F o r e v e r Ties ジ

F o r e v e r Ties ジ B E | U N C O M M O N
______________________

Find You'r Own Way
(1)

28/12/2024
26/08/2024

හිතවතුනි !
ගැලපෙනම හිත් ඇල වුණා...
මොකක්දෝ කරුමෙකට
හැරෙන තැපෑලෙන් ගැලවුණා..❤️‍🩹🥀

ගොඩාක් මිනිසුන්ට ගොඩාක් දේවල් මතකයට එනවා ඇති හාමුදුරුවනේ ඔබේ නම අසන, දකින විට. ඒත් මගේ මතකයට එන්නේ මේ දසුන! සිය මලමූත්‍ර...
03/08/2024

ගොඩාක් මිනිසුන්ට ගොඩාක් දේවල් මතකයට එනවා ඇති හාමුදුරුවනේ ඔබේ නම අසන, දකින විට. ඒත් මගේ මතකයට එන්නේ මේ දසුන! සිය මලමූත්‍රා මත, සීතල පොලොවේ තනිව දම්වැල් සමඟ වැතිරිලා මව් තුරුලේ උණුසුම් කිරි සුවඳ ගැන දුක්බර සිහින දකින දරු සිඟිත්තිය ගංඟා...
ම්ලේච්ඡ අලි රොෂාන් නම් පාපතරයා විසින් වනයෙන් පැහැර ගත්, ඔබ වැනි පිරිසකගේ නොසිඳෙන ආශාවන් වෙනුවෙන් සදාකාලික වහලුන් ලෙස මිනිස් අඩස්සියේ සිරකරගෙන සිටින දරු පැටවුන්...

මුළු ලෝකයක් ඔබෙන් අයැද සිටියා ළදරු ගංඟාට නිදහස දෙන්න කියා. මාළිගාවක් වැනි පන්සලක් තුළ උපයාගත් ධනස්කන්ධය, ඔබේ පන්සල් බිමේ බොහෝම අහංකාර උජාරුවෙන් ප්‍රදර්ශනය කළ අලි, ඇතුන්, ඔබ වටා රැදී සිටි දුර්ජන, හිංසාකාරී රාජපක්ෂලා හෝ වෙන කිසිවක් රැගෙන නොවෙයි ඔබ වහන්සේ අද මේ ගමන තනිවම යන්නේ. ඉතින් අවසරයි හාමුදුරුවනේ!

රළු ගල් කුලකට බොල්මැටි පිඩකට...
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි...
කොයි ලොව යන්නේ මරණින් පස්සේ...
පින් පව් එනවා... අපි පසු පස්සේ ..

උපුටා ගැනීම
Ujala maduwanthi pathirage

ආදරය යනු නිරායාසාත්මක හැඟීමකිඑයට කිසිඳු බලකිරීමක් හෝවද කිරීමක් අවැසි නැතඔබේ ආදරය ප්‍රිය කෙනෙකුකෙතරම් කාර්‍යබහුල වුවද ඔබ ...
02/08/2024

ආදරය යනු නිරායාසාත්මක හැඟීමකි
එයට කිසිඳු බලකිරීමක් හෝ
වද කිරීමක් අවැසි නැත

ඔබේ ආදරය ප්‍රිය කෙනෙකු
කෙතරම් කාර්‍යබහුල වුවද
ඔබ වෙනුවෙන් යම් කාලයක් සොයාගන්නා අතර
ඔබේ ආදරයෙන් මිදෙන්නට මං සොයන අයෙකු
කාර්‍යය බහුලත්වය දඩමීමා කොටගෙන
ඔබෙන් දුරස්වී සිටීමට මග පාදා ගනී..

ආදරය බැගෑපත් වී ඉල්ලා සිටින විට
ඔබ අහිමි කරගන්නේ ගෞරවයයි..
ඔබව අනවශ්‍යයයැයි හඟවන කිසිවෙකු වෙනුවෙන්
කාලය වැය නොකරන්න..

ආදරය වෙහෙසකර දවසක සැනසීම මිස
දවසේ සැනසීම අහිමිකරවන වේදනාවක්
කර නොගන්න....!

©ප්‍රතිභා ප්‍රභා

පිරිමි කියන්නේ මහ නරක ජාතියක් කියලා ඔයාටත් හිතෙනවද....මෙය මාගේ පෞද්ගලික මතයක් බවත් එකග වීම හෝ නොවීම හෝ ටිපර් පාක් කිරීමට...
02/08/2024

පිරිමි කියන්නේ මහ නරක ජාතියක් කියලා ඔයාටත් හිතෙනවද....

මෙය මාගේ පෞද්ගලික මතයක් බවත් එකග වීම හෝ නොවීම හෝ ටිපර් පාක් කිරීමට ඔබට හැකි බවත් පිලිගනිමි....😇😇

කෙටියෙන් ලියමි ....

එම විග්‍රහය තුල මට හමු වී ඇති පිරිමි ගැන සන්සන්දනය කර තීරණයකට ආ බව කිව යුතුය .....❤️

🦯බස්වල දුම්රිය වල තමන්ට වාඩි ගැනීමට හැකියාව තිබියදී කාන්තාවන්ට වාඩි වීමට ඉඩ දී දෙපාවලට බර දී හිට ගෙන යන පිරිමි මම දුටුවෙමි....

🦯චූටි දෝනිව ,පුතාව අතේ එල්ලන් පාසලට රැගෙන යන පිරිමි මම දුටුවෙමි....

🦯තමන්ගේ බිරිද වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සයුරෙන් එහා කතරක තනි උන පිරිමි මම දුටුවෙමි....

🦯 අම්මාගේ බෙහෙත් පෙති වෙනුවෙන් මුලු වැටුපම ගෙවා දමා දෙමාපියන් දෑත් වලින් ඔසවාගෙන රෝහල් වල පෝලිම්වල සිටින පිරිමි මම දුටුවෙමි....

🦯දරුවෙක් ලෙඩ උන සැනින් හතර වටේම දුවමින් ඔහුව සුව කර ගැනීමට වෙර දරන පිරිමි මම දුටුවෙමි ...

🦯අහිමි උන ප්‍රේමය හමුවේ දත විකාගෙන දරාගන්නා පිරිමි සේම ජීවිතය අවසන් කරගන්නා පිරිමිද මම දුටුවෙමි ....

🦯බනිස් මල්ලක් ගෙදර ගෙනත් මට එපා උඹලා කාපන් පුතේ කියන පිරිමි මම දුටුවෙමි ....

🦯දුක වේදනාවකදී ලගින් හිද හිත හදන්නට වෙර දරන හදවතේ මිතුරන් උන පිරිමි මම දුටුවෙමි....

🦯මග තොටකදී කරදරයදී මොකක්ද මිස්,මොකක්ද නංගී,මොකක්ද අක්කේ ,මොකක්ද පුතේ අපෙන් වෙන්න ඕනේ කියා ඇසු පිරිමි මම දුටුවෙමි.....

🦯ජීවීතේ දරාගන්න බැරි වේදනාවලදී අහසට හූල්ලන දෑස් අගින් සිහින් කදුළු වෑහෙන පිරිමි මම දුටුවෙමි ....

🦯මට ඇදුම් තියෙනවා බබා ගන්න කියන පෙම්වතුන් මම දුටුවෙමි ....

🦯මම කේක් කන්නේ නෑ මගේ කෑල්ලත් කන්න කියන පිරිමි මම දුටුවෙමි ....

🦯පෙම්වතිය අධ්‍යාපන කටයුතු අවසන් වෙනතුරු නොසෙල්වී බලාසිටි පිරිමි මා දුටුවෙමි ....

🦯වැඩිපුර කීයක් හෝ අතට ආ සැනින් අපි කෑමකට යමුද අසන පිරිමි මම දුටුවෙමි ....

🦯දරු සෙනෙහස වෙනුවෙන් හාල් කිලෝවට හොරු බවට පත් උන පිරිමි මම දුටුවෙමි ....

🦯මේ රහස රැකපන් කියා, කියන රහස් ගගේ මුහුදේ සගවනවා සේ රකින පිරිමි මා දුටුවෙමි...

🦯මා දුටු මට හමූඋන පිරිමි අතර නරක යැයි කීමට මට හමුව ඇත්තේ සීයට දහයකට වඩා අඩු පිරිසක් වීම මගේ පෞද්ගලික වාසනාවක්දැයි මා නොදනිමි....❤️❤️කෙසේ උවද යහපත් බහුතරය නියෝජනයට වඩා toxic සුලුතරය භයානක බව මමද පිලිගනිමි...

මේ දවස් වල හරි හරියට ට්‍රෙන්ඩින් වෙනවා නේ මේ කලිසමේ යවාගන්න විඩියෝ ගොඩක්...!!😕 බහුතරයක් මේ දිහා බලනවා ගොඩක් විකාරයෙන් වග...
02/08/2024

මේ දවස් වල හරි හරියට ට්‍රෙන්ඩින් වෙනවා නේ මේ කලිසමේ යවාගන්න විඩියෝ ගොඩක්...!!😕 බහුතරයක් මේ දිහා බලනවා ගොඩක් විකාරයෙන් වගේ....(විකාරයක් තමයි😕). මේකෙදි මට හිතුනා කතා කරන්න මනෝවිද්‍යා පැතිකඩ වගේම සෝශල් මීඩියා සයිඩ් එක ගැනත්.... සරලවම කිව්වොත් මෙච්චරයි..... 😊👇🏻

ප්‍රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:👇🏻

ප්‍රදර්ශනකාමය එහෙමත් නැත්තම් Exhibitionism:, යනු පුද්ගලයෙක් පුරුශයෙක් වේවා එහෙමත් නැත්තම් ස්ත්‍රියක් තම ලිංගේන්ද්‍රිය නිරාවරණය කිරීම හරි නොදන්නා පුද්ගලයන් ඉස්සරහ ලිංගික ක්‍රියාවලීන් වල යෙදිලා ලිංගික සතුටක් ලබන තත්ත්වයක්. මුත්‍රා කිරීම වැනි මේ සමීප හෝ පෞද්ගලික ක්‍රියාකාරකම්වල නිරත වන වීඩියෝ පළ කිරීම ඩිජිටල් ප්‍රදර්ශනකාමයේ එක දෙයක් වෙන්න පුලුවන්.

Voyeurism(දර්ශනවාද අක්‍රමිකතාව):👇🏻

Voyeurism එහෙමත් නැත්තම් දර්ශනවාද අක්‍රමිකතාව කියන්නේ නිරුවතින් සිටින, ඇඳුම් ගලවන හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමයි. ඉතින් ඔය ඇග පුරා මුත්‍රා දාගන්න විඩියෝව අනිවාර්‍යයෙන් දර්ශනවාද අක්‍රමිකතාව තියන අයට ත්ෘප්තියක්, හැබැයි ඒක හොද දෙයක් නෙවෙයි.

Ur*****ia (Urolagnia): (මුතාමය කාමුකත්වය)😫👇🏻

Urolagnia ලෙසද හැඳින්වෙන Ur*****ia කියන්නේ ගොඩක්ම අප්‍රසන්න දෙයක්, පුද්ගලයන්ට මුත්‍රා හෝ මුත්‍රා කිරීමෙන් ලිංගික උත්තේජනයක් ඇති කරන පැරෆිලියා රෝගයකි.ඔව් මේක ලෙඩක්. ගොල්ඩන් ශවර් කියලා කියන්නේ මේකට, කවුරුමහරි කියනවා නම් මේක මාර ෆැන්ටසි එකක් කියලා නෑ ඒක වැරදි, මේක මානසික උමතුවක්, පිස්සු නටන්න ඕනි නෑ මානසික උමතු එන්න.
මේකෙම මළපහ කැටගරි එකට කියන්නේ co*******ia කියලා. සාමාන්‍ය මනුස්සයෙක්ට නම් නම ඇහුනත් ඇති ඔක්කාරයට එන්න.... ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා...😫

අවධානය ලබා ගන්න: මේකට බලපාන සරලම සාධකය තමා (Histionic Personality Disorder) කියලා කියන්නේ හැබැයි හැමෝටම මේක නෑ. හැබැයි අනවශ්‍ය විදිහට දගලන අය දැකලා ඇති නේ.👇🏻

ගොඩක් දෙනා අවධානය, අනුගාමිකයින් ඒ කියන්නේ ෆලෝවර්ස්ලා සහ කැමැත්ත ලබා ගන්න තමයි සමාජ මාධ්‍යවල දේවල් පල කරන්නේ.ඒත් බහුතරයක් කන්ටෙන්ට් වලට ඒවා ලැබෙන් නෑ.මිනිස්සුත් ආසයි නේ අසාමාන්‍ය දේවල් වලට. ඉතින් ඒ හේතුවත් මෙතන තියනවා.....ඇටෙන්ශන් සීකින් ඇන්ඩ් සෝශල් මීඩියා නෙගෙටිව් මාකටින්, ඒත් මොන නෙගෙටිව් මාකටින් එකක් උනත් අර දේ තමා අව්ල.

ආවේග පාලන ආබාධ:👇🏻

සමහර පුද්ගලයන්ට ඔවුන්ගේ ආවේග පාලනය කිරීමට අපහසුයි, ප්‍රතිවිපාක ගැන නොසිතා අවදානම් හෝ නුසුදුසු හැසිරීම් වල යෙදීමට ඔවුන් යොමු කරනවා.

Narcissistic පෞරුෂ ආබාධ:👇🏻

නාර්සිස්ටික් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් අන් අයගේ ප්‍රශංසාව සහ සහතිකය ලබා ගැනීම සඳහා අවධානය යොමු කිරීමේ හැසිරීම් වල නිරත වෙන්න පුළුවන්, හැබැයි ඉතින් මේවා කරලා ප්‍රශංසා ලැබෙන්නෙත් ඒවගේම මනෝ ආබාධ තියන අයගෙන් තමයි.

සරලවම කිව්වෙ ඔන්න, කියන්න තියෙන්නෙ මෙච්චරයි, මේ වගේ රැළිවලට යන්න එපා, හේතුව ඉස්සරහට දීර්ඝව කියලා දෙන්නම්, මේවා මනෝ ලිංගික ආබාධ එක්ක තියන පෞර්ශ ආබාධ.

මේවා ඔයාලට දැන් සමහරවිට තේරෙන එකක් නෑ... හැබැයි තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි...

රුසිරු ගලගොඩ
BA(hons) In Psychology (reading)
University of Sri Jayewardenepura

Congratulations Girls ❤❤❤
28/07/2024

Congratulations Girls ❤❤❤

සමහර මිනිස්සු දුර රටකට යන්න හිතුවේ සල්ලි හොයන්නම නෙවෙයි ඒ මිනිස්සුන්ට එපා උන ජීවිතේ හරිගස්ස ගන්න....
27/07/2024

සමහර මිනිස්සු දුර රටකට යන්න හිතුවේ සල්ලි හොයන්නම නෙවෙයි ඒ මිනිස්සුන්ට එපා උන ජීවිතේ හරිගස්ස ගන්න....

😌
20/07/2024

😌

ගොඩක් අය මේකට ha ha දාලා තිබුණා හැබැයි මට කියන්න තියෙන්නේ උඹලට මෙහෙම හරි කොළඹින් ඉන්න තැනක් ලැබෙන එකත් ලොකු පිනක්. ඒක නි...
20/07/2024

ගොඩක් අය මේකට ha ha දාලා තිබුණා හැබැයි මට කියන්න තියෙන්නේ උඹලට මෙහෙම හරි කොළඹින් ඉන්න තැනක් ලැබෙන එකත් ලොකු පිනක්. ඒක නිසා මේක ගනින් දවල්ට රස්නේ වෙලාවට පොඩ්ඩක් එළිමහනට වෙලා හිටහන් 👍

Address

Kalutara

Telephone

+94712911649

Website

Alerts

Be the first to know and let us send you an email when F o r e v e r Ties ジ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share