22/10/2024
📻 යන්ත්‍ර vs. 🏄♂️ අත්දැකීම්
නිතර ද්‍රව්‍යමය දේවල් හා ගැටෙන අයට වඩා අත්දැකීම් ලැබෙන දේවල් හා ගැටෙන අයගේ ධනාත්මක චිත්තවේගයන් කල් පවතින බව විද්‍යාඟයින් සොයා ගෙන තිබෙනවා. එනම් සරලවම ද්‍රව්‍යමය දේවල් හා කටයුතු කරන අයට වඩා සෘජුවම ස්වභාවික පරිසරය සමඟ මුසුව ඇති අත්දැකීම් ලැබෙන දේවල් හා ගැටෙන අයගේ චිත්තවේගික මට්ටම යහපත් හා ධනාත්මක මට්ටමක පවතින බව පැවසෙනවා. නිදසුනක් ලෙස ඒකාකාරී යන්ත්‍ර උපකරණ සමඟ නිතර ගැටෙන පුද්ගලයන්ට වඩා ස්වභාවික පරිසරය හා ගැටෙමින් කටයුතු කරන පුද්ගලයන්ගේ මනස නිතර ආතතියකින් තොරව ධනාත්මකව වැඩෙන බවයි.
එසේම හෙඩොනික් අනුවර්තනය පිළිබඳ සංකල්පයෙන් ඇඟවෙන්නේ මිනිසුන් ඉක්මනින් නව වස්තූන් වෙත හුරු වන අතර, කාලයත් සමඟ සතුට පිළිබඳ හැඟීමක් අඩු වන බවයි. ද්‍රව්‍යමය වස්තු, මුලින් උද්වේගකර වුවත්, ඒවා අපගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වන විට ඒවායේ චිත්තවේගීය බලපෑම නැති වී යාම සිදුවෙනවා.
ද්‍රව්‍යමය දේවල් වලට වඩා අත්දැකීම් ලැබෙන දේ හා කටයුතු කිරීමෙන් තෘප්තිමත් හැඟීමක් ලබා දෙනවා. මන්ද ඒවා ආදරණීය මතකයන් බවට පරිණාමය වන අතර, පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සහ සතුට පිළිබඳ අඛණ්ඩ හැඟීමට දායක වෙනවා. යම් සිදුවීමක් අවසන් වී අත්දැකීම අවසන් වූ විට පවා, සිදුවීම පිළිබඳ මතකය දිගටම ප්‍රීතිමය මතකයක් ගෙන දෙනවා. අත්දැකීම් මඟින් සතුට සහ ජීවිත තෘප්තිය ඇති කරන අතරම, සැලකිය යුතු අයුරින් අපගේ සමාජ සම්බන්ධතා ද පෝෂණය කරනවා.
බොහෝ විට හුදෙකලාව භුක්ති විඳින අය හෝ ද්‍රව්‍යමය වස්තු සම්බන්ධ දේ හා නිතර ගැටෙන අයට මෙන් නොව, නිතර අත්දැකීම් ලැබෙන දේවල් හා ගැටෙන අය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා අත්දැකීම් හා නව දැනුම බහුල, එම අත්දැකීම්වල විවිධ වූ චිත්තවේගික භාවයන් පාලනය කරගැනීම හා චිත්තවේග බෙදා ගැනීමත් සිදුවෙනවා. අත්දැකීම්වලට මුහුවන අය ජීවිතය පිළිබඳව ධනාත්මක බවකින් හා චිත්තවේගික වශයෙන් ඉතා යහපත් මට්ටම්කින් කල් ගෙවන බව සොයා ගෙන තිබෙනවා.
විශේෂයෙන් කඳු නඟින්නන් Trekking, hiking වැනි, ත්‍රාසජනක අත්දැකීම් වන cable rides, කිමිදීම (Diving/ Scuba diving), ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම, Hot air balooning, තල්මසුන් නැරඹීම, River rafting, Sky diving වැනි ක්‍රියාකාරකම් වලට ප්‍රිය අය සේම ලොවේ නව දැනුම සොයායමින් අභ්‍යවකාශ විද්‍යාව, පාරමනෝවිද්‍යාව වැනි නවීන විෂයන් සේම අභ්‍යවකාශ ගවේෂණය, නවෝත්පාදන කිරීම, නව නිපැවුම් ක්‍රමවේද සෙවිම වැනි අංශ වලට මෙහෙයවන අය මෙහි සඳහන් කරන අත්දැකීම් සම්බන්ධ කටයුතු වල නියැලී ධනාත්මක චිත්තවේග ලබන අය ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ද්‍රව්‍යමය දේවල් සමඟ නිතර ගැටෙන අය ඉක්මනින් ආතති වීම චිත්තවේග මට්ටම ක්‍රමයෙන් පහළ වැටීම නිසා ඔවුන් වක්‍රව මනෝභාව අඩුවී ආතති වීම, විෂාද වීම,කාංසා වීම සිදුවෙනවා. ඒ නිසා ඒවාට පිළියම් ලෙස ස්වභාවික පරිසරයේ ඇති අත්දැකීම් වලට ක්‍රමවත්ව මුසුකරවීම මත නැවත ඔවුන්ගේ බිඳවැටුණු මනෝභාවයන් ඉහළ යාමට ඉඩ දී චිත්තවේගික මට්ටම ධනාත්මක අගයකට ගෙන ඒමට කටයුතු කරනවා.
මනෝවිද්‍යා කථිකාචාර්ය | මානසික සෞඛ්‍යය පිළිබඳව මාර්ගෝපදේශක,
උමයංගනී ද සිල්වා
2024.10.22.