06/09/2025
රිච්මන්ඩ් කාසල් කළුතර ....ඇත්තෙන්ම ලංකාවේ සෑම කෙනෙක්ම බලන්න ඕනි තැනක්.. වගේම වටිනාකමක් තියන තැනක්.
අපේ රටේ ආදරයේ අපුරු සිහිවටනයක් ....
මොකක්ද මේ රිච්මන්ඩ් කාසල් කියල කියන්නෙ...
පඩිකාර මුහන්දිරම් ආතර් ද සිල්වා විජේසින්හ සිරිවර්ධන ළදරුවා මෙලොව එලිය දකින්නේ 1888 වර් ෂයේ දී. ඒ පවුලිස් සිල්වා සහ ඉසබෙල ද සිල්වා යන දෙමාපියන්ට දාව. ඔවුනට තවත් පුතකු සිටි බවත් ඔහු හෙක්ටර් ද සිල්වා බවත් සදහන් . ඉතින් ආතර් ද සිල්වා සහ ඔහුගේ සොහොයුරා වන හෙක්ටර් ද සිල්වා උසස් අධ්‍යාපනය සදහා බ්‍රිතාන්‍යයට යවන්නට ඔවුන්ගේ පියා තීරණය කරනවා. වසර ගණනකට පස්සේ මේ තරුණයන් ලංකාවට එනවා. ඒ එන්නේ උගත්, බුද්ධිමත්, මිල මුදල් යහමින් ඇති තරුණයන් විදියට. අනතුරුව ආතර් තරුණයාට මහමුදලි තනතුරක් ද ලැබෙනවා.
ඉතින් කාලයත් එක්ක ආතර් තරුණයාගේ දෙමාපියන් තීරණය කරනවා ඔහුගේ කල වයසත් හරි නිසා විවාහයක් කරලා දෙන්න. ඒ බොහෝ වංශවත්, ධනවත්, රූමත් තරුණියන් කිහිප දෙනෙකුම ඔහු හට යෝජනා කරමින්. මේ අතරින් එක තරුණියක් කෙරෙහි මේ ආතර් තරුණයාගේ කැමැත්ත ඇති වෙනවා. ඉතින් ඔහු ඇය විවාහ කරගන්න ඕනි කියන සිතිවිල්ලේම ඉන්නවා. ඇය වංශවත් පව්ලකින් පැවත් එන සුරියබණ්ඩාර කියන කළුතර දිසාව භාර විනිශ්‍යකාරතුමාගේ දියණිය වන ක්ලැරිස් මෝඩ් මැටිල්ඩා සුරියබණ්ඩාරයි. නමුත් අනපෙක්ෂිත විදියට මෙතැනදී මොවුන්ගේ පවුල් පසුබිමේ සහ ධනවත් කමේ ගැටළුවක් මත සිරිවර්ධන මහතා මේ විවාහයට අකමැත්ත ප්‍රකාශය කරනවා. එසේ අකමැත්ත ප්‍රකාශ කලත් ආතර් තරුණයා ඒක ලෙහෙසියෙන් භාර ගන්නේ නෑ . ඔහු තීරණය කරනවා මම කෙසේ හෝ ඇයව විවාහ කරගන්නවා කියල . ඔහු නිසොල්මන්ව කල්පනා කරනවා තමන් කෙසේ සිරිවර් ධන පවුලේ සිත දිනා ගන්නේද යන වග. ඉතින් ටික දිනකින් ආතර් සිල්වා තරුණයාට සිදුවෙනවා තමන්ගේ හිතවත් මහාරාජා කෙනෙකු වන රාම්නාත් ගේ ආරාධනයකට ඉන්දියාවට යන්න. ඒ ඔවුන්ගේ වියාපාරික කටයුත්තකට. එහිදී මහරජාගේ මහා මන්දිරයේ ප්‍රතාපවත් බවත්, අලංකාර බවත්, ඝාම්භිරත්වයත් මේ තරුණයා මනාව නිරීක්ෂණය කරනවා. මෙතැනදී තමයි ඔහුගේ මනසට එන්නේ සිරිවර්ධන පව්ලේ ආකර්ෂණය දිනාගැනීමට නම් තමන් කල යුත්තේ කුමක්ද යන වග.... ඔහු දෙවරක් නොසිතා මහරජාට පවසන්නේ තමන් හට මෙවැනිම මහා මන්දිරයක් තම රටේ සෑදීමට අවැසි බවත්, මෙහි සැලසුම තමන්ට ලබාදෙන බවත් කියා ඉල්ලීමක් කරනවා. නමුත් මහරජා නම් ඒකට එකග වන්නේ නෑ, ඔහු එය භාරගන්නේ විහිළුවක් විදියට... ඔබට පුලුවන්ද මෙවැනි මන්දිරයක් තනන්නට ... කවදාවත් බැහැ .. මහරජා පිළිතුරු දෙනවා.. නමුත් මුදලිතුමා මෙවරත් ලෙහෙසියෙන්ම පරාජය බාරගන්නට කැමති වෙන්නේ නෑ ..ඔහු සියුම් සිනහවකින් පිළිතුරු දී නිහඩ වෙනවා. අනතුරුව ලංකාවට ආ සැනින් ඔහු කුඩලිගම ප්‍රදේශයෙන් දක්ෂ වඩු කාර් මිකයන් සහ දක්ෂ පෙදරේරුවන් සොයා ඔවුන් ඉන්දියාවට පිටත් කරනවා.. ඒ මහරජාගේ මහා මන්දිරයේ පිහිටීම, දල සැලැස්ම සහ අනෙකුත් සියලු දෑ සොයාගෙන පැමිනෙන ලෙසට..
ඉතින් මේ උත්සහවන්ත තරුණයා අපේ රටේ ආදරයේ සිහිවටනය නිර් මාණය කරන්න වර් ෂ 1910 දී පටන්ගන්නවා. ඒ අනුව ඔහු මෙම මහා මන්දිරය නිර්මාණය කරන්නට තෝරාගන්නේ කළුතර, කළු ගඟ ආසන්නයේ ඇති අක්කර 42 භූමියක්. මන්දිරය අක්කරයක භුමි ප්‍රමාණයක් වසා පැතිරෙනවා. මන්දිරය පිටතින් සියයට සියයක්ම මහරාජාගේ මන්දිරයට සමානව තමයි ඉදිවෙන්නේ.මන්දිරයේ කාමර ගණන 16 කි . බිම්මහල කාමර 5 ක්, කන්තෝරු කාමර 2 ක්, උඩුමහලේ කාමර 6 ක්, සහ සේයාරූ කාමර 02 කින් සමන්විතයි.. උළුවහු 99 කි. ජනෙල් 38 ක් අන්තර් ගත වෙනවා. මන්දිරය හදන්න ලන්කාවෙන් යොදාගත්තේ හුණු, වැලි, කළුගල් විතරයි. ඉස්තරම්ම තත්වයෙන් යුතුව ඉන්දියාවෙන් ගඩොල්, එංගලන්තයෙන් තරප්පු සහ තහඩු, බුරුමයෙන් තේක්ක නැව් 2 ක්, ඉතාලියෙන් උළු, ගඩොල්, කිරිගරුඩ යනාදිය ආනයනය කරල තියෙන්නේ මුහුදු මාර්ගය හරහා සහ කළු ගඟ හරහායි. මෙහිදී මහනුවර යුගයේ ලි කැටයම් සහ තනි තේක්ක ලියෙන් නිම කරන ලද කුළුණු දකින්න පුළුවන්. ප්‍රධාන පියගැටපෙළ නිමවන්නේ තනි තේක්ක දැවයෙන්.මන්දිරය මැද මිදුලකින් සමන්විත අතර එහි කටින් වතුර විහිදෙන සිංහ රුප 4ක් දැකගන්න පුළුවන්. ඒ වගේම එම නිරමානය කරන්න ඇත්තේ මන්දිරයේ සිසිල් බව රැකෙන්නත් කියල සදහන් වෙනවා. මෙම මන්දිරයේ සෑම තැනම පාදමට ඉහලින් වා සිදුරු ඔබට දැකගන්න පුළුවන්. ඒ කලු ගගෙන් සහ අවටින් හමා එන සිසිල් සුළග එම වා කවුළු හරහා මැටි බට උපයෝගී කරගෙන නිවාස පුරාම ඇති කාමර වලට ලැබෙන්නට සලස් වමින් .(Natural AC) යම් දිනක ඔබ එහි යනවනම් ඔබට දැකගන්න පුලුවන් වේවි විශාල රංග ශාලාවක්. එම රංග ශාලාවටත් කළු ගඟ ඉවුරේ සිට මැටි බට අතුරා සිසිල් සුළග ලැබෙන්නට සලස්වල තිබුන කියල සදහන් වෙනවා. නමුත් තවම එම බට නම් ඉවුරේ තිබිල සොයාගන්නට නොහැකිවෙලා තියනවා. ඒ වගේම නිවාස ඉදිපිරිට විශාල පොකුණක් ඉදිකරන්නත් ඔවුන් අමතක කරලා නෑ .
ඉතින් මේ අද්විතීය නිර්මාණය ගැන කනවැකුණු සිරිවර්ධන පවුල තම දියණියව මෙම උත්සහවන්ත, සංවේදී හදවතක් ඇති ආතර් මුදලිතුමාට විවාහ කරලා දෙන්න තීරණය කරනවා. විවාහ උත්සවය සංවිධානය වෙනවා. මෙය එකල අප රටේ තිබු අති උත්කර්ෂවත් විවාහ උළෙලයි. විශේෂත්වය නම් මුදලිතුමා මහා මන්දිරයට පිවිසීමත්, විවාහ උළෙලත් එකම දිනෙක යොදාගැනීමයි. දසතින් පිරිස පැමිණුනා. එංගලන්ත රජ පව්ලෙන් පවා පිරිස් පැමිණි බව වාර්තා කරනවා ..සියලු ප්‍රබූ පැලැන්තියේ පිරිස් සහභාගී වුනා... දැන් ඔයාලගේ ප්‍රශ්නය .. ඔව් ...ඉන්දියාවේ රාම්නාත් මහාරාජාත් පැමිණිය.. ඔහුගේ දෑස අදහා ගැනීමට නොහැකිඋනා..ඇත්තෙන්ම එය අප රටේ නිමානය වූ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණයක්..කළුතර නගරය පුරා මංගල තෝරන් 18 ක්... මංගල කේක් එකේ උස අඩි 20 ක් ...වූ බවත් සදහන් වෙනවා.
නමුත් පසුකාලීනව පෞද්ගලික ජීවිතයේ ඇතිවූ විවිද හැලහැප්පීම් සහ කලකිරීම් හේතුවෙන් මුදලිතුමා තම ආදරණීය බිරිඳ ඇගේ නිවසට ඇරලු බවත්, මුදලිතුමා මන්දිරය අතහැර මහනුවර ක්වීන්ස් හෝටලයේ 75 වන කාමරයේ මියෙන තුරු දිවි ගෙවූ බවත් සඳහන් වේ. මුදලිතුමා 1941 ජුලි මස 4 වන දා එම මන්දිරය සහ අනෙකුත් සියලු දැ රජයට පවරා දී තිබුණා. වර් ෂ 1947 ජූලි මස 08 වන දා හුදකලාවම මහමුදලිතුමා මහනුවර ක්වීන්ස් හෝටල් කාමරයේදී අවසන් හුස්ම හෙලු බව සඳහන් වෙනවා.
සටහන - සදුල්
සේයාරු - අන්තර්ජාලය හරහා ලබාගතිමි.