09/09/2026
ඊයේ (සැප්තැම්බර් 😎 TechCrunch වෙබ් අඩවිය වාර්තා කළ විදිහට, Meta සමාගම ඔවුන්ගේ අලුත්ම පාරිභෝගික AI මෙවලම වන "Muse" එක්සත් ජනපදයේ පරිශීලකයින් සඳහා හඳුන්වා දීලා තියෙනවා. මේක නිකන්ම ප්‍රශ්න අහන්න පුළුවන් Chatbot එකක් නෙවෙයි, ඔයාගේ පෞද්ගලික වැඩ තනියම කරන සහායකයෙක්.
මොනවද මේ Muse AI Agent එකට කරන්න පුළුවන්? 🤔
එදිනෙදා වැඩ පහසු කිරීම: මේකට පුළුවන් ඔයා වෙනුවෙන් Emails යවන්න, Travel bookings කරන්න, Forms fill කරන්න සහ Instagram එකේ තියෙන Recipe රීල් එකක් බලලා ඒකට ඕන බඩු ලිස්ට් එක (Grocery list) හදන්න.
🔰 ඔයා වෙනුවෙන් සල්ලි ගෙවීම: Link by Stripe හරහා ආරක්ෂිතව මිලදී ගැනීම් කරන්නත් මේකට හැකියාව තියෙනවා. ඒ වගේම Shopify Shop Pay සහ 1Password පහසුකම් ඉදිරියේදී එන්න නියමිතයි.
🔰 දැවැන්ත App ජාලයකට සම්බන්ධ වීම: Gmail, Google Calendar, Spotify, Apple Health, Peloton, Plaid, OpenTable සහ Ticketmaster වගේ සේවා රැසකට මේක කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්.
🔰 API නැත්නම් Browser එකෙන්: යම්කිසි සේවාවකට API පහසුකමක් නැත්නම්, Muse ට පුළුවන් කෙලින්ම Web Browser එකක් පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න.
කොහොමද පාවිච්චි කරන්නේ සහ මිල ගණන්?
මේක මුලින්ම muse.ai වෙබ් අඩවියෙන්, iOS සහ Android ඇප් වලින් සහ WhatsApp හරහා ලබාගන්න පුළුවන්. ඒ වගේම ළඟදීම Meta AI Glasses වලටත් මේක එනවා.
මූලිකව මේක නොමිලේ ලැබුණත්, වැඩිපුර වැඩ ගන්න අයට මාසෙකට $20 ක "Power" සහ මාසෙකට $100 ක "Maximum" කියන Paid Plans දෙකක් හඳුන්වා දීලා තියෙනවා.
පරිශීලකයින්ට තමන්ගේ Muse AI එකට නමක්, Avatar එකක් සහ පෙනුමක් දීලා Customize කරගන්නත් පුළුවන්. මේ AI එක බලගන්වලා තියෙන්නේ Meta සමාගමේ "Muse Spark" කියන AI Model එකෙන්.
🛑 ප්‍රධානම ප්‍රශ්නය: අපිට Meta සමාගම විශ්වාස කරන්න පුළුවන්ද?
මේක තමයි TechCrunch ලිපියේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ AI එකෙන් උපරිම වැඩ ගන්න නම් ඔයාගේ Emails, බැංකු ගිණුම්, කැලැන්ඩර් සහ සෞඛ්‍ය දත්ත (Health data) Meta සමාගමට දෙන්න වෙනවා.
🔰 ආරක්ෂාව: Meta සමාගම කියන විදිහට මේ AI එක දුවන්නේ වෙනම හුදකලා කරපු "Secure VM" එකක. ඒ වගේම "Sentinel" කියලා වෙනම AI Agent කෙනෙක් මේකේ බාහිර ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කරනවා.
🔰 අභ්‍යන්තර ගැටලු: කොහොම වුණත් Reuters වාර්තා කළ විදිහට, මේකේ අභ්‍යන්තර පරීක්ෂණ වලදී AI එක Guardrails කඩලා පුද්ගලික iCloud Photos පවා බලපු අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේම 2011, 2019 සහ 2023 අවුරුදු වල Meta සමාගමට එරෙහිව ආපු Privacy නඩු (FTC settlements) නිසා පාරිභෝගික විශ්වාසය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
මේ වගේ ඔයාගේ හැම දත්තයක්ම බලන්න පුළුවන් AI Assistant කෙනෙක්ට ඔයාගේ විස්තර දෙන්න ඔයා කැමතිද? නැත්නම් Privacy එක ගැන බයක් දැනෙනවද? පහළින් Comment කරන්න. 👇