The beauty of Sri Lanka

The beauty of Sri Lanka සුන්දරත්වයෙන් පිරි ලස්සන නවාතැන Beautiful accommodation full of beauty ❤️💚

සුද්දා විද්ද ගලේ ඔබ නොදත් කතාව 🙄 අනිවාර්යයෙන් කියවන්න. 👇👇 ==============================කන්ද උඩරට සෙංකඩගල පුරවරයට පිවිස...
20/05/2025

සුද්දා විද්ද ගලේ ඔබ නොදත් කතාව 🙄 අනිවාර්යයෙන් කියවන්න. 👇👇
==============================
කන්ද උඩරට සෙංකඩගල පුරවරයට පිවිසෙන කාගෙත් නෙත
ගැටෙන පළමු නගරය වන්නේ කඩුගන්නාව නගරයයි.⁣මේ අලංකාර නගරයට පිවිසීම උදෙසා අතීතයේ තිබුනේ ගිරිදුර්ඝ වනදුර්ඝ
සහිත ඉතා දුෂ්කර මාර්ගයකි.

ඒ අනුව එදා මේ මාර්ගය තැනීමට පෙර කෝට්ටේ,සීතාවක,රයිගම,හා
දැදිගම රාජධානි හරහා කන්ද උඩරටට පිවිසීම සඳහා භාවිත කළ
මාර්ගය වන්නේ ,කොළඹ කැළණිවැළි
මාර්ගය හරහා රැවන්වැල්ල,හා මාඔය මිටියාවත පසුකොට අම්ඹුලුගල හරහා ගම්පළට පැමිනීමෙනි.එය
ඉතා දිගු මාර්ගයකි.

වර්ෂ 1815 ගිවිසුමට අනුව ඉංග්‍රීසීන් උඩරට තම පාලන බලය
නතුකර ගත්තද සම්පූර්ණ පාලන බලය ලබාගන්නා ලද්දේ 1818 මහ අරගලය නිමාවත් සමඟ ය. එ්,,
මොණරවිල කැප්පෙටිපොළ මහනිළමේ ඇතුලුව උඩරට වීරෝධාර සිංහළ නායකයන්ගේ ඝාතනයෙන්
අනතුරැව ය.

මහනුවර අත්පත්කරගත් බ්‍රිතාන්‍ය ජාතික සෙංකඩගල ආණ්ඩුකාර තැන්පත් එඩ්වඩ් බාන්ස්
ආණ්ඩුකාරවරයාගේ පළමු උත්සහය
වූයේ කොළඹ සිට නුවරට මාර්ගයක්
තැනීමයි.එය ඔහුගේ ඒකායන අරමුණයි.මේ සඳහා ඔහු භාවිතකළේ
රාජකීය ඉංජිනේරැවා වන කැප්ටන්
විලියම් ප්‍රැන්සිස් ඩෝසන් ය.
ඒ දැනට වසර 195 කට පෙර ය.ඩෝසන් මහතාට මෙය ඉතාමත්
බැරෑරැම්විය.දුෂ්කරවිය.
වල්අලි,කොටි,වළසුන්ගෙන්
ගහන විෂගෝර සර්පාදීන්ගෙන් ගැවසුනු කැළැ,ඇළ,ඔය,ගංගා,ගිරි,දුර්ඝ
පසුකරමින් මේ මාර්ගයේ සැළසුම කෙටුම්පත් කිරීමට ඩෝසන් හට මහත් වෙහෙසක් ගන්නට සිදුවිය.
එහි ප්‍රථිඵලයක් ලෙස වරකාපොළ
සිට අඹන්පිටිය දක්වා මාර්ගය
ඇරඹීම සිදුවිය.ඒ තෝමස් ස්කිනර් මහතාගේ අධීක්ෂනය යටතේ සිදුවිය.එහි දුර 11km.යි.ඉන් අනතුරැව 1820 දී අඹන්පිටියේ සිට
කඩුගන්නාව දක්වා අති දුඅෂ්කර මග
තැනීමේ කාර්ය කැප්ටන් ඩෝසන් මහතාට හිමිවිය.මේ සඳහා ශ්‍රී ලංකේය ශ්‍රමිකයන් දහස්ගනනකගේ
ශ්‍රමයද සම්මිශ්‍රණය ද විය.එහි ප්‍රථිඵල
යක් ලෙස කඩුගන්නාව සිට යටිනුවර
හරහා සෙංකඩගල පුරවරයට A1 මාර්ගය තැනීමට ඩෝසන් මහතාට හැකිවිය.ඒ අතර සබරගමුවේ සිට
මධ්‍යමපළාත වෙන්වෙන හැරවුම්
ලක්ෂය පිහිටා ඇති මහ ගිරක් තරණයකොට යාන්තම් කඩුගන්නාව
නගරයට වැදීමට පෙර හමුවන අදටත් දැකීමට හැකිවන කළුගල
විදූ තැන උමඟ විලියම් ප්‍රැන්සිස්
ඩෝසන්මහතාගේ අද්විතීය රාජකීය
ඉංජිනේරැ නිර්මාණයකි.

වර්ථමාන මහනුවර නමින් ප්‍රචලිත පුරාණ සෙංකඩගල පුරවරය
පිහිටා ඇත්තේ මධ්‍යම කදුකරයේ සුන්දර කඳුවලල්ලකින් වටවී ඇති
රමණීය භූමිභාගයකය.මුහුදුමට්ටම
සිට අඩි 1,629 ක් උසින් පිහිටාඅැති
මෙම මනරම් පුරවරයට පිවිසීමට
ඇති ප්‍රධානතම ද්වාරයක් හෙවත් දොරටුව මෙන්ම නුවර වාසීන් හට
කොළොම්තොට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ඇති ස්ථානය සුද්දා
ගල විදපු තැන නමින් ප්‍රචලිත විය.
බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඉදිකරපු පළමු මහා මාර්ගය තමයි කොළඹ-නුවර පාර. එහෙම හදපු කොළඹ නුවර පාර 1832 දී බොරළු දමා නිම කළා. ආසියාවේ පළමු වරට අශ්ව කෝච්චි සේවය 1832 කොළඹ නුවර අතර ආරම්භ වුණේ මේ පාරේ. කොළඹ නුවර පාරේ අමාරුම කොටස හරහා පාර ගෙන ගිය ඩෝසන් කඩුගන්නාව දුර්ගයේ ගල් පර්වතය විද පාර නිර්මාණය කරනවා. ඒක ඒ කාලෙ සිංහලයන්ට විස්මකර්ම වැඩක් වුණා. මේ ගල වීදීමත් එක්ක උඩරට සිංහලයින්ගේ එක් විශ්වාසයක් බිඳවැටුනා කියලා සුදු ජාතිකයන් ලියූ පොත් වල සඳහන් වෙනවා. ඒ, දළදා හිමි ලබා ගන්නා තුරු හා ගල විද පාරක්‌ තනන තුරු උඩරට අල්ලා ගැනීමට බැරි බවට තිබුණු විශ්වාසය ලු. ඒ බව සඳහන් ජනකවියක් තමයි මේ.

“කන්ද උඩරට ගන්න සගයන්
ඇයිද මේ හැටි කැස කවන්නේ
බින්ද හොත් ගල කන්ද උඩහට
තොපිත් උඩරට රජ කරන්නේ”
ඉංග්‍රීසින්ට ගල කඩා ඉවත් කළ හැකිව තිබුණත් එය විදීමට ක්‍රියාකර ඇත්තේ සිංහලයන් තුළ වූ විශ්වාසය බිඳදැමීමට බව පේනවා. 1980 දශකය දක්වා මහනුවරට වාහන ගියේ ගලවිදපු තැන හරහායි. දැන් තිබෙන ලෙස මාර්ගය වෙනස් කර ඉදිකළේ මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහන ගමනාගමනයට පහසුවීමට බවයි පැවසෙන්නේ.

මෙරට පැරණි කියමනක් වනුයේ
,,සුද්දා ගල නොවිද්දානම් නුවර අය
කොළඹ ඇවිත් හමාරයි,,,යන කියමන අප සමාජයේ නොයෙක් පිරිස අතර ප්‍රචලිතව පවතී.නමුත්
සීතාවක රාජසිංහ 5000 සේනාවක්
සමග උඩර⁣ටට පැමිනියේ ගුවන්යානා
වලින් නොවේ.පයින්මය.තවද කන්ද
උඩරට සෑම ගමකම පාහේ ස්ව්‍යංපෝෂිත ආර්ථික ක්‍රමයක් පැවති හෙයින් දිවයිනේ වෙනත් පළාතකින් ඉදිකටුවක් වත් උඩරටට ගෙනඒමට එකල අවශ්‍යතාවයක් නොවී ය.නමුත් උඩරටට ගෙන ආ එකම දේ වූයේ සම්බන්තොට හා පුතතලම් රාජකීය ලුණු ලේවායන්
වලින් නෙලන ලද ලුණු පමණි අනෙක් සියලුම දෑ පාහේ උඩරටින්ම
සපයාගැනීමට එම ජනයා පුරැදුව සිටින නිසාවෙනි.එසේ හෙයින් පහළ
රටට පිවිසීමට උඩරැටියන් හට අවශ්‍යාවයක් ද නොවී ය.තවද එදා සිට
උඩරැටියා ස්වාධීන මෙන්ම සාමකාමී
ජීවන රටාවකට පුරැදුවී සිටියේ ය.
නමුත් උඩරැටියන්ගේ අසමගිකම
ඇතිවී කෙරෙහි ද බලපෑවේ මෙරට
බ්‍රිතාන්‍ය පාලනය හා මෙරට කලු
සුද්දන් නිසාවෙනි.එය උඩරට පාලන
තන්ත්‍රය හා සමගිය විනාශකිරීමට
හිතාමතා කරන ලද අදූරදර්ශී ක්‍රියාවකි.එසේ හෙයින් මා ඉහත සඳහන් කළ සුද්දා ගල වීදීමේ ප්‍රසිද්ධ
කතාව ගැන තවත් වරක් සිතා බැලිය යුතු ය.
සුද්දා ගල පසාරැකිරීමත් සමඟ ම
කන්ද උඩට සුන්දරත්වය තවත් වැඩිවිය.එහි සුන්දරත්වය හමුවේ බ්‍රිතාන්‍යන්ගේ කෘෘර සිත් පවා මදකට
පහන් වූ බවක් එම ස්ථානය නැරඹූ
අයෙකුට පසක් වේ.එසේ හෙයින්
නුවර කොළඹ මාර්ගය ඉදිකීරීමට
බාධකයක් ලෙස සිටි සුවිසල් ගල් කුලක් විනාශ නොකොට එයට හානියක් නොවන පරිදි එම ශෛලමය කුළ සිදුරැකර මහා බ්‍රිතාන්‍යන් මාර්ගය ඉදිකර අන්දම
ප්‍රසස්ථය.එහි පුරෝගාමි සම්මානය
හිමිකරැවා ද වන්නේ කැප්ටන් ඩෝසන් ප්‍රැන්සිස් නම් මහ ඉංජිනේරැව ය.එසේ හෙයින් කන්ද උඩරට අඩක් ව තිබූ සංවර්ධනය නව මංපෙතකට යොමුකරන ලද ඩෝසන් මහතාටද
උඩරැටියන්ගේ ප්‍රණාමය හිමිවිය
යුතුය ය.තවද මෙහි ඇති චමත්කාරය
අවට කඳු පංති පවා බලා සිටී.
හූනටකන්නබැරි හුන්නස්ගිරි කන්ද
බතලටකන්නබැරි බතලේගලකන්ද
අල්ලට ගන්නබැරි අලගල්ලේ කන්ද
මේහැමකන්දකටරජ සමනැලකන්ද,
යන සෑම කන්දක්ම මේ අපූරැ නිර්මාණය දෙස උදේ සවස බලාසිටීම තරම් සබැදියාවක් ඇත.
තෙරුවන් සරණයි.

⭕ පද පෙළ උපුටා ගැනීමකි. (රජ TV facebook )

#කඩුගන්නාව

දන්න අය නම කියාගෙන යමු ❤️🙂
30/01/2025

දන්න අය නම කියාගෙන යමු ❤️🙂

30/01/2025
Natural environment and so beautiful elephant ❤️
16/09/2024

Natural environment and so beautiful elephant ❤️

congratulations SL Cricket ❤️
08/08/2024

congratulations SL Cricket ❤️

28/06/2024

💚

යහපතක්ම වේවා.සුභ රාත්‍රියක් ❤️
24/06/2024

යහපතක්ම වේවා.
සුභ රාත්‍රියක් ❤️

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when The beauty of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share