Neja Publications and Diary

Neja Publications and Diary 📚 NEJA Publications 📚
Where stories turn into emotions and words become memories.

Supporting Sri Lankan writers | Quality Sinhala literature
📩 DM us for publishing & book details

කස්තුරි සුවඳ''පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා....
29/04/2026

කස්තුරි සුවඳ

''පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ...”

- රුෂිර මාණික්‍ය දේවප්‍රිය -

කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ... කියන ඇස් හඬ නගන හැගීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැදීම...

“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ... කිසිම තාලයක් නෑ... මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ.. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න ?”

- සුවහස් මහරු හැඬපත්විල -

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පොතේ මිල -3500.00

වට්ටමෙන් පසු - 3250.00

071 632 4225- whatsapp

මන්දස්මිත ඉම නොපෙනෙන අඳුරු නිම්නයකඑළිය දී පෑයූ පහන් තරුවපෙම් සිත නො රැවටූනුඹයි මගේ මන්දස්මිතයමන්දස්මිතෆැන්ටසියක් නො වූ අ...
29/04/2026

මන්දස්මිත

ඉම නොපෙනෙන අඳුරු නිම්නයක
එළිය දී පෑයූ පහන් තරුව
පෙම් සිත නො රැවටූ
නුඹයි මගේ මන්දස්මිතය

මන්දස්මිත

ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව

බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්‍යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි.

නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් R**e trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්‍යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්‍රේරණය කළ යුතුය.

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පොතේ මිල 1950.00
වට්ටමෙන් පසු 1750.00

Cash on delivery available

071 632 4225- whatsapp

ප්‍රාණාන්තරඑසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප්‍රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අප...
29/04/2026

ප්‍රාණාන්තර

එසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප්‍රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අපමණ ප්‍රතික්ෂේප කළේය. මට ළමාකාලය දුෂ්කර කළේ ඵ් හිතුවක්කාර දොස්තරය. ඔහුත් මාත් අතර වයස් පරතරය වසර අටක් බැවින් ඔහුගේ ගතිගුණ නිසාම කුඩා කල සිටම මා ඔහුගෙන් දුටුවේ දැවැන්ත පිරිම් ආත්මයකි. ඔහු පවසන්නේ සත්‍යක්ම වග මා දන්නේ කෙසේද?

ඔහු අතීතයේ හැසිරුණ ආකාරයට ඔහුගේ සිතේ මා උදෙසා ප්‍රේමයක් ඵල හට ගෙන ඇති වග දැනගන්නේ අංජනම් එළි වලින්ද? නමුත් අවාසනාවටම ඔහු පිළිබඳවම මට ප්‍රේමයක් ඉපැදීම පිළිබඳව දැන් තරහා මට මා සමඟය. ඔහු මා අකමැත්තෙන් සිපගෙන ඇත. කැමැත්තෙන් සිප ගෙන ඇත. ඒ මොහොතවල් වලදි ඔහුට ව්රුද්ධ වන්නට නොහැකි ලෙසින් ඔහු මා ඔහුගේ මායාදැලේ පටලවාගෙන ඇත. අවසානයේ වරදකාරිය ලෙස මරණ දණ්ඩනය උරුමව ඇත්තේ ඔහුගේ දුර්ජන කාර්යයන් සේරෝම ඉවසු මටය. මේවා මහම මහා අසාධාරණ නඩු තීන්දුය. නමුත් නඩුකාර උන්නාන්සේ ඔහුය. නඩුවත් ඔහුගේය. අධිකරණයන් ඔහුගේය.

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පොතේ මිල 2200.00

වට්ටමෙන් පසු 2000.00

Cash on delivery available

071 632 4225- whatsapp

යෙලෝ ගුරුකඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මම හිස් තැනැත්තෙක්මි.”ආත්මීයයන් දැනෙන්නේ ඇතුල...
29/04/2026

යෙලෝ ගුරු

කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මම හිස් තැනැත්තෙක්මි.”

ආත්මීයයන් දැනෙන්නේ ඇතුල් වනවාට වඩා පිටවන විටදීය… අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළඳියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය.!

සමුගන්නට අන් යමක් නැත… අන් කිසිවක්ම නැත… අවිනිශ්චිතයක් මත රැඳෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී තුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි…

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

පොතේ මිල- 2500.00
වට්ටමෙන් පසු- 2350.00

Cash on delivery available

071 632 4225 - whatsapp

නුරාවක"මගේ ඇතුළේ හිටිය ආදරයම හොයන පුංචි ගැනු ළමයාව මගේ අත් වලින්ම මරලා දැම්මට පස්සේ මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරය කරන්න ලියව...
29/04/2026

නුරාවක

"මගේ ඇතුළේ හිටිය ආදරයම හොයන පුංචි ගැනු ළමයාව මගේ අත් වලින්ම මරලා දැම්මට පස්සේ මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරය කරන්න ලියවිලා තිබ්බ, මම සීමා විරහිතව වැඩියෙන්ම ආදරය කරපු මනුස්සයා දිහා හැඟීම් විරහිතම දෑස්වලින් බලන්න පුළුවන් වුණා. හද පතුලෙන් පුංචි ගැනු ළමයා කෑගහලා හඬා වැටෙද්දිත් මට මුකුත්ම නොවුණා වගේ ඉන්න පුළුවන් වුණා. එයා කවදාවත්ම දැනගත්තේ නැතුවට, කිසි ගාණක් නැහැ වගේ මමත් හිටියට, හැම රෑකම පුංචි ගැනු ළමයා මගෙන් එළියට ඇවිත් හැමෝටම හොරෙන් කොට්ට තෙමෙනකන් ඇඩුවා. ඉතින් තාමත් කියන්නේ මම ඔයාට ආදරේ කළේ නැ කියලද?''

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
පොතේ මිල- 2250.00
වට්ටම් සමඟ මිල 2000.00

Cash on delivery available

071 632 4225 - whatsapp

''ඇත්තටම බහිර්ජෝ උඹ දන්නවද මගෙ අම්මලා කෝ කියලා..? ඒ ගැන මට කවුරුත් හරියට මොකුත් කියන්නෙ නෑනෙ.. එක අතකට නැති අය ගැන හිතලා...
29/04/2026

''ඇත්තටම බහිර්ජෝ උඹ දන්නවද මගෙ අම්මලා කෝ කියලා..? ඒ ගැන මට කවුරුත් හරියට මොකුත් කියන්නෙ නෑනෙ.. එක අතකට නැති අය ගැන හිතලා වැඩකුත් නෑනේ.. නේද බං..?"

බහිර්ජ මගෙ පපුව උඩට ආවේ කලු පාට කකුල් හෙමින් හෙමින් තිය තිය. හරියට කවුරුත් නැතත් මම ඔයාට ඉන්නවා කියන්න වගේ. මගෙ ඇඟ උඩටම ඇවිත් මගෙ මූණ දිහා ටිකක් බලන් හිටියෙ දුකින් වගේ. කලු පාට උල් හොටක් තිබ්බට කවදාවත් මට හීරීමක්වත් කරලා නෑ. කකුල් වුණත් මගෙ ඇඟේ තියන්නෙ හරිම පරිස්සමට.

"මේ ගමේ කොච්චර ලස්සන කුරුල්ලො ඉන්නවද.. ඒත් මං ආදරේ උඹට විතරනේ..’

එහෙම කිව්වම බහිර්ජ ඔළුව මගෙ නිකටේ අතුල්ලන්න ගත්තේ මගෙ ආදරේ ඌට තේරෙනවා වගේ..

'' බහිර්ජ උඹට මේ මාලේ කරදරයක් නෑ නේද, පූසන්ටනම් බෙල්ලට මාල දාන්න හොඳ නෑ කියලා ආච්චම්මා කිව්වා. ඌට එතකොට ඉව අඩු වෙනවලු. උඹටත් එහෙමද කොල්ලො. එහෙනම් ඕක අත්තක පටලලා හරි කඩා ගනින්."

"ඔයා දන්නවද.. හෙට මං ගමනක් යනවා.. ඔයාත් එනවද යන්න..?”

"ක්‍රැව්.. ක්‍රැව්.."

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ලස්සන කපුටු කොල්ලෙක් එක්ක ලියවුණු කෙල්ලෙක්ගේ බැඳීම මොකක්ද. ඒ ගැන දැනගන්න බහිරව කියවලා බලන්න.

පොතේ මිල 1350.00

වට්ටමෙන් පසු 1100.00

Cash on delivery available

071 632 4225 - whatsapp

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව වසරක් වේවා! ✨உங்கள் குடும்பத்தினருடன் சேர்ந்து ...
14/04/2026

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව වසරක් වේවා! ✨

உங்கள் குடும்பத்தினருடன் சேர்ந்து மகிழ்ச்சி, வளம், ஆரோக்கியம் மற்றும் வெற்றியால் நிறைந்த புதிய ஆண்டை வாழ்த்துகிறோம்! ✨

Wishing you and your family a joyful, prosperous, healthy, and successful New Year! ✨

🌸 from Neja Publications! 🌸

❤️‍🔥🩷Neja publications 🩷❤️‍🔥👑✨ අවුරුදු කුමරා & කුමරිය තරඟය 2026 ✨👑අප්‍රේල් 16 දක්වා ❤️‍🔥ඔබටත් ඔබේ රූපය, විලාසිතාව, සහ වි...
13/04/2026

❤️‍🔥🩷Neja publications 🩷❤️‍🔥

👑✨ අවුරුදු කුමරා & කුමරිය තරඟය 2026 ✨👑

අප්‍රේල් 16 දක්වා ❤️‍🔥

ඔබටත් ඔබේ රූපය, විලාසිතාව, සහ විශ්වාසය ලෝකයට පෙන්නන්න අවස්ථාවක්! 💫

📌 වයස් සීමාව: 18 – 30 අතර
📌 ජයග්‍රාහකයා තෝරන්නේ: වැඩිම Likes ලැබූ කෙනා

📌 සහභාගී වීමට ඔබ කළ යුතු දේ:
✔️ අපගේ Page එක Follow කරන්න

✔️ අපගේ TikTok account එක Follow කරන්න

✔️ ඒ Follow කරපු screenshots Inbox එවන්න

✔️ ඔබගේ Photo එක මේ post එකේ Comment කරන්න
✔️ Post එක Share කරන්න

✔️ ඔබට Like කරන අයත් Page එක Follow කරලා තිබිය යුතුයි

🎁 පළමු ත්‍යාගය: රු. 10,000ක් වටිනා පොත් කට්ටලයක්! 📚

👫 ගැහැණු – පිරිමි දෙපාර්ශ්වයම සහභාගී විය හැක!

අදම ඔබේ අවස්ථාව අල්ලාගන්න! 💥
ඔබයි මේ අවුරුද්දේ කුමරා හෝ කුමරිය විය හැක්කේ! 👑🔥

රුද්‍රාක්ෂ යනු සැබැවින්ම නර රාක්ෂයෙකි.රාවණගේ ලේ උරුමය රැකගෙන එන පෞඪ ලාංකිකයෙකි...මේ මහා විශ්වයම පාලනය කරන රජෙකි..මේ ඔහුග...
11/04/2026

රුද්‍රාක්ෂ යනු සැබැවින්ම නර රාක්ෂයෙකි.
රාවණගේ ලේ උරුමය රැකගෙන එන පෞඪ ලාංකිකයෙකි...
මේ මහා විශ්වයම පාලනය කරන රජෙකි..
මේ ඔහුගේ කතාවයි...
රුද්‍රාක්ෂ
අදම ඔබේ පිටපත වෙන්කර ගන්න.
තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්.
අමතන්න 👇👇👇

⁨071 6324225

COD available

දන්නවාද සහස්නා..මේක ඔයාගෙවත් මගෙවත් පළවෙනි හමුවීම නෙවෙයි..එහෙනම්..මේක අන්තිම හමුවීමත් නෙවෙයි...අවුරුදුම පන්දාහක් තිස්සේ ...
10/04/2026

දන්නවාද සහස්නා..
මේක ඔයාගෙවත් මගෙවත් පළවෙනි හමුවීම නෙවෙයි..
එහෙනම්..
මේක අන්තිම හමුවීමත් නෙවෙයි...
අවුරුදුම පන්දාහක් තිස්සේ ඔයා මාව..මම ඔයාව පතාගෙන එන්නේ..
ඉස්සරහටත්..
ඔව් මගේ මැණිකේ...මේ භව චක්‍රය නිමාවන තෙක්ම..
අපි අපෙ විතරමයි ද..
ඔව්..

සහස්නා රුද්‍ර දෙස බලා දෑස් පියාගත්තේ සැනසීමෙනි. ඒ සැනසීම බිදින්නට රුද්‍රගේ ශෘංගාරාත්මක හාදුව සමත්විය.කෙමෙන් ඒ රාක්ෂ පහසට ඈ නතුවනවිට නොදැනීම දෑස් වසාගත්තේ තමා හිමි ඒ රාක්ෂ කුලයේ හැඩකාරයාට පමණක්ම වූ බැවිනි..
❤️‍🔥
❤️‍🔥
❤️‍🔥
❤️‍🔥
❤️‍🔥

ඒ සංසාරගත ආදරේ රස ඔයා තාම වින්දේ නැද්ද...එහෙනම් ඉක්මනින් ඔයාගේ පොත වෙන්කරගන්න ළමයෝ.. ඉරහද පවා පාලනය කරන මහා බලගතු ආදරවන්තයාව ඔයාගේ කරගන්න..oder now
👇

⁨ 071 632 4225

Limited stock available ❤️‍🔥👇🩷😩
COD and bank deposit available 🔒🔒

10/04/2026

ඔයා ආසම පොත් ගෙදරටම ගෙන්නගන්න අපිට කතා කරන්න..

COD available ❤️‍🔥👇

071 6324225

ඉක්මනට මේ පැත්තට එන්න ළමයෝ...මේ පොත් ඔයා එනකම් බලා ඉන්නවා..😍😌

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Neja Publications and Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neja Publications and Diary:

Share

Category