Api Jesuge අපි ජේසුගේ House of Heaven ජේසුගේ මහ ගෙදර

  • Home
  • Sri Lanka
  • Kandana
  • Api Jesuge අපි ජේසුගේ House of Heaven ජේසුගේ මහ ගෙදර

Api Jesuge අපි ජේසුගේ House of Heaven  ජේසුගේ මහ ගෙදර API JESUGE OFFICIAL PAGE | ජේසුගේ මහ ගෙදර |
අතිශයින්ම ස්වර්ගයට හීන දකින්නන්ට පමණයි...

දරුවන්ගේ, විශේෂයෙන් නූපන් දරුවන්ගේ, ගර්භණී මව්වරුන්ගේ, බොරු චෝදනා ලැබූ පුද්ගලයින්ගේ සහ හොඳ පාපොච්චාරණයේ නාමසාන්තුවරයා වන...
16/10/2025

දරුවන්ගේ, විශේෂයෙන් නූපන් දරුවන්ගේ, ගර්භණී මව්වරුන්ගේ, බොරු චෝදනා ලැබූ පුද්ගලයින්ගේ සහ හොඳ පාපොච්චාරණයේ නාමසාන්තුවරයා වන, ශුද්ධ වූ ජෙරාඩ් මජෙල්ලා මුනිඳුන්ගේ මංගල්‍යය අදයි ! 💜

ජෙරාඩ් මජෙල්ලා උපත ලබන්නේ 1726 අප්‍රේල් 09 වන දින ඉතාලියේ බසිලිකාතා ප්‍රදේශයේ මුරෝ ලුකානෝ නම් නගරයේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ය. ඔහුගේ පියා ඇඳුම් මසන්නකු වූ දොමිනිකෝ මෙයියෙල්ලා නම් අතර ජෙරාඩ් දොළොස් හැවිරිදි වියේදී මිය ගියේය.

ඔහුගේ මව වන බෙනදෙත්තා ගලෙල්ලා ඔහුව තම සහෝදරයා වෙත යැව්වේ සිය පියාගේ අඩිපාරේ යමින් ඇදුම් මැසීම ඉගැන්වීමටය.කෙසේ වෙතත්, මැසීමේ කටයුතු පුහුණු කිරීම සඳහා යොමුකළ තැනැත්තා ජෙරාඩ් හට හිංසා කළද ඔහු නිශ්ශබ්දව සිටියේය. ඔහුගේ මාමා ඒ පිළිබඳව ඉක්මනින් දැනගත් අතර ඔහුට ඉගැන්වූ පුද්ගලයා රැකියාවෙන් ඉල්ලා අස්විය.

වසර හතරක් ආධුනිකයකු ලෙස පුහුණු වීමෙන් පසු ඔහු ලැසිදෝනියාවේ රදගුරුතුමන් හට සේවය කිරීම සඳහා අවස්ථාවක් ලබා ගත්තේය. රදගුරුතුමන්ගේ මරණයෙන් පසු, ජෙරාඩ් නැවත සිය රැකියාව වෙත පැමිණියේය. පළමුව ඔහු සංචාරකයෙකු ලෙසද පසුව ඔහුගේම ව්‍යාපාරයක් පටන් ගත් අතර ඔහු උපයන ලද ධනයෙන් ශුද්ධගිනිස්තානයේ ආත්මයන් වෙනුවෙන් තම මව සහ දුප්පතුන් අතර බෙදා දුන්නේය.

ඔහු කැපුචියානු නිකායට බැඳීමට උත්සාහ කළ නමුත් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය එය වළක්වන ලදී .1749 වසරේ දී ඔහු දිව්‍ය ගැලවුම් කරුවාණන්ගේ පැවිදි නිකායට සම්බන්ධ විය. මෙම නිකාය, වසර 1732 දී ශාන්ත අල්ෆොන්සස් ලිගෝරි මුනිඳුන් (1696-1787) විසින් නේපල්ස් අසල ස්කලා හි ආරම්භ කරන ලදී. මෙම නිකාය කැපවී ඇත්තේ “දුප්පතුන්ට දෙවියන් වහන්සේගේ වචනය දේශනා කිරීම” සඳහා ය.ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ගම්බද ප්‍රදේශ වල ජීවත් වූ ගොවීන් සහ අනෙකුත් බාහිර පුද්ගලයින් සමඟ ඉතා සමීපව කටයුතු කළේ ය.

තම නිකාය තුළ ඔහු කළ වැඩකටයුතු තුළ දී විශේෂයෙන් ඔහු උයන්පල්ලකු, සංක්‍රිස්තියන් කෙනෙකු, ඇඳුම් මසන්නකු,ආහාර පිසින්නකු, වඩු කාර්මිකයකු සහ ලිපිකරුවකු ලෙස ද සේවය කළේය. ජෙරාඩ් මජෙල්ලාගේ ජීවිත කාලය තුළ ප්‍රාතිහාර්යයන් කිහිපයක් සිදුවිය. උස් කඳු මුදුනකින් වැටී සිටි පිරිමි දරුවෙකුට ජීවිතය නැවත ලබා ලබාදීමට මැදහත් වීම, දුප්පත් පවුලකට ඊළඟ අස්වැන්න තෙක් හිඟයක් නොමැතිව තිරිඟු ලබාදීම, දුප්පතුන් හට පාන් බෙදා දීමේදී ඒවා වැඩිවීම යන ප්‍රාතිහාර්යයන් ය.

ඔහු තම අන්තිම කැමැත්ත සිය නිදන කුටියේ දොරටුවේ සටහන් කර තිබුණේ මේ අයුරිනි," මෙන්න දෙවියන් වහන්සේ කැමැත්ත උන්වහන්සේ කැමති අයුරින් සිදු වී ඇති අතර එය සැමදා එලෙසම සිදු වේ." 1755 වසරේ ඔක්තෝබර් 16 ව දින වයස 29 දී එතුමන් සග ලොව දිනා ගත්තේය.

භාග්‍යවරයට එසවීමේ 1893 ජනවාරි 29 වන දින අති උතුම් දස තුන්වන ලියෝ ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

ශුද්ධවන්ත භාවයට එසවීම 1904 දෙසැම්බර් 11 වන දින අති උතුම් පස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.

-RVA - Radio Veritas Asia-

16th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

හැමදාම ජීවිතයට හරි පාර ජේසු ❤මහ මුහුද දෙබෑ කරල හරි , යන්න අවශ්‍ය පාරෙ අපිව ගෙනියයි !16th October 2025 ©️Api Jesuge අපි ජ...
16/10/2025

හැමදාම ජීවිතයට හරි පාර ජේසු ❤
මහ මුහුද දෙබෑ කරල හරි , යන්න අවශ්‍ය පාරෙ අපිව ගෙනියයි !

16th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

දෙවියන්වහන්ගේ පුත්‍රයාට වුවත් මෙලොව දෙමව්පියන් වුණේ ජුසේ සහ මරියා....මරියා තමන්ගෙ ජීවිතයම ජේසු පුතා වෙනුවෙන් කැප කරල උන්...
15/10/2025

දෙවියන්වහන්ගේ පුත්‍රයාට වුවත් මෙලොව දෙමව්පියන් වුණේ ජුසේ සහ මරියා....මරියා තමන්ගෙ ජීවිතයම ජේසු පුතා වෙනුවෙන් කැප කරල උන්වහන්සේව මෙලොවට බිහි කරලා හදාවඩා ගනිද්දි, ජුසේ තාත්තා හිමිකමක් නොසොයාම ජේසු පුතාගෙ වගකීම තම කර මතට ගන්නවා....දරුවන් හදන්න ඕන කෙනෙක්ට පුළුවන් වුණාට ලෝකෙට බරක් නැති ලෝකය වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන දරුවෙක් හදන එක අභියෝගයක්..දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙනුවෙන් මරිය ජුසේ ඒ අභියෝගය බාරගත්තා නම්, අපේ පවුල් වල අපේ ලෙයින් උපදින දරුවන් වෙනුවෙන් අපගේ කැපවීම කොපමණ විය යුතුද? වර්ථමාන සමාජය තුළ දරුවා වර්ධනය වීමේදී අප කෙතරම් නිර්මාණශීලි නිමැවුම්කරුවන් විය යුතුද? තීරණය අප සතුයි.❤️💙💜

©️Api Jesuge අපි ජේසුගේ

ජේසුගේ තෙරේසාව , ස්පාඤ්ඤයේ සාන්තුවරිය, හිසරදය නිසා පීඩා විඳින්නන්ගේ මැදහත්කාරිනිය, ලේඛකයින්ගේ සාන්තුවරිය,කිතුනු විශ්වාසි...
15/10/2025

ජේසුගේ තෙරේසාව , ස්පාඤ්ඤයේ සාන්තුවරිය, හිසරදය නිසා පීඩා විඳින්නන්ගේ මැදහත්කාරිනිය, ලේඛකයින්ගේ සාන්තුවරිය,
කිතුනු විශ්වාසිකයන් වීම නිසා සමාජයේ සමච්චලයට ලක්වූ අයගේ සැනසිලිදායක සාන්තුවරිය අවිලාහී තෙරේසා මුනිවරියගේ මංගල්‍යය අද ! 🤎✝️

'' ජීවිතයම හිසරදයක් වගේ දැනෙද්දි, ජේසුගේ ආදරය සැනසීමක් කරගන්නට අපට වරම් දුන මැනව "

15th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

අවිලාහි තෙරේසා මුනිතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් මස 15වන දිනට යෙදේ ! 🤎✝තෙරේසා උපත ලබන්නේ 1515 මාර්තු 28 වන දින ස්පාඤ්ඤයේ අවී...
14/10/2025

අවිලාහි තෙරේසා මුනිතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් මස 15වන දිනට යෙදේ ! 🤎✝

තෙරේසා උපත ලබන්නේ 1515 මාර්තු 28 වන දින ස්පාඤ්ඤයේ අවීලා නගරයේ දී ය. ඇගේ පියා වූ ඇලොන්සෝ ප්‍රසිද්ධ ලොම් වෙළෙන්දෙකු වූ අතර අවීලා හි ධනවත්ම පුද්ගලයෙක් ද විය. ඔහු පෙර දරුවන් තිදෙනකු සිටි කැතෙලිනා නම් කාන්තාවක් සමග විවාහ සමග විවාහ වී සිටි අතර 1509 වසරේදී ඔහු තෙරේසා ගේ මව වන බියට්‍රිස් සමග විවාහ වූයේය. තෙරේසාගේ මව ඇයව ඉතා භක්තිමත් කැප වූ කිතුණුවකු ලෙස හදාවඩා ගත්තාය.
ශුද්ධවන්තයින් ගේ ජීවිත කතා කියැවීමෙන් අධ්‍යාත්මික පන්නරයක් ලබා ගත් ඇය, වයස අවුරුදු හතේදී තම සොහොයුරා වන රොද්‍රිගෝ සමග තම නිවසින් පැන ගොස් මුස්ලිම්වරුන්ට එරෙහි සටනේ දී දිවි පිදීමට උත්සාහ කළාය. නගර මායිමට පිටතින් ඔවුන් දුටු ඥාතිවරයෙක් ඔවුන්ගේ ගමන වළක්වා නැවත නිවසට කැඳවාගෙන ආවේය. තෙරේසා හට වයස අවුරුදු 11 ක් වන විට ඇගේ මව මිය ගිය අතර එය ඇයගේ ජීවිතයට මහත් සේ බලපෑවේය. මෙය දේවමාතාවන් කෙරෙහි ගැඹුරු භක්තියක් ඇතිකරලීමට සහ අධ්‍යාත්මික මව ලෙස එතුමියව වැලඳගැනීමට ඇයව පෙළඹූවේය.
තම අධ්‍යාපන කටයුතු සඳහා තෙරේසා අවීලා නගරයේ අගුස්තීනු පැවිදි සොහොයුරියන්ගේ පාසලකට ඇතුළත් විය.අධ්‍යාපන කටයුතු අවසන් කළ ඇය තුළ තුළ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ කැමැත්තක් ඇති වූ නමුත් තම ඥාතින් සමග නැවතී සිටි කාලය තුළ යම් පසුබෑමකට ඇය මුහුණ දුන්නාය. තම පියාගේ බලාපොරොත්තු සුන් වීමට ඉඩ නොදුන් ඇය කාර්මෙල් කන්‍යාරාමයකට ඇතුළු වීමට තීරණය කළාය. ඇය නිතරම භාවනාශීලී යැදුම පිළිබඳ කියවීමට යොමුවී සිටි අතර ඇය විසින් කරණ ලද මර්දන ක්‍රියාවන් හේතුකොටගෙන රෝගාතුරවී වසරකට ආසන්න කාලයක් ඔත්පළ ව සිටියා ය. ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ ආශ්චර්යමත් මැදහත් කම තුළ ඇය සුවය ලැබුවාය.
තෙරේසා තම පැවිදි ජීවිතය තුළ විශේෂයෙන් කාර්මෙල් අධ්‍යාත්මික ජීවිත පැවැත්ම බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට මුල් වූවාය. එලෙසම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සහ විශාල දුෂ්කරතා මධ්‍යයේ වුවද ඇය සිය ජීවිත කාලය පුරාම ස්පාඤ්ඤය පුරා කන්‍යාරාම දහසයක් ස්ථාපිත කිරීමට මුල් වූවාය. ඇය විසින් දිගට ලද අධ්‍යාත්මික කෘතීන් ඉතා සම්භව්‍ය ගණයේ ඒවා ලෙස අදටත් සැලකේ.
බර්ගෝස් සිට අල්බා දි තොර්මෙස් ඩක්කුව ලියන්න ගමනක දී ඇය රෝගාතුර වූ අතර 1582 ඔක්තෝබර් 15 වන දින " මාගේ ස්වාමීනි, මේ ඉදිරියට යාමට කාලය යි. එසේ නම් ඔබගේ කැමැත්ත ඉටු වේවා. මාගේ ස්වාමීනි මා බොහෝ කාලයක් බලා සිටි මොහොත පැමිණ තිබේ.එකිනෙකා හමු වීමට කාලය යි " අවසන් වදන් පැවසූ ඇය සගලොව දිනා ගන්නා ලදී.
භාග්‍යවරයට සෙවීම 1614 අප්‍රේල් 24 වන දින අති උතුම් පස් වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
ශුද්ධවන්ත භාවයට එසවීම 1622 මාර්තු 12 වන දින අති උතුම් පහලොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින්.
හිසරදයෙන් පීඩා විඳින්නන්ගේ සහ ලේඛකයන්ගේ නාමසාන්තුවරිය වන, අවිල්ලා හී ශුද්ධ වූ තෙරේසා මුනිවරියනි, අප නිසා යාච්ඤා කළ මැනව.
- උපුටාගැනීම RVA Sinhala -

©️Api Jesuge අපි ජේසුගේ

ජීවිතයෙ මොන දේ නැති වෙලා ගියත්, අපිව අත්හැරල නොයන යාලුවෙක් අපිට ඉන්න එක අපේ වාසනාව.එහෙම යාලුවෙක් වගේ දැනෙන සාන්තුවරයෙක් ...
14/10/2025

ජීවිතයෙ මොන දේ නැති වෙලා ගියත්, අපිව අත්හැරල නොයන යාලුවෙක් අපිට ඉන්න එක අපේ වාසනාව.
එහෙම යාලුවෙක් වගේ දැනෙන සාන්තුවරයෙක් අපිටත් ඉන්නවා හැමදාම.මේ ජීවිත ගමන ස්වර්ගීය ගමනක් කරන 🤎✝️

14th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

අභියෝග කියන්නෙ ආශිර්වාදයක් කියල හිතුවොත් , අපි කොච්චර ආශිර්වාදිත මිනිස්සුද ? 🩷©️Api Jesuge අපි ජේසුගේ
13/10/2025

අභියෝග කියන්නෙ ආශිර්වාදයක් කියල හිතුවොත් , අපි කොච්චර ආශිර්වාදිත මිනිස්සුද ? 🩷

©️Api Jesuge අපි ජේසුගේ

ලොව දවන යුද්ධ වලට සේම හිත දවන යුද්ධ වලටත්, සැනසීම සාමය පතා ශුද්ධවූ ජපමාලය යදින්නට එදා පාතිමාවේදී මෙන්ම අදත් ඇය නොවෙනස්ව ...
13/10/2025

ලොව දවන යුද්ධ වලට සේම හිත දවන යුද්ධ වලටත්, සැනසීම සාමය පතා ශුද්ධවූ ජපමාලය යදින්නට එදා පාතිමාවේදී මෙන්ම අදත් ඇය නොවෙනස්ව අපෙන් ඉල්ලයි.ඒ ගැඹුරු පණිවිඩය තුළින් ජපමාල අප ස්වාමිදුවගේ මැදහත්කම නිරතුරු අත්දකින්නට අපට වරම් ලැබේවා ! 🩵✝️

13th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

පල්ලියක් පල්ලියක් ගානෙ දුවනවා..... ඒ දුකේදි..කරදරේකදි.........හැමදේම ලැබුණට පස්සෙ ජේසුව අමතකයි ! හැමෝටම නෙවෙයි... ගොඩක් ...
12/10/2025

පල්ලියක් පල්ලියක් ගානෙ දුවනවා..... ඒ දුකේදි..කරදරේකදි.........
හැමදේම ලැබුණට පස්සෙ ජේසුව අමතකයි ! හැමෝටම නෙවෙයි... ගොඩක් අයට....
හරියට ලාදුරු රෝගයෙන් සුවය ලබපු දස දෙනාගෙන් , නව දෙනාට වගේ........
වෙනසක් නැතුව හැමදාම ජේසු ගාවට දුවන්න..... ගන්න හුස්මක් ගානෙ මුලු හිතින්ම...
ජේසුට ස්තූතියි කියන්න.....❤🙏

©️Api Jesuge අපි ජේසුගේ

ඔක්තෝබර් 13වන දිනය ------------------------------------ෆාතිමා දර්ශන මාලාවේ  හය වන නොහොත් අවසන් දර්ශනය ඔක්තෝබර් 13 වන දින...
12/10/2025

ඔක්තෝබර් 13වන දිනය
------------------------------------
ෆාතිමා දර්ශන මාලාවේ හය වන නොහොත් අවසන් දර්ශනය ඔක්තෝබර් 13 වන දිනද විය . මරිය තුමිය අවසන් දර්ශනය නිම කර සමුගන්නවාත් සමගම සූර්යයා දෙස බලන්න කියමින් ලුසී ශබ්ද නගන්නට විය. වැසි ගතියෙන් අදුරු වී තිබූ අහස ක්ෂණිකයෙන් ආලෝක විය. රැස්වී සිටි ජනතාව දනින් වැටී යාච්ඤා කළහ.
මහත් කලබගැනියක් ඇතිවී මුළු මහත් ප්‍රදේශයම දෙවනත් කරවමින් ආනන්ද ජනක ප්‍රීති ගෝෂාවක් ඇති විය. දර්ශනලාබී දරු තිදෙනා ඒ මධ්‍යයේ ඇදහිය නොහැකි දර්ශනයක් ගුවනේ දුටුවෝය. සුර්යග්‍රහණයේදී මෙන් සුර්යය පහසුවෙන් දැක ගත හැකි විය. බලන්නන්ගේ ඇස් වලට කිසිම හානියක් නොවිය. විවිධ රශ්මි ධාරාවන් ඉන් නික්මී වර්ණවත් විය.
ජේසුගේ මව ලෙස තෝරා ගත මරිය රැජිණිය අප හට කියා සිටින්නේ ජේසු තුමන් ඉගැන්නු ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම සදහා යාච්ඤාව යොදා ගන්නා ලෙසය. ❤️

12th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

ශුද්ධවරයට එසවීමෙන් පසු සැමරෙන ශුද්ධවූ කාර්ලෝ ඇක්යුටිස් මුනිතුමන්ගේ පළමු මංගල්‍යය❤✝කාලෝ ඇකියුටිස් යනු 1991 මැද භාගයේදී ලන...
12/10/2025

ශුද්ධවරයට එසවීමෙන් පසු සැමරෙන ශුද්ධවූ කාර්ලෝ ඇක්යුටිස් මුනිතුමන්ගේ පළමු මංගල්‍යය❤✝

කාලෝ ඇකියුටිස් යනු 1991 මැද භාගයේදී ලන්ඩනයේදී ඇන්ඩ්‍රියා ඇකියුටිස් සහ ඇන්ටෝනියා සල්සානෝට දාව උපත ලැබී දරුවෙකි.
එතුමාගේ දෙමව්පියන් 1991 සැප්තැම්බර් මාසයේදී මිලාන්හි පදිංචි වූහ. එතුමා කුඩා කාලයේ සිටම දේව මෑනියන්ට කැප වූ අතර එතුමිය කෙරෙහි ඇති භක්තිය නිසා නිතර නිතරම ජපමාලය උච්චාරණය කලේය. ඇකියුටිස්තුමා සතියකට වරක් පාපොච්චාරණය කළේය. එතුමා අවට සිටි අය දැන සිටියේ එතුමා පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් ඇති බවය. එතුමා සිය පාසල් අධ්‍යාපනය මිලාන්හි XIII leone ජේසු නිකායික පියතුමන්ලාගේ යටතේ විය. එතුමාගේ ජීවිතයට මගපෙන්වන්නන් ලෙස එතුමා ආදර්ශයට ගත්තේ
-අසිසිහි ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමා
-සාන්ත ෆ්‍රැන්සිස්කෝ සහ සාන්ත ජසින්තා මාටෝ තුමිය
-ශාන්ත ඩොමිනික් සාවියෝ මුනිතුමා
- ශාන්ත ඇලෝසියස් ගොන්සාගා මුනිතුමා
-ශාන්ත බර්නදෙත් සොබිරස් මුනිතුමිය
දෙමව්පියන් දික්කසාද වන එතුමාගේ මිතුරන් ගැන ඇකියුටිස්තුමා කනස්සල්ලට පත්ව සිටි අතර, ඒ නිසා ඔවුන්ට උපකාර කිරීමට මිතුරන්ට තම නිවසට ආරාධනා කළේය.එතුමා ආබාධිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ අතර පාසලේදී ආබාධිත සම වයසේ මිතුරන් සමච්චලයට ලක් කළ විට ඔවුන් ආරක්ෂා කළේය.එතුමා සංචාරය කිරීමට ප්‍රිය කළ නමුත් අනෙක් ස්ථානවලට වඩා අසීසිය නැරඹීමට ප්‍රිය කළේය.
එතුමා ලියුකේමියාව වැළඳී 16 වන බෙනඩික්ට් පාප්තුමාට සහ විශ්ව සභාව වෙනුවෙන් සිය වේදනාව ඉදිරිපත් කළේය. එහිදී එතුමා කියා සිටියේ “ස්වාමින් වහන්සේ උදෙසා, පාප්තුමා සහ දේවස්ථාන වෙනුවෙන් මට විඳීමට සිදුවන සියලු දුක් වේදනා මම ඉදිරිපත් කරමි” යනුවෙනි. ලෝකයේ සුප්‍රසිද්ධ ප්‍රාතිහාර්යයන් සිදු වන ස්ථානවලට එතුමා වන්දනා චාරිකා සඳහා රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළ නමුත් එතුමාගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීම නැවතුනේ නැත. පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් තිබීම නිසා වාර්තා වූ සෑම ප්‍රාතිහාර්යයක්ම ප්‍රවේශමෙන් ලැයිස්තුගත කිරීම සඳහා කැප වූ වෙබ් අඩවියක් ඇකියුටිස්තුමන් විසින් ඇති කරන ලදී. 2005 (එතුමා එකොළොස් හැවිරිදි වියේ සිටම සෑම සිද්ධියක්ම ලැයිස්තුගත කර තිබුණි). වෙබ් අඩවියේ එතුමා මෙසේ පැවසීය: “අපට වැඩි වැඩියෙන් සත්ප්‍රසාදය ලැබෙන තරමට, අපි ජේසුස් වහන්සේ මෙන් වන්නෙමු, එවිට මේ පොළොවෙහි අපට ස්වර්ගයේ පුරෝකථනයක් ලැබෙනු ඇත”. සැමවිටම ජේසුස් වහන්සේට සමීප වීම මගේ ජීවන සැලැස්මයි. දෙවියන් වහන්සේව සතුටු නොකරන දේවල් කරමින් විනාඩියක්වත් නාස්ති නොකර මගේ ජීවිතය ගත කළ නිසා මගේ මරණය ගැන මම සතුටුයි" කියාය
එතුමාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා එතුමාගෙන් බොහෝ වේදනාවෙන් පෙළෙනවාදැයි විමසූ අතර එතුමා ප්‍රතිචාර දැක්වූයේ “මට වඩා බොහෝ දුක් විඳින අය සිටින” බවයි. එතුමා 2006 ඔක්තෝබර් 12 වන දින උදේ 6: 45 ට ලියුකේමියාවෙන් මිය ගිය අතර එතුමාගේ අභිමතය පරිදි එතුමාව අසිසියේ තැන්පත් කරන ලදී.
මෙතුමාගේ මරණයෙන් පසුව සාන්තුවරයට පත්කිරීමේ පළමු පියවර වන "දේව සේවක" තත්වය මෙතුමාට ක්‍රි.ව.2013 දී පිරිනමා ඇති අතර ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ක්‍රි.ව. 2018 ජූලි මස 05 වනදා මෙතුමාව වන්දනීය තත්වයට ඔසවා ඇත. අද වන තුරුම මෙතුමාගේ ශරීරය කිසිදු වෙනසකට භාජනය නොවී ඒආකාරයෙන්ම පවතී. 2020 ඔක්තෝම්බර් 10 වන දින මෙතුමාව සුදතුම් පියතුමාණන් විසින් භාග්‍යවරයට ඔසවන ලදී.
දෙවන ප්‍රාතිහාර්යයක්ද ඇකුටිස් තුමාගේ මැදිහත්වීම සමග සිදුවූ බවට 2024 වසරෙහි මැයි මාසයෙහිදී ස්ඵුට කිරීමත් සමග ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් 2024 ජූලි මාසයෙහිදී ඇකුටිස් තුමා ශුද්ධවරයට එසවීම සඳහා කටයුතු කරගෙන යෑමට අවසරය ලබාදුන් අතර, එය සිදුකිරීමට මුලින් සැලසුම් කර තිබුනේ 2025 අප්‍රේල් 27 දිනදී වූ නමුත්, 2025 අප්‍රේල් 21 දිනදී සිදුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම හේතුවෙන් වතිකානුව දන්වා සිටියේ එතුමාගේ ශුද්ධවරයට එසවීම කල් දමනු ඇති බවයි.පසුව එතුමාගේ ශුද්ධවරයට එසවීම 2025 සැප්තැම්බර් 07 දිනයේ දී සිදු කිරීමට කටයුතු කර ඇත.ඉන්පසුව එතුමාගේ ශුද්ධවරයට එසවීම පසුගිය 2025 සැප්තැම්බර් 07 දිනයේ දී 14වන ලියෝ පාප්තුමන් අතින් සිදුවිය.

ජාතික ගිහි ඉරුදින සමරන අද දින, පූජ ලෝගුවකට සීමා නොවූ අපේ කැඳවීමට සාක්ෂි දැරීම පිළිබඳව කාර්ලෝ මුනිතුමන් අපට මහඟු ආදර්ශයක් සපයයි.අපටද ශුද්ධවූ කාර්ලෝ මුනිතුමන්ට මෙන් සුරලෝ ගමනට සරළම පාරෙන් ගමන් කරන්නට වාසනාව ආශිර්වාදය ලැබේවා !

-Radio Veritas Asia-

12th October 2025
©️Api Jesuge අපි ජේසුගේ

අපිටම නොතේරෙන නොදැනෙන ලාදුරු වගේ, ආත්මයම කුණුවෙවී වට්ටන අව ගති කොච්චර ඇතිද අපේම හිත් වල........ඒ හැමදේම වෙනස් කරන්න පුළු...
11/10/2025

අපිටම නොතේරෙන නොදැනෙන ලාදුරු වගේ, ආත්මයම කුණුවෙවී වට්ටන අව ගති කොච්චර ඇතිද අපේම හිත් වල........
ඒ හැමදේම වෙනස් කරන්න පුළුවන් එකම උත්තරය ජේසුගෙ ආදරය.... ඒ ආදරයට අයිති වුණාම අපේ ආත්මය ශුද්ධවත් වෙන්නෙ ඉබේටම.....❤️

©️Api Jesuge අපි ජේසුගේ

Address

Kandana
11320

Website

Alerts

Be the first to know and let us send you an email when Api Jesuge අපි ජේසුගේ House of Heaven ජේසුගේ මහ ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category