන්යාව සහ ටැන්සානියාව හරහා විහිදෙන දැවැන්ත භූගෝලීය ඉරිතැලීමකි. වසර මිලියන ගණනක් පුරා මෙය සම්පූර්ණයෙන්ම නව සාගරයක් සෑදීමට හේතු වනු ඇත. 🌊

🔬 ක්‍රියාවලිය අතිශයින් මන්දගාමී වුවද - වසරකට සෙන්ටිමීටර කිහිපයක් පමණි - දිගුකාලීන බලපෑම අති විශාල වනු ඇත. නව මුහුදු මාර්ග, පරිණාමය වන වෙරළ තීරයන් සහ පරිසර පද්ධති සහ භූ දේශපාලනයේ ප්‍රධාන මාරුවීම් අපේක්ෂා කෙරේ.

📍 අවසානයේදී, අප්‍රිකාවේ නැගෙනහිර කොටස ප්‍රධාන මහාද්වීපයෙන් වෙන් වී නව සාගරයකින් වට වූ දූපතක් බවට පත්වනු ඇත.

👉 සොබාදහම සෙමින් ක්‍රියා කරයි... නමුත් ඇදහිය නොහැකි බලයකින්.

තාරා- හොටක් සහිත ප්ලැටිපස් මෙම කුඩා තාරා-හොටක් සහිත ප්ලැටිපස් පෘථිවියේ බිත්තර දමන එකම විෂ සහිත ක්ෂීරපායියා බවට පත්වනු ඇත...
05/09/2025

තාරා- හොටක් සහිත ප්ලැටිපස්

මෙම කුඩා තාරා-හොටක් සහිත ප්ලැටිපස් පෘථිවියේ බිත්තර දමන එකම විෂ සහිත ක්ෂීරපායියා බවට පත්වනු ඇත.
තාරා-බිත්ති සහිත ප්ලැටිපස් යනු පෘථිවියේ වඩාත්ම ආකර්ශනීය හා අද්විතීය ජීවීන්ගෙන් එකකි, එය සැබෑ පරිණාමීය ආශ්චර්යයකි. නැගෙනහිර ඕස්ට්‍රේලියාවට සහ ටැස්මේනියාවට ආවේණික වූ මෙම අර්ධ ජලජ ක්ෂීරපායි සතුන් කිහිප දෙනෙකුගේ මිශ්‍රණයක් මෙන් පෙනේ: එයට තාරාවෙකුගේ හොට, බීවර් වලිගය, ඔටර්ගේ වෙබ් පාද ඇති අතර එය උරගයෙකු මෙන් බිත්තර දමයි, නමුත් එය නිසැකවම ක්ෂීරපායියෙකි.

ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ පිහිටි KV8 සොහොන 19 වන රාජවංශයේ පාරාවෝ මෙරෙන්ප්ටාහ්ගේ භූමදාන ස්ථානයයි. එහි ප්‍රමාණය සහ සංකීර...
01/07/2025

ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ පිහිටි KV8 සොහොන 19 වන රාජවංශයේ පාරාවෝ මෙරෙන්ප්ටාහ්ගේ භූමදාන ස්ථානයයි. එහි ප්‍රමාණය සහ සංකීර්ණ කලා කෘති සඳහා එය කැපී පෙනෙන අතර, ගේට්ටු පොතේ සහ අම්ඩුවාට් හි දර්ශන ප්‍රදර්ශනය කරයි. පුරාණ කාලයේ සිදු වූ පුළුල් කොල්ලකෑම්වලින් පසුව පවා, KV8 සවිස්තරාත්මක ශිලාලේඛන සහ වරක් මෙරෙන්ප්ටාහ්ගේ දැවැන්ත රතු ග්‍රැනයිට් සාර්කෝෆගස් අඩංගු වූ විස්තීර්ණ සුසාන කුටියක් සමඟ ඓතිහාසික වශයෙන් වැදගත් වන අතර, එය නව රාජධානියේ රාජකීය භූමදානවල ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වයි.

සිරිලක වෙසක් උත්සව ඉතිහාස කතාවඑබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. ත...
12/05/2025

සිරිලක වෙසක් උත්සව ඉතිහාස කතාව

එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව සමාජගතව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මගකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සවය පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, සද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමගම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ, හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණුවී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරයෙන් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස්, ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම නිසාය.
ශ්‍රී ලංකාව වූ කලී, ලොව පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වන සියවසේදී නොහොත් බුද්ධ වර්ෂ 236දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවය.

දාර්ශනික අගයක්

එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව සමාජගතව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මගකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සවය පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, සද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමගම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ, හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණුවී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරයෙන් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස්, ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම නිසාය.

දේශාටන වාර්තා

මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකටම වඩා වැදගත්ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේදී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත් ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

මහාවංස තොරතුරු

පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ. 101-77) රාජ්‍ය සමයේ දීය. “මහා වේසාඛ පූජාච චතුවීසතිකාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසිහතරක් පැවැත් වූ බව එහි කියවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය එයට පෙරද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය සිදුකරන්නට ඇතැයි පිළිගැනීම හේතුයුක්ති සහගතය. ඒ අනුව පෙනෙන්නේ බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත් වූ බවයි.

දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩව පැවැත් වූහ. භාතිය රජු (ක්‍රි.ව. 38-67) වෙසක් උත්සව විසිඅටක් සිදු කළේය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත් වූ මෙම උත්සවයේදී දුගී මගී යාචකාදීන්ට ආහාරපානාදිය දීමේ සිරිත ද පැවතිණ. වසභ රජු ද (ක්‍රි.ව. 127-171) ඔටුනු පලන් වර්ෂයේ පටන්ම පිළිවෙළින් වෙසක් උත්සව විසිහතරක් සිදුකළේය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269-291) වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිදී ය. එමතු නොව, ගෝඨාභය රජු ද (ක්‍රි.ව. 323-333), ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි.ව. 611-617), දල්ල මොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851-885), 2 වන සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත් වූ බව සඳහන්ව තිබේ.

පූජාවලියේ වාර්තා

වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්තක රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. සෑම රජකෙනකුගේම අනිවාර්ය රාජ්‍ය චාරිත්‍රයක් වූ මෙය පොළොන්නරු යුගය වන විට තවතවත් දියුණුවට පත්විය. දඹදෙණි යුගයේ පැවති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලිය තුළ මෙවන් වාර්තාවක් හමුවෙයි.

ඒ දවස් මේඝරාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදුමඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුදු රාජයාගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට…..

මෙම වෙසක් උත්සවය සිදුකරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි නියත වශයෙන්ම පැවසිය හැකිය. මෙහි “බුදු මඟුලට බැස” යනුවෙන් සඳහන්ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා ‘බුදු මඟුල’ යන්න යොදා ඇති බැව් පැහැදිලිය.

නීති මාලාවක්

මහනුවර යුගයේ මෙරට පැවති උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්වා ඇත. තවද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවති බව මහාවංසයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේද? ආරම්භ කරන්නේ කුමකින්ද? යන්න එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

අන්තර්ජාලය සකස් කරන ලදී

ටූටන්කාමුන් රජුගේ ඇතුළත සාර්කෝෆගස් සහ මමිය  පුරාණ ඊජිප්තුවේ වඩාත් ප්‍රසිද්ධ පාරාවෝවරයෙකු වූ ටූටන්කාමුන් රජුගේ දේහය, රජුන...
15/02/2025

ටූටන්කාමුන් රජුගේ ඇතුළත සාර්කෝෆගස් සහ මමිය
පුරාණ ඊජිප්තුවේ වඩාත් ප්‍රසිද්ධ පාරාවෝවරයෙකු වූ ටූටන්කාමුන් රජුගේ දේහය, රජුන්ගේ නිම්නයේ අලංකාර ලෙස සරසන ලද සොහොනක තැන්පත් කරන ලදී. 1922 දී හොවාර්ඩ් කාටර් විසින් සොයා ගන්නා ලද ටූටන්කාමුන්ගේ සොහොන් ගෙය තුළ තරුණ පාරාවෝගේ මමියේ හිස ආවරණය කළ සංකේතාත්මක රන් වෙස් මුහුණ ඇතුළු නිධන් රාශියක් අඩංගු විය.
ඝන රනින් නිර්මාණය කරන ලද ඇතුළත මිනී පෙට්ටිය, පුරාණ ඊජිප්තු කලාව සහ ශිල්පීය කුසලතාව පිළිබඳ විශිෂ්ට උදාහරණයකි. එය නිර්මාණය කර ඇත්තේ මමිය ආරක්ෂා කිරීමට සහ පාරාවෝගේ මරණින් මතු ජීවිතයට ආරක්ෂිත ගමන සහතික කිරීමට ය. මළවුන්ගේ පොතේ ආරක්ෂිත දෙවිවරුන් සහ මන්ත්‍ර නිරූපණය කරන සංකීර්ණ කැටයම් සහ හයිරොග්ලිෆ් සාර්කෝෆගස් හි දක්නට ලැබෙන අතර, මරණින් මතු ජීවිතයේදී රජුට මඟ පෙන්වීම සහ ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ඇත.
රන් සාර්කෝෆගස් තුළ ටූටන්කාමුන් රජුගේ මමිය පිහිටා ඇති අතර, එය ප්‍රවේශමෙන් ලිනන් රෙදිවලින් ඔතා විවිධ ආමුලේට් සහ ආභරණවලින් සරසා ඇත. මමී සංරක්ෂණය කිරීම සහ භූමදාන කටයුතු සඳහා යොදාගත් සංකීර්ණ කෞතුක වස්තු, පුරාණ ඊජිප්තුවේ අවමංගල්‍ය කටයුතු සහ විශ්වාසයන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.
ටූටන්කාමුන්ගේ සොහොන සහ එහි අන්තර්ගතය සොයා ගැනීම ලොව පුරා අවධානය ආකර්ෂණය කර ගෙන ඇති අතර, පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ සමෘද්ධිය සහ අභිරහස පිළිබඳ ඉඟියක් ලබා දෙයි. ටූටන්කාමුන්ගේ අභ්‍යන්තර සාර්කෝෆගස් සහ මමිය ඇතුළු නිධන් දැන් කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, ඒවා ලොව පුරා සිටින අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට සහ ආශ්වාදයක් ලබා දීමට දිගටම කටයුතු කරයි

28/12/2023

අති දුර්ලභ දසුනක් සීපා වන්දනාව ආරම්භ වගයි
උපුටා ගැනීමක් ගෞරවනීය ස්තුතිය ප්‍රධාන කතෘ අයිතිය ට

Send a message to learn more

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya:

Share

Category