
27/06/2025
Meta AI: ලංකාවේ Social Media Advertising වලට හම්බුණු Superpower එක!
Meta AI කියන්නෙ අපි හැමෝම දන්න විදිහට Meta සමාගමේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence). Meta AI එක ආරම්භ වුණේ 2013 දී, ඒ Facebook AI Research (FAIR) විදිහට. 2021 දී Facebook, Meta ලෙස rebrand වුණාම, FAIR එක Meta AI බවට පත් වුණා.
දැන් Meta AI එක ලංකාවේ අපිටත් available !
මේ Meta AI ලංකාවේ අපේ brands වලට ගොඩක් useful. ලංකාවේ brands වලට Meta AI එක ලොකු game-changer එකක්. සරලවම මේ AI එක ඔයාගෙ brand එකේ ad එක create කරන තැන ඉඳන් customers එක්ක connect වෙන එක දක්වා හැම දෙයක්ම ලේසි ඔයාට කරනවා. උදාහරණයක් විදිහට, Instagram Reels ads create කරනකොට Meta AI එක ඔයාගෙ audience එක analyze කරලා trendy designs suggest කරනවා. ඔයාගෙ brand එක young crowd එකට target කරනවා නම්, vibrant colors හා catchy captions එක්ක Reels ads එකක් auto-generate කරන්න පුළුවන්.
ඒ වගේම WhatsApp එකේ customers ල එක්ක chat කරනකොට, Meta AI එක quick replies suggest කරනවා, උදාහරණයක් විදිහට “Thank you for your order! It’ll be delivered in 2 days” කියලා.
ඒ වගේම, Meta AI එකට images create කරන්න හා edit කරන්න පුළුවන්. ඔයාගෙ brand එකේ logo එක එක්ක ad banner එකක් design කරන්න හරි, Instagram Stories වලට හරි product photos වලට හරි cool effects එකතු කරන්න Meta AI එක උදව් කරනවා.
ලංකාවේ customers ලට ගැලපෙන්න සිංහල, ඉංග්‍රීසි, හෝ දෙමළ languages වල ads translate කරන්නත් Meta AI එකට පුළුවන්. Example එකක් විදිහට, ඔබේ ad එකේ text එක auto-translate කරලා ලංකාවේ හැමෝටම reach කරන්න ලේසි.
ඒ විතරක් නෙමේ මීට පස්සෙ ඔයාගේ Facebook ad campaign එක run කරද්දි Meta AI එකේ analytics tools එක්ක ඔයාගෙ ad performance track කරන්නත් පුළුවන්. Views, clicks, conversions වගේ data analyze කරලා campaign එක improve කරන්න insights මේ Meta AI එකෙන් ඔයාට දෙනවා. උදාහරණයක් විදිහට, ඔයාගෙ Instagram ad එක Colombo එකේ young crowd එකට වැඩි hit එකක් නම්, Meta AI එක ඒ audience එකට focus කරන්න ඔයාට suggest කරනවා.
ඒ වගේම, Ray-Ban Meta glasses හරි WhatsApp voice commands හරි use කරලා customers ලට quick responses දෙන්නත් පුළුවන්, ඒක ලංකාවේ busy small business වලට වගේම customers ලටත් ගොඩක් ලේසි.
අනාගතයේදී Meta AI එක තවත් ලොකු වෙනවා. 2025 දී Meta, Scale AI founder Alexandr Wang එක්ක new AI lab එකක් start කරනවා, “superintelligence” systems develop කරන්න. Metaverse එකත් එක්ක virtual ads create කරන්න ඉඩ ලැබෙනවා, උදාහරණයක් විදිහට virtual product demos හරි 3D ad experiences. AR ads එකත් ලොකුවට එනවා, Ray-Ban Meta glasses වල customers ලට products virtually try කරන්න ඉඩ දෙන ads එනවා. Businesses වලට custom AI chatbots create කරන්න tools ලැබෙනවා, ඒකෙන් WhatsApp හරි Messenger හරි 24/7 customer support දෙන්න පුළුවන්. Llama 4 model එකත් එක්ක ads තවත් smart හා targeted වෙනවා.
Privacy ගැනත් Meta AI එක settings එක්ක control එකක් දෙනවා, ඒත් data usage ගැන ටිකක් careful වෙන්න ඕන.
Meta AI එක 2013 ඉඳන් ලොකු journey එකක් ඇවිත් තියෙනවා, දැන් ඒක ලංකාවේ ඩිජිටල් advertising brands වලට superpower එකක්. Future එකේ Metaverse හා AR ads එක්ක ඔයාගේ brand එක global level එකට යයි! ඔයත් Meta AI try කරලා බලන්න, ඔයාගෙ FB page එකේ next ad campaign එක ලොකු hit එකක් වෙයි!