Aryavahini

Aryavahini ARYAVAHINI - National Buddhist Channel
https://www.youtube.co

තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් භාෂිත නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෙන්ද්‍රස්ථානය අප පුණ්‍ය භූමියයි. ජාතියේ පුණ්‍ය මහිමය නිසාම අප ලද දායාදයක් වන බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කරමින් පොෂණය කරමින් දිවි හිමියෙන් සුරැකීමට කැපවුණු ධර්මධර මෙන්ම විනයධර අනාගත පරපුරක් බිහිකිරීමට අවැසි නිවැරදි මග පෙන්වීම උදෙසා අපි කැපවී සිටිමු.

2014 වසරේදී ධර්මාචාර්ය තිලාන් රංගන මැතිතුමාගේ සංකල්පයකට අනුව බිහිකරන ලද මෙම බෞ

ද්ධ සංවිධානය වර්තමානයේ දී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ ජාතික සහ ආගමික හා ශාසනික මෙහෙවරෙහි පුරෝගාමීව කටයුතු කරයි.

14/07/2026

දෙව් මිනිස් හරසර මැද සුදිලෙන,
මසැස් මග නොහැරිය යුතු මනස්කාන්තය,
ලක් දෙරණ මත දිවමන් පෙරහර ලකුණ,
කැළණි ගං මිටියාවතේ ඉපැරණි ම පෙරහර සිරිත...
183 වැනි වරටත් පැවැත්වෙන,
සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහ පෙරහර - කඩුවෙල
2026 ජූලි 22 සිට ජූලි 28 දක්වා..!



#183වනසර්වඥධාතුපූජාමහපෙරහර









#කැළණිගංමිටියාවතේඉපැරණිමපෙරහරසිරිත

බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ ගීතය නිර්මාණය කිරීමට පාදක වූ සත්‍ය සිදුවීම ගැන ඔබ දැන සිටියාද? ඒ පිළිබඳව සංගීත්  නිපුන් සනත් ...
14/07/2026

බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ ගීතය නිර්මාණය කිරීමට පාදක වූ සත්‍ය සිදුවීම ගැන ඔබ දැන සිටියාද? ඒ පිළිබඳව සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා 2004 වසරේ දී පළමු වරට සිදු කළ හෙලිදරව්ව මෙතැනින් නරඹන්න. 🙏

බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ | Buduhamuduruwo Wadiya wagei Artisr -...

29/06/2026

රුවන්වැලි සෑ විහාරාධිපති සහ වැඩ බලන අටමස්ථානාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ අවවාද ආශිර්වාද ඇතිව සංවිධානය කෙරුණු 'දෙරණාභිවන්දනා' පොසොන් නමස්කාරය; සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑය පුද බිමේ දී සිදු කෙරුණු වගයි.

#දැහැමිදැයක් #දිලිත්ජයවීර #රුවන්වැලිසෑය

අද පොසොන් පුරපසළොස්වක පුන් පොහොය දිනයයි!අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්...
29/06/2026

අද පොසොන් පුරපසළොස්වක පුන් පොහොය දිනයයි!

අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ යමින් ස්වකීය ජීවිත ආලෝකමත් කර ගැනීමට මේ ලිපිය ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මො‍ෙහාතක මහරහත් ඵලයට පත් වූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.

මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය,උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

තිස්ස තිස්ස යනුවෙන් තම නමින්ම අමතන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්

සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.

සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.

සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.

තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.

පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු!

රාස්සගල චන්දකිත්ති හිමි

'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය සඳහා කෙරෙ සැදැහැති ආරාධනයයි..!ආර්යවාහිනී බෞද්ධ නාලිකාව මගින් ශ්‍රී ලාංකේය සුභාවිත ...
21/06/2026

'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය සඳහා කෙරෙ සැදැහැති ආරාධනයයි..!

ආර්යවාහිනී බෞද්ධ නාලිකාව මගින් ශ්‍රී ලාංකේය සුභාවිත බොදු ගී සාහිත්‍යය නංවනු වස් මෛත්‍රී පෙරදැරි සිතින් සංවිධානය කරනු ලබන 'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය

ලොව්තුරු සම්මා සම්බුදුරජාණන්නහන්සේගේ උතුම් ගුණ සමුදායන් පිළිබඳව සැදැහැති ඔබේ සිතේ පහළ වන උත්තරීතර හැඟීම් අකුරු කර, සොඳුරු ගේය පද සංකල්පනාවක් ලෙස අප වෙත අදම යොමු කරන්න.

තරග අංශයන් :
1. දහම් පාසල් / පාසල් සඳහා වන තරග අංශය
2. දහම් පාසල් ආචාර්යවරුන් / පාසල් ආචාර්යවරුන් සඳහා වන තරග අංශය
3. විවෘත තරග අංශය

ඔබගේ පැහැදිලි අත් අකුරින් ලියූ ස්වතන්ත්‍ර
නිර්මාණයේ ඡායාරූපයක් ගෙන එය පහත වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

වට්ස්ඇප් අංකය - 0717797997
ලිපිනය - ආර්යවාහිනී බෞද්ධ නාලිකාව,
340 ඒ/2/2, කොතලාවල, කඩු⁣වෙල.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2026 ජුලි 15

☐ ඉහත එක් එක් තරග අංශයන් නියෝජනය වන පරිදි සෑම අංශයකින්ම හොඳම ගේය පද රචනාවක් බැගින් ගේය පද රචකයින් පස් දෙනෙකු තෝරා ගනු ලැබේ.

☐ එම ජයග්‍රාහී නිර්මාණයන් ප්‍රවීණ ගේය පද රචකයින් සහ සාහිත්‍යධරයන්ගේන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනීමට නියමිතය.

☐ තෝරා ගනු ලබන නිර්මාණ පිළිබඳව සිදු කරන සම්මුඛ සාකච්ඡාවේදී අදාල නිර්මාණය ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවන බවට විනිශ්චය මණ්ඩලයට හැඟී ගියහොත් අදාල නිර්මාණය තරගයෙන් ඉවත් කිරීමට සිදුවන බවද දැනුම් දෙමු.

☐ තොරාගන්නා හොඳම ගීත නිර්මාණ තුන සඳහා වටිනා ත්‍යාග සහ සම්මාන පිරි නැමෙන අතර සෙසු නිර්මාණ සඳහා විශේෂ ත්‍යාග සහ සහතික පත් පිරි නැමේ.

☐ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා නිර්මාණ තුන; තනු නිර්මාණය කර වෘත්තීය ගායන ශිල්පීන් ලවා ගායනා කරවා පටිගත කර ආර්යවාහිනී බෞද්ධ නාලිකාව හරහා ජනගත කරනු ලැබේ.

☐ එම ගීත නිර්මාණයන් නිකිණි පොහොයට සමගාමීව කොළඹ දී පැවැත්වෙන උත්සවයක දී එළි දැක්වීමට නියමිතය.

☐ මෙම 'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0776797997 අංකයට අමතන්න.

වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග එක්ව ජය ගමු..! ගරුතර ස්වාමීන්වහන්සේලාටත්, දරුවන්ගේ මෙත් සිත් හදන දහම් පාසල් පද්ධතියට පහ...
17/06/2026

වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග එක්ව ජය ගමු..!

ගරුතර ස්වාමීන්වහන්සේලාටත්, දරුවන්ගේ මෙත් සිත් හදන දහම් පාසල් පද්ධතියට පහර දීලා; රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කරලා ගොඩ නගන මොනම රටක්වත් පවතින්නට විදිහක් නොමැති බව සර්වජන බලය නායක, ව්‍යවසායක, නීතිඥ පා.ම. දිලිත් ජයවීර මැතිතුමා ප්‍රකාශ කළේය.

එතුමන් මේ බව ප්‍රකාශ කළේ; මීරිගම පුරාණ විහාරස්‍ථානයේ පැවැති 'වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග' මැයෙන් පවත්වන ලද කාලීන සංවාද වැඩසටහනට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මැතිතුමන් ප්‍රකාශ කළේ පන්සල, භික්ෂූන්වහන්සේලා ඈත් කර ⁣ගොඩනගන; බුදු දහමින් තොරව ශ්‍රී ලංකාවේ වෙසෙන අනාගත පරපුර තුළ ගුරු-දෙගුරුන්, සහෝදර-සහෝදරියන් කෙරෙහි තියෙන ගෞරවය, ආදරය සහ ගුණ ගරුක සිතවිලි පහළවීම යන කාරණා ගැන හිතාගැනීමටත් අපහසුවන තරමට පිරිහීමට ලක්විය හැකි බවයි. එසේම මේ වනවි⁣ට බොහෝ බෞද්ධයින් විසින්ම දැනුවත්ව හෝ නොදැනුවත්වම විවිධ අයුරින් බෞද්ධ සංඝ සමාජය, දහම් පාසල් පද්ධතියට සහ සම්බුද්ධ ශාසනයට නිගරු වන අන්දමින් කටයුතු කරන බවත් නව මාධ්‍ය මෙහෙයුම් භාවිතා කර සිදු කරන සංවිධානාත්මක, අපහාසාත්මක comments භාවිතා සමස්ත සම්බුද්ධ ශාසනය විනාශ කිරීමටත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ රටට, ජාතියට සම්බුද්ධ ශාසනයට ආදරය කරන නියම බෞද්ධයින් ජාතිවාදීන් ලෙස හුවා දක්වන්නට ඇතැම් කණ්ඩායම් අඳුරු බලවේග ලෙස රට තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇති බවත් පා. ම. දිලිත් ජයවීර මැතිතුමන් විසින් තවදුරටත්
අවධාරණය කළේය.

මෙහිදී මුඛ්‍ය දේශනය පවත්වමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ සඳහන් කළේ සම්බුද්ධ ශාසනයේ පිරිහීම ආරම්භය, බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීම සිදුවූ බව බුදුරජාණන්වහන්සේ ම දේශනා වදාළ බවත් දැන් තිබෙන්නේ ශාසනයේ ගැටළු වලට වඩා ශාසනය වට්ටන්න හදන අයට තියෙන හදිස්සිය වැඩිවීමට පටන් ගෙන ඇති බවත්ය.

බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවී අවුරුදු දෙදහස් හයසීයක් ඇවිල්ලත් බුදුරජාණන්වහන්සේගේ දේශනාව රැකගෙන ශාසනය රැකගෙන භික්ෂූන්වහන්සේලා හිටියා. දැනුත් ඉන්නවා. හෙටත් ඉන්නවා. බුද්ධ කාලයේ දී පවා සිදුවූ ඇතැම් විනය සම්බන්ධ ප්‍රශ්න වලදී අදාල සිද්ධියට මුහුණ දුන්නා මිස, සමස්තයට පහර නොගැසූ බවත්, සෑම අවස්ථාවකදී ම සමස්තය බේරාගෙන ශාසනය රැකීමට කටයුතු කර ඇති බවත් උන්වහන්සේ විසින් වැඩිදුරටත් අවධාරණය කළ සේක.

එසේම ගිහියන් විසින් සෑම විටම භික්ෂූන්වහන්සේලා ඉන්නේ කා සඳහා ද උන්වහන්සේලාගෙන් තම අධ්‍යාත්මික දියුණුවට උදව් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන නිතරම සිහිකළ යුතු බවත් භික්ෂූන්වහන්සේලා වඳවී ශාසනය පිරිහී ගිය පසු එයින් වැඩිපුරම විඳ වන්නේ ගිහි සමාජය බව තේරුම් ගතයුතු බව පෙන්වා දුන් සේක.

ගිහියන් සිව්පසයෙන් කරන උපකාර වලට ප්‍රතිඋපකාර වශයෙන් භික්ෂූන්වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් ගිහියන් පෝෂණය කිරීමට නිරතුරුවම කැපවී සිටින පිරිසක් බවද රටේ නීතිය අතට ගෙන බුද්ධ නීතිය යටත් කරන තැනට ගිහියන් කටයුතු නොකළ යුතු බවත් ශාසන නීතියට ගරු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කළ සේක.

විශ්‍රාමලත් විදුහල්පති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හාපිටිගම ජයසුමනාරාමාධිපති, මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, මක්කානිගොඩ අස්සජි නායක ස්වාමීන්වහන්සේ ⁣විසින් මෙම උත්සවයේ මුලසුන හොබවන ලදී.

'වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග' කාලීන සංවාදය; සමස්ත ලංකා දහම් සිසිල පදනමේ විධායක අධ්‍යක්ෂ, ගම්පහ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, පූජ්‍ය නාරංගමුවේ විමලජෝති ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ වර්තමානයේ භික්ෂූන්වහන්සේලා මුහුණ දී සිටින ගැ⁣ටළු ජයගන්න අපට සහයෝගයක් දෙනවා නම්, හයියක් වෙනවා නම්; අපේ සම්බුද්ධ ශාසනය සහ බෞද්ධකම රැකගන්න දේශපාලනික වශයෙන් හරි සිතනවා නම් එවැනි නායකයින් හ⁣ට ගෞරවයක් දෙන්න; භික්ෂූන්වහන්සේලා වශයෙන් අපි එකඟ බවයි.

එදා ටිබෙට් ජාතික එස් මහින්ද හිමි සඳහන් කළ අන්දමටම වර්තමානය වන විට සිංහල බෞද්ධයින් බොහොමයක් ඇස් ගෙඩිවලට හෙන ගැසූ සිහලුන් ලෙස කටයුතු කරමින් බෞද්ධ භික්ෂූන්වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් නිගරු කරමින් කටයුතු කරනවා. උතුරේත් නැගෙනහිරත් ඉතා දුෂ්කර ලෙස විහාරස්ථාන වල රැඳී සිටින බෞද්ධ භික්ෂූන්වහන්සේලා වෙත එල්ලවී ඇති අන්තවාදී තර්ජන වලට පෙනී නොසිටිමින් එම ප්‍රදේශවලින් බුදු දහම අතුගා දැමීමට කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටු දායකයි. බෞද්ධ වි⁣රෝධී, රාජ්‍ය නොවන සංවිධානවල මුදල් වලින් ක්‍රියාත්මක වන සංඝ විරෝධී ශාසන විරෝධී අදහස් සමාජය තුළ පැතිරවීමට සමාජ මාධ්‍ය හා සන්නිවේදන මාධ්‍යවලට දායක නොවීම⁣ට බෞද්ධ දූ දරුවන් දැනුවත් කළ යුතු බවත් මෙම සංවාදයේ අදහස් දැක්වූ නීතිවේදී ගීත්මා මෙනෙවිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහත්මා සඳහන් කළේ සමාර්ට් දුරකතන භාවිතා කරන විට ඒවායේ ඇති මෘදුකාංග යෙදවුම් පිළිබඳව දැඩි අවධානයෙන් සහ සංයමයෙන් භාවිත කිරීමට කටයුතු කළ යුතු බවත් එවා වැරදි ලෙස සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කළ හොත් තමාගේම විනාශයට මඟ සලසන සාක්ෂි ලෙස ඉස්මතු විය හැකි බවත්ය.

තව දුරටත් අදහස් දක්වමින් කතා කළ ආචාර්ය චන්න ජයසුමන මැතිතුමා අවධාරණය කළේ; විශේෂයෙන් ම තරුණ භික්ෂූන්වහන්සේලා AI තාක්ෂණය තුළින් ඇල්ගොරිතම් හරහා සිදුවන සමාජ මාධ්‍ය සන්නිවේදනයන් වලදී උගුල් වලට හසුවීමෙන් වැරදි දේවල් වලට⁣ ඇබ්බැහි වීම⁣ට ඉඩ ප්‍රස්තාව ඇති බැවින් හරි දේ පමණක් නැරඹීමට එම මාධ්‍යයන් යොදා ගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

මේ විශේෂ කාලීන සංවාදය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙන්, විහාරස්ථාන වල පරිවේණාධිපතිවරුන්, විහාරාධිපති ස්වාමීන්වහන්සේලා, දසසිල් මාතාවන්, දහම් පාසල් ගුරුවරුන්, දේශපාලන නායකයන් සහ බෞද්ධ ප්‍රජාව ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වී සිටියහ.

16/06/2026

🌼 ගිහි-පැවිදි හැමෝම ඇසිය යුතු රටක් වටින දේශනයක්...! මේ දේශනාව සම්පූර්ණයෙන් ඔබ ඇසුවොත්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කිරීමට තීරණය කරනවාමයි..! 🙏🙏🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය මෙවර ශ්‍රී ලංකාවේදී..! ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ (World Buddhist Sangha C...
15/06/2026

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය මෙවර ශ්‍රී ලංකාවේදී..!

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සැමරුම සහ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු රැස්වීම එළඹෙන නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා, ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් වන මූලික සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (15) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ දේශනා සහ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම සම්මේලනයට ථේරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් ද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය 500කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට අපේක්ෂිතය.

1966 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ 60 වැනි සංවත්සරය එය බිහිවූ රටේදීම පැවැත්වීම ශ්‍රී ලංකාවට හිමිවූ සුවිශේෂී ඓතිහාසික ගෞරවයකි.

ප්‍රධාන වැඩසටහන් පෙළගැස්ම:

නොවැම්බර් 28: සමාරම්භක උත්සවය (කොළඹ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේදී)

නොවැම්බර් 29: සංවත්සර උත්සවය, විධායක කමිටු රැස්වීම් සහ ශාස්ත්‍රීය සමුළුව

නොවැම්බර් 30: අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ලෝක සාමය උදෙසා විශේෂ අධිෂ්ඨාන පූජාවක්

දෙසැම්බර් 01: ශ්‍රී දළදා මාළිගාව සහ රුවන්වැලි සෑය කේන්ද්‍ර කරගත් ආගමික වැඩසටහන්

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා පවසා සිටියේ, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෙහෙවින්ම ගෞරවනීය සහ ඓතිහාසික අවස්ථාවක් බවයි. මෙරට බෞද්ධ උරුමය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ලොවටම ප්‍රදර්ශනය කෙරෙන මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ ආශිර්වාදය ඇතිව රාජ්‍ය පාර්ශ්වයෙන් ලබාදිය යුතු උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි, පූජ්‍ය ඉත්තන්දෙමළියේ ඉන්දසාර හිමි, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි,පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමි, පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමි, පූජ්‍ය අතුරලියේ නන්ද හිමි, පූජ්‍ය රඹුකේවල ඥානසීහ හිමි, පූජ්‍ය වැලිවිටියේ සුජීව හිමි, පූජ්‍ය එස්.සුමේධ හිමි, පූජ්‍ය තලගල සුමනරතන හිමි වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා, අතිරේක ලේකම් එච්. එන්. කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

06/06/2026
06/06/2026

'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය සඳහා කෙරෙ සැදැහැති ආරාධනයයි..!

ආර්යවාහිනී බෞද්ධ නාලිකාව මගින් ශ්‍රී ලාංකේය සුභාවිත බොදු ගී සාහිත්‍යය නංවනු වස් මෛත්‍රී පෙරදැරි සිතින් සංවිධානය කරනු ලබන 'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය

ලොව්තුරු සම්මා සම්බුදුරජාණන්නහන්සේගේ උතුම් ගුණ සමුදායන් පිළිබඳව සැදැහැති ඔබේ සිතේ පහළ වන උත්තරීතර හැඟීම් අකුරු කර, සොඳුරු ගේය පද සංකල්පනාවක් ලෙස අප වෙත අදම යොමු කරන්න.

තරග අංශයන් :
1. දහම් පාසල් / පාසල් සඳහා වන තරග අංශය
2. දහම් පාසල් ආචාර්යවරුන් / පාසල් ආචාර්යවරුන් සඳහා වන තරග අංශය
3. විවෘත තරග අංශය

ඔබගේ පැහැදිලි අත් අකුරින් ලියූ ස්වතන්ත්‍ර
නිර්මාණයේ ඡායාරූපයක් ගෙන එය පහත වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

වට්ස්ඇප් අංකය - 0717797997
ලිපිනය - ආර්යවාහිනී බෞද්ධ නාලිකාව,
340 ඒ/2/2, කොතලාවල, කඩු⁣වෙල.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2026 ජුලි 15

☐ ඉහත එක් එක් තරග අංශයන් නියෝජනය වන පරිදි සෑම අංශයකින්ම හොඳම ගේය පද රචනාවක් බැගින් ගේය පද රචකයින් පස් දෙනෙකු තෝරා ගනු ලැබේ.

☐ එම ජයග්‍රාහී නිර්මාණයන් ප්‍රවීණ ගේය පද රචකයින් සහ සාහිත්‍යධරයන්ගේන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනීමට නියමිතය.

☐ තෝරා ගනු ලබන නිර්මාණ පිළිබඳව සිදු කරන සම්මුඛ සාකච්ඡාවේදී අදාල නිර්මාණය ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවන බවට විනිශ්චය මණ්ඩලයට හැඟී ගියහොත් අදාල නිර්මාණය තරගයෙන් ඉවත් කිරීමට සිදුවන බවද දැනුම් දෙමු.

☐ තොරාගන්නා හොඳම ගීත නිර්මාණ තුන සඳහා වටිනා ත්‍යාග සහ සම්මාන පිරි නැමෙන අතර සෙසු නිර්මාණ සඳහා විශේෂ ත්‍යාග සහ සහතික පත් පිරි නැමේ.

☐ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා නිර්මාණ තුන; තනු නිර්මාණය කර වෘත්තීය ගායන ශිල්පීන් ලවා ගායනා කරවා පටිගත කර ආර්යවාහිනී බෞද්ධ නාලිකාව හරහා ජනගත කරනු ලැබේ.

☐ එම ගීත නිර්මාණයන් නිකිණි පොහොයට සමගාමීව කොළඹ දී පැවැත්වෙන උත්සවයක දී එළි දැක්වීමට නියමිතය.

☐ මෙම 'ආර්යාභිවන්දනා' බොදු ගේය පද රචනා තරගය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0776797997 අංකයට අමතන්න.

Aryavahini

Address

340 A/2/2, Kothalawala
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Aryavahini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aryavahini:

Shortcuts

Share

Category