Kandy Media Unit News

Kandy Media Unit News ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්හි ප්‍රචාරය වන

05/09/2026


මහනුවරටත් බයිසිකල් මං තීරු !

පුද්ගල සංවර්ධනය සහ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන වැඩසටහන් රැසක් ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්...
04/09/2026

පුද්ගල සංවර්ධනය සහ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන වැඩසටහන් රැසක් ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පවසයි.

ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත කළ කරන ව්‍යවසායකත්ව හැකියාව සහිත පුද්ගලයන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් රුපියල් බිලියන 2000ක සංවර්ධනාත්මක අය වැයක් ඉදිරි අය වැය මගින් ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසුවේය.

මහනුවර සහස් උයනේදී අද (04) ආරම්භ වූ මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය, පළාත් මිරිදිය ධීවර අමාත්‍යංශය සංවිධාන කළ කරදිය, මිරිදිය සහ දුර්ලභ මත්ස්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය සදහා ග්‍රාමීය මට්ටමේ ප්‍රජා ශක්ති කමිටු නියෝජිතයන් සම්බන්ධ වන බවත් ගම් මට්ටමේ ව්‍යවසායක්තව හැකියාව සහිත පිරිස් සම්බන්ධ තොරතුරු මෙම කමිටුවට ලබාදිය හැකි යැයි ඒ මහතා කීවේය. ඒ අනුව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්කක් දක්වන හා දැනට ව්‍යාපාර ආරම්භ කොට දියුණු කිරීමට අපේක්ෂා කරන පිරිස් සදහා අවශ්‍ය සහයෝගය රජය මගින් ලබා දෙන බව ඒ මහතා පැවසුවේය.

ගම දියුණු කිරීමේ දී ගමට අවශ්‍ය අදහස් හා යෝජනා ලබා ගැනීම ප්‍රජා ශක්ති ග්‍රාමීය කමිටු මගින් සිදු කරන බවත් දැනට බොහෝ දෙනෙකු යටිතල පහසුකම් සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් දිසානායක මහතා කීවේය. එයින් ඔබ්බට ගොස් ආර්ථික වශයෙන් ගම සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වන බැවින් ග්‍රාමීය ආර්ථික සැලැස්ම සදහා ග්‍රාමීය සහභාගීත්වය ඉහළ නැංවිය යුතු යැයි ද කීවේය.

පසුගිය වසර දෙක තුළ යම් ස්ථාවරත්වයක් ලබා ගත්ත ද ඉදිරි වර්ෂ කිහිපයේදී ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව පරිවර්ථනීය වෙනසක් කරා යොමු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දික අබේසිංහ, මධ්‍යම පළාත් මිරිදිය ධීවර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බී.ජී.එන්. ප්‍රේමලාල්, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.සී.ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.



මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

මධ්‍යම පළාත් කරදිය, මිරිදිය සහ දුර්ලභ මත්ස්‍ය වගාකරුවන්ගේ  තෙදින මත්ස්‍ය  ප්‍රදර්ශනය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී අද (04)...
04/09/2026

මධ්‍යම පළාත් කරදිය, මිරිදිය සහ දුර්ලභ මත්ස්‍ය වගාකරුවන්ගේ තෙදින මත්ස්‍ය ප්‍රදර්ශනය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී අද (04) ආරම්භ විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත වූ අතර විසිතුරු මසුන්, පරිභෝජනයට ගන්නා මසුන්, මිරිදිය ඉස්සන් ඇතුලු මත්ස්‍ය ක්ෂේත්‍රයට අදාල සියලු අංශවල සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ පළාත් මිරිදිය ධීවර අංශය සංවිධාන කළ මෙම ප්‍රදර්ශනයේදී මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් දායක වූ මධ්‍යම පළාතේ කර්මාන්තරුවන් ඇගයීම සදහා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

වික්ටෝරියා ඇතුලු ජලාශවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සිදුකර ධීවරයන් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දුන් ජීවිතාරක්ෂක කබායන් ලබාදීම ද මෙම අවස්ථාවේදී සිදුවිය.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දික අබේසිංහ, මධ්‍යම පළාත් මිරිදිය ධීවර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බී.ජී.එන්. ප්‍රේමලාල්, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.සී.ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.



මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

04/09/2026


දළදා පෙරහැරේ පිහි හුටපටයේ ඇත්ත කතාව

සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති වැඩපිළිවෙල යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 5...
04/09/2026

සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති වැඩපිළිවෙල යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 50ක් මෙම වසර දෙක තුළ ස්ථාපිත වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි.

සෑම පවුලක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ඉදිකරන බවත් එක් සුවතා මධ්‍යස්ථානයක් මගින් පවුල් 5000ත් 10 000ත් අතර ප්‍රමාණයක් ආවරණය කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මෙවැනි සුවතා මධ්‍යස්ථාන මගින් රෝග පරීක්ෂා කිරීම් සහ ඩිජිටල් දත්ත සහිත හැදුනුම්පතක් නිකුත් කරන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පළමු සුවතා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ වික්‍රම මහතා ඉදිරිපත් කළ සලකා බැලීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

පොල්ගොල්ල වත්ත සහ කිරින්ද යන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය සෙසු යටිතල පහසුකම් සංවර්ධනය කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි මධ්‍යස්ථාන කිහිපයක් ප්‍රාදේශීය රෝහල් සමග සම්බන්ධ කරන බව ද පැවසුවේය.

රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට පළමුවෙන් රෝග වළක්වා ගැනීම වැදගත් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට වඩා රෝගය වළක්වා ගැනීම ඉතාමත් වැදහත් බැවින් මෙවැනි සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇතැයි ද තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ එම කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා‌‌ෙග් ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා මහජන නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගීවූහ.



මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

  උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට කොටුව දක්වා දුම්රිය ගමන් ලබන මාසයේදී ආරම්භවේ. දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනය...
03/09/2026




උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට කොටුව දක්වා දුම්රිය ගමන් ලබන මාසයේදී ආරම්භවේ.

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාලවූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණියේ සිට කොළඹ දක්වා කොටසේ දුම්රිය ගමන් ලබන මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මාර්ගය ප්‍රතිංස්කරණ කටයුතු රැසක් දැනට අවසන් වෙමින් පවතින බව අද (03) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.


උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වලට සමගාමීව මහනුවර සිට පේරාදෙණිය දක්වා කොටස සැලසුම් කළ කාලයේදී නිම කිරීමට නියමිත වුවත් දැනට සති කිහිපයකට ඉහතදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉදිකිරිම් ජලයෙන් යටවූ බව ඒ මහතා කීවේය. මහවැලි ගංගාවේ තවමත් පවතින ඉහළ ජල ධාරිතාව නිසා කළු පාලමේ ඉදිකිරීම් තරමක් දුරට ප්‍රමාද වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මහනුවර හා පේරාදෙණිය යා කරමින් මහවැලි ගංගාව මතින් දුම්රිය ගමනාගමනය වෙනුවෙන් ඉදිකොට ඇති කලු පාලමට දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සැලකිය යුතු හානියක් සිදුවුණි. එහි ඇල වූ කුළුණු වට කරමින් නව ආධාරක කුළුණු ඉදි කොට පාලමේ බර එම නව කුළුණු මතට පැටවීම සහ ඇලවූ දුම්රිය මාර්ගය යළි යථාවත් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

වර්ෂාව නිසා කළු පාලමේ ඉදිකිරිම් ප්‍රමාද වන නමුත් පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ගමන් ලබන ඔක්තෝබර් මස දී යළි ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මුනුවර්ණ මහතා ඇතුලු මහජන නියෝජිතයන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ලක්මාල් කරුණාතිලක යන මහත්වරු ඇතුලු නිලධාරී පිරිසක් මෙම කමිටු සාකච්ඡාව සදහා සහභාගීවූහ.




මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

  සියලුම නගර ආවරණය වන පරිදි යතුරු පැදි හා පාපැදි වෙනුවෙන් වෙනම මාර්ග තීරුවක් වෙන් කිරීමේ තීරණයක්පාපැදි සහ යතුරු පැදි කරු...
03/09/2026



සියලුම නගර ආවරණය වන පරිදි යතුරු පැදි හා පාපැදි වෙනුවෙන් වෙනම මාර්ග තීරුවක් වෙන් කිරීමේ තීරණයක්

පාපැදි සහ යතුරු පැදි කරුවන්ගේ ආරක්ෂාව සහ වාහන තදබදය අවම කිරීම සදහා වෙනම මං තීරුවක් වෙන් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ ඒ නගරවල පවතින ඉඩ කඩ සහ වාහන තදබදය අනුව වෙන් කරන ප්‍රමාණය ප්‍රාදේශීය මට්ටමින් තීන්දු කර ගත යුතු බවත් මහනුවර දිස්ත්‍රික්කය සදහා වන යෝජනාව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (03) පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.

මෙරට යුද්ධය හේතුවෙන් මරණයට පත්වූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රිය අනතුරු වලින් මරණයට පත්වන බවත් ඉන් වැඩි හානියක් සිදුවන්නේ යතුරුපැදි කරුවන්ට වන බැවින් මෙම තීරණය ගත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකරණය මත මහනුවර මහ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා මහනුවර මූලස්ථාන පොලීසිය දැනුවත් කළ බවත් මෙම යෝජනාව ඉදිරියේදී මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් ද මෙම කමිටු සාකච්ඡාව සදහා සහභාගීවූහ.



මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

03/09/2026


දිට්වා ගෙන් පසු කොළඹ පේරාදෙණිය දුම්රිය ගමනට සැරසෙයි

31/08/2026

රනිල් කියනවා නම්
රට වැටෙයි කියලා
ඒ බයිලා තමයි
නියෝජ්‍ය ඇමති ප්‍රසන්න

30/08/2026

Address

Kandy District Secretariat
Kandy
20000

Telephone

+94812200149

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Media Unit News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kandy Media Unit News:

Shortcuts

Share