
18/09/2025
ගම්පහ ඉඳිගොල්ල සාන්ත ජූඩ් මුනි දෙව්මැදුර ක්‍රියාශීලී ජවසම්පන්න පූජක පුතුන් යටතේ එදා අතීතයේ නන් දෙසින් ආ කිතුනු බැතිමතුන්ගේ ආදරය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථානයක්.සෑම මසකම පෝය දින පැවැත්වෙන ''සුව මෙහෙය'' සුවිශේෂී වූ අතර ඒ සඳහා එදා විශාල බැතිමතුන් පිරිසක් සහභාගි විය.එය අද දක්වාම පැවැත්වෙන නමුත් නොයෙක් හේතූන් මත ඊට සහභාගීවන පිරිස අද වන විට අතලොස්සක් වී ඇත.කෙසේ වෙතත් ඉඳිගොල්ල සිද්ධස්ථානය යනු පැමිණෙන කාට වුණත් සැනසීම සුවය දෙන පරිසරයකින් වටවූ සුන්දර ස්ථානයකි.තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නා පිණිස ජූඩ් මුනිතුමන්ගේ මැදහත්කම පතා පැමිණෙන සියල්ලන්ගේ සරණය සැනසුම ලබාදුන් ආශිර්වාදයෙන් පිරුණු පුද බිමකි.තවමත් ඔබ මේ පුදබිමෙහි පහස ලබා නොමැති නම් , එය විඳගැන්මට ආරාධානා කරනවා හැකි දවසක.....
ඔබ සැමගේ බලාපොරොත්තු දෙවියන් තුළ ඉටුවන ශුද්ධවූ ජූඩ් මුනි මැදහත්කම පිරි ලස්සන දවසක් වේවා ! 💚✝️
18th of September 2025
©️Api Jesuge අපි ජේසුගේ
#ජේසුගේමහගෙදර ゚