Out of Frame

Out of Frame Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Out of Frame, Digital creator, Out of Frame, 18, Jaya mawath, colombo, Kaduwela.

23/10/2025
❤️ රැකියාවක් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආසාවෙන් ගිය රැකියාව අත් අරින්න පුලුවන් අම්මා කෙනෙක් කියන්නේ මං දකින විදියට හරිම...
22/10/2025

❤️ රැකියාවක් කරලා තමන්ගේ දරුවන් වෙනුවෙන් ආසාවෙන් ගිය රැකියාව අත් අරින්න පුලුවන් අම්මා කෙනෙක් කියන්නේ මං දකින විදියට හරිම ශක්තිමත් ගැහැණියක්...💪💪💪

මොකද වසර ගානක් අධ්‍යාපනය හාදාරා අමාරුවෙන් හොයා ගන්න රැකියාව නැති වෙනවා,
තමන් ආශ්‍රය කරපු හිතවතුන් සමකාලීන් නැති වෙනවා,
කලින් තිබුන මානව සම්බන්ධතා අඩු වෙනවා,
එක දිගට වැඩ කරපු ජිවිතේ වෙනස් වෙනවා, රාජකාරි වගකීම නැති වෙන්වා,
තමන්ට තිබුන පිලිගැනීම හා ගෞරවය අඩු වෙනවා,
ඉගෙන ගත්ත දේ අමතක වෙනවා,
මේ හැම දේම එක්ක ගෙදර බිත්ති වලට හිර වෙලා පුංචි පැටියා බලාගන්න සිද්ද වෙනව...

එකම එක ආදරණීය හේතුවක් නිසා ජිවිතේ සතුට, නිදහස, ආත්ම තෘප්තිය ලබපු දේ නැති වෙලා යනවා... 😔😔😔
ගෙදර ඉන්න නිසා, දහසකුත් දේ තනියෙන් කරගන්න සිද්ද වෙනවා දහසකුත් දුක්, වේදනාවෙන්, අපහසුතා දාරාගෙන සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා ජිවත් වෙන්න වෙන්වා..☹️

ඔෆිස් ගිහින් හිනා වෙලා කතා කරලා සතුටින් හිටිය කෙනා කතා කරන්න බැරි පුංචි පැටියෙක් එකක් දවසම ගෙදර තනි වෙලා ගෙදර වැඩ තනියෙන් කරගන්න වෙනවා...

එක ලොකු දෙයක් නෙවෙයිද?

ඉතින් මේ හැම පීඩනයක්ම දාරා ගෙන දරුවන් වෙනුවෙන් ගෙදර ඉන්න හිත හදා ගන්න එකම මදිද.. ඒ නිසයි මං මුලින්ම කිවේ දරුවන් නිසා රැකියාව අත් අරින අම්මා හරිම ශක්තිමත් කියලා.💪💪💪💪

ඔබත් එවැනි අම්මා කෙනෙක් නම් ඉතින් කිසි විටක හිතෙන් වැටෙන්න එපා. සතුටු වෙන්න ඔබ ඔබේ ශක්තිය ගැන... දරුවෝ හැමදාම පොඩියට ඉන්නෑ ඉක්මනින් ලොකු වෙන්වා අන්න ඒ දවසට ආයෙත් පියාඹන්න අත්තටු දෙක ශක්තිමත්ව පරිස්සමෙන් තියගන්න...💪

උපුටා ගැනීමකි,

මුල් අයිතියකරුට 🙏💐
Copied

💧ලෝකයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්න එපා.💧ප්‍රශ්නෙ නොගැළපෙනවා නම්, ප්‍රශ්නෙ අහපු කෙනා නොගැළපෙනවා,නම් ඒත් උත්තර දෙන...
22/10/2025

💧ලෝකයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්න එපා.

💧ප්‍රශ්නෙ නොගැළපෙනවා නම්, ප්‍රශ්නෙ අහපු කෙනා නොගැළපෙනවා,නම් ඒත් උත්තර දෙන්න යන්න එපා.

💧අනවශ්‍ය චෝදනා වලට, බොරු චෝදනා වලට ප්‍රතිචාර දක්වන්න එපා.

💧ඔබව නොතේරෙන අයට ඔබව පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා.

💧ජීවිතේ එක එක කොන්වලින් අල්ලන් බාගෙට ජීවිතේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට ජීවිතේ ගැන පැහැදිලි කරන්න යන්න එපා.

💧දෙයක් තේරුම් කරන්න බැරි බව දැන දැනත් අමාරුවෙන් තේරුම් කරන්න මහන්සි වෙන්න එපා.

💧ඔයාට බනින හැමෝටම බනින්න යන්න එපා.

💧එකම දෙයක් වෙනුවෙන් නිතර නිතර ඉල්ලීම් කරන්න එපා.

💧මෝඩයොත් එක්ක තර්ක කරන්න එපා.

💧කපටියොත් එක්ක වාද කරන්න එපා.

💧කෝටියක් ආශ්‍රය කලත් ගැලපෙනම අය මිසක් හදවතේ ලිස්ට් එකට දාගන්න එපා.

ජීවත් වෙනවා කියන්නේ, එක එකා එක්ක වලි කකා, තර්ක කර කර, ලෝකෙට උත්තර දිදී කරන විවාද තරඟයක් වත් කුකුල් පොරයක්වත් නෙමෙයි.

ඒක තනිකරම මානසික ආනන්දයක්, සරළ සුන්දර විඳීමක්..💜

ඒක සැනසිල්ලේ විඳගන්න නම් ඉතුරු කර ගන්න ඕන වෙන්නෙ එකම එක දෙයයි.

ඒ තමයි,

" මානසික සැනසීම "

🎈කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම ම විදිහකින් ඔයාගේ මානසික සැනසීම, මානසික නිදහස,අවුල් කරන්න ඉඩ තියන්න එපා.

🎈ඔයා,මොනදේ උනත් , කවදාවත් කාගෙවත් මානසික නිදහසට බාධා කරන්නත් එපා.

මිනිස්සු විදිහට මේ ලෝකෙ හැමෝම ජීවත් වෙන්න පුදුම ගේමක් දෙනවා.
සතුටෙන් ඉන්න පුදුම කට්ටක් කනවා.

ඒ නිසා කාගෙවත් ජීවිතයක දුකට හේතුවක් වෙන්න එපා.
අනිත් අයට ඔයාගේ දුකට හේතුවක් වෙන්න ඉඩ දෙන්නත් එපා ..

අන්න එතකොට මානසික සැනසීම මැරෙනකම්ම ඔයා ලඟින්ම රැඳෙයි.💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )
Copied.

22/10/2025

Life එකේ '404 Error' එක Fix කරගන්න ඕනිද? 🧠 | චතුරාර්‍ය සත්‍යය ජෙන් සී එකට

අපි හැමෝම ජිවිතේ මොකක් හරි 'අවුලක්' තියෙනවා කියලා හිතෙන වෙලාවල් තියෙනවා නේද? Stress, Anxiety, Depression... හරියට System එකේ 'Bug' එකක් වගේ. 😥 සමහර වෙලාවට හිතෙනවා "ඇයි මටම මෙහෙම වෙන්නේ?" කියලා. Social Media එකේ දකින Perfect Lives එක්ක බලද්දි අපේ ජීවිතේ මොකක්දෝ අඩුවක් තියෙනවා වගේ දැනෙනවා. 😫

හැබැයි මම කිව්වොත් මේ 'Bug' එක අද ඊයේ ආපු එකක් නෙවෙයි, මීට අවුරුදු 2600කට කලින් ලෝකයේ පහළ වුණු සුපිරිම 'මනෝ විද්‍යා ගුරුවරයා' මේ 'System Error' එක ගැන හොයාගෙන, ඒක 'Debug' කරන හැටිත් අපිට කියලා දුන්නා කියලා ඔයා විශ්වාස කරනවද?

ඔව්, ඒ තමයි අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු චතුරාර්‍ය සත්‍යය කියන්නේ ආගමක් විතරක් නෙවෙයි, ඒක අපේ මනස කියන 'Operating System' එක අවුල් කරන 'Bugs' හතරක් ගැනයි, ඒවට දෙන 'Patches' ගැනයි කියන 'User Manual' එකක් වගේ. 💡

1. පළවෙනි සත්‍යය: දුක (The Universal 'System Glitch' 😥)
බුදු හාමුදුරුවෝ කිව්වේ ජීවිතේ කියන්නේ දුකක් කියලා. හැබැයි ඒකෙන් අදහස් කළේ හැමතිස්සෙම අඬ අඬා ඉන්න ඕනේ කියන එක නෙවෙයි. මෙතන 'දුක' කියන්නේ 'Unsatisfactoriness' කියන එකට. හරියට ඔයා ආසම කරන Phone එක ගත්තත්, ටික දවසකින් ඒක පරණ වෙනවා, අලුත් model එකක් එනවා. ඔයාට ආයෙත් අලුත් එක ඕන වෙනවා. මේක තමයි 'දුක'. අපි බලාපොරොත්තු වෙන දේයි, ඇත්තටම වෙන දේයි අතර තියෙන පරතරය. නැත්තම් මේක නෙගෙටිව් පර්ස්පෙක්ටිව් එකකින් බලන්න එපා.

විද්‍යාත්මක පැත්ත (The Science Bit 🧠): මනෝවිද්‍යාවේ මේකට කියනවා 'Hedonic Treadmill' කියලා. අපි සතුටු වෙයි කියලා හිතන දෙයක් (ලොකු පඩියක්, අලුත් car එකක්) ලැබුණම අපේ dopamine levels ටිකකට උඩ යනවා. ඒත් ටික දවසකින් ආයෙම පරණ තත්ත්වෙටම වැටෙනවා. අපිට සතුටු වෙන්න ඊට වඩා ලොකු දෙයක් ඕන වෙනවා. ඒ වගේම අපේ මොළේ 'Negativity සයිඩ්' එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හොඳ දේවල් වලට වඩා නරක දේවල්, ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න උපතින්ම හුරු වෙලා. මේක තමයි ජීවිතේ 'Default Setting' එකේ තියෙන 'Glitch' එක.

2. දෙවෙනි සත්‍යය: දුකට හේතුව (The Source Code of the 'Bug' 😵‍💫)
මේ 'Bug' එක එන්නේ කොහෙන්ද? බුදු හාමුදුරුවෝ කිව්වේ මේකට හේතුව 'තණ්හාව' (Craving/Attachment) කියලා. හරියට Social Media වල 'Likes', 'Comments' වලට අපි ඇබ්බැහි වෙනවා වගේ. ඒ dopamine rush එකට අපි ආසයි. ඒක නැතිවුණාම අපිට දුකයි, හිස් බවක් දැනෙනවා. "මට ඕනේ... මට තව ඕනේ..." කියන මේ නොනවතින ආසාව තමයි අපේ 'System' එක Crash කරන්නේ.

විද්‍යාත්මක පැත්ත (The Science Bit 💻): මේක කෙලින්ම අපේ මොළේ 'Reward System' එකට සම්බන්ධයි. අපි ආස කරන දෙයක් දකිද්දී, dopamine(ඩෝෆමීන්) කියන neuro-transmitter එක නිකුත් වෙනවා. මේකෙන් අපිට තාවකාලික සතුටක් ලැබෙනවා. ඒත් ඒක දිගටම පවතින්නේ නෑ. ඒ නිසා අපි ඒ සතුට ආයෙ ආයෙත් හොයාගෙන යනවා. මේක හරියට ඉවරයක් නැති 'Loop' එකක හිරවුණා වගේ. මේ 'Dopamine Cycle' එක තමයි තණ්හාව පිටිපස්සේ තියෙන 'Source Code' එක.

3. තුන්වෙනි සත්‍යය: දුක නැති කිරීම (The 'System Restore' Point )
හොඳ ආරංචිය! මේ 'Bug' එක fix කරන්න පුළුවන්. මේ දුක නැති කිරීම, එහෙමත් නැත්නම් 'නිරෝධය' කියන්නේ හැමදේම දාලා යන එකවත්, හැඟීම් නැති ගලක් වෙන එකවත් නෙවෙයි. ඒ කියන්නේ, අපේ සතුට බාහිර දේවල් (Likes, කමෙන්ට්ස්, මිනිස්සු) මත රඳා පවතින එක නතර කරලා, ඇතුළතින්ම සතුටු වෙන තැනට, සන්සුන් වෙන තැනට එන එක. Control එක ආයෙත් අපේ අතට ගන්න එක. හරියට 'System' එක 'Restore' කරලා, අනවශ්‍ය 'Malware'(වයිරස්) ඔක්කොම අයින් කළා වගේ.

විද්‍යාත්මක පැත්ත (The Science Bit ✨): Neuroplasticity ගැන අහලා තියෙනවද? ඒ කියන්නේ අපේ මොළයට අලුත් පුරුදු, අලුත් සිතුවිලි රටා හරහා වෙනස් කරගන්න තියෙන හැකියාව. Mindfulness (සිහිය) වගේ practices හරහා අපිට පුළුවන් අපේ මොළය 'Rewire' කරන්න. එතකොට අර dopamine cycle එකට අහුවෙන්නේ නැතුව, හැමදේම දිහා පැහැදිලි මනසකින් බලන්න අපිට පුළුවන් වෙනවා. මේක තමයි මානසික නිදහස.

4. හතරවෙනි සත්‍යය: දුක නැති කරන මාර්ගය (The 'Ultimate Debugging Toolkit' 💪)
හරි, 'Restore' කරන්නේ කොහොමද? බුදු හාමුදුරුවෝ මේකට 'Toolkit' එකක් දුන්නා. ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේක නිකන් Rules list එකක් නෙවෙයි, මේක ජීවිතේට 'Practical Guide' එකක්.

සීලය (Ethical Conduct): නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජීවිකාව - බොරු, කේලාම්, හිංසාව නැතුව ජීවත් වෙනකොට අපේ හිතේ තියෙන 'Guilt' එක, Stress එක අඩු වෙනවා.

සමාධිය (Mental Discipline): නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය - මේක තමයි Meditation සහ Mindfulness. මොළයට දෙන 'Workout' එකක් වගේ. අවධානය, සන්සුන්කම වැඩි දියුණු කරනවා.

නුවණ (Wisdom): නිවැරදි දැක්ම, නිවැරදි සංකල්පනා - ප්‍රශ්න දිහා හරියට බලන්න, අපේ සිතුවිලි ගැන දැනුවත් වෙන්න (මේක CBT - Cognitive Behavioral Therapy වලට සමානයි).

අවසාන වශයෙන්...
චතුරාර්‍ය සත්‍යය කියන්නේ අවුරුදු 2600ක් පරණ වුණත්, අදටත් 100%ක් 'Relevant' වෙන 'Life Hack' එකක්. මේක ආගමකට කොටු කරන්න එපා. මේක මනස ගැන, ජීවිතේ ගැන ගැඹුරු 'Psychological Framework' එකක්. ❤️ අපේ බුදුහාමුදුරුවෝ ඉතින් කියල දුන්නේ ආගමකට කොටු නොවී තමාගේ මාර්ගය තමා විසින් හොයාගන්න කියල තමයි.....

ඔයාගේ ජීවිතේ 'Bug' එක ඔයාටමයි 'Debug' කරගන්න වෙන්නේ. මේ 'Toolkit' එක use කරලා, පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාගේ 'Mental OS' එක update කරගන්න කාලය හරි! 😉🙏

Rusiru Galagoda
BA (Hons) Psychology
University of Sri Jayewardenepura
Diploma in Counseling Psychology
Licensed Member in AP
Copied

ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...බාස් කෙනෙක්ට කියලා ගෙයක් හදාගන්නකොට පිළිපැදිය යුතු කරුණු ටිකක්......
21/10/2025

ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...

බාස් කෙනෙක්ට කියලා ගෙයක් හදාගන්නකොට පිළිපැදිය යුතු කරුණු ටිකක්...

නැකත හදන අතරෙ බාසුන්නැහැලගෙන් ගණන් අහගන්න. 10කගෙන් හරි කමක් නෑ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නෙ නෑ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද උන් වැඩේ අදිනව අදිනව දවස් පඩිය ගන්න ඕනි නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍ර‍ශ්ණයක් නෑ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොදම කෙනා හොයාගන්න. පුළුවන්නම් කරපු වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්නෙපා. ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. නැති නාස්තිකරගන්න ආස නෑනෙ. ඒක නිසා හොදට හොයල බලලා වැඩේ දෙන්න.

අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් අහද්දි මේ දේවල් ටික හොදට මතක තියාගන්න. ගණන් මිනුම් පැහැදිලිව අහගන්න. ආ ඒක ඒ වෙලාවට බලමුකො මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කො ඔය වගේ චාටු බස් වලටනම් අහුවෙන්න එපා පුතෝ. මොකද උන් වැඩි හරියක් අපිට ඇතිකමට ඉන්න එවුන් නෙමෙයි. පැහැදිලිව අහගෙන පැහැදිලිව ලියාගන්න මෙන්න මේ ටික.

1 බේස් වලක් කපන්න ගාන
2 අත්තිවාරම කපන්න ගාන
3 බේස් වලක් බදින්න ගාන (කම්බි දමා)
4 අත්තිවාරම බදින්න ගාන. (සමහරවිට කියුබ් ගානට වෙන්නත් පුළුවන්)
5 සිමෙන්ති ගලක් බදින්න ගාන
6 කොන්ක්‍රීට් කණුවක් බදින්න යන ගාන.
7 ලින්ටල් අඩියක ගාන
8 උළුවස්සක් තියන්න ගාන
9 කපරාරුව වර්ග අඩියක් කීයද.
10 බිම පස් තලල කොන්ක්‍රීට් කරන්න
11 බදාම කපන්න
12 ටයිල් අල්ලන්න
13 කණු කපරාරුව සදහා (දික් අඩියක්)
14 පොටි ඇදල පිලර් කෝඩ් දෙක ගාන්න කීයද
15 කම්බි බැද සැටරිම ගහන්න වර්ග අඩියකට කීයද? (සැටරිම එයාලා ගෙනත්)
16 ස්ලැබ් එක දාන්න කීයද? (ඔයාගෙන් බඩු දාලා)

අංක 09න් කියපු දේ තව පැහැදිලි කරන්න ඕනි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දි උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනව. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85ක් විතර වෙනව. බාසුන්නැහැල ක්‍ර‍ම දෙකකට මේක කරනව. එකක් තමයි බිත්තියෙ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනව. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකරල) එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩුකරන්නෙ නැතුව සම්පූර්ණ බිත්තයට ගාණ හදනව. හැබැයි එතකොට පට්ටම වලට ගාණ හදන්නෙ නෑ හොදේ. ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අහගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අහගන්න. ඊටපස්සෙ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න.

අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න ඕනි. මෙතනදි ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තියනව. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතාකරගන්න ඕනි. ඒක දැන්ම කතාකරගන්න එපා. ඒවා පස්සෙ කතාකරගන්න පුළුවන්. කතාකරගන්න ඕනි තැනදි මම කියන්නම්.

ඊටපස්සෙ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියාගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල් වැලි සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියාගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාරගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නෙ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවරවෙන්නෙ හිතාගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි.

අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද. ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලිව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොදට හිනාවෙලා අපි දෙන්නගෙම විශ්වාසෙට මෙහෙම හොදයිනෙ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව. අනික ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් එකකින් ඉහල ගියත් සිමෙන්ති ගල බදින ගාන වැඩිකරන ජාතියක් බාස්ලා කියන්නෙ.

ඊටපස්සෙ ප්ලෑන් එක පෙන්නල අහගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවද කියල. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනෙ. අපට වැඩේ ඉක්මණට කරගන්නනෙ ඕනි. ඒ දවස් ටිකත් ඊළග පිටුවෙ ලියාගන්න.

ඊටපස්සෙ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන්ද බැරිද කියල. ඔයාට කෑම දෙන්න පුළුවන්නම් කෑම වල ගාණ අඩුකරන්න කතාකරගන්න. නැත්නම් ප්‍ර‍්ණයක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් තියේනම් තේ ටිකක් දෙන්න. පුළුවන් වෙලාවක් තියේනම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ.

ඕන් ඊටපස්සෙ තමයි අවශ්‍යම දේ කතාකරන්න තියෙන්නෙ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියල. හිගන්නා වගේ හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන එවුන් ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදුකරගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාසට 5000ක් වගේ දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩුකරගන්න. බාස් එක්ක මෙහෙම කතා කරගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනව. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහල තමා සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නෙ. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නෙ. අත්තිවාරම බැදල ඉවරවුණාම පලවැනි කොටස. ඊටපස්සෙ බිත්ති භාගයක්වත් ඉවරවුණාම. ඊටපස්සෙ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහරවිට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නෙ මහත්තයො අපි හෙට කන්නෙ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියල ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාන නෙමේ. වැඩේ කෙරිල තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනිනම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩුකරගන්න රුපියල් 1000ක් දෙන්නකො 2000ක් දෙන්නකො කියල ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි)

එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නෙ ඇයි කියල ඔයාලා හිතනව ඇති. මොකද දන්නවද? මිනිස්සු වෙනස් වෙනව. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි.


බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍ර‍මාණය.

ඊටපස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න.
කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍ර‍ශ්ණ ටික දැන් ඉවරයි.

මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඔනිනෙ. තමන්ට යාළුවො එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයාගන්න පුළුවන්නම් ගෙපල කපන දවසට ඒ අයට කතාකරල අත්තිවාරම් කපාගන්න පුළුවන්නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරනෙ වියදමක් යන්නෙ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියල. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මණ් හොදේ.

වැලි කියුබ් 01
කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12
සිමෙන්ති ගලක් 4 * 8 * 16
මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේනම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොලවල් තියේනම් ඒවටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවදදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.
ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියල. විශ්වාසය ගැන කිව්වෙ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්තිනම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය ගෙනාවට පාඩුවෙන්නෙ නෑ. මොකද ඕවා දිරන්නෙ නැති නිසා. ගල් වැලි සිමෙන්ති කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට. ගෙනත් දානකොටත් මතක තියාගන්න. ආපහු වෙනතැනකට අදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.

හරි දැන් නැකත හදල ඉවරයි. බාසුන්නැහැලත් හොයාගත්තා. දැන් නැකත දවස කිට්ටුවෙද්දි කරන්න දේවල් ටිකක් තියනව. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනව අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියාගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශණා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියාගන්න. කූඤ්ඥ හරිගස්සගන්න. සංග්‍ර‍හ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියාගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ... 😇

ඔබේ නිවාස සිහිනය ඉක්මනින් ඉටුවේවා කියලා මං ප්‍රාර්ථනා කරන්නම්.. 🙏❤️

අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න..

ස්තුති!
Copied

ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය,සිනමා රංගන ශිල්පී , කලා අධ්‍යක්ෂක සහ වේදිකා නාට්‍ය  අධ්‍යක්ෂක  රංජිත් සිල්වා මහතා ඊයේ සවස සි...
20/10/2025

ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය,සිනමා රංගන ශිල්පී , කලා අධ්‍යක්ෂක සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක රංජිත් සිල්වා මහතා ඊයේ සවස සිට අතුරුදහන්ව ඇත.
ඩිමෙන්සියා රෝගයට ගන්නා බෙහෙත් (( දවස් තුනකට බොන බෙහෙත් ) එකවර පානය කර ඇති අතර පසුව කැළනියේ නිවසින් පිටවී ඇත. ඔහුව දුටු අයෙක් පහත සදහන් (ලහිරු) අංකයට දන්වන මෙන් කාරුණිකව
ඉල්ලා සිටිනවා...
Copied

කිසිම වෙලාවක හිතේ ප්ලෑන්කියන්න හොඳ නෑහැමවෙලේම ඉන්න ඕනිමෙලෝ දෙයක් කරගන්න බෑවගේඅපි අරක කරනවා,මේක කරනවාකියල කිව්ව ගමන්නැති ...
20/10/2025

කිසිම වෙලාවක හිතේ ප්ලෑන්
කියන්න හොඳ නෑ
හැමවෙලේම ඉන්න ඕනි
මෙලෝ දෙයක් කරගන්න බෑ
වගේ

අපි අරක කරනවා,මේක කරනවා
කියල කිව්ව ගමන්
නැති ඉරිසියාවක් ඇවිල්ල,කුහක කමක් උන්ගෙ හිත් වලට ඇවිල්ලා

මොකක්ම හරි විස බීජයක්
හිතට දානවම තමයි !!!

හිතේ තියන දෙයක්,කරන්න ඉන්න
දෙයක් කිව්ව කියන්නෙම

ඒක ලප් තැනම හැඳි ගෑවෙනවා
අහක යන ලෙඩ ඇඟට එනවා
මේ හොඳට ඉන්න එවුන් තරහ වෙනවා
අහක යන හෙනත් ඔලුවට වදිනවා

ජීවිතේ අමාරුම කාර්තු පහු කරාට පස්සෙ
දැනගත්ත එකම එක ඇත්තක් තමයි මේක

ඒ තමයි හතුරො හදාගන්න
යුද්ධ කරන්නම ඕන නෑ
හිතේ තියන දේවල්
කිව්වත් ඇති

එච්චරයි !!!

ලසා 🐜

Copied

අනිවාර්යයෙන්ම ඉන්නවා,ඒත් එහෙම මිනිස්සු අඩුයි.
20/10/2025

අනිවාර්යයෙන්ම ඉන්නවා,ඒත් එහෙම මිනිස්සු අඩුයි.

ඔබේ ලස්සන හැම විටම මුහුණෙන් පෙනෙන්නෙ නැහැ ,රූපය කියන්නෙ ලස්සන කියන දේට අයිති එකම එක කාරනාවක් විතරයි ,ඉන් එහාට ,ඔබේ වචන ඔ...
20/10/2025

ඔබේ ලස්සන හැම විටම මුහුණෙන් පෙනෙන්නෙ නැහැ ,

රූපය කියන්නෙ ලස්සන කියන දේට අයිති එකම එක කාරනාවක් විතරයි ,

ඉන් එහාට ,

ඔබේ වචන
ඔබේ හැසිරීම
ඔබේ සිනහව
ඔබේ තීරණ
පෞරුෂත්වය
ඉවසීම
දරාගැනීම
පිරිසිඳුකම
වැදගත්කම
දයාව
උගත්කම
බුද්ධිය

මේ හැමදේකම එකතුවෙන් තමයි "ලස්සන "කියන දේ නිර්මාණය වෙන්නෙ ..
ඒ නිසා ඔයාට ලස්සන වෙන්න ඕනෙ නම් බාහිර ස්වරූපය ගැන වද වෙනව වගේම තව කරන්න ඕන තරම් දේවල් තියනවා .

දැන් ලෝකය වෙනස් වෙලා ,
මිනිස්සු දේවල් දකින විදිහ වෙනස් වෙලා ..

මතක තියාගන්න ,තව දුරටත් මනුස්සයෙක්ගෙ ලස්සන මුහුණෙන්ම
පෙනෙන්නෙ නැහැ 💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )
Copied

කවුද මේ Narcissist මිනිස්සු කියන්නේ? දැකලා තියෙනවද අපිට හමුවෙන විවිධ වර්ගයේ මිනිස්සු අතර, අධික අහංකාරකමින් ජීවත් වෙන මි...
19/10/2025

කවුද මේ Narcissist මිනිස්සු කියන්නේ?

දැකලා තියෙනවද අපිට හමුවෙන විවිධ
වර්ගයේ මිනිස්සු අතර,

අධික අහංකාරකමින් ජීවත් වෙන මිනිස්සු,

තමන් ගැන ඕනවට වඩා වර්ණනා කරන
මිනිස්සු,

අන් අයගේ හැඟීම් ගැන අඩු තක්සේරුවෙන්
බලන මිනිස්සු,

වැරැද්ද තමන්ගෙ වෙලා, වැරැදි පිළිගන්න
බැරිව අනුන් පිට පවරන මිනිස්සු,

තමන්ගෙ ප්‍රසංශාව, ගෞරවය ගැන විතරක්ම හිතන මිනිස්සු???

අන්න එහෙම අයට තමයි අපි Narcissist
මිනිස්සු කියලා කියන්නේ.

ඉතිං එහෙම කෙනෙක් එක්ක කිසිම දවසක
වාද කරන්න, තර්ක කරන්න යන්න එපා.

මොකද,

ඔයා මොන දේවල් කිව්වත් ඒ අයට ඕන ඒ
අයගෙ දිනුම විතරයි.

අනෙක් කාරණාව,

ඔයා කේන්ති ගන්න තරමට, දුක් වෙන තරමට,
උස් හඬින් කතා කරන තරමටයි ඒ මිනිස්සුන්ට සතුටු!!!

Narcissist මිනිස්සු, තමන්ගෙ සතුට කියන දේ පෝෂණය කරන්නේ, ඒ අය නිර්මාණය කරන චිත්තවේගීය අවුල් සහගත තත්ත්ව වලින්.

ඔයා තව තවත් තර්ක කරන, කේන්ති ගන්න තරමට ඒ අය ඉදිරියේ ඔයාව තවත් ගිලෙන්න පටන් ගන්නවා.

මොකද නාර්සිස්ට්වාදියෝ කිසිම දවසක සත්‍යය හොයන්නේ නෑ.

ඒ වෙනුවට ඔවුන්ට ඕන තව කෙනෙක් වචන වලින් හෝ යටත් කරගැනීම විතරයි.

ඒ අය තේරුම් ගැනීම, සාක්ශි කියන දේට
අවධානය දෙන්නේ නෑ.

ඒ වෙනුවට ඔවුන් අවධානය දෙන්නේ ඔයාව පරාජය කරන්න ඊළඟට කියන්න ඕන
මොකක්ද කියන එක ගැන විතරයි.

එහෙම කෙනෙක් එක්ක වාද කරන්න
වුණොත්??

හොඳම දේ, පසුබහින්න!!!!

තර්ක කිරීම ප්‍රතික්ෂේප කරන්න.

ඔයාගේ සාමය ආරක්ෂා කරගැනීම ගැන
හිතන්න.

මොකද,

ඔයා ප්‍රතිචාර නොදක්වන හැම අවස්ථාවකම
ඔවුන් තමන්ගේම අධික අහංකාරකමින් පහත වැටෙන්න පටන් ගන්නවා.

නිහඬ වීම, සීමාවන් යෙදීම තමයි ඒ වගේ
තැනකදි ඔයාට තියෙන හොඳම මෙවලම්
වෙන්නේ.

ඔයාගේ සන්සුන්කම ඒ වගේ අහංකාර
මිනිසුන්ගේ දුර්වලතාවය වන අතර,
ඔයාගේ කෝපය ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනවා.

ඔවුන්ව තෘප්තිමත් කරවන සංදර්ශනය
ඔවුන්ට ලබා නොදෙන්න මතක තබා
ගන්න!!! 🌻❤️💫

ප: ලි. Narcissism කියන දේ විවිධ අත්දැකීම් හමුවේ හැම කෙනෙකු ළඟම ඉතා අල්ප
වශයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීමක්
ලෙස තිබීම සාමාන්‍යයි.

එහෙත් මෙය අධික වශයෙන් / රෝගාත්මක තත්ත්වයක් ආකාරයෙන් (Narcissistic
Personality Disorder - NPD ) mental health
disorder එකක් ලෙස ඇතිවන අවස්ථා ද ඇත.

මේ වගේ තත්වයක ඉන්න පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම cure වෙන එක අපහසුයි.

ඒත් long-term therapy එකක් සහ proper
support system එකක් ඔස්සේ NPD
අයෙකුට තමාව හඳුනාගෙන දේවල්
manage කරගෙන, සමාජයේ, සබඳතා තුළ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන තත්වයට
එන්න පුළුවන්.

ඒත් අවාසනාවට කරුණ නම්,
බොහෝ එවැනි පුද්ගලයන් තමාගේ
තත්ත්වය පිළිගැනීමට තරම් නිහතමානී
වන්නේ නැත!! 🥀

✍ Ishara Somarathna
( Psychological Counselor )
Copied

" ඔයා ඔයාව බලා ගන්න තරමට , ඔයාගේ ජීවිතේ ට අවශ්‍ය හැමදේම ලැබෙනවා ! හොඳම දේ ඔයාට ලැබෙනවා ! ඒත් ඔයා ඔයාවම අත් ඇරියොත්, ප්‍ර...
19/10/2025

" ඔයා ඔයාව බලා ගන්න තරමට , ඔයාගේ ජීවිතේ ට අවශ්‍ය හැමදේම ලැබෙනවා ! හොඳම දේ ඔයාට ලැබෙනවා ! ඒත් ඔයා ඔයාවම අත් ඇරියොත්, ප්‍රශ්න විතරක්ම ඒවි !
ජීවිතේ සාමකාමී බව නැති වේවි ! ටොක්සික් මිනිස්සු ආකර්ෂණය වේවි ! "

Copied

Address

Out Of Frame, 18, Jaya Mawath, Colombo
Kaduwela
20

Website

Alerts

Be the first to know and let us send you an email when Out of Frame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share