Brain

Brain let your brain and just close your heart and think different

07/09/2025

From Pain to Power: The Legacy of Peter’s Photo

එක් රැයකින් එල්ල කරන ලද දරුණුම සහා විශාලතම ගුවන් ප්‍රහාර මාලාව එරටට එල්ල වූ බව යුක්රේනය සඳහන් කරනවා, රජයේ ප්‍රධාන පරිපාල...
07/09/2025

එක් රැයකින් එල්ල කරන ලද දරුණුම සහා විශාලතම ගුවන් ප්‍රහාර මාලාව එරටට එල්ල වූ බව යුක්රේනය සඳහන් කරනවා, රජයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඇතුලු සැලකිය යුතු හානියක් මෙයින් ඔවුනට සිදු වී ඇති බවයි මේ වන විට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ,

ප්‍රහාර හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගිනි නිවන අංශ පියවර ගනිමින් සිටින අතර ළදරුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ වන විට මිය ගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත් බව යුක්රේන නිලධාරීන් පැවසීය.

යුක්රේන ගුවන් හමුදා ටෙලිග්‍රෑම් හී සඳහන් කරේ රුසියාව එක රැයකින් යුක්රේනය වෙත ඩ්‍රෝන යානා 805 ක් සහ මිසයිල 13ක් දියත් කල බවත් යුක්රේන ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා 751 ක් සහ මිසයිල 4ක් බිම හෙළූ බවයි,

මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන ආරංචි මාර්ග සඳහන් කරයි,

යුද විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මේ තත්වය තවදුරටත් පැවතියහොත් යුක්රේනය ලෝක සිතියමෙන් මැකි යන බවය, එය එසේ නොවුනද යුක්රේනයට නැවත ගොඩ නැගීමට වසර කීයක් ගත වේවිද යන්න කිසිවෙකුටත් පැවසිය නොහැක,

පාලකයන්ගේ වැරදි තීරන ලෝක දේශපාලනික බර අරගලය අවසානයේ තැලෙන්නේ අහිංසක ජීවිත, කාටවත් වරදක් නැති දරුවන් බව අපි හැමෝම මතක තබා ගන්න ඕන 😊

ඔයත්! තාවකාලික විසඳුම් වලින් සෑහිමකට පත්වෙන කෙනෙක් ද (එවලෙට ගේමක් ගහන) නැත්තම් ප්ලාස්ටරයක් වෙනුවට ස්තීර විසඳුම් හොයන කෙන...
06/09/2025

ඔයත්! තාවකාලික විසඳුම් වලින් සෑහිමකට පත්වෙන කෙනෙක් ද (එවලෙට ගේමක් ගහන) නැත්තම් ප්ලාස්ටරයක් වෙනුවට ස්තීර විසඳුම් හොයන කෙනෙක් ද ,

එදිනෙදා මූන දෙන දේවලුත් හරියට මේ වගේ , ප්ලාස්ටර් එකක් ගහලා බ්රේක් එකක් ගන්නත් පුලුවන්, කාලයක් අරන් කොන්ක්‍රීට් එකක් දාන්නත් පුලුවන්,

හැබැයි නිතරම මුක්කුවක් වගේ එල්ලිලා ඉන්නවට වඩා දරාගෙන ඉන්නවට වඩා, ප්‍රායෝගිකව හිතලා, අවස්තානූකූලව ප්ලාස්ටරයක් හරි කොන්ක්‍රීට් එකක් හරි හැකි ඉක්මනින් දාලා, ඊගාව පියවරට යන්න,

අපි වෙනුවෙන් බලං ඉන්න කවුරුත් නෑ, 😊✌️

Address

Peradeniya
Kandy
20400

Alerts

Be the first to know and let us send you an email when Brain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category