12/06/2025
මහබුලන්කුලම රෝස මල සදහටම පර විය 🥀💔🍀.
අවංකවම ලියන්න වචන නෑ, එකම එක දෙයයි ලියන්න තියෙන්නේ , ඒ මේකට ගෑවුනු ගෑවුනු කෙනාට මේ සාපය හිමි වෙනවා කියන එකයි.
ප්‍රථමයෙන්ම සිරස වාර්තාකරු, පශු වෛද්‍යවරුන් එක්ක තියෙන තරහට මුලු ගමක්ම අවුස්සලා, වෛද්‍යවරුන් ටත් ගම්මු හරහා තර්ජනය කරලා , පශු වෛද්‍යවරුන්ගෙන් පලිගන්න අහිංසක අසරණ අලියව බිල්ලක් කරගත්තා. වසර දෙකකට පෙර අග්බොට ප්‍රතිකාර කරන සමයේ, පශු වෛද්‍යවරුන් සිය මෝටර් සයිකලය ඉවත් කරගන්න ලෙස පැවසූ තරහ, වෛරය අද මේ අසරණයගෙන් පිට කලා. දැන් ඔබට නින්ද යාවී.
අනිත් පැත්තෙන් මහබුලන්කුලම ගම්වැසියන්. ඇස් දෙකට පෙනී පෙනී අන්ත අසරණ සතාගෙ දුක , වේදනාව දැක දැකත් නිලධාරීන්ට තර්ජනය කරලා අලියව මරාගත්තා. පහුගිය දිනවල අලියාට ප්‍රතිකාර කරන්න නොඑන ලෙසද තර්ජනය කරමින් , කෲර ලෙස කටයුතු කලා. දැන් මහබුලන්කුලම මුලු ගමටත් නින්ද යාවී. මොකද දැන් මේ අසරණයගෙ වදේ ඔබලට ඉවරයිනෙ.
ඊටත් එහා, ඩොලර් හිගන්නෝ. අසරණයව බිල්ලක් කරගෙන තමන්ට ඩොලර් ගලාඑන ව්‍යාපෘති පරීක්ශා කරගන්න , මේ අසරණයව ඉත්තක් කරගත්තා. විද්‍යාගාරයෙ ඉන්න මීයා වගේ තමන්ගෙ පහත් අරමුනු වෙනුවෙන් මේ අසරණයා භාවිතා කලා. දැන් ඔබටත් නින්ද යාවී.
මේකට ගැවුනු ගැවුනු, අය බොහෝය. මෙය තනිකරම කුමන්ත්‍රණයක් . දැන් ඉතින් වැඩක් නෑ.
රටම හඩවා මහබුලන්කුලම රෝස මල සදහටම පරවිය 🥀.
හස්ති රජුනේ, Protect Elephants World Global Association අප ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබ විදි දුක් අවසන්. දෙව්ලොව ඉපද, ඔබේ සංහුරෙ රැකගන්න අපිට ආශිර්වාදය දෙන්න හස්ති රජුනේ.
ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏
The rose of Mahabulankulam has faded forever 🥀💔🍀.
Honestly, there are no words to write, there is only one thing to write, and that is that all people who were involved in this will receive this curse.
First of all, the Sirasa media reporter, incited the entire village to get angry with the veterinarians, threatened the doctors through the village, and made an innocent helpless elephant a victim to take revenge on the veterinarians. Two years ago, during the treatment of Agbo, the veterinarians told him to remove his motorcycle, the anger and hatred that he had expressed today was released from this helpless animal. Now you can sleep in peace .
On the other hand, the villagers of Mahabulankulam. After seeing the pain and suffering of the helpless animal with their own eyes, they threatened the officials and killed the elephant. In the past few days, they have been cruelly threatening the doctors not to come to treat it. Now the entire village of Mahabulankulam can sleep in peace. Because now this helpless elephant will no longer disturb you.
Even more, dollar beggars. They used the helpless as a pawn to test projects that bring them dollars. They used this helpless elephant for their own lowly purposes like a rat in a laboratory. Now you too can sleep.
There are many people who are responsible . This is purely a conspiracy. Now it is useless.
The whole country has cried and the rose flower of Mahabulankulam has faded forever 🥀.
Elephant King, Protect Elephants World Global Association We wish you Nirvana . Your suffering is over. May you be born in heaven and bless us to protect your sanctum, Elephant King.
Thank you 💝
May triple gems bless you 🙏
📷 belongs to its first owner.