04/12/2024
ශිෂ්ටාචාර බිහිවීමේ බොහෝ අංගවල පුරෝගාමීන් වුණේ රෝමානුවන්, අද අපි ක්ෂණික ආහාර, වීදි ආහාර (Instant Food/Street Food) විදිහට හඳුන්වන මුල් සංකල්පය හඳුන්වා දෙන්නෙ ඔවුන්... මේ කඩවීදි එවකට හැඳින්වී තිබුණේ "තර්මොපෝලියා" (Thermopolia) නමින්...
තර්මොපෝලියා වචනයේ "Thermo" යන්නෙන් අදහස්වෙන්නෙ "උණුසුම" අර්ථය... උණුවතුර වැඩිවෙලාවක් තියාගන්න භාජනවලටත් තර්මොෆ්ලාස්කුව නැතිනම් උණුවතුර බෝතල් විදිහට අපි හඳුන්වනවා..
මේ විචිත්‍රවත් වීදි දෙපස තියෙන ඉදිකිරීම් හුදු ආපනශාලාවලට වඩා එවකට බොහෝමයක් ඉදිරියෙන් තිබුණු අංග... ඒවා කාර්යබහුල නාගරික ජනතාවට, විශේෂයෙන්ම පහත් පංතිවලට අත්‍යවශ්‍ය ජීවන මාර්ගයක් හදලා දුන්නා... ඒවා මගින් රෝමානු නගරවල ජනාකීර්ණ සහ තදබදයෙන් පිරෙන වීදිවල පෝෂණය විතරක්ම නෙමෙයි සාමූහීකත්වය ගැනත් හැඟීමක් ඇතිකරා....
ඉස්ටුවක්, පාන්, කුළුබඩු සහිත මස් වලින් තැම්බෙන පිඟන් වලින් පිරෙන තර්මෝපොලියා දිනපතාම එදිනෙදා කුසගිනි නිවාලන්න සහනයක් වීදි දෙපස ලබලා දුන්නා...
මේ සමාජයීය අංගවල පැමිණීම රෝමානු ශිෂ්ටාචාරයේ මානුෂීය පැතිකඩක් අවධාරණය කරන්නෙ විශාල හා සංකීර්ණ සමාජයක බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවලට අනුවර්තනය වීමක් විදිහට.... එය එක් පංතියකට පමණක් සීමා වී තිබුණේ නෑ...
එක විදිහකට, ඔවුන් රෝමානු ජීවිතයේ එක කුඩා ලෝකයක් නියෝජනය කරනවා..... එතනදි පන්ති, සංස්කෘතීන්, ආහාර පිසීමේ මේ සමාජ හවුල එවකට පැවැත්මේ සහ පෝෂණය ගැන අපේ හිත්වල සිනමා පටයක මෙන් විචිත්‍ර ජවනිකාවක් නිර්මාණය කරන්නට සමත්වෙනවා...
ශ්‍රේෂ්ඨත්වය තුළ ප්‍රායෝගිකත්වය පවත්වාගෙන යන්නට උත්සාහයක් ගත්වග ඒ කාර්‍ය තුළ මානූශීයත්වය නොනැසී පවත්වාගෙන යාමට උත්සහ කලබව රෝමවරුන් අවධාරණය කරනවා....
ඒ ප්‍රගමණයෙ අහස උසට නැගෙන ස්මාරක, ගෘහ නිර්මාණ ශිල්ප, මහා සිනමාහල්වලට විතරක් වෙන් නොකර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් වූ ලෝකයක් ඔවුන් නිර්මාණය කරනවා....
පුරාණ අධිරාජ්‍යයක කාර්යබහුල, සංකීර්ණ ජීවිත තුළ පවා සාමූහිකව ආහාර බෙදා ගැනීමේ, ජීවය පවත්වාගැනීමේ කාලානුරූපී මානව අවශ්‍යතාවය රෝමන්වරු මතක් කර දෙනවා.....
*********
ධනංජය රණවක
2024/11/30