හිතට එහා

හිතට එහා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හිතට එහා, Digital creator, A9, Kandy.
(3)

22/09/2025
💥 පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome...
22/09/2025

💥 පිරිමින්ට වඩා කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන රෝගයක් ලෙස මැණික් කටුව සන්දියේ ඇතිවන වේදනාව හෙවත් Carpal tunnel syndrome නැමති රෝග තත්වය හැදින් විය හැකියි ........මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්දිය හරහ ඇගිලි වෙත ගමන් කරන median nerve නැමති ස්නායුවේ ඇතිවන පීඩනයකි මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් ( carpal tunnel ) හරහ අතේ අගිලි වෙත ගමන් කරයි.මහපට ඇගිල්ල මැදගිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේග වලිනි...මෙම carpal tunnel තුල ඇතිවන ඉදීමීමක් හෝ ප්‍රදාහක තත්වයක් හෝ ඒ අවට ඇති පටක කණ්ඩරා තදවීමක් නිසා හෝ මෙම ස්නායුව ( median nerve ) එක පීඩනයට පත්වෙයි එවිට එයින් ආවේග සපයන මූලික ඇගිලි තුන හිරි වැටීම සහ හස්තයේ වේදනාව හට ගනී..සමහර අයට මෙම වේදනාව වැලමිට ආශ්‍රිතවත් උරහිස ආශ්‍රිතවත් උඩ අතට දුවනවා මෙන් දැනේ ........මෙම
රෝග තත්වයට ඇතිවීමට හේතු කාරනා ලෙස

⛑️ තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා..

⛑️ ආතරයිටීස්

⛑️ දියවැඩියාව

⛑️ ගැබ් ගැනීම

⛑️ නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම.

⛑️ නිතර රෙදි මිරිකීම සහ සේදීම

⛑️ නිතර පරිගනක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට

⛑️ පෙදරේරුවන් හට

⛑️ නිරන්තරයෙන් යතුරු පැදි ත්‍රිවීලර් පදින්නන් හ⁣ට

⛑️නිතර නිතර දෑතින් තද වැඩ කරන්නන් හට හට ගනී

💢 රෝග ලක්ෂණ 💢

📌️ පලමු දෙවන සහ තුන්වන ඇගිල්ලේ ඇතිවන හිරි වැටීම

📌️ යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව..

📌️වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම..

📌️ ඇගිලි නැමු පසු දිග හැරිමට ඇති අපහසුතාවය...

📌️ සියුම් යමක් ඇගිලි තුඩු වලින් අල්ලා ගැනීමට ඇති අපහසු තාවය

💢රෝගයට ප්‍රතිකාර ලෙස මේ දේවල් කරන්න💢

⛑️ ⛑️ මුලින් හොදින් උණු වතුර ටිකක් නටවා පසුව එය සෙල්සියස් අංශක 40 පමන නිවෙන තුරු ඇල් ජලය දමා ⁣නිවා ගන්න ඉන් පසු එය පලාස්ටික් බාජනයකට දමා එයට ස්වල්පයක් ලුණු කැට දමා අත මැණික් කටුවට මදක් ඉහලින් පමන වනතෙක් අත එම වතුර භාජනයේ ගිල්වා විනාඩි පහක් දහයක් තබා ගන්න ඉන් පසු අත හොදින් පිස දමා ෆාමසියෙ තියෙනව නිල් පාට පෙට්ටියෙ එන ( Diclofanac Sodium jell ) කියල එකක් ඒකට කියන බ්‍රෑන්ඩ් නේම් එක තමයි jonac කියන්නෙ ඒ නමින්ම ඉල්ලල ගෙන්න වෙන වෙන දේවල් දෙන්න හදයි ෆාමසියෙ අය ඒකම හොයල ඉල්ල ගන්න රුපියල් 190 විතර වෙන්නෙ... එම ජෙල් එකෙන් අතේ මැණික් කටුව ආශ්‍රිතව යට සහ උඩත් අල්ලේ සෑම තැනම සහ ඇගිලි වල හොදින් ගා මහපට ඇගිල්ලෙන් තද කොට විනාඩි 10 පමන හොදින් පිරිමදින්න..පසුව මම කමෙන්ට් සෙක්ෂන් එකේ දමා ඇති ව්‍යායාම ටිකෙන් එකකින් දහය බැගින් කරන්න...මේ ටික හරියට කලොත් එක පාරෙන් සුව අතට හැරෙන බව ඔබටම තේරුම් යාවි නමුත් දින තුනක් හතරක් එක දිගට කරන්න ..

මේ සදහ ගොඩක් දුරට බටහිර වෛද්‍ය වරු කරන්නෙ මුලින් වේදනා නාශක සහ ප්‍රදාහය අඩුවෙන්න බෙහෙත් දීල බලල ඒත් අඩු වෙන්නෙ නැතිනම් කුඩා ශෛල්‍ය කර්මයකට යන්න කියන එක ( Carpal tunnel decompression surgery ) අපි එච්චර දුරට යන්න අවශ්‍ය වෙන එකක් නෑ හරියට තේරුම් අරන් කලොත් ඔයාලගෙ කාලයත් අනවශ්‍ය ලෙස වියදම් වෙන මුදලත් ඉතුරු වේවි..රෝගයත් හොදටම හොද වේවී ඒ වගේම ඔයාලගෙ දැනුමත් වර්ධනය වේවි තව කෙනෙකුට පිහිට වීමටත් හැකි වේවි

.
ස්තූති පෝස්ට් එකේ මුල්හිමිකරුට. ✍️සේනක නලින්

22/09/2025

💐🪷🐃🌼🌸🙏🙏

21/09/2025

දේවාල විශ්වාස නොකලට කමක් නෑ
හැබැයි කවුරු හරි හූල්ලන එක, ඇස්වහ කටවහ විශ්වාස කරන්න.
අද්දැකිමෙන් කියන්නේ.
😏❤️‍🩹

⭕අඹ ගසක ගෙඩි හැදීමට කෙම් ක්‍රම⭕අඹ ගසක ගෙඩි හට ගැනීම වැඩි කිරීමට භාවිතා කරන සාම්ප්‍රදායික කෙම් ක්‍රම කිහිපයක් මෙහි දැක්වේ...
21/09/2025

⭕අඹ ගසක ගෙඩි හැදීමට කෙම් ක්‍රම⭕

අඹ ගසක ගෙඩි හට ගැනීම වැඩි කිරීමට භාවිතා කරන සාම්ප්‍රදායික කෙම් ක්‍රම කිහිපයක් මෙහි දැක්වේ. මේවා විද්‍යාත්මකව ඔප්පු වී නොමැති වුවත්, බොහෝ ගොවීන් පරම්පරා ගණනාවක් තිස්සේ සාර්ථකව භාවිතා කර ඇත. මෙම ක්‍රමවල මූලික අරමුණ වන්නේ ගස "ආතතියට" පත් කිරීමෙන්, ස්වභාවිකවම ගෙඩි හටගැනීම උත්තේජනය කිරීමයි.

1. ගසට පහර දීම (කොටා දැමීම)
අඹ ගසක කඳට හෝ ප්‍රධාන අතුවලට පොරවකින් හෝ උදැල්ලකින් මෘදු ලෙස පහර කිහිපයක් එල්ල කිරීම ඉතා ප්‍රචලිත ක්‍රමයකි. මෙමගින් ගසට හානියක් නොවන සේ කම්පනයක් ඇති කිරීමෙන්, ගස වැඩිපුර මල් සහ ගෙඩි හටගැන්වීමට පෙළඹෙන බව විශ්වාස කෙරේ.

2. ජලය සීමා කිරීම (නියඟයක් ඇති කිරීම)
ගසට සපයන ජල ප්‍රමාණය සති කිහිපයක් මුළුල්ලේ අඩු කිරීමෙන් ගස නියඟ තත්ත්වයකට පත් කරන්න. මෙම "පීඩාකාරී" තත්ත්වය යටතේ ගස තම වර්ගයා බෝ කිරීම සඳහා වැඩිපුර මල් සහ ගෙඩි හටගැන්වීමට පෙළඹේ. ගෙඩි හටගත් පසු නැවත ජලය ලබා දීම ආරම්භ කළ හැකිය.

3. ගස මුලට ගොම සහ ලුණු යෙදීම
සම්පූර්ණයෙන්ම වියළී ගිය ගොම ගොඩක් අඹ ගසක් මුලට යෙදීම තවත් ක්‍රමයකි. ගොම පොහොරක් ලෙස ක්‍රියා කරනවාට අමතරව, එහි ඇති ස්වභාවික ගුණාංග ගෙඩි හටගැනීම උත්තේජනය කරන බවට විශ්වාසයක් පවතී. සමහර ගොවීන් ගස මුලට ලුණු ස්වල්පයක්ද යොදනු ලබයි.

4. ගස මුල ගිනි දැල්වීම
අඹ ගසක් ගෙඩි හට නොගන්නේ නම්, ගස වටා මඳක් දුරින් ගිනි ගොඩක් දල්වා දුම් ගැසීම තවත් කෙම් ක්‍රමයකි. ගසට ලැබෙන තාපය සහ දුමාරය නිසා ගසේ හෝමෝන ක්‍රියාකාරිත්වය උත්තේජනය වී වැඩිපුර මල් හටගන්නා බව විශ්වාස කෙරේ. නමුත් මෙය ගසට හානි නොවන ලෙස ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතුය.

මෙම සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කිරීමේදී ගසට හානි නොවන ලෙස ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම වැදගත් වේ. මීට අමතරව, ගසට නිසි ලෙස පෝෂණය ලබා දීම, වල් පැළෑටි ඉවත් කිරීම සහ කෘමි හානිවලින් ආරක්ෂා කිරීමද අඹ අස්වැන්න වැඩි කිරීමට අත්‍යවශ්‍ය වේ.

උපුටාගැනීමකි.
ස්තූති පෝස්ට් එකේ මුල්හිමිකරුට.

21/09/2025

මතක තියාගන්න !!
කාලයක් අපිව රහ උණ මිනිස්සුන්ට 🌹

කාලෙකදි අපිව වහ වෙනවා ❤️‍🩹

Address

A9
Kandy

Telephone

+94743009909

Website

Alerts

Be the first to know and let us send you an email when හිතට එහා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හිතට එහා:

Share