හතර වරං - Hathara Waran LK

හතර වරං - Hathara Waran LK හතර වටෙන් ඇහෙන දකින හතර වරං කතා
(1)

අනේ පනේ තනේ වැනේමේක නම් ටිකක් වෙනස් පොඩි කතාවක්...කාලෙකට කලින් කුමාරතුංග මුනිදාස ශූරීන් එක්තරා සම්මේලනයකට සහභාගි උනා. ස...
05/06/2025



අනේ පනේ තනේ වැනේ

මේක නම් ටිකක් වෙනස් පොඩි කතාවක්...

කාලෙකට කලින් කුමාරතුංග මුනිදාස ශූරීන් එක්තරා සම්මේලනයකට සහභාගි උනා. සාමාන්‍යයෙන් කවියක් ලියනකොට ගොඩක් දේවල් හිතන්න ඕනනේ. එළිසමය (කවියක අවසන් අකුරු එක සමාන වීම), යතිය (වචන අතර විරාමය), අර්ථාන්විත බව, කාව්‍යෝක්ති ආදී දෑ...

මේ සම්මේලනයේදී කුමාරතුංගයන්ට එක් කාන්තාවක් අභියෝගයක් කරා. ඒ තමා අකුරු දෙකේ වචන හතරකින් කවියක් කියන්න කියලා. හැබැයි මේ කවියේ එළිසමය, අර්ථාන්විත බව, අනුප්‍රාසය ආදී දෑ සියල්ල අඩංගු විය යුතු බවද ඇය කීවා.

කුමාරතුංගයන් වේදිකාවට නැග්ගා. දැන් වේදිකාව මීයට පිම්බා වගේ. නැගලා පහළ බැලුවම දැක්කා ඒ කාන්තාවගේ සාරි පොට මදක් පහලට වෙලා තියෙනවා. මේක දැකපු කුමාරතුංගයන් මේ කවිය කිව්වා.

අනේ

පනේ

තනේ

වැනේ

මේකෙ තේරුම මේකයි හැබැයි. පේන එකම නෙමේ. මෙක දහම් ගැටයක්. තේරුම තමයි...

අනේක

ප්‍රාණීහු

තෘෂ්ණාවේ

වැනසෙත්

මේක කිව්වට පස්සෙ ශාලාවේ හිටපු හැමෝම හිනා වෙවී අත්පොළසන් දීමට පටන් ගත්තා. කුමාරතුංග මුනිදාසයන්ගේ හැකියාව මොනවට පැහැදිලි වූ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

01/06/2025
ගස් වටේ මල් පිපුණු උයන්වතු ඔස්සේතිරය මත රැඳෙන්නට මල්තුහින වැස්සේහිරිමල්ම විය පුරා දඟ හීන පස්සේඔහුගෙ පපු තුර අරා වින්දාද ...
25/05/2025

ගස් වටේ මල් පිපුණු උයන්වතු ඔස්සේ
තිරය මත රැඳෙන්නට මල්තුහින වැස්සේ
හිරිමල්ම විය පුරා දඟ හීන පස්සේ
ඔහුගෙ පපු තුර අරා වින්දාද රිස්සේ....

නුඹේ මතකයට නැහැ වැට කඩොලු බැන්දේ
හිත පුරා තුරුළු කොට පෙම් සුවය වින්දේ
පතිණියයි මම ඔහුට නොමැත හිත බින්දේ
අපි අතර සංවාද සිත් සයුර සින්දේ....

හෙළන්නට ඔහු නමින් කඳුලු තිබුනා මටද
ඔබේ නෙත් පොකුණු යුග කොයි තරම් නම් තෙතද...
නිසල වී නිදන සඳ පෙම් කතා කුමකටද
අද නුඹට මෙන් දිනෙක එන්ට වේවී මටද

- මාලිනිය මාද ඉක්මනින් එන වගත්, පුතු සුවෙන් වගත් ඔහුට කියන්න-

porondu porondu porondu
19/05/2025

porondu porondu porondu

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when හතර වරං - Hathara Waran LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share