13/04/2022
ගොඩක් අය "ආයෝජනය" කිව්ව ගමන් කියන්නේ "ඉඩමක්" නැත්නම් "Gold". ඔය ද්‍රවශීලතාවය හෙවත් liquidity එක ගැන ප්‍රමාණාත්මක මට්ටමේ දැනුමක් නැති නිසා කියන දෙයක්.
ඔබ ආයෝජන කල යුත්තේ කෙසේද?
1. ඔබ සතු සියලු මුදල් ආයෝජනය නොකළ යුතුයි.
2. ආයෝජනය කළ යුත්තේ ඔබට කළ හැකි මට්ටමට පමණයි. සාමාන්‍යයෙන් ඔබ සතු මුදලින් 1/4 පමණ. මේක වැඩි වෙන්න පුළුවන්.
3. සියලු ආයෝජන එක තැන නොතිබිය යුතුයි.
4. ආයෝජන risk එක අනුව බෙදී යා යුතුයි. Safety net, Low risk, medium risk, high risk තමයි වර්ගීකරණය. තවත් ක්‍රමයකට වර්ගකරනය කරන්න පුළුවන්, Capital loss එකක් වෙන්න පුළුවන් සහ Capital Safe විදියට.
5. ආයෝජනයේ risk එක වැඩි වෙන තරමට profit එක වැඩියි. ඒ වගේම risk එක වැඩිනම් capital loss එකක් වෙන්න තියෙන අවස්ථා වැඩියි.
6. ද්‍රවශීලතාවය ගැන දැනගෙන ආයෝජනය කළ යුතුයි. ඒ කියන්නේ ඉක්මනින් මුදල් කිරීමේ හැකියාව. නිකං රැල්ලට ඉඩම්, gold කිව්වට ඒව අද අරන් හෙට මුදල් කරන්න බැහැ. සමහරවිට මාස අවුරුදු ගණන් යනවා. ඒ වගේම මේවා physical assets නිසා maintain කරන්න ඕනේ. ඉඩමක් නම් මාස් පතා සුද්ද කරන්න ඕනේ; Gold නම් bank locker එකක දාන්න ඕනේ. මේවාට cost එකක් තියෙනවා.
7. ආයෝජන කාල සීමාව දැනගත යුතුයි. Short term, medium term, long term විදියට ආයෝජන බෙදෙනවා. උදාහරණයකට ඉඩම් කියන්නේ long term. කොටස් වෙළදපොල කියන්නේ short, medium හෝ long විය හැකියි.
8. Bubbles වලට හසු නොවීය යුතුයි. Bubble එකක් කියන්නේ කෘතිම මිල වැඩිවීමක් කියා හිතන්න. එහි උපරිමයට ආවම Bubble burst එකක් හෙවත් Bubble එකක් පිපිරීමට ලක් වෙනවා. ඒ කියන්නේ මිල කඩා වැටෙනවා බලා ඉද්දී. දැන් මොකද වෙන්නේ? Bubble එකේ ඉහළ මිලට ගත්ත අයට loss. දැන් ලංකාවේත් තියෙනවා bubbles. බුද්ධියෙන් බැලුවොත් තේරේවි.
9. වර්තමාන ආර්ථික, දේශපාලන තත්ත්වය ගැන දැනුමක් තිබිය යුතුයි. ඒ මත ඔබගේ ආයෝජන සැලසුම් කරන්න, අනාගත ආයෝජන හදුනගන්න පුළුවන්.
10. ආයෝජන Sectors හෙවත් industry අනුව බෙදී යා යුතුයි. උදාහරණයකට ඔබ සතු සියලු දේ ඉඩම් වල invest කළා කියා සිතන්න. මිනිසුන් ඉඩම් මිලදී ගන්න අඩුවෙන් පෙළඹෙන දෙයක් උනොත් හරි, real estate වලට market එක හරි නැති කාලයක් ආවොත් සියලු ආයෝජන risk එකට අහුවෙනවා. නමුත් ඔබ real estate එකේ invest කලේ 10% නම් , එක්කෝ ඒක cover කරන්න පුළුවන් අනිත් ඒවයින්; නැත්නම් උපරිම loss එක 10%.
11. ද්‍රවශීලතාවය වැඩි දේ තුළ පළමුව ආයෝජනය කරන්න. දෙවනුව ද්‍රවශීලතාවය අඩු දේ තුළ ආයෝජනය කරන්න. මොකද ද්‍රවශීලතාවය අඩු වෙන විට ඔබ මුදල් වෙනුවෙන් බලා සිටිය යුතු කාලය වැඩි වෙනවා.
12. ආයෝජන සිදුවිය යුතු වන්නේ Safety Net හෝ Low Risk එකේ ඉඳන් ඉහළට. සියල්ල high risk නම් ඔබගේ ආයෝජන සුරක්ෂිත බව ගැටළු සහගතයි .
13. ද්‍රවශීලතාවය වැඩි දේවල් තුළ සැලකිය යුතු ආයෝජනයක් තියාගන්න. මොකද මේ තියෙන්නෙ ක්ෂණිකව එහාට මෙහාට කරන්න පුළුවන් සල්ලි. වෙන විදියකින් කිව්වොත් මේ ආයෝජනය හරියන්නේ නැත්නම් ක්ෂණිකව මීට වඩා වැඩි ප්‍රතිලාභයක් තියෙන ආයෝජනයකට යොමු කරන්න පුළුවන් සල්ලි.
14. රටක ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම ගැන දැනුම තිබිය යුතුයි. සරලම කාලීන උදාහරණයක් විදියට පොලී අනුපාත වැඩි උනාම මොකද වෙන්නේ? මොන අංශ වලටද බලපාන්නේ? වගේ දේවල්.
15. ආයෝජනය සහ trading පටලවා නොගත යුතුයි. මේ දෙක දෙකක්. නමුත් trader කෙනෙක් ආයෝජකයෙක් වෙන්නත් ආයෝජකයෙක් trader කෙනෙක් වෙන්නත් පුළුවන්.
පාසැලෙන් උගන්වන්නේ නැති මූල්‍ය අධ්‍යාපනය තමා මේ . නමුත් මේ පොඩි කොටසක් පමණයි.