Brain

Brain let your brain and just close your heart and think different

07/09/2025

From Pain to Power: The Legacy of Peter’s Photo

එක් රැයකින් එල්ල කරන ලද දරුණුම සහා විශාලතම ගුවන් ප්‍රහාර මාලාව එරටට එල්ල වූ බව යුක්රේනය සඳහන් කරනවා, රජයේ ප්‍රධාන පරිපාල...
07/09/2025

එක් රැයකින් එල්ල කරන ලද දරුණුම සහා විශාලතම ගුවන් ප්‍රහාර මාලාව එරටට එල්ල වූ බව යුක්රේනය සඳහන් කරනවා, රජයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඇතුලු සැලකිය යුතු හානියක් මෙයින් ඔවුනට සිදු වී ඇති බවයි මේ වන විට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ,

ප්‍රහාර හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගිනි නිවන අංශ පියවර ගනිමින් සිටින අතර ළදරුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ වන විට මිය ගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත් බව යුක්රේන නිලධාරීන් පැවසීය.

යුක්රේන ගුවන් හමුදා ටෙලිග්‍රෑම් හී සඳහන් කරේ රුසියාව එක රැයකින් යුක්රේනය වෙත ඩ්‍රෝන යානා 805 ක් සහ මිසයිල 13ක් දියත් කල බවත් යුක්රේන ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා 751 ක් සහ මිසයිල 4ක් බිම හෙළූ බවයි,

මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන ආරංචි මාර්ග සඳහන් කරයි,

යුද විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මේ තත්වය තවදුරටත් පැවතියහොත් යුක්රේනය ලෝක සිතියමෙන් මැකි යන බවය, එය එසේ නොවුනද යුක්රේනයට නැවත ගොඩ නැගීමට වසර කීයක් ගත වේවිද යන්න කිසිවෙකුටත් පැවසිය නොහැක,

පාලකයන්ගේ වැරදි තීරන ලෝක දේශපාලනික බර අරගලය අවසානයේ තැලෙන්නේ අහිංසක ජීවිත, කාටවත් වරදක් නැති දරුවන් බව අපි හැමෝම මතක තබා ගන්න ඕන 😊

ඔයත්! තාවකාලික විසඳුම් වලින් සෑහිමකට පත්වෙන කෙනෙක් ද (එවලෙට ගේමක් ගහන) නැත්තම් ප්ලාස්ටරයක් වෙනුවට ස්තීර විසඳුම් හොයන කෙන...
06/09/2025

ඔයත්! තාවකාලික විසඳුම් වලින් සෑහිමකට පත්වෙන කෙනෙක් ද (එවලෙට ගේමක් ගහන) නැත්තම් ප්ලාස්ටරයක් වෙනුවට ස්තීර විසඳුම් හොයන කෙනෙක් ද ,

එදිනෙදා මූන දෙන දේවලුත් හරියට මේ වගේ , ප්ලාස්ටර් එකක් ගහලා බ්රේක් එකක් ගන්නත් පුලුවන්, කාලයක් අරන් කොන්ක්‍රීට් එකක් දාන්නත් පුලුවන්,

හැබැයි නිතරම මුක්කුවක් වගේ එල්ලිලා ඉන්නවට වඩා දරාගෙන ඉන්නවට වඩා, ප්‍රායෝගිකව හිතලා, අවස්තානූකූලව ප්ලාස්ටරයක් හරි කොන්ක්‍රීට් එකක් හරි හැකි ඉක්මනින් දාලා, ඊගාව පියවරට යන්න,

අපි වෙනුවෙන් බලං ඉන්න කවුරුත් නෑ, 😊✌️

පරවෙන රෝස මලක් වෙනුවට පැලයක්වැලන්ටයින් දිනය ලෝකයේ මෙන්ම ලංකාවේද පෙම්වතුන් සමරන්නේ මහත් උත්සවත්ශ්‍රීයෙනි , ලෝකයේ කෙසේ වෙත...
02/02/2021

පරවෙන රෝස මලක් වෙනුවට පැලයක්

වැලන්ටයින් දිනය ලෝකයේ මෙන්ම ලංකාවේද පෙම්වතුන් සමරන්නේ මහත් උත්සවත්ශ්‍රීයෙනි , ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ පෙම්වතුන් වැලන්ටයින් සමරන ආකාරය විටෙක මහත් හාස්‍යජනකය,

මොහොතක් සිතන්න මුලු ලෝකයම මහත් ව්‍යසනයකට ගොදුරුව සිටින කාලයක පරිසරයේ වටිනාකම මිනිසාට වර්ථමානය වන විට මහත් උවමනාවෙන් දැනෙනවාට නොඅනුමානය,

ඉතිං ඔබත් පෙම්වතියක්නම් පෙම්වතෙක්නම් සාම්ප්‍රදායික ක්‍රම වලින් මදක් ඈතට ගොස් පැයකින් දියවෙන චොකලට් කෑල්ලක් දෙනවා වෙනුවට , වරුවෙන් පරවෙන රතු රෝස මලක් දෙනවා වෙනුවට , පැය කිහිපයක් බිත්ති හතරකට හිර වෙලා තමන්ගේ ආදරේ මහමෙරක් යැයි කියනවට වඩා පැලයක් තෑගි කරන්න,

මොකද චොකලට් කෑල්ල කාලා කොලේ බිම දානවට වඩා, උපත් පාලන කවරේ ඩස්බින් එකට දානවට වඩා ආදරවන්තයින්ගේ දිනයෙදී දෙදෙනාම එක්ව පැලයක් රෝපණය කිරීම තුලින් මෙ පරිසර පද්ධතියටම සිදු වන්නේ මහත් සේවයකි අස්වැසිල්ලකි, දිනක එම ශාකය විශාල වී වන සිව්පාවුන්ට සිසිල දෙනු ඇත ඔබේ දරුවන්ට සෙවන දෙනු ඇත,
එවිට එහි ආඩම්බරය ඇත්තේ ද ඔබ දෙදෙනාටමය,

ජීවිතය විඳින්න එය ඔබේ නිදහසයි,එය ඔබේ අයිතියයි නමුත් මෙවන් වූ අති දුෂ්කර කාලපරිච්ඡේදයක සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගොස් ජීවිතය විඳීම ඔබට මෙන්ම ඔබ අප රැකෙන පරිසරයටත් මහඟු අත්වැලක් වෙනු ඇත.

තීරණය ඔබ සතුයි !

©Brain

මෙරට දෙවෙනි කොවිඩ් රැල්ල බිහිවුනේ යුක්‍රේන ගුවන් කාර්‍ය මණ්ඩලයකින් බව හෙළි වේ.මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍...
26/10/2020

මෙරට දෙවෙනි කොවිඩ් රැල්ල බිහිවුනේ යුක්‍රේන ගුවන් කාර්‍ය මණ්ඩලයකින් බව හෙළි වේ.
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

#උපුටා_ගැනීමකි

බුද්ධත්වය  හෝ ජීවිතය වෙනුවෙන් දුවන හිමිවරුජපානයේ කියෝතෝ නුවරට ආසන්නයේ පිහිටා ඇති හිදෙයි නම් කන්ද පාමුල එන් ර් යා කුජි නම...
09/08/2020

බුද්ධත්වය හෝ ජීවිතය වෙනුවෙන් දුවන හිමිවරු

ජපානයේ කියෝතෝ නුවරට ආසන්නයේ පිහිටා ඇති හිදෙයි නම් කන්ද පාමුල එන් ර් යා කුජි නම් පන්සලේ වාසය කරන භික්ෂූන් හදුන්වන්නේ මැරතන් භික්ෂූන් ලෙසයි.

මෙහි වැඩ සිටින්නේ මහායාන බෞද්ධ සම්ප්‍රදායේ එක් අංගයක් වන තෙංදෙයි නම් නිකාය පිළිපදින භික්ෂූන් වහන්සේලායි මෙය චීනෙන් ජපානයට ලැබුනු දහමක් ලෙසයි සදහන් වන්නේ.

මෙම භික්ෂූන් විශ්වාස කරන්නේ එක් ආත්මයක් තුල ශරීරයට අධික ලෙස දුක් දීම තුලින් බුද්ධත්වය කරා ළඟාවිය හැකි බවයි.

ආදී කාලයේ සිට " කයි හෝ ග්‍යෝ" නම් වේගයෙන් ඇවිදීමේ ක්‍රමයක් මගින් බුද්ධත්වය කරා ළඟා විය හැකි බව තරයේ අදහන මෙම භික්ෂූන් හිදෙයි කදු පන්තිය පුරාවට ඇති සිද්ධස්ථාන වන්දනා කිරීමට වසර පුරාම වේගයෙන් ඇවිදිම සිදු කරනවා.

සුදු පැහැති සිවුරක් ඇද ලී පතුරකින් සෑදු හිස්වැසුමක් පැලැද තෘණ විශේෂයකින් සෑදු පාවහන් යුගලක් පැලැද මෙම වන්දනා කටයුත්තේ නිරතවන මෙම භික්ෂූන්වහන්සේලාගේ විශේෂත්වය වන්නේ යම් හෙයකින් මෙම කටයුත්ත සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් දිවි නසා ගැනීමට පිහියක් හෝ කඹයක් රැගෙන යෑමයි.

වසර 7ක් පුරාවට දින 1000ක් මුළුල්ලේ සිදු වන මෙම ඇවිදීම ඔබ අප සිතන තරම් සුන්දර චාරිත්‍රයක්නම් නොවෙයි.

දින 100 සහ දින 1000 ලෙස බෙදී ඇති මෙම චාරිත්‍රය යම් හෙයකින් ආරම්භ කෙරුව⁣හොත් මගදී ඉවත් වීමට නොහැකි අතර ස්වාභාවික හේතුවක් හෝ ⁣සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් හෝ මෙය නවත්වන්නේනම් සියදිවි නසා ගැනිම ඔවුන්ගේ චාරිත්‍රයේ ප්‍රධානම නීතියක් සේ සැලකේ.

ඒවාගේම ආහාර හා නින්ද රහිතව දිවි රැක ගැනීමට ජලය පොදක් පමනක් පානය කරමින් දින 7ක් එක දිගට ෆුඩෝ ම්යෝ නම් දේවතාව වන්දනාමාන කිරීමද මෙම චාරිත්‍රයේ කොටසක් ලෙස සැලකේ.

පලමු දින 100 දිනකට කිලෝමිටර් 20-30ත් අතර ප්‍රමාණයකින් ආරම්භ වන අතිශය පූජනීය චාරිත්‍රයේ අවසානය වන විට භික්ෂූන් විසින් දිනකට කිලෝමිටර් 60-70ක් වැනි අතිශය වෙහෙසකර මෙන්ම කටුක ගමනාන්තයක් කරා ළඟා වන අතර මෙම චාරිත්‍රය ඉටු කිරීමට ගොස් බෝහෝ භික්ෂූන්වහන්සේලාට සිදු වූයේ අපවත් වීමටයි.

ඉතිහාසයේ පුරාවට මෙය සම්පූර්ණ කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා 46 දෙනෙකු පමණක් වන අතර ඔවුන්ව ජීවමාන බුද්ධත්වයෙන් සලකා වන්දනාමාන කරනු ලබනවා.

එමෙන්ම 2013 වසරේ දී අපවත් වූ යුසේ සකායි නම් හිමිනමගේ ජීවිත කතාව ඇසුරෙන් රචිත ග්‍රන්ථයේ සදහන් වන්නේ උන්වහන්සේ මෙම චාරිත්‍රය දෙවරක්ම සම්පූර්ණ කර ඇති බවයි .

©

Visit our official website - https://brainsl.blogspot.com/

ලොවක් ආදරය දිනාගත් සුදු (ඇලි) අලියා
07/08/2020

ලොවක් ආදරය දිනාගත් සුදු (ඇලි) අලියා

ජිට්කුන්ඩෝ නම් සටන් කලාව මෙලොවට දායාද කරනු ලැබූ ,එක්තරා විදිහකට දක්ශ නර්තන ශිල්පියෙක් , දක්ශ සටන් උපදේශක වරයෙක් , මනෝ වි...
20/07/2020

ජිට්කුන්ඩෝ නම් සටන් කලාව මෙලොවට දායාද කරනු ලැබූ ,එක්තරා විදිහකට දක්ශ නර්තන ශිල්පියෙක් , දක්ශ සටන් උපදේශක වරයෙක් , මනෝ විද්‍යා උපදේශකවරයෙක් හා ලොවක් වසඟ කරගත් සටන් නලුවෙක් වූ බෘෘස් ලී නම් නොමියෙන පුද්ගලයා ⁣ජීවන රග මඩලින් මුලු ලොවක් හඩවා සමුගත්තේ 1973 ජූලි මස අද වැනි දිනකය(20).

කොන්දේ වේදනාවට ගන්නා වේදනා නාශක සහ හිසේ කැක්කුමට ගන්නා වේදනා නාශක ඖෂධ එකවර පානය කිරීමෙන් ඇතිවූ යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් මේ වීරයා මිය ගිය බව මරණ පරීක්ෂණයේදී තරහවුරු කෙරුණු අතර ඇතැම් පුද්ගලයින් පවසන්නේ ඔහුගේ මරණය අභිරහස් බවත් චීන මාෆියා කල්ලි වල කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහුට වස ලබා දී ඝාතනය කල බවත්ය.

එය කෙසේ වෙතත් එතෙක් මෙතෙක් ඉතිහාසය තුල නොමියෙන පුද්ගලයින් 10 දෙනා අතර රැදී සිටින බෲස් ලී නම් අසහාය වීරයා මතකය පමණක් ඉතිරි කොට මෙලොව හැර ගොස් හමාරය.

ලී ජුන් ෆාන් හෙවත් මාස්ටර් බෲස්ලී.

®

නව කොරොනා වෛරසයට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාපත්වන සහ බයානක ⁣නිව්මෝනියාවට සමාන රෝග ලක්ශණ සහිත වෛරසයක් කසකස්තානයෙන් වාර්ත...
11/07/2020

නව කොරොනා වෛරසයට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාපත්වන සහ බයානක ⁣නිව්මෝනියාවට සමාන රෝග ලක්ශණ සහිත වෛරසයක් කසකස්තානයෙන් වාර්තා වෙනවා.

එරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගත වූ මාස කිහිපය තුල මෙම රෝගී තත්වය හේතුවෙන් මරණ 1772 වාර්තා වූ බවයි.

මෙහි භයානකම තත්වය වනුයේ එම මරණ වලින් 628 ක්ම පහුගිය ජූනි මස වාර්තා වීමයි.

ඒ වගේම මෙම මරණ අතර විදෙස් ජාතිකයින් ද සිටින අතර රැකියා සදහා පැමිණි මෙම විදේශිකයන්ට ⁣යම් හෙයකින් ⁣මෙම රෝගය ආසාධනය වී තිබුණහොත් මෙම රෝගය ලොව පුරා පැතිරීමේ අවධානමක් ද ඇති බවයි.

©

Tiktok / we chat ඇතුළු චීනයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධතා ඇති පරිගණක හා ජංගම ඇප්ලිකේශන් හා මෘදුකාංග 59 ක් ඉන්දියාව තු...
30/06/2020

Tiktok / we chat ඇතුළු චීනයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධතා ඇති පරිගණක හා ජංගම ඇප්ලිකේශන් හා මෘදුකාංග 59 ක් ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තීරනය කොට තිබෙනවා.

දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටලූකාරී තත්වය හා චීනය විසින් දිගින් දිගටම ඉන්දියාව වෙත එල්ල කරනු ලබන අභ්‍යන්තර බලපෑම හේතුවෙන් මෙය සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම මෘදුකාංග සහ ඇප්ලිකේශන් භාවිතා කරමින් චීනය අනෙක් රටවල් වල ඔත්තු බැලීම වැනී නීති විරෝධී කටයුතු සිදු කරන බවටද ඉන්දියාව ප්‍රකාශ කර සිටියා.

ලෝකයේ චීනයට පසු වැඩිම ජනතාවක් සිටින ඉන්දියාවේ මෙම ඇප්ලිකේශන් හා මෘදුකාංග තහනම් කිරීම හේතුවෙන් චීනයට දැඩි ආර්ථික පසුබෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරා.

©

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ඉරානය විසින් නිකුත් කර තිබෙනවා.ඉරාන අධිකරණය ව...
29/06/2020

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ඉරානය විසින් නිකුත් කර තිබෙනවා.

ඉරාන අධිකරණය විසින් ඇමරිකානු ජනාධිපති ඇතුලු පුද්ගලයින් 36 දෙනෙකු වෙනුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇතී බව ඉරාන නීතීපතිවරයා විසින් ජාත්‍යන්තර මාධ්‍යට දැනුම්දෙනු ලැබුවා.

මෙයට ආසන්නම හේතුව ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනවාරී මස ඉරාන හමුදා නායකයා ඝාතනය කිරීමයි.ඒ අනුව එලඹෙන ජනාධිපතිවරණයෙන් පසු ට්‍රම්ප් ඇතුලු පිරිස ඉරානය වෙත බාර දෙන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉරානය විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ වගේම ඉරාන හමුදා නායකයාව ඝාතනය කිරීමට සහය දුන් පුද්ගලයින් කිහාප දෙනෙකුටම ඉරානය විසින් මරණ දඩුවම නියම කරනු ලෑබූ අතර ඇමරිකාව විසින් මෙම ක්‍රියාව දැඩි විහිලුවක් ලෙස සලකනු ලබනවා

©Brain®

සුනිල් ජයවර්ධන ! දෙනොදාහක් ඉදිරියේ මෙසේ තිරිසනුන් අතින් පහර කෑමට ලක්වූයේ තම ජීවිතය පවා කැප ⁣කෙරුවේ අහිංසක දුප්පත් මිනිසු...
11/06/2020

සුනිල් ජයවර්ධන ! දෙනොදාහක් ඉදිරියේ මෙසේ තිරිසනුන් අතින් පහර කෑමට ලක්වූයේ තම ජීවිතය පවා කැප ⁣කෙරුවේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙනි පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙනි 😭 නමුත් ඔහු වෙනුවෙන් නැගී සිටීමට තරම් කොන්ද පන තිබෙන්නා වූ ජාතියක් අපට නැත . ඒ අතින් බැලූ විට ෆ්ලොයිඩ් වාසනාවන්තය ඔහු වෙනුවෙන් මුලු ලොවක් සටන් කරති.. ඒත් අපේ සුනිල්ට ??????

Address

Peradeniya
Kandy
20400

Alerts

Be the first to know and let us send you an email when Brain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category