Hela Games- හෙල ගේම්ස්

Hela Games- හෙල ගේම්ස් Every gamer is welcome. We bring you more content everyday. Stay tuned with us.

29/07/2023

🎥 | Spec Ops- The Line තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. එතකොට මේ ඔක්කොම තේරෙයි.

#හෙලගේම්ස්

27/07/2023

🎥 | Prince Of Persia Kindred Blades ගැන දැනන් හිටියද?

මන් හිතනවා ඔයාලා Prince Of Persia: Warrior Within එකයි Prince Of Persia: Two Thrones එකයි ගහලා ඇති කියලා. ඔයාලට මතකද Warrior Within එකේ අන්තිමට Prince ට හීනෙකින් වගේ පේනවා බැබිලෝනියාව ගිනි අරගෙන තියනවා, ඊට පස්සේ Dark Prince වගේ එක්කෙනෙක් ඔටුන්න ගන්නවා. ඒත් අන්තිමට Two Thrones එකේ ආපු කතාව ටිකක් ඊට වඩා වෙනස් නේද?

ඇත්තටම Prince Of Persia: Two Thrones එන්න කලින් ඒක නම් කරලා තිබ්බේ Prince Of Persia 3: Kindered Blades කියලා. ඒක Warrior Within ගේම් එකට Direct Sequel විදියට තමා මුල ඉදන්ම හදන්න හිතලා තියෙන්නේ. ඒත් ඉතින් Warrior Within එකට එච්චර හොද ප්‍රතිචාර හම්බුනේ නෑ අපිට කොච්චර හොද උනත් දැන්. ඒක ආපු කාලේ ඒක ගොඩක් Dark, ඇදුම් එහෙම ගන්න දෙයක් නෑ, හෙලුවැලි කෑලි වැඩි, Gothic ගතිය වැඩි වගේ එක එක දේවල් කිව්වනේ. මේක නිසා ගේම් එක හදපු කට්ටිය ගේම් එක "Back To Sand Of Time Roots" වලට අරන් යන්න තීරණය කරනවා. Kindered Blades වල සමහර Gameplay Element ඒ විදියටම තිබ්බත් ගේම් එක අලුතින්ම වගේ කෙටි කාලයකින් හදනවා. මන් ඒ කලින් ගේම් එකේ මොනවද තිබ්බ Gameplay Elements කියලා අන්තිමට දාන්නම්.

කලින් ගේම් එකේ කතාව මෙන්න මෙහෙමලු තියෙන්න තිබ්බේ. මේකේ ප්‍රධාන හතුරා වෙන්නේ Prince වගේම එක්කෙනෙක්(Doppelganger). එයා කොහොමහරි Island Of Time එකේම හිටපු එක්කෙනෙක්. එයා කවුරුහරි දෛවය වෙනස් කරොත් එයාගේ තැන ගන්න කෙනෙක් වගේ තමා හැදිලා තියෙන්නේ.

Warrior Within ගේම් එකේ Prince, Dahaka මරලා එයාගේ දෛවය වෙනස් කරාට පස්සේ අර Doppelganger හැදෙනවා. එයා Prince වගේ ස්වරූපය ගන්නේ Prince, Island Of Time එකට ආපු කාලෙ ඉදන්ම බලන් ඉදලා. මෙයා Prince ගියාට පස්සේ අතීතයේ ඉදන් Dagger Of Time එක හොරකන් කරලා අතීතයේ ඉතුරු වෙලා හිටපු Sand Monsters ටික එකතු කරලා හමුදාවක් හදනවා. ඊට පස්සේ අතීතෙන්ම බැබිලෝනියාවට ගිහින් Prince බැබිලෝනියාවට එනකොටම වගේ එහේ කැරැල්ලක් ගහනවා.

Prince ඔය කලබල අස්සේ කොටු වෙනවා. ඊට පස්සේ Kaileena, Prince ව බේරගන්න Sand Of Time නිදහස් කරන්න කියලා හිතාගෙන කන්දකින් පහලට පනිනවා. ඔච්චර තමා Trailers වලින් කතාව තේරුම් ගන්න පුලුවන් උනේ. මොකද දැන් මේක ගැන ගොඩක් දේවල් Ubisoft එකෙන් අයින් කරලා තියෙන්නේ.

මේ ගේම් එකේ Prince Of Persia: Two Thrones එකට වඩා Gameplay Elements තිබිලා තියනවා. මේ තියෙන්නේ Game එකේ Technical Demo එකකදී ගේම් එක ගැන කිව්ව දේවල් ගැන සාරාංශයක්

1️⃣ ගේම් එකේ දවල් රෑ විදියට වෙනස් වෙන්නයි හදලා තියෙන්නේ. (Day and Night Cycles)
2️⃣ මේ ගේම් එකෙත් Dark Prince ඉන්නවා. එයා විදියට ඕනෙම වෙලාවක වෙන්න පුලුවන්. අපි ගින්දරට ගියොත් එයා වගේ වෙනස් වෙනවා. අපිට ආයේ Light Prince වෙන්න නම් වතුර වලකට යන්න ඕනේ.
3️⃣ Prince ගේ ආයුධේ සාමාන්‍ය කිනිස්සක්. ආයේ Prince ගාව Amulet Of Time එක තියනවා.

4️⃣ Prince ගේ ඇදුම Warrior Within එකේ ඇදන් ඉන්න විදියම තමා. TT ගේම් එකේ Shirt එකක් නෑනේ.
5️⃣ WW ගේම් එකේ හිටපු Sand Monsters ලත් ගේම් එකේ ඉන්නවා. ආයේ අලුතින් කට්ටියත් දාලා තියනවා.
6️⃣ මේ ගේම් එකෙ Farah නෑ. එයා ගැන නිකන් කියනවා විතරයි.

7️⃣ ආයේ මේ ගේම් එකේ Boss Fights විදියට තියෙන්නේ King Sharaman(තාත්තා), Queen Mehri(අම්මා), Old Man(උපදේශක) විදියට transform වෙලා එන Doppelganger එක්ක ගහගන්න.
8️⃣ මේ ගේම් එකෙත් Prince ව Dahaka පන්නනවා වගෙ එකක් තියනවා. Doppelganger, Prince ගේ පස්සෙන් ලොකු නයෙක් එවනවා. එයාගෙන් බේරෙන්නලු තියෙන්නේ.
9️⃣ මේ ගේම් එකේ Endings තුනක් තියනවලු. Light Prince Ending, Dark Prince Ending, Doppelganger Ending. මේ Ending ගන්න නම්.


⭐ Light Prince Ending ගේම් එකේ Life Upgrades ඔක්කොම ගන්න ඕනේ. පුලුවන් තරම් අඩුවෙන් Dark Prince වෙන්න ඕනේ. අන්තිම Fight එක Light Prince ගෙන් ගහන්න ඕනේ.

⭐ Dark Prince Ending ගේම් එකේ Life Upgrades ඔක්කොම ගන්න ඕනේ. ගේම් එකේ වැඩි කාලයක් Dark Prince ගෙන් ගන්න ඕනේ. අන්තිම Fight එක Dark Prince ගෙන් ගහන්න ඕනේ.

⭐ Doppelganger Ending == ගේම් එකේ Life Upgrade එකක් හරි මිස් උනොත් එහෙම මේ Ending එක තමා එන්නේ

තව තිබ්බා ගොඩක් දාලා. මන් වීඩියෝ එකක් දාන්නම්. ඒකේ ටික බැලුවොත් ඔයාලට ගොඩක් තේරෙයි.
📜 https://youtu.be/J-u8yaD0h_8

කොහොමහරි අන්තිමට ආපු ගේම් එක එන්න තිබ්බ එකට වඩා ගොඩක් Downgrade වෙච්ච එකක් කියලා තේරෙනවා ඇතිනේ. ඔන්න ඕකයි Ubisoft එක අමු ජරාවක් කියන්නේ. (හැබැයි ඉතින් fans ලත් වැරදියි ඉතින්)

#හෙලගේම්ස්

24/07/2023

🎥 | Assassin's Creed ගේම් එක මුල්ම කාලේ Beta Version තිබ්බේ මේ වගේ.

ගොඩක් අය දන්නේ නැති උනාට Prince Of Persia ගේම් එකේ Spinoff එකක් විදියට තමා Assassin's Creed එන්න තිබිලා තියෙන්නේ. පස්සේ තමා ඒක වෙනමම tittle එකකට එන්නේ Assassin's Creed විදියට.

මේ වීඩියෝ එකේ තියෙන්නේ Prince Of Persia: Assassin's ගේම් එකේ Early Build එකක්.

1999 මැයි 27 වැනිදා ඩිස්කවරි ශටලය අභ්‍යාවකාශ මෙහෙයුමට අභ්‍යාවකාශ ගතවෙනවා. ඒක ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාතික අභ්‍යාවකා...
24/07/2023

1999 මැයි 27 වැනිදා ඩිස්කවරි ශටලය අභ්‍යාවකාශ මෙහෙයුමට අභ්‍යාවකාශ ගතවෙනවා. ඒක ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ශටලයක් සම්බන්ධ කිරීමේ ප්‍රථම මෙහෙයුමයි. මේක අපි ගේමර්ස්ලට ටිකක් වෙනස් විදියකට වැදගත් වෙනවා

මේ මෙහෙයුමේ ජායාරූප ශිල්පියා උනේ Daniel T. Barry. එයා මේ ශටල ගමනට එයාගෙ කැමතිම වීඩියෝ ගේම් එක උන Star Craft එකත් අරන් යනවා. එහෙම කරන්නේ එයාගේ දුවත් එක්ක අභ්‍යාවකායේ ඉදන් සෙල්ලම් කරන්න ඕනේ නිසා.

කොහොමහරි එයාට ඒ ගේම් එක සෙල්ලම් කරන්න වෙන්නේ නෑ. මොකද ඒ ගේම් එක තිබිලා තියෙන්නේ ගන්න බැරි වෙන්න හදපු කුටියක.

ඒ Starcraft ගේම් එකේ කොපිය එයා අභ්‍යවකාශේ ඉදන් ආවට පස්සේ Blizzard කම්පැනි එකට දීලා තියනවා. දැන් ඒක එයාලගෙ කෞතුකාගාරේ ප්‍රදර්ශනේට තියල තියෙන්නේ.

⭐⭐ Note : අභ්‍යවකාශේ පලවෙනියටම ගහපු ගේම් එක Tetris. මේක තමා Physical Copy එකක් අභ්‍යවකාශයට අරන් ගියපු පලවෙනි අවස්ථාව. පොටෝ එක Misleading වගේ නම් සොරි වෙන්න ඕනේ. මාත් මේක ලියද්දී තමා දැනගත්තේ ගේම් එක උඩට ගියාට සෙල්ලම් කරන්න හම්බුනේ නෑ කියලා.

Source : https://blizzardwatch.com/2017/09/08/astronaut-daniel-barry-took-starcraft-literal-space/

☢️ American Version හැම එකකම වගේ තිබ්බේ Leon ගේ ඔලුව ඇඟෙන් වෙන් වෙන්නම chainsaw එකෙන් කපලා දාන එකක්.☢️ Japanese Version ...
24/07/2023

☢️ American Version හැම එකකම වගේ තිබ්බේ Leon ගේ ඔලුව ඇඟෙන් වෙන් වෙන්නම chainsaw එකෙන් කපලා දාන එකක්.

☢️ Japanese Version එකේ එහෙම ඔලුව ඇගෙන් වෙන් වෙන්න කපන්නේ නෑ. නිකන්ම මැරෙන්න හදලා තියෙන්නේ. ඒත් Reddit එකේ තිබ්බා එක අවස්ථාවක chainsaw man ඇවිල්ලා Leon ගේ මූණ දෙකට මැදින් පලන පොටෝ එකක්. එකේ කොහොමහරි මූණ පැලිලා ඇස් බෝලයක් පවා එලියට ඇවිල්ලා තිබ්බා.

♣️ මෙහෙම version දෙකක් එන්න හේතුව, ජපානේ හිස කදින් වෙන් කරන එක අගෞරවයක් විදියට සලකන එක. එහෙම අගෞරවයක් වෙන්නැති එකම අවස්ථාව සෙපූකූ චාරිත්‍රය විතරලු.

මේක නිසා එයාලගේ වීඩියෝ ක්‍රීඩා පාලන අධිකාරිය හිස ගසා දාන සීන් එක අයින් කරන්න(censor) කියලා කියලා තියනවලු.

🎥 | මේ වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි.
https://youtu.be/Z535mzDS2RQ

⭐⭐⭐⭐⭐⭐
Note: Seppuku කියන්නේ ජපානේ ඉස්සර කාලේ සමුරායි වරු ගෞරවාන්විතව සියදිවි හානිකරගන්න පාවිච්චි කරපු ක්‍රමයක්. සටනකින් පැරදුණාම හරි මොකක් හරි වැරැද්දක් කලාම තමා මේක පාවිච්චි වෙන්නේ. මේකෙදී මැරෙන්න ඉන්න එක්කෙනා පොඩි පිහියකින් එයාගේ බඩට ඇනගෙන බඩකපාගන්නවා. ඊට පස්සේ එතනම ඉන්න කඩුවක් අතේ තියන් ඉන්න එක්කෙනෙක් අර එක්කෙනාගේ හිස කදෙන් වෙන් වෙන්න කපනවා.

♣️ ඒ කියන්නේ සෑහෙන කාලෙකට කලින් නේද Multiple Endings ගේම් වලට ඇවිල්ලා තියෙන්නේ. මට මුලින්ම Multiple Endings හම්බුනේ Hous...
23/07/2023

♣️ ඒ කියන්නේ සෑහෙන කාලෙකට කලින් නේද Multiple Endings ගේම් වලට ඇවිල්ලා තියෙන්නේ. මට මුලින්ම Multiple Endings හම්බුනේ House Of The Dead ගේම් එකෙන්.

🗓️ 𝙍𝙚𝙡𝙚𝙖𝙨𝙚 𝘿𝙖𝙩𝙚 August 28,1987
🎬 𝙂𝙚𝙣𝙧𝙚 Flatform Adventure
🎖️️ 𝗥𝗮𝘁𝗶𝗻𝗴 ⭐⭐⭐⭐(7/10 IGN)
🤖 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗲𝗿 Konami
📺 𝗣𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺𝘀 Nintendo Entertainment System | Famicom Disk System
🖥️ 𝗣𝗖 𝗦𝘆𝘀𝘁𝗲𝗺 𝗥𝗲𝗾𝘂𝗶𝗿𝗲𝗺𝗲𝗻𝘁𝘀 (𝗠𝗶𝗻𝗶𝗺𝘂𝗺) Did not released for pc😅

ඔයාලගේ පලවෙනි ගේම් එක මොකක්ද Multiple Endings හම්බුන.......

22/07/2023

🎥 | පට්ට පරණ ගේම් එකක් උනේ මේකේ Soundtrack එක නම් සුපිරියක් තමා ඉතින්
❤️"Frogs theme" Chrono Trigger

❤️ Jen Taylor
22/07/2023

❤️ Jen Taylor

📜 | Video Game Useless Facts 005=======================================|🎮| Playsation 2 සදහා වැඩියෙන් විකුණූ වීඩියෝ ක්‍ර...
21/07/2023

📜 | Video Game Useless Facts 005
=======================================
|🎮| Playsation 2 සදහා වැඩියෙන් විකුණූ වීඩියෝ ක්‍රීඩාව වන්නේ GTA San Andreas වේ.
=======================================

1️⃣ Grand Theft Auto: San Andreas (17.33 million)

2️⃣ Gran Turismo 3: A-Spec (14.89 million) (PS 2 Exclusive)

3️⃣ Gran Turismo 4 (11.76 million)

4️⃣ Grand Theft Auto: Vice City (10.5 million)

5️⃣ Final Fantasy X (8.5 million)

6️⃣ Grand Theft Auto III (8.305 million)

7️⃣ Metal Gear Solid 2: Sons of Liberty (7.03 million)

8️⃣ Tekken 5 (6 million)

9️⃣ Final Fantasy XII (6 million)

📜 | Video Game Useless Facts 004=======================================|🎮| "Assassin's Solid"===========================...
21/07/2023

📜 | Video Game Useless Facts 004
=======================================
|🎮| "Assassin's Solid"
=======================================

2008 අප්‍රේල් පලවෙනිදා. Assassin's Creed ගේම් එකේ Creative Director, Jade Raymond වගේම Hideo Kojima(Metal Gear Director) එකතු වෙලා වීඩියෝ එකක් කරනවා ඊලග Assassin's Creed Series ගේම් එක කියලා. මන් කියනවට වැඩිය ඔයාලට මේ වීඩියෝ එක බැලුවම තේරෙයි.
⭐Link : https://youtu.be/DlM4W4yco-Q

මේකෙදී හැමෝම හිතුවේ විහිලුවක් කියලා. ඒත් ඔය වීඩියෝ එක ඇත්තටම අලුතින් එන්න තිබ්බ Metal Gear Solid 4: Guns Of Patriot ගේම් එකේ ඇත්තම Gameplay එකක්. ඒකත් නෙමේ කවුරුත් හිතුවේ නෑ ඒ ගේම් Altair ගේ ඇදුම ඇත්තටම තියෙයි කියලා.

පස්සේ දවසක Kojima ම කියලා තියනවා ඇත්තටම Altair ගේ ඇදුම Unlockable Costume එකක් විදියට ගේම් එකේ කලින් ඉදන්ම තිබ්බා කියලා. ඒක Unlock කරන්න "something special" කරන්න වෙයි කියලත් තිබ්බා.

Spoilers: ඒක Unlock කරන්න නම් ඔයාට ඔයාට පිහියෙන් Kill 50 ගන්න තියෙන්නේ. ඒම නැත්නම් Extras වල aottrykmyn කියලා ගැහුවමත් එනවා.

Hela Games- හෙල ගේම්ස්

📜 | Video Game Useless Facts 003=======================================|🎮| ලෝකයේ වැඩියෙන්ම විකුණු ක්‍රීඩාව GTA 5 නොවේ.==...
19/07/2023

📜 | Video Game Useless Facts 003
=======================================
|🎮| ලෝකයේ වැඩියෙන්ම විකුණු ක්‍රීඩාව GTA 5 නොවේ.
=======================================

⭐මේක නම් වැරදි වැරදි කියලා ගොඩක් කට්ටිය කියයි. මොකද Wikipedia එකේ තිබ්බේ වැඩියෙන්ම විකුණපු ගේම් එක විදියට Minecraft එක. Tetris තිබ්බේ තුන් වෙනියට. මන් මේක ගත්තේ IGN එකේ තිබ්බ ලිපියකින්. ඒක නිසා ඇයි මේ විදියට දෙකක් එන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ.

Tetris ගේම් එක ගැන දන්නවා ඇති කියලා හිතනවා. ඔයාලා නමින් දන්නැති උනාට මේක අනිවාර්‍යෙන්ම එක පාරක් හරි ගහලා ඇති. මන් පොටෝ එකක් දාන්නම් ගේම් එකේ. එතකොට මතක් වෙයි. අනික් එක මේ අවුරුද්දේ ආවා Tetris කියලා ෆිල්ම් එකක්. ඒකත් බලන්න මේ ගේම් එකේ ඉතිහාසය ගැන ලොකු කතාවක් තියෙන්නේ ඒකේ.

Wikipedia එකේ 100Million විකුණුවා කියන Source එක එන්නේ EA සමාගමෙන් කරපු ප්‍රකාශෙකයි. එයාලා කිව්වේ එයාලගේ Mobile ගේම් එකේ Paid Download 100 Millions ඉක්මුවා කියලයි.
♣️Source : https://www.ea.com/news/tetris-game-surpasses-100-million-mobile-downloads?isLocalized=true

ඒත් මේ ගේම් එක Platform ගොඩක නිකුත් වෙලා තියනවා. ඒක නිසා මේක විකුණපු ගාන අනිවාර්‍යෙන්ම වැඩිවෙන්න ඕනේ. IGN එක මේ ගේම් එකේ 520 Million විකුණපු කතාව කියන්නේ Tetris කම්පැනිය කියපු කතාවකට අනුවයි. ඒ අතින් බැලුවොත් Tetris ගේම් එක තමා එක වෙන්නේ.
♣️Source : https://www.ign.com/articles/2014/04/08/tetris-has-reached-425-million-paid-mobile-downloads

⭐අනික් වැදගත් කරුණ වෙන්නේ මෙතන තියන ගේම් වලින් ලාබාලම ගේම් එකවෙන්නේ Red Dead Redemption 2 ගේම් එක.

⭐තවත් වැදගත් කරුණක් වෙන්නේ Wii Sports ගේම් එක ඔය තරම් විකිණුනේ ගේම් එක Wii Console එකත් එක්ක Bundle කරලා විකුණපු නිසා කියලයි ගොඩක් අය නම් කියන්නේ.

19/07/2023

🎥 | ඇයි Shay ඇසැසින්ලට ද්‍රෝහි වෙන්නේ...Shay කරපු දේ හරිද?

මන් නම් හිතන්නේ shay කරපු දේ හරි කියලා. ඔයාලා මේ වීඩියෝ එක බැලුව නම් තේරෙයි ආකිලිස් තැනකදී කියනවා අපිට ලෝකේ ගැන වගකීමක් තියනවා කියලා. කවුද මැරෙන්න ඕනේ කවුද ජීවත් වෙන්න ඕනේ කියලා තීරණය කරන්න තරම් Assassins බලයක් තියෙන්නෙ ඕනේද? කවුද හරි වැරදි කියන දේ තේරුම් ගන්න නම් ඔයාලට බාරයි. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි.

අනික් කාරණේ මන් Templar Ideal වලට වත් Assassins Ideal වලටවත් සපෝට් කරන කෙනෙක් නෙමේ. ඔය දෙකම වැරදි කියන මතේකයි මන් ඉන්නේ. ඔය දෙගොල්ලොම අන්තවාදියෝ.

Ac Odyssey ගේම් එකේ Kassandra අන්තිමට කියපු දෙගොල්ලොම ලෝකෙ අන්තුරේ දානවා කියන මතේමයි මාත් ඉන්නේ. බලමු ඉස්සරහට දෙගොල්ලො එකතු වෙයිද කියලා.

Address

Gannoruwa
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Hela Games- හෙල ගේම්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share