07/08/2026
කුරුලෑ වැඩි කරගන්න ඕනේද? එහෙනම් මේ වැරදි පුරුදු දිගටම කරන්න!
කුරුලෑ වැඩි කරගන්න ඕනේද? එහෙනම් මුහුණ නිතර අතගාන්න, makeup එකත් එක්කම නිදාගන්න, pillowcase එක මාස ගණනක් මාරු නොකරන්න, අද එක product එකක් දාලා හෙට තවත් එකක් try කරන්න! සම අවුල් කරගන්න ලේසිම ක්‍රම කිහිපයක් තමයි ඒ.
නමුත් ඇත්තටම කුරුලෑ වළක්වාගන්න අවශ්‍ය නම්, “වැඩිපුර” කරන එකට වඩා නිවැරදිව සහ නිතර කරන එක වැදගත්.
මුලින්ම, උදේ සහ රාත්‍රියේ මෘදු cleanser එකකින් මුහුණ සෝදන්න. වැඩිපුර සෝදන එක හෝ තදින් scrub කරන එකෙන් සම වියළී, රතු වී අසහනයට පත්වෙන්න පුළුවන්. දහඩිය දැමූ පසුත් මෘදු ලෙස මුහුණ පිරිසිදු කරගන්න. මුහුණ පිසීමට පිරිසිදු, මෘදු towel එකක් භාවිත කර එය වෙනත් අය සමඟ බෙදා නොගන්න.
ඔබගේ අත්, mobile phone එක, කොණ්ඩය සහ pillowcase එක නිතර මුහුණට ස්පර්ශ වෙනවා. ඒ නිසා අපිරිසිදු අත්වලින් මුහුණ අතගෑම, කුරුලෑ මිරිකීම සහ නිතර ඒවා පරීක්ෂා කිරීම අඩු කරන්න. Pillowcase එක නිතර මාරු කර සෝදන්න. විශේෂයෙන් කොණ්ඩා තෙල් හෝ styling products භාවිත කරනවා නම් මෙය වැදගත්. Makeup brushes සහ sponges ද පිරිසිදුව තබාගන්න.
Makeup භාවිත කරනවා නම් නිදාගන්න පෙර සම්පූර්ණයෙන් ඉවත් කර, පසුව gentle cleanser එකකින් මුහුණ සෝදන්න. Oil-free හෝ non-comedogenic ලෙස සඳහන් skincare, sunscreen සහ makeup තෝරාගන්න. අලුත් products ගොඩක් එකවර පටන් නොගෙන එකක් බැගින් routine එකට එකතු කරන්න.
වතුර පානය කිරීම කුරුලෑ සඳහා මැජික් ප්‍රතිකාරයක් නොවුණත් ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍යයට වැදගත්. එකම ආහාරයක් හැමෝටම කුරුලෑ ඇති කරනවා කියලා හිතන්න එපා. සමබර ආහාර වේලක් තෝරාගෙන, ඔබට නොගැළපෙන ආහාර පුරුදු තිබේදැයි නිරීක්ෂණය කරන්න.
අවසානයේ basic routine එක සරලව තබාගන්න: Cleanse, Moisturize, Sunscreen. Products නිතර මාරු නොකර consistency එකට අවස්ථාව දෙන්න. කුරුලෑ දිගටම පවතිනවා, වේදනාකාරී වෙනවා හෝ කැළැල් ඇතිවෙනවා නම් චර්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.
අදින් එක හොඳ skincare පුරුද්දක් පටන්ගන්න!