12/05/2023
1995 හෝ 1996 වසරේදී පමණ මෙම කෘතිය මා අතට පත් උනේ අහම්බයකිනි,ඒ කාලයේ මහරගම ගම්මාන පටුමගේ,සිරිසේන ගමගේ මහතාගේ නිවසේ කණ්ඩායම් පන්තිය රසෝගයක්ම විය,
කෙල්ලන් mills and boon කෘති හොර රහසේ හුවමාරුකරගත් අතර කොල්ලන් pl***oy magazine පළමු කියවීමෙන් පසු රුපියල් 50 වැනි මුදලකට හුවමාරු කර ගත්තේ ඊ ටත් වඩා රහසිගතවය,
The Lost Honour of Katharina Blum කෘතිය මා අතට පත්වුයේ අහම්බයකිනි මන් ද එම කෘතිය,පන්තියේ සිටි එක කෙල්ලෙක් විසින් බැරිවීමකින් තම අම්මගේ පොත් ගුලෙන් අතපසු වීමක් නිසා රැගෙන ආ කෘතියකි,ඇය එසේ පැවසුවත් පසුව මට වැටහුනේ ඒ පොත අතර කුමක් හෝ අම්මා නොදැකිය යුතු යමක් ගෙදරින් පිටතට පැමිණිනේන්නට ඇතයි කියාය.
කෙසේ හෝ පළමු සහ දෙවන කියවීම්න් පසු මාහට Katharina Blum පිලිබදව ඇතිවුයේ දැඩි සහකම්පනය කි ,එසේ වීමටය 1988-89 සමයේ කුඩා දරුවෙකු ලෙස මා අත්දුටු සිද්දීන් සහ කන වැටුන සිද්දීන් හේතු බුත වන්නට බොහොසෙන් ඉඩ ඇත,
Katharina Blum ගේ සිද්දි තුලින් හෙන්රිච් බෝල් නම් මානව හිතවාදී යා ලොවට කෑ ගස කියන්නේ ලොව ඕනෑම තැනක ඕනෑම මොහොතක නිලදාරීන් ගේ උවමනාව මත හෝ රාජ්‍ය පාලකයන්ගේ උවමනාව මත සාමාන්‍ය ජනතාව මත එල්ලවන පීඩනය කොතරම්ද යන්නයි.
Katharina Blum ගේ සිද්දියට පාදක වන්නේ දෙවන ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ අප සාමකාමී යයි පවසන කාල වකවානුව කි , මෙහිදී හෙන්රිච් බෝල් පාඨකයන්ට හොර රහසේ ඉගි කරන්නේ හිට්ලර් මියගියත් ඒ රාජ්‍ය ත්රස්තවාදය මිහිමතින් කිසිදා මිය නොවන බව නොවේද ?
කෙසේහෝ එය කියවීමෙන් පසු මා තුල උපන් සහකම්පනය ප්‍රකම්පනයක් ලෙස ශ්‍රී ලාංකික පාඨකයන් වෙත මුදාහල මානෙල් කරුණාතිලක මහත්මියට මගේ ආචාරය !!! මේවැනි කෘතියක් පරිවර්තනය කිරීමට අතට ගැනීමම පරිවර්තකයකුට අබියෝගයක් !!!