Hansani Hidellaarachchi

Hansani Hidellaarachchi ශ්‍රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහා?

08/03/2022ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා සෙබළියන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ලියාරා ලිය සවිය...
08/03/2022

08/03/2022

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා සෙබළියන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ලියාරා ලිය සවිය වැඩසටහන.

විශේෂ ස්තුතිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහත්මා සහ දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර මහත්මා.

ෆේස්බුක් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වයලේශන්මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබුණ නිසා අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු සහ මේ ක්ශේත...
06/10/2021

ෆේස්බුක් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වයලේශන්

මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබුණ නිසා අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු සහ මේ ක්ශේත්‍ර වල අත්දැකීම් ඇති අයගෙන් විස්තර අහලා මේක ලියන්න හිතුනා.

ෆේස්බුක් භාවිතය බහුල වීමත් සමඟ ෆේස්බුක් හරහා ඍණාත්මක සංකල්ප, ගැටුම්කාරී මතවාද සමාජගත වීම වැළැක්වීමට තමයි මේ කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් හඳුන්වා දුන්නේ. මුලින්ම මේ හැම දේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබුණත් මේ වෙද්දි බොහෝ භාෂාවල පරිවර්තනයන් තියෙන නිසා අපි සිංහල හෝ දමිළ හෝ වෙන මාධ්‍යයකින් යම් කිසි පෝස්ට් එකක් දැම්මත් ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා අධ්‍යනය කිරීමේ හැකියාව තියෙනවා.

අවාසනාවකට වගේ මේ කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් මොනිටර් වෙන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ( උදාහරණයක් විදියට බොට්ස් ලා හරහා වගේ ) එහෙමත් නැත්නම් පෝස්ට් එකක තියෙන වචන බොට්ස්ලා පරිවර්තනය කරලා ඒක ෆ්ලෑග් කරනවා කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් වයලේශන් කියලා. ඊට පස්සේ ඒක ඩබල් චෙක් කරනවා ෆේස්බුක් එකේ වැඩ කරන කණ්ඩායමක්. ඔවුන් බොහෝ විට ශ්‍රි ලාංකිකයන් නොවන අය. එතකොට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන උපමා, වචන ආදිය පරිවර්තනය වීමෙන් පසුව ඔවුන්ට අනුව සම්පූර්ණ වෙනත් අදහසක් ඇති කරනවා. ඒ අනුව අපේ පෝස්ට් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් වයලේශන් වලට යනවා.

උදාහරණයක් විදියට ලියාරා ෆැමිලි ග්ෲප් එකේ දාලා තිබුණා මෙන්න මේ දරු නැලවිල්ල.

නුඹේ අම්මත් ඉතා කලුයි
නුඹේ අප්පත් ඉතා කලුයි
නුඹ නලවන මාත් කලුයි
නුඹ විතරක් තලඑළලුයි

මේක අපේ ජනසම්ප්‍රදායේ එන නැලවිලි ගීයක්. නමුත් ෆේස්බුක් එකෙන් මේක කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් වයලේශන් එකක් විදියට හඳුනාගෙන තිබුණා.
හේතුව "කලුයි" කියන වචනය. මේ වචනය බොහෝ විට කලු ජාතිකයන්, එහෙමත් නැත්නම් කලු ඇමරිකානුවන් ආදී ජන කොට්ඨාශ හැඳින්වීමට භාවිතා කරනවා. මෙය පිළිගන්නේ එක්තරා ආකාරයකට කෙනෙක්ට අගෞරව කිරීමට යොදන පදයක් ලෙස.

මේ වගේම අපි භාවිතා කරන බොහොම සාමාන්‍ය වචන සමහර අවස්ථා වලදී හඳුනාගන්නවා කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් වයලේශන් විදියට. උදාහරණ විදියට මුස්ලිම් ජාතිකයෙක් ගැන මට පවසන්න අවශ්‍ය වුවත් මුස්ලිම් කියන වචනය භාවිතා කරන්න බෑ. මීට අමතරව හඳුනාගත් සහ හඳුනා නොගත් වචන බොහොමයක් කමියුනිටි ස්ටෑන්ඩරඩ් වයලේශන් වලට ඇතුළත් වෙනවා.

ඒ වගේම සියදිවි හානි කරගැනීම් පිළිබඳව ඇඟිලි දික් වීමක් පසු ගිය දින වල ෆේස්බුක් එකට යොමු වුණා. ඒ නිසා දැන් සියදිවි හානිය පිළිබඳව සහ ඒ සඳහා කෙනෙක්ව පොළඹවන ආකාරයේ පෝස්ට් ගැන ෆේස්බුක් කණ්ඩායම් ඉතාම සැලකිලිමත්.

සයිබර් බුලින්ග් සම්බන්ධයෙනුත් ඔවුන්ට තියෙන්නෙ දැඩි මතයක්. ඒ අනුව කෙනෙක්ව බුලි කරන ආකාරයේ වචන, පෝස්ට් ඔවුන් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් වයලේශන් ගණයට ඇතුළත් කරනවා.

ඒ වගේම රටකට, ආගමික ස්ථානයකට, ආගමික මතයකට, ප්‍රසිද්ධ පුද්ගලයෙක් එල්ලකරගෙන කරන විවේචන පිළිබඳවත් ඔවුන් සැලකිලිමත්.

වෛරී ප්‍රකාශ පැතිරවීම්, කුපිත කිරීම් ආදිය ගැනත් ඉතාම දැඩි මතයක තමයො ෆේස්බුක් කණ්ඩායම සිටින්නේ.

ඔබගේ ග්ෲප් එකට කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වැදගත් වෙන්නෙ ඇයි?

ෆේස්බුක්හි අරමුණ විදියට එයාලා කියන්නේ අර්ථවත් සම්බන්ධතා ඇති ආරක්ෂිත ස්ථානයක් ලබා දීම කියලා. ඒ අනුව සමූහයක් තුළ අදහස් දැක්වීමේදී කිසි අයකුට හානියක් නොවන අයුරින් අදහස් දැක්වීම ඔවුන් බලාපොරොත්තු වෙනවා. බොහෝ ත්‍රස්ත කණ්ඩායම්, ආගමික මතවාද දරන්නන් නොයෙක් ආකාරයේ ෆේස්බුක් එකවුන්ට් ඔස්සේ ප්‍රජාව වෙත ළං වෙමින් විවිධ මත පතුරවන්න උත්සාහ කිරීමේදී ඔබේ සමූහයත් ඔවුන්ගේ ඉලක්කයක් වන්නට පුලුවන්. මෙය ඔබ නොදැනුවත්වම සිදු විය හැකියි. අන්න ඒ නිසා අවදානයෙන් ඉඳීම වැදගත්.
ෆේස්බුක් කණ්ඩායම විශ්වාස කරන්නේ සමූහයක පරිපාලක සහ උපපරිපාලක තනතුරු දරන්නන් විසින් තම කණ්ඩායම් සාමාජිකයන් පවසන දේ සහ සමාජගත කරන දේවල් පිළිබඳව යම්තාක් දුරකට වගකීමක් ගත යුතු බව. ඉතින් ඒ අනුව ග්ෲප් ඇඩ්මින්ස්ලා විදියට අපිට මේ වෙද්දි යම්තාක් දුරකට භාරදූර කාර්‍යයක් පැවරිලා තියෙනවා.

https://about.fb.com/news/2019/04/insidefeed-community-standards-development-process/

පහත කාණ්ඩ යටතේ ෆේස්බුක් කණ්ඩායම විසින් වර්ග කරලා තියෙනවා මොන වගේ දේවල් ද ෆේස්බුක් හරහා සමාජගත කරන්න බැරි කියලා.

1. වයලන්ට් ඇන්ඩ් ඉන්සයිට්මන්ට් - ප්‍රචණ්ඩකාරී සහ උසිගැන්වීම්
ෆේස්බුක් හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරීමේ අවකාශ නොමැත. ඒවාගේම යම් කිසි රටකට, පුද්ගලයෙක්ට තර්ජනය වන ආකාරයේ පෝස්ට් ෆේස්බුක් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් ඔස්සේ ඉවත් කිරීමේ හැකියාව ඇත. ත්‍රස්තවාදය ආගම්වාදය පතුරනව හෝ ඒවාට අනුබල දෙන පෝස්ට් සඳහා ඉඩ නැති අතර ඒ සම්බන්ධව සැක ඇති ඕනෑම විටක ගිණුම පවා අක්‍රීය කිරිමේ අවකාශ ෆේස්බුක් සමාඟමට ඇත.

2. ඩේන්ජරස් ඉන්ඩිවිජුවල් ඇන්ඩ් ඔර්ගනයිසේශන්ස් - හානිකර පුද්ගලයින් සහ සංවිධාන

ලෝකයේ රටවල් වලට හානිකර වන පුද්ගලයන් හෝ සංවිධාන මගින් සිදු කරන ෆේස්බුක් ප්‍රොෆයීල්, පිටු සහ සමූහ මෙන්ම පෝස්ට්ද ෆේස්බුක් කණ්ඩායම් මඟින් ඉවත් කරනු ලැබේ. ප්‍රචණ්ඩත්වය සමාජගතවීම වැලැක්වීම මෙහි අරමුණ වන අතර ඒ යම් යම් පුද්ගලයින්ගේ අනුගාමිකයන් විසින් අදාල පුදගලයා හෝ සංවිධානය හෝ මත සමාජගත කරන පෝස්ට් ෆේස්බුක් හරහා ප්‍රචාරය කරයි නම් ඒවා ඉවත් කිරීමේ හැකියාව ඇත.

මේ යටතේ
* ත්‍රස්තවාදී සංවිධාන
* සංවිධානාත්මක වෛරය පතුරවන ආයතන
* මිනී මැරුම් ආදිය සිදු කරන ආයතන/ පුද්ගලයන්
* මිනිස් ජාවාරම් සිදු කරන ආයතන
* සංවිධානාත්මක කල්ලි
ආදියේ ප්‍රචාරණයන් සිදු කළ නොහැක.

ඒ වගේම මෙවැනි ක්‍රියාවන්ට අනුබල දෙන පෝස්ට් සහ කමෙන්ට්ද ෆේස්බුක් කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වලට විරුද්ධ වේ.

3. කෝඩිනේටින්ග් හාම් ඇන්ඩ් පබ්ලිසයිසින්ග් ක්‍රයිම්ස්

නොයෙක් ආකාර වල ප්‍රචණ්ඩක්‍රියා, හානිදායක ක්‍රියා සම්බන්ධීකරණය කිරිම සහ අපරාද වලට ප්‍රචාරණය ලබා දීමේ අවකාශ ෆේස්බුක් හරහා අහුරා ඇත.

4. රෙගියුලේටඩ් ගුඩ්ස් - නියාමනය කළ භාණ්ඩ

ෆේස්බුක් හරහා මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ප්‍රචාරණට ආදියට අවකාශ නොමැති අතර නියාමනය කරන ලද භාණ්ඩ ප්‍රචාරණයට පමණක් අවකාශ සලස්වා ඇත. ඒ වගේම ගිනි අවි, ගිනි අවි කොටස් මිලදී ගැනීම සහ හුවමාරුවද ෆේස්බුක් හරහා තහනම්‍ ය.

5. ෆ්‍රෝඩ් ඇන්ඩ් ඩිසෙප්ශන් - වංචාව සහ රැවටීම

පුදගලයින් රැවටීමට හෝ වංචාවට ලක්වන ආකාරයේ පෝස්ට් සහ ප්‍රචාරණයන් ෆේස්බුක් මඟින් තහනම් කර ඇත.

6. සුයිසයිඩ් ඇන්ඩ් සෙල්ෆ් ඉන්ජරි
සිය දිවි හානිකරගැනීම සහ තමන් විදින් තමන්ට හානි කරගැනීමට පොළඹවන ආකාරයේ අන්තර්ගතයන් ඇති පෝස්ට් / ග්ෲප්ස්/ පේජස් ෆේස්බුක් හරහා ප්‍රචාරණය තහනම්‍ ය.
සිය දිවි නසාගැනීම් ප්‍රචාරණය පිළිබඳව ෆේස්බුක් ඉතා දැඩි මතයක සිටී.

7. චයිල්ඩ් සෙක්ශුවල් එක්ස්ප්ලොයිටේශන්, ඇබියුස් ඇන්ඩ් නියුඩිටි
දරුවන් ලිංගික සූරාකෑම් වලට ලක් කිරීම, අපයෝජනය ආදිය සඳහාද ෆේස්බුක් හරහා ඉඩ නැත. මෙවැනි කරුණු සම්බන්ධ පෝස්ට් ප්‍රතික්ෂේප වීම මෙන්ම ඒ පිළිබඳව අදාල ආයතන දැනුවත් කිරීමද ෆේස්බුක් හරහා සිදු වේ. ඒ වගේම ඒ සම්බන්ධ මත ගොඩ නඟන පුදගලයින්/ සංවිධාන පිළිබඳව දැඩි අවධානයෙන් පසු වේ. දරුවන්ගේ නිරුවත් පින්තූර ෆේස්බුක් එකට එකතු කිරීමට අවකාශ නැත. හොඳ චේතනාවකින් (දෙමාපියන් විසින්) එම ඡායාරූප එක් කලත් එම රූප ඉවත් කිරීම සිදු වේ.

8. සෙක්ශුවල් එක්ස්ප්ලොයිටේශන් ඔෆ් ඇඩල්ට්ස්
වැඩිහිටි ලිංගික සූරාකෑම් වලට අදාල පෝස්ට් සහ පින්තූර ප්‍රචාරණයටද ෆේස්බුක් හරහා ඉඩ ලබා දෙන්නේ නැත. නමුත් ලිංගික හිංසනය සහ සූරාකෑම පිළිබඳව සාකච්ඡා කිරීමට හා අවධානය යොමු කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ෆේස්බුක් අවකාශ ලබා දී ඇති අතර මෙම සංවාදයට අවකාශය නිර්මාණය කිරීමට සහ ආරක්ෂිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස, වින්දිතයින්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ඉඩ ඇත. නමුත් ලිංගික හිංසනය, ලිංගික අතවර හෝ ලිංගික සූරාකෑම නිරූපණය කරන, තර්ජනය කරන හෝ ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් එක් කිරීමේ හැකියාව නැත.
ඒ වගේම ලිංගික ක්‍රියාවන් ප්‍රදර්ශනය කිරිම සහ ප්‍රවර්ධනයට ඉඩ නැත. පුද්ගල කැමැත්තකින් තොරව එක් කරන ලද පෞද්ගලික ඡායාරූප ආදිය ඉවත්කිරීමට ෆේස්බුක් වලට හැකියාව ඇත ( පැමිණිල්ලක් ලැබුනහොත්)

9. බුලින්ග් ඇන්ඩ් හැරැස්මන්ට්

බුලි කිරීම සහ හිරිහැර කිරීමට අදාල පෝස්ට් වලට ඉඩ නැත. පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු මුදා හැරීම, තර්ජනාත්මක පණිවිඩ යැවීම සහ අනවශ්‍ය සම්බන්ධතා සඳහා ආරාධනාවන් ආදී බොහෝ ආකාර වල ක්‍රියා මේ යටතේ තහනම් ය.
පොදු සහ පෞද්ගලික පුද්ගලයන් ලෙස පුද්ගල කොටස් දෙකක් ෆේස්බුක් කණ්ඩායම් හරහා හඳුනාගෙන ඇති අතර පොදු පුද්ගලයන් (පබ්ලික් ෆිගර්ස්) සඳහා විවේචන වලට යම්තාක් දුරකට අවකාශ ඇතත් පෞද්ගලික පුද්ගලයන් සඳහා විවේචනයන්, කෙනෙක් එල්ල කරගෙන ප්‍රහාර ඇති කිරීම් ආදිය කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වයලේශන් ගණයට ඇතුලත් වේ.

කෙනෙක්ගේ ලිංගිකත්වය හාසයයට ලක් කිරීම ආදිය ගැන ෆේස්බුක් දැඩි මතයක් සිටී.

10. හියුමන් එක්ස්ප්ලොයිටේශන් - මිනිස් ශ්‍රමය සූරාකෑම

මිනිස් ශ්‍රමය සූරාකෑම් සහ මානව ජාවාරම් සඳහා ෆේස්බුක් ඔස්සේ ඉඩ නැත.

11. ප්‍රයිවසි වයලේශන් ඇන්ඩ් ඉමේජ් ප්‍රයිවසි රයිට්ස්
පුද්ගල අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ෆේස්බුක් බැඳී සිටී. ඒ අනුව ඔබගේ පෞද්ගලිකත්වය සහ අන්නය්තාවය පිළිබඳව ෆේස්බුක් කණ්ඩායම අවධානය යොමු කරන අතර යම් ආකාරයකින් ඔබගේ අනන්‍යතාවයට තර්ජනය වන සිදුවීමක් වී ඇත්නම් ඒ පිළිබඳව ෆේස්බුක් සමාගමට දැනුම් දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ පහසුකම ඇත. ඒ වගේම ඔබගේ තිරතුරු අවභාවිතා කිරීම , පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු හෝ මූල්‍ය, නේවාසික සහ වෛද්‍ය තොරතුරු මෙන්ම නීති විරෝධී ප්‍රභවයන්ගෙන් ලබාගත් පුද්ගලික තොරතුරු ඇතුළුව භෞතික හෝ මූල්‍යමය හානිවලට තුඩු දිය හැකි වෙනත් පුද්ගලික තොරතුරු බෙදාහදා ගැනීම, පිරිනැමීම හෝ ඉල්ලා සිටීම ෆේස්බුක් කණ්ඩායම මඟින් ඉවත් කරනු ලැබේ.

12. හේට් ස්පීච් - වෛරී සහගත පෝස්ට්/ කමෙන්ට්ස්

ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතික සම්භවය, ආබාධිතභාවය, ආගමික බැඳීම, කුලය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ භාවය සහ බරපතල රෝග යන කරුණු පදනම් කරගෙන වෛරී කථාව මිනිසුන්ට එරෙහි සෘජු ප්‍රහාරයක් විදියට ෆේස්බුක් මඟින් හඳුනාගෙන ඇත. ප්‍රචණ්ඩකාරී හෝ අමානුෂික කතා, හානිකර ඒකාකෘති, පහත් ප්‍රකාශ, පිළිකුල හෝ නෙරපා හැරීම, ශාප කිරීම සහ බැහැර කිරීම හෝ බෙදුම්වාදය වැනි ප්‍රකාශත් මේ අනුව ෆේස්බුක් හරහා සමාජගත කරන්නට බෑ.

සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ විවරණ සහ විවේචන වලට ෆේස්බුක් ඉඩ දුන්නත් සරණාගතයින්, සංක්‍රමණිකයන් ආදී සංවේදී මාත්ෘකා ගැන ෆේස්බුක් කණ්ඩායම් දැඩි අවදානයක් යොමු කරනවා.

13. වයලන්ට් ඇන්ඩ් ග්‍රැෆික් කන්ටෙන්ට් - ප්‍රචණ්ඩකාරී සහ ග්‍රැෆික් නිර්මාණ

ප්‍රචණ්ඩකාරීබව ඉස්මතු වන පෝස්ට්, රූප සහ ග්‍රැෆික් නිර්මාණ ෆේස්බුක් හරහා ප්‍රචාරණයට ඉඩ නෑ. නමුත් සමාජගැටලු ආදිය ගැන දැනුවත් කරන වීඩියෝ, පින්තූර ආදියට යම්තාක් දුරකට ෆේස්බුක් හරහා අවකාශ සැලසෙනවා. බොහෝ වෙලාවට ඒ වගේ පින්තූර යම් කිසි කවර් කිරීමකට ලක් වෙලා අවශ්‍ය නම් විතරක් බැරඹීමේ අවකාශ ලබා දෙන අතර වයස් කාන්ඩ අනුව සමහර රූප අවුරුදු 18 ට අඩු අයට නැරඹීමේ අවකාශ ලබා දෙන්නෙ නෑ.

14. අඩල්ට් නියුඩිටි ඇන්ඩ් සෙක්ශුවල් ඇක්ටිවිටි- වැඩිහිටි නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම්

මෙහිදී නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම් දැක්වෙන පින්තූර සහ වීඩියෝ යම් කිසි සීමාවන්ට යටත්ව පෝස්ට් කිරීමේ අවකාශ ලබා දී ඇත. බාලවයස් කාණ්ඩ සහ සංවේදී පුද්ගලයින් සමාජමාධ්‍ය භාවිතා කරන බැවින් මෙම පියවර ගෙන ඇතිබව ෆේස්බුක් කණ්ඩායම දක්වා සිටී. බොහෝ අවස්ථාවල හාස්‍යජනක ලෙස හෝ අධ්‍යාපනික මට්ටමින් ලිංගික කරුණු දැක්වෙන පෝස්ට් හැරුණුකොටගෙන වෙනත් ආකාරයේ ලිංගිකත්වය උද්දීපනය වන පෝස්ට් සඳහා ෆේස්බුක්හි ඉඩ නැත. නමුත් අරමුණ මත යම් කිසි ආකාරයකින් ලිංගිකත්වය මතුවන පෝස්ට් සඳහා ඉඩ ඇත (උදා: වෛද්‍ය ගැටලු)

තවද කාන්තාවන්ගේ පියයුරු තුඩ (නිපල්ස්) දැක්වෙන ඡායාරූප ෆේස්බුක් හරහා පෝස්ට් කළ නොහැකි වුවත් වෛද්‍ය ගැටලු ලෙස යම් කිසි රූපයක් පළ කරන්නේ නම් ඒ සඳහා අවකාශ ඇත (නමුත් මෙතන ඔවුන් එය කෙසේ හඳුනාගනීදැයි ගැටලු ඇත)

ඒ වගේම ලිංගික අවයව ප්‍රදර්ශනය වන ඡායාරූප ෆේස්බුක් හි පළ කල නොහැක.

නමුත් ලිංගිකත්වය නිරූපණය වන සිතුවම් හෝ මූර්ති වල ඡායාරූප පළ කිරීමේ ගැටලුවක් නැත.

15. සෙක්ශුවල් සොලිසිටේශන් - ලිංගික සූරාකෑම්
ෆේස්බුක් හරහා ගණිකා ව්ෘත්තිය ආදී ලිංගිකත්වය විකිණීමේ රැකියා ප්‍රවර්ධනය කළ නොහැක. නො‍යෙක් ආකාරයේ වැඩිහිටි ක්‍රියාකාරකම් සහ තමන්ගේ ලිංගිකත්වය භාවිතයෙන් මුදල් ඉපයීම හෝ වෙනත් ායෙකුගේ ලිංගිකත්වය සහ පෞද්ගලිකත්වය අවභාවිතය වැලැක්වීමට අවශ්‍ය පියවර ෆේස්බුක් කණ්ඩායම මඟින් ගනු ලැබේ.
ඒ වගේම ලිංගික ජාවාරම් සහ ගණුදෙනු ද ෆේස්බුක් හරහා සිදු කළ නොමැති අතර ඒ සඳහා භාවිතා කරනා වචන පෙර කී ලෙස ෆ්ලෑග් වී ඇත.

16. ක්ෘවල් ඇන්ඩ් ඉන්සෙන්සිටිව් - කුරිරු සහ අසංවේදී

බොහෝ අය විසින් කෙනෙක් හෝ සමාජ කොට්ඨාසයක් ඉලක්ක කරගෙන සිදු කරන කුරිරු සහ සංවේදී නොවන ප්‍රකාශ ෆේස්බුක් මඟින් සමාජගතවීම සීමා කරනු ලැබේ. විශේෂයෙන් කෙනෙක්ව සමච්චල් කිරීමේ අදහසින් සිදු කරන ප්‍රකාශ සඳහා ෆේස්බුක් හි අවකාශ නැත.

17. එකවුන්ට් ඉන්ටර්ග්‍රිටි ඇන්ඩ් ඔතෙන්ටික් අයිඩෙන්ටිටි
අව්‍යාජ ගිණුමක් තිබීම වැදගත් වන අතර මෙය බොහෝ විට අනවශ්‍ය බලපෑම් ඇති වීමෙන් වැලැකීමට හේතු වේ. අනිසි ලෙස භාවිතා කරනා ගිණුම් ඉවත් කිරීමේ හැකියාව ෆේස්බුක් සතු වේ.

18. ස්පෑම්
ස්පෑම් ලෙස හඳුනාගත් මැසේජ් සහ පෝස්ට් හරහා සමාජයට අවැඩක් වන අන්තර්ගතයන් සමාජගත වීම වැලැක්වීමට ෆේස්බුක් කටයුතු කරයි. ආරක්ෂාවට, භාවිතයට සහ ස්ථාවරත්වයට තර්ඣනයක් වන පණිවුඩ සහ පෝස්ට් ඉවත් කිරීම සහ සීමා කිරීම සිදු වේ.

19. සයිබර් සිකියුරිටි
ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට තර්ජනය වන සිදුවීම් ෆේස්බුක් මංගින් හඳුනාගෙන ඉවත් කිරීම හෝ සීමා කිරීම සිදු කරනු ලබයි.

20. ඉන් ඔතෙන්ටික් බිහේවියර්
ෆේස්බුක් හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම, වැරදි නිරූපණයන් ආදිය සීමා කරනු ලැබේ. ඒ වගේම යම් කිසි අන්තර්ගතයක් / පෝස්ට් එකක ජනප්‍රියතාවය වැඩි ක්‍රීමට ව්‍යාජ ගිණුම් ඔස්සේ සිදු කරන ප්‍රවර්ධනයන්ද සීමා කර ඇත.

21. ෆෝල්ස් නිව්ස්
වැරදි පුවත් සමාජගතවීම හැකි තාක් අවම කිරීමට ෆේස්බුක් පියවර ගෙන ඇත. ඒ අනුව වැරදි හෝ සාවද්‍ය තොරතුරක් ලෙස පැමිණිලි ලැබුණහොත් ඒවා වහාම ඉවත් කිරිම සිදු වේ.

22. මැනිපියුලේටඩ් මීඩියා
සංස්කරණය කරන ලද / සකස් කරන ලද මාධ්‍ය සහ රූප ඔස්සේ වැරදි තොරතුරු සමාජගත වීම ෆේස්බුක් හරහා වැලැක්වීමට කටයුතු යොදා ඇත. නොමග යවන සුලු රූපරාමු ආදියද ෆේස්බුක් හරහා ප්‍රචාරණයට ඉඩ නැත.

23. ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි -බුද්ධිමය දේපල
ඔබ විසින් ෆේස්බුක් සඳහා එක් කරනා සෑම දේකම අයිතිය ඔබ සතු වන අතර මෙය ඉතාම තදින් ෆේස්බුක් කණ්ඩායම විසින් සලකා බලනු ලැබේ. ඒ වගේම වෙනත් කෙනෙක් විදින් පළ කරන ලද පෝස්ටුවක් උපුටා දැක්වීමේදී ඒ සඳහා ඔබට නිසි අවසරය ඇති බව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. අනෙක් අයගේ ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ වෙනත් නීතිමය අයිතිවාසිකම්වලට ඒ ඒ රටට අනුව නීතිය ක්‍රියාත්මක වන බැවින් ෆේස්බුක් ඔස්සේ වුවත් එවැනි බුද්ධිමය දේපළ යටතේ ගැටලු ඇති කිරීමේ අවකාශ අහුරා ඇති බව මතක තබා ගන්න.

වෙනත් අයකුගේ වෙළඳ ලකුණක් ආදී බුද්ධිමය දේපල හා සම්බන්ධ වන අංශ ප්‍රචාරණය සඳහා ෆේස්බුක් ඉඩ ලබා දෙන්නේ නැත.

https://transparency.facebook.com/

ඉහත කාරණා වැඩි වශයෙන් ග්ෲප් ඇඩ්මින් කෙනෙක් සඳහා අවශ්‍ය වන අතර මේ කාරණා වලට අනුකූලව අපේ පෝස්ට් වල හෝ කමෙන්ට් වල අඩංගු පිතූර සහ වචන මඟින් එහි අන්තර්ගතය යම්කිසි පෙරණයකට ලක් කිරීම ෆේස්බුක් කණ්ඩායම හරහා සිදු වේ. ඒ අනුව දිගින් දිගටම යම් කිසි සමූහයක් ඔස්සේ ඉහත කී කමියුනිටි ස්ටෑන්ඩ‍ර්ඩ්ස් කඩ වීමක් දක්නට ලැබුණහොත්

1. අවවාදයක් ලබා දීම - වෝනින්ග්
2. ගිණුම තාවකාලිකව අත් හිටුවීම
3. ගිණුම සම්පූර්ණයෙන්ම අත් හිටුවීම

යන ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් කණ්ඩායමට හැකියාව ඇත.

මේ සඳහා කෙනෙක් හෝ කණ්ඩායමක් යම් කිසි පෝස්ට් එකක් රිපෝට් කිරීම අත්‍යවශ්‍ය නොවන අතර මම මුලින් සඳහන් කල අයුරින් වචන පෙරණය මඟින් හඳුනාගැනීමෙන් පවා අදාල ගිණුම හෝ සමූහය ගැන තීරණය කිරිමේ හැකියාව ෆේස්බුක් සතු වේ.

ඒ වගේම යම් කිසි රටක අදාල මාධ්‍ය අංශ මඟින් රටට/ රජයට හෝ නීතියට ඇති තරජන පිළිබඳව ෆේස්බුක් ආයතනය දැනුවත් කර ඒ සඳහා උපකාර ඉල්ලීමේ / අනවශ්‍ය ගිණුම් අක්‍රිය කිරිමට ඉල්ලීමේ හැකියාව ඇත.

වැඩි විස්තර සඳහා පහත ලින්ක් බලන්න.

https://www.facebook.com/communitystandards/
https://www.facebook.com/community/using-key-groups-tools/understanding-community-standards/
https://about.fb.com/news/2019/04/insidefeed-community-standards-development-process/

හංසනි හිදැල්ලආරච්චි

සුන්දර බතික් නිර්මාණ .====================බතික් කර්මාන්තය ඉන්දුනීසියානුවන් විසින් ලොවට දායාද කල ,අදටත් ඉහළ පිළිගැනීමක් ඇ...
20/09/2021

සුන්දර බතික් නිර්මාණ .
====================

බතික් කර්මාන්තය ඉන්දුනීසියානුවන් විසින් ලොවට දායාද කල ,අදටත් ඉහළ පිළිගැනීමක් ඇති කර්මාන්තයක් ..අදවන විට යුනෙස්කෝ සංවිධානය විසින්ද බතික් කර්මාන්තය ලෝක උරුමයක් ලෙස නම් කර තියෙනවා . යටත්විජිතකරණයේ ප්‍රතිපලයක් ලෙස ලන්දේසි යුගයේදි,ශ්‍රී ලංකාවට මෙම බතික් කලාව දායාද වුණා
එතෙන් පටන් ලංකාව තුළ ප්‍රචලිත වූ බතික් කලාව 1970 දශකය වන විට ගෘහ කර්මාන්තයක් වශයෙන් ජනප්‍රිය වුණා .

ඉතින් මේ ලස්සන බතික් කලාවේ පදනම වෙන්නේ ඉටි සහ දීප්තිමත් වර්ණ හැඩ තල . ඉටිවලින් වැක්ස් කිරීම තුළින් වර්ණ හැඩතල මතු කිරීම සිදු වෙනවා .විවිධ නවීන ක්‍රම මගිනුත් අද කාලයේ බතික් කලාව දියුණු වෙලා තියෙනවා ..

ශ්‍රී ලංකාවේ නම්
බුද්ධි බතික්..
Fashion LK.
Salt
වැනි වෙළඳ සන්නාම වලින් මේ බතික් කර්මාන්තය ඉදිරියට ඇවිල්ල තියෙනව ..ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර ජයගන්නත් ඒ ලස්සන බතික් නිර්මාණ වලට හැකියාවක් ලැබිලා තියෙනවා.මංගල උත්සව වලටත් මේ බුද්ධි බතික් වගේ සන්නාම වලින් සැරසුණු බතික් සාරි ඉතාමත්ම ජනප්‍රියයි. බතික් කිව්වම අද කාලේ නම් වැඩිපුරම ප්‍රසිද්ධ සාරි වලට .

ඒ වගේම අවුරුදු කාලයේ සරම් සහ රෙද්ද හැට්ටය වැනි සිංහල සාම්ප්‍රදායික ඇදුම් වලට බතික් වල වටිනකම කියල නිම කරන්න බැහැ .

බතික් විලාසිතාවක් ලෙස යොදා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ එහි තියෙන වර්ණය පිළිබඳව .සාමාන්‍යයෙන් බතික් ඉතාමත්ම දීප්තිමත් වර්ණ වලින් සමන්විතයි ගුරු පාට තැඹිලි පාට මෙරුන් පාට හා කොළ රතු දීප්තිමත් නිල් පාට වැනි වර්ණ බතික් නිර්මාණ වල බහුලව දක්නට ලැබෙනවා මෙයට සුදු හා කළු මිශ්‍ර හැඩතල රටා යොදා ගන්නවා .

රෙද්ද සහ හැට්ටය අදිනවා නම් සම්පූර්ණ බතික් වලින් සකසා ගත් රෙද්ද සහ හැට්ටය අපිට අඳින්නට පුළුවන් නැත්නම් අමු රෙදි හෝ කළු පැහැති කපු රෙදි මිශ්‍ර කරලා මේ විලාසිතා නිර්මාණය කරගන්න පුළුවන් නමුත් බතික් වල නියම වටිනාකමක් දෙන්නෙ තනිකරම බතික් වලින් ම සාදා ගත් නිර්මාණ වලටයි.

ඔසරිය හෝ සාරිය අඳිනවා නම් නියමිත හැඩතල හා සුන්දර මුද්‍රණයන් මතු වෙන විදියට ඒ සාරිය සකසා ගන්නට පුළුවන්

ඒ වගේම අමු රෙදි හෝ හෝ රෝ සිල්ක් වගේ රෙදිවලින් මසා ගත් උඩුකය ඇඳුමකට ගැලපෙන බතික් රෙද්ද සිංහල අලුත් අවුරුද්දට කදිමට ගැළපෙනවා .

කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමි අයටත් බතික් රෙදි වලින් සකසා ගත් සරම් සහ කමිස ඉතාමත්ම ජනප්‍රිය ඇඳුමක් .

මූලික ම දේ වන්නේ සාම්ප්‍රදායික පෙනුම මතුවන විදියට මේ බතික් වලින් ඇඳුම් සකසා ගැනීම නැත්නම් ඒ රෙද්දේ වටිනාකමත් නැති වෙලා යනවා.

කපුරෙදි රෙදි අමු රෙදි වගේම සිල්ක් වැනි කෘතිම රෙදි වලටත් බතික් මුද්‍රණ රටා යොදාගන්නවා. විශේෂයෙන්ම මංගල උත්සව වල දී අඳින මංගල සාරිය හා ඇඳුම් අද කාලේ සුන්දර බතික් රටාවලින් හැඩ වෙලා තියනවා .

ඉතින් නියම ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට අපේ දේශීය ඌරුවට සැකසුණු බතික් මුද්‍රණ යන් ගෙන් සමන්විත ඇඳුම්වලින් අපිත් මෙවර අලුත් අලුත් අවුරුද්දේ සැරසෙමු ...

ඉරංගා එදිරිසූරිය .

ලියාරා ගැන මුල් වරට මාධ්‍ය හරහා 2019 වසරේදී
12/08/2021

ලියාරා ගැන මුල් වරට මාධ්‍ය හරහා 2019 වසරේදී

විදේශීය නිෂ්පාදන වෙනුවට  අද බොහෝ දෙනෙක් දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට, දේශීය නිෂ්පාදනයන් නඟා සිටුවීමට මුල් තැන දෙන්න සූදාන...
17/05/2021

විදේශීය නිෂ්පාදන වෙනුවට අද බොහෝ දෙනෙක් දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට, දේශීය නිෂ්පාදනයන් නඟා සිටුවීමට මුල් තැන දෙන්න සූදානම්.
මේ ඉන්නේ දේශීය නිෂ්පාදන රැල්ලේ කාලෙකට කලින් පෙරලියක් ඇති කරන්න උත්සහ කරපු තැනැත්තියක්.
ඇයට තියෙනවා හරි අපූරු කතාවක්. ඔව්. ඔබ ඇසිය යුතුම කතාවක්.

Kanchana Wewalpanawa

Kanchana Wewelpanawa with Hamboo,Hand Woven Miracles

කසාද බඳින්න හරිම කෙනා තෝරාගමුද? කතාවක් තියෙනවා නේ කසාදය කියන්නේ ඇඹුල් අඹයක් වගේ කියලා. බලන් ඉන්න කෙනාගේ කටට කෙළ උනනවා, ක...
01/04/2021

කසාද බඳින්න හරිම කෙනා තෝරාගමුද?

කතාවක් තියෙනවා නේ කසාදය කියන්නේ ඇඹුල් අඹයක් වගේ කියලා. බලන් ඉන්න කෙනාගේ කටට කෙළ උනනවා, කන කෙනාට ඇඹුල්. මම විශ්වාස කරන විදියට කෙනෙක් තමන්ගේ ජීවිතයේ ගත යුතු වැදගත්ම තීරණ වලින් එකක් තමයි තමන්ගේ කසාදය කියන්නේ.

කොහොමද කසාද බඳින්න හරිම කෙනා තෝරාගන්නේ?

මම මේ කියන්නෙ මගේ අදහස් සහ අත්දැකීම්. ලිපිය කියවන ඔයාලත් ඔයාලගෙ අත්දැකීම් බෙදාගමු.

අපේ ප්‍රථම ප්‍රේමයම විවාහයකින් කෙළවර වෙනවා නම් අපි ඉතාම වාසනාවන්තයි. නමුත් කාලයත් එක්ක අත්දැකීම් සමඟ මුහුකුරායෑමත් එක්කම සමහරවිට ප්‍රථම ප්‍රේමය කියන්නේ අපේ අනාගතය නොවන බව අපට තේරුම් යනවා. ඒ වෙලාවට අපිට එතනින් ඉවත් වෙලා යන්න වෙන අවස්ථා ඕනෑ තරම්.

අපේ හිතේ මැවුණු රූප තියෙනවා. පොඩි කාලේ ඉඳන් අපි එක් එක් චරිත වලට ප්‍රිය කරනවා. එක් එක් චරිත හිතේ මවාගන්නවා. සමහරවෙලාවට අපි අනාගතයේ ජීවිතය බෙදාගන්නා තැනැත්තා හෝ තැනැත්තිය සෙවීමට පාදක වෙන්නෙත් මේ එක් එක් කාල වල අපේ හිත් වල ඇඳුනු චරිත.
ගැහැණු ළමයෙක් දකින ආදරණීයම චරිතය වන්නේ තමන්ගේ පියා, එහෙමත් නැත්නම් තමන්ගේ සහෝදරයා.බොහෝ විට අනාගත සහකරුවා තුළින් ඔවුන් නොදැනුවත්වම තමන්ගේ පියාගේ චරිතය, සොහොයුරාගෙ චරිතය බලාපොරොත්තු වනවා.
පිරිමි ළමයෙක් දකින චරිතය වන්නේ තමන්ගේ මව. ඒකයි අර කතාවට කියන්නේ මම හොයන්නේ අම්මා වගේ ගෑණු ළමයෙක් කියලා.

අපේ ජීවිතයේ අපි නොයෙක් අවස්ථා වල නොයෙක් ආකාරයේ සබඳතා වල සිර වෙනවා. සමහර විට ඒවා කෙටි කාලීන ආකර්ෂණයන් නිසා. ආදරය සහ ආකර්ෂණය පැටලෙන අවස්ථා ඕනෑ තරම්. යොවුන් වියට අපි පා තබද්දී ලස්සන ලස්සන හැඟුමන් සිතට දැනෙද්දි අපේ හිත් වල මැවුණ විදිහේ රූපයකට අපි ආකර්ෂණය වෙනවා. ඉන්පස්සේ සිහින මවන්න පටන් ගන්නවා. නමුත් මේ ආකර්ෂණයන් ඉතාම කෙටි කාලීනයි. ආකර්ෂණයන්ට හේතු වූ භෞතික සාධක අඩු වීම හෝ නැති වීම මත ඒ සබඳතාවය නැති වන්නට පුළුවන්.

Love at first sight කියලා දෙයක් අහලා තියෙනවා නේ! ආදරයක් දුටු ගමන් ඇති වෙන්න පුළුවන් ද?
මගේ පිළිතුර පුලුවන් කියන එකයි. නමුත් ඒ ආදරයට වඩා ආකර්ෂණයක්. ඒ ආකර්ෂණය ක්‍රමයෙන් ආදරයට පෙරලෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ හිතේ මැවී තිබුණු රූපය, කටහඬ එක්වරම ඔබ ඉදිරියට පැමිණියහොත් ඔබට ආදරයක්, ආකර්ෂණයක් ඇති වීමට පුලුවන්. නමුත් මේ ආකර්ෂණය සබඳතාවයක් දක්වා වර්ධනය වීමට තවත් බොහෝ හේතු සාධක අවශ්‍ය වනවා.

තමන්ට ගැලපෙනම කෙනා තෝරාගැනීමේදී ඔබේ හිත තුළ ඇඳිලා තිබුණ රූපයට මුල් තැන දීම ඉතාමත් වැදගත් වනවා. ඔබ බලාපොරොත්තු වුණේ උස සුදු කෙට්ටු පිරිමි ළමයෙක් නම් එවැනි අයෙක් වෙත ඔබ ඉක්මණින් ආකර්ෂණය වනවා. ඒ වගේම ඔබට ඔහුව තේරුම් ගැනීමේ හැකියාව සහ ඔහුට ඔබව තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතු‍යි.

හැම දෙනාගේම බලාපොරොත්තු, ආසාවන් එකම නොවෙන නිසා සමහර විට ඔබ සිතන් ඉන්නා ආකාරයට ඔබගේ සහකරුවා හෝ සහකාරිය සිතන්නෙ පතන්නෙ නොමැති වෙන්න පුළුවන්.

මම පෞද්ගලිකව කැමතියි ග්ෘහණියක් වීමට වඩා අධ්‍යාපනය, රැකියාව ආදී අංශ වලින් ඉදිරියට යන ගමන් පවුල් ජීවිතය ගත කරන්නට. නමුත් තවත් කාන්තාවක් කැමති වන්නේ විවාහයෙ පසුව ස්වාමියාට කෑම බීම සපයා ගේ දොර වැඩකටයුතු කරන් දරුවන් බලාගෙන ජීවිතය ගත කිරීමටයි. සමහරු ක්‍රියාදාම සහිත ජීවිතයක් ප්‍රිය කරන අතර සමහරු ප්‍රිය කරන්නේ නිහඬ නිසංසල ජීවිතයකටයි. ඉතින් ඔබ ඔබගේ සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමේදී ඔබගේ ප්‍රියතාවයන් ඔහුගේ ප්‍රියතාවයන් හා ගැලපෙනවාද යන්න ගැන සිතා බැලීම ඉතා වැදගත්.

උදාහරණයක් ලෙස ඔබ කැමති විනෝදකාමී දිවියක් නම්, බොහෝ දිනවල සාද, නැටුම් උත්සව ආදියට සහභාගී වන කෙනෙක් නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතා නිහඬ දිවි පෙවෙතක් ගත කරන සමාජශීලී නොවන අයෙක් නම් ඒ විවාහය රඳවා ගැනීමට යම් කිසි උත්සාහයක් දෙපාර්ශවය විසින්ම දැරිය යුතු වනවා. දෙදෙනාට එක්ව විනෝද වීමේ අවස්ථාව හෝ එක්ව යම් කිසි කාරණාවටක සහභාගී වීමේ අවස්ථාව මෙහිදී ලබා ගැනීම අපහසුයි.

ඒ වගේම සම අධ්‍යාපන මට්ටම් හෝ යම්කිසි අධ්‍යාපන මට්ටමක්, ඔබගේ තරාතිරමට ගැලපෙන සමාජ තත්වයක් සහකරුට හෝ සහකාරියට තිබීමත් වැදගත්. එය අනාගතයේ ගැටීම් අවම වීමට හේතුවක් වනවා.

බොහෝ දෙනෙක් විවාහය මඟින් බලාපොරොත්තු වන්නේ නිදහසයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක දරුවන්, බොහෝ විට ගැහැණු දරුවන් හැදෙන්නේ ඉතාම දැඩි නීති රීති යටතේ. යුරෝපීය රටවල දරුවන්ට ඇති නිදහස අපේ රටවල නැහැ. බොහෝ විට ගමන් බිමන්, ඇඳුම් පැළඳුම් ආදී බොහෝ දේවලට දෙමාපියන්ගෙන් තහංචි වැටෙන අවස්ථා තිබෙනවා. ඒ සියල්ලම ඉවසමින් වැඩිමහලු වියට පත් වන දරුවන් විවාහයෙන් පසුව බලාපොරොත්තු වන්නේ තම බිරිඳගෙන් හෝ සැමියාගෙන් ලැබෙන නිදහසයි. එනිසා විවාහය යනු තවත් එක් සිර ගෙයක් නොකර දෙපාර්ශවයන්ගේම කැමැත්තට ඉඩ දෙමින් එකිනෙකාට ගරු කරමින් එකිනෙකා ගැන සොයා බලමින් ගත කළ හැකි නම් ජීවිතය ඉතාම සුන්දර වනවා.

බොහෝ සබඳතා ආරම්භයේදීම පෙම්වතා විසින් පෙම්වතියට යම් යම් තහංචි පනවනවා. කොටට අඳින්න එපා, ඇඟ පේන්න අඳින්න එපා, පිරිමි ළමුන් සමඟ කතා කරන්නට එපා යැයි පවසමින් ඒ සියල්ල කියන්නේ තමන් පෙම්වතියට ඇති ආදරය නිසා බව පවසමින් ඉතාම ආත්මාර්ථකාමී ලෙස පෙම්වතියගේ නිදහස සීමා කරනවා. අවාසනාවකට වගේ පෙම්වතිය ඒ සියල්ල ඉවසන්නේ ඔහු තමන්ට ආදරය බවත් ඔහු ලෝකයේ සිටිනා හොඳම පෙම්වතා බවත් විවාහයෙන් පසු මේ සියල්ල හරියාවි යැයි තමන්ගේ සිත සමඟම තර්ක කරමින්.
මතක තබාගන්න. විවාහයෙන් පසු බොහෝ දෙනෙක් ඔබ හිතනා පතනා අයුරින් වෙනස් වන්නේ නෑ. ඒ වගේම දැඩි නීති ඔබ කාලයක් දරාගෙන සිටියත් එහි සීමාව ඉක්මවන දවසට ඔබට සබඳතාවය එපා වනවා.
එනිසා නිරන්තරයෙන්ම ඔබට ඔබ ලෙසම ආදරය කරන්න කෙනෙක්ව, ඔබට වෙනස් වීමට බල නොකරන කෙනෙක්ව සහකරුවා වශයෙන් තෝරාගන්න.
ඔබගේ දියුණුවට අත හිත දෙන, ඔබගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකරන අයෙක් ඔබගේ ජීවන සහකරු කරගන්න. බොහෝ විට ලෝකයේ කාන්තාව සිටින්නේ පුරුෂයාට වඩා අඩි කිහිපයක් පිටුපසින්. ඒ නිසා බොහෝ සැමියන් තමන්ගේ බිරිඳ යම් කිසි ක්ශේත්‍රයක ඉදිරියට යනවාට අකමැතියි. විශේෂයෙන් තමන්ට වඩා ඉහළ තනතුරක් බිරිඳ විසින් හොබවනවා නම්, තමන්ට වඩා ආර්ථිකමය වශයෙන් බිරිඳ ස්ථාවර නම් බොහෝ සැමියන් අකමැතියි. ඒ වගේම බිරින්දෑවරුන් බොහෝ විට සිය සැමියාගේ රාජකාරී සහ කාර්‍යබහුලත්වය තේරුම් නොගන්නා අවස්ථා සහ එවැනි අවස්ථා වල සැමියාට රාජකාරීමය වශයෙන් යම් කිසි පහසුවක් සැලසීමට පසුබට වන අවස්ථා තියෙනවා. ඉතින් එසේ නොවන සහකරුවෙක් හෝ සහකාරියක් තෝරාගැනීම තියෙන්නෙ ඔබේ අතේ.

මේ බොහෝ කරුණු ඔබට කෙනෙක්ව මාස කීපයක් ආශ්‍රය කිරීමෙන් දැනගැනීමට පුලුවන්.
අපි බොහෝ දෙනා කරන වැරැද්දක් තමයි විවාහයට කලින් තමන්ට නොගැලපෙන බව දැන දැනත් සමාජයට බියෙන්, අනෙක් අයගේ චෝදනා වලට බියෙන් හෝ තමන් මේ සබඳතාවය නැවැත්වුවහොත් එන අපවාද වලට බියෙන් කෙසේ හෝ අමාරුවෙන් සබඳතාවය විවාහය දක්වා රැගෙන යාම. මෙන්න මේ හේතුව නිසා අද වන විට බොහෝ විවාහයන් අසාර්ථක වෙලා තියෙනවා.

විවාහය කියන තීරණය ඉතාම හොඳින් කල්පනා කරලා නැවත පියවරක් පසුපසට තැබීමට ඉඩ සිද්ධ නොවන සේ කල්පනාකාරීව නුවණැතිව ගතහැකි නම් ඔබගේ ඉදිරි ජීවිතය සතුටින් සහ සාර්ථකව ගත කිරීමට එයම හේතු වන බව නො අනුමානයි.

හංසනි හිදැල්ලආරච්චි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා සෙබළියන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ලියාරා ලිය සවිය වැඩසටහන. ...
11/03/2021

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව සිවිල් ආරක්ෂක බලකායේ කාන්තා සෙබළියන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ලියාරා ලිය සවිය වැඩසටහන. මෙම වැඩසටහන සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය රේඛා සේනාධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී 2021 මාර්තු මස 8 වැනි දින පැවැත්විණි.

20/01/2021

ලියාරා ජනවාරි කලාපය, ඊ සඟරාවක් ලෙසින්.. කියවන්න පිවිසෙන්න www.liyara.org ..

Address

Kalutara North

Telephone

0094773774448

Website

Alerts

Be the first to know and let us send you an email when Hansani Hidellaarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansani Hidellaarachchi:

Share