ChathuribbonEmbroider

ChathuribbonEmbroider lovely House ��
Make your house Beautiful with hand made items ���
(53)

09/06/2026

එකනම් 😭😭😭

අනිවාර්යෙන් ❤️
30/05/2026

අනිවාර්යෙන් ❤️

ලිං|ගි|ක|ව එකතුවෙන වෙලාව කියන්නෙ ගෑණු මූණක කියන්න බැරිතරම් ඉරියව් මැවෙනව වෙලාවක්... පිරිමියෙක් ඒ දේ හරියටම කරනවනම්, ගෑණු තොල්වලින් කියන්න ඕන හැමදේම ඉබේම කියවෙනවා!

එහෙම වෙලාවට ගෑණියෙක් කෙඳිරිලි නවත්තන්න තමන්ගෙම තොල් හපාගන්න විදියෙන්, පිරිමි අත්වලින් මිදෙනවා වෙනුවට තව තව ඒ පිරිමියාව තමන් ලඟට ලඟට ලංකරගන්න විදියෙන්, ජීවිතේ කවදාවත් විඳලා නැති හැඟීම් ලඟට ලංවෙනකොට ඒ ඇඟ වෙව්ලලා යන විදියෙන්, ගෑණු පිරිමින්ට නොකියා කියන කතාවක් තියෙනවා.

එහෙම වෙලාවට පිරිමියෙක් දකින්නෙ ශෘංගාරය නිසා මැවෙන ගෑණු සතුට විතරක්ම නෙවෙයි, ගෑණු හිතක යටත්වීමක්.

ඒ ගෑණු ඇඟක් මේ ලෝකෙ තමන්ට විශ්වාස එකම එක පිරිමියාට විතරක් තේරෙන භාෂාවකින් කතා කෙරිල්ලක්.

පිරිමියෙක් විදියට කවදාහරි දවසක උඹ ඒ බැල්ම දැකලා තියෙනවනම්, ඒ හුස්ම දැනිලා තියෙනවනම්, ඒ මොහොත රසවිඳලා තියෙනවනම්.

එතන තිබුනෙ ලිං|ගි|ක|ත්|ව|ය විතරක්ම නෙවෙයි කියන එක උඹගෙ හිත දන්නවා. ඒ ගෑණු තොල්වලට පිරිමියෙක් නැති තැන්වල පවා ඒ පිරිමියාගෙ නම මුමුණන්න හිතෙන ඇබ්බැහිය පටන්ගන්න වෙලාවක්!
Sihina Siththaravee

30/05/2026

අනේ එකනම් 🥰❤️

😍😍😍
20/05/2026

😍😍😍

වියරු සිත්තම් 02
ආදරයක මතක

කෙටි කථා අංක 01

ප්‍රථම දිග හැරුම (01)

මුළු මහත් අහස් තලයම අදුරුවලාවන්ගෙන් සැරසී තැනින් තැන රිදී එලි විහිදුවමින් ගිගුරුම් දෙන්න වුයේ මුළුමහත් පරිසරයටම මුස්පේන්තු පාටක් එක් කරවමින් ය.

තැන් තැන්වලින් ගරා වැටි ඇති බිත්ති මත නෙත් රදවන් සිටී සේයා ගැස්සී ගොස් හැරී බැලුවේ ලොකු මාමා කතා කල නිසාවෙනි.

සුදු මැණිකේ............

පුතේ.... අපට පරක්කු වෙනවා...... අද රෑ මම අනිවාර්යෙන් ම හොස්පිටල් ඒකෙ ඉන්න ඕන...... එපයිමන්ට් ගොඩාක් තියෙනවා කියලා දැන් ටිකකට කලින් කෝල් කලා...... ඉතින් මම යන්නම එපැයි පුතේ.......
ඔහු කීවේ සේයා ගේ හිස අතගාමින් ය.

තමන්ගේ කියලා හිටපු එකම එක්කෙනත් සදහටම නොයෙන ගමන් ගියාට පස්සේ තවමත් අව්රුදු පහලවක කෙල්ලෙක් වෙන මම කොහොමනම් මේ ගෙදර තනියම ජිවත් වෙන්නද ඇය තම සිතුවිලි සමග තනිවන්නට විය.
ඇගේ පපුව ඉහිලුම් නොදෙන වේදනාවකින් ගැහෙන්නට වුයේ අදින් පසුව ගෙවෙන හැම මොහොතෙම තම තනි නොතනියට ඇයට ඉන්නෙ තමන්ම පමණක් බැවි සිහිවීමෙනි.මහා මුසල හැගීමකින් මුළු හිතම පිරී යන්න වුයෙන් මින් පසුවට මොන ප්‍රශ්න ගැටළු මොන විදිහකට තමන් ලගට ආවත් ඒවට නොබියව මුණ දිය යුතු බව තරයේ හිතාගත්තේය.

යස්මිත තවමත් බලාගෙන ඉන්නෙ යුවතිය දෙසය.

ඇය නිහඩය........

බිම බලාගෙනම නෙත් තුලින් ඇදහැලෙන කදුළු කැට තම දෝතට වැටෙන යුරු ඇය නිහඩවම බලා ඉන්නට විය.මාමාලා අම්මා ඉන්න කාලේවත් අලුත් අවරුද්දකටවත් මෙහෙ නාව ඒකෙ දැන් අම්මා නැති කොට කොහොමත් එන එකක් නෑ ඇයට සිතෙන්නට විය. අව්රුදු පහේදී වගේ අයියලත් එක්ක මිදුලේ දුවලා පැනලා සෙල්ලම් කල විදිහ ඇයගේ මතකයට ආවේ නෙත් කෙවෙනි ඇදුන් කකා පහලට ඇද හැලෙන කදුළු අතරින්මය.

ඒ අත්තම්මා සිටී කාලයේදීය. අත්තම්මත් අත්තප්පත් නැති උනායින් පසුව මීට අව්රුදු හයකට පෙර හදිසි අනතුරකින් තාත්තා නැති උනාට පසු මාමත් නැන්දත් පමණක් මලගමට පමණක් ඇවිත් ගිය හැටි ඇයට මතක් වුයේ ය. ඉන් පසු දැන් මේ ආවේ...... අම්මගේ මලගමටය.

අම්මා නැති වූ වගක් කොහොම දැනගත්තද කියන එකත් ඇයට මහා සැකයකි. පුංචි කාලයේ ඉදන්ම කිසිම සමීප ඇසුරක් නොතිබ්බ මාමා ආය කවමදාකවත් මට දකින්න වෙන එකක් නෑ.... ඇය යටි සිතින් මෙනෙහි කරන්නට වුයේ සිහින් ඉකියක්ද සමගිනි.

අප්පච්චි.......

ඒත් එක්කම කාමරයට පැමිණි රසාන්ගී පරක්කු වෙනවා නේද අපට.........

මහා වැස්සකුත් එන්න හදන්නේ........ ඒක නිසා ඉක්මනට පිටත්වෙමු....
මහා හයියෙන් වහින්න ගත්තොත් ඔයාට ඩ්‍රයිව්න්ග් කරන්න ත් අමරුයිනේ ඇය කියාගෙන ගියේය.

රසාන්ගී දෙස දෙනෙත් යොමු කල ඔහු අනතුරුව දෑසින් සේයව පෙන්නා ඉගිකලේ ඇය නිහඩවම නෙතින් වැටෙන කදුළු දෝතට එකතු කරමින් සිටී නිසාය.

එය දුටු රසාන්ගිගේ පපුව කීරී ගැහිලා ගියේ.......
දරුවෙකුට අම්මෙක් තාත්තෙක් කියන්නෙම සසරක් ඒ ආදරය සෙනෙහස අහිමිව ගියාට පසු දරුවෙක් කොතෙක් නම් මානසිකව බිද වැටෙනවාද වග ඇගේ වෘත්තීමය පල පිරුද්ද මතම ඇය හොදින් දන්නා කරුණක්‌ නිසාවෙනි.

පුතේ....... සේයා ..... මේ බලන්නකෝ මැණික........ අපට යන්න පරක්කු වෙනවනේ.....
ඉතින් ඒක නිසා දැම්ම පිටත් වෙමු. එතකොට මාමන්ඩ්ට වෙලාවට හොස්පිටල් එකට යන්නත් පුළුවන් නේ........

රසාන්ගිගේ...... කතාවෙන් ගැස්සී ගිය ඇය හිස ඔසවා රතුවී බොදව තිබු දිගැටී නෙත් දෙක විශාල කරගනිමින්

යන්න........ කොහෙද
නැන්දැම්මේ.........
මමත් යනවද.......
ඇය ඇසුවේ සිහින් හඩිනි.

ඔව් පුතේ...... ඔයාව මේ ගේ අස්සේ තනියම දාලා අපි කොහොමද යන්නේ..........
ම්ම්ම්ම්ම්ම්ම්
අනික ඔයා තවම ළමයෙක්..... ඉතින් කාගේ හැරි රැකවරණය ක ඕන හැදෙන්න වැඩෙන්න.........
මටත් කියලා කෙල්ලෝ නෑනේ...... ඉතින් අද ඉදන් මම ඔයාගේ අම්මා..... නැන්දැම්මා නෙවෙයි හොදද......

ඇය කීවේ සේයාගේ මට සිලිටු සුන්දර කම්මුල් මත තම දෝතම තබමිනුය.

අනේ...... නැන්දැම්මේ........ මගේ අම්මා........ එයා නැතිව මට ඉන්න අමාරුයි නැන්දම්මේ....... ඇය ඉකිලන්න වුයේ රසාන්ගිගේ බද වටා තම දෑත් යවමින් තදින්ම බදාගනිමින් ය.

අනේ..... පුතේ...... දැන් ඕවා හිතන්න එපා මැණිකේ.......
එහෙම තමයි ජිවිතේ කියන්නේ........ එනවා යනවා......... ඉතින් ඒකට අපි මුණ දෙන්නම ඕන පුතේ.......
දැන් හොද කෙල්ල වගේ මුණ ටිකක් හොදන් ලෑස්ති වෙන්නකෝ අපි නුවර යමු හරිද සතියකින් විතර මාමට නිවාඩු දවසක ඇවිත් ස්කුල් එකෙන් අස්වීම අන්න අපි හොද ස්කුල් එහෙකට යමු හාද........
දැන් ඉතින් හොද කෙල්ල වගේ මුණ කට සෝදන් ඉක්මනට ඇදුමක් දාගන්නකෝ.....
බලන්න..... ඔය මුනේ හැටී ජම්බෝලේ වගේ තිබ්බ ලස්සන සුදු මුණ රතුවෙලා ඒ මදිවට හොදටෝම තඩිස්සි වෙලා........ඇය කීවේ ආදරණිය ලෙසය.

නිහඩවම ඉදන් සිටිය තැනින් නැගිට ගත් ඇය කුස්සිය පැත්තෙන් එළියට බැහැල ගියේ සබන් පෙට්ටියත් තුවායත් බාල්දියත් රැගෙන ලිද ගාවටය.

රසාන්ගිගේ කරුණාබර වචන හමුවේ තැතිගෙන තිබු සිත මදක් සන් සුන් වුයෙන් ඇයගේ සිතට දැනුනේ පුදුම තරම් සහනයකි . අද සිට මාමගේ සහ නැන්දගේ රැකවරණය මැද්දේ හැදී වැඩෙන්න සිදු වෙන බැවින් ඔව්න්ගේ සිත නොරිදෙන ලෙස ජිවත් විය යුතුබව ඇය තරයේ සිතා ගත්තේය. අම්මා නැතිවීම හේතුවෙන් මුළු පපුවම කීරි ගැහි රිදුම් දෙන්දින් ඇය මුණ සෝදගන්න වුයේ නෙත් තුලින් නොනවත්වා ඇදහැලෙන කදුළු කැට හිර කරගන්නට උත්සහ කරමිනි.

ඉක්මනටම මුණ සෝදන් ගෙට ගිය ඇය ලා රෝස පාට මල් වැටුන ගව්මක් ඇගට දාගෙන කොණ්ඩය එක කරලට ගොතාගෙන පටි සෙරප්පු දෙකත් දාගත්තේ අතට අහු උන ඇදුම් කැඩුම් ටිකකුත් බෑගයට දමාගනිමින් ය.

ඇගේ පොත් පත් සියල්ලම තවත් බෑග් දෙකකට දාගෙන ඒ සියල්ලමත් සමගින් හෙමින් සැරේ ගොස් රසාන්ගී අසලින් හිටගත්තේ බිම බලාගෙනමය.

ඇය අසලින් සිටගත් යුවතිය දුටු රසාන්ගි

අප්පච්චි.....

එහෙනම් අපි යමු දරුවා ලෑස්තියි යනුවෙන් කීවේ සේයා අත තිබු එක් බෑගයක්‌ ඇයගේ අතට ගනිමිණි

රසාන්ගි ඇගේ බරම බෑගය ගෙන ඉස්සර වුයෙන් සේයා එතන සිටී වැඩි හිටි කීප දෙනාට වැද සමුදුන්නේ............දින තුනක් පුරාවට අඩලා අඩලම හෙම්බත්ව තඩිස්සි වී තිබු මුණ තුල ආයාසයෙන් සිනහවක් ද මවා ගනිමින්ය.

අනේ..... දුකේ බෑ පොඩි එකී...... පරිස්සමින් පුතේ..... හොදට ඉගෙන ගෙන මාමා නැන්දා වගේම ලොකු දොස්තර නෝනා කෙනෙක් වෙලා එන්න ඕන අපිවත් බලන්න හොදද.......

පවසමින් ඇයගේ ගෙදරට අල්ලපු ගෙදර වසන නයෝමි නැන්දා හිස අත ගාමින් ආශිර්වාද කලේය.

නෙත් කෙවෙනි තුල ගුලිව තිබු කදුළු කැටත් හිරකරගෙනම අපි ගිහින් එන්නම් නැන්දේ යැයි පවසමින් ඇය හැරුනේ පසෙකින් නතර කොට තිබු කාර් රථය වෙතය.

එහෙනම් නයෝමි නංගි.... අපි ගිහින් එන්නම්.........
නොයාම බැරි නිසා යනවා මිසක හිතකින් යනවා නෙවෙයි නංගි.......

තව ටිකකින් මගේ කොල්ලෝ තුන් හතර දෙනෙක් ඒවි. ඒ ආවම නන්ගිලත් පොඩ්ඩක් මේ පැත්ත බලන්න...... හත්දවසක් යනකන් ගේ වහන්න හොද නෑනේ..... ඒක නිසයි හත්දවසේ දානේ ලක ලෑස්ති කරගන්නයි තමයි මම උන්ව මෙහෙට්ට එවන්නේ.......

නංගි තමයි මුලිකත්වය අන්න ඒ ටික කරලා දෙන්න ඕන හොදද.......

අවශ්‍ය කරන මුදල් මම චාමර මල්ලිගේ එකව්න්ට් නම්බර් එකට දාන්නම් දවාලේ මම මලයගෙන් ඉල්ලා ගත්තා නම්බර් එක ......

මෙන්න මේ මගේ නම්බර් එක නංගියේ.... මල්ලිට කියන්නකෝ හදිසියක් උනොත් කෝල් එකක් දෙන්න කියලා......... යස්මිත කියාගෙන කියාගෙන ගියෙන් නයෝමි හැම දදේකටම හිස වන වනා අසන් සිටියේය.

හා.. අයියේ.... හොදයි මම අපේ එක්කෙනාට කියන්නම් කෝ........ යැයි අනතුරුව ඇය ඔහුට කීවේ සිනහවකින් මුව සරසාගනිමිනුයි.

එහෙනම් වැස්සට කලින් අපි මෙහෙන් මාරුවෙන්නම් නැත්තන් වාහනේ ගෙනියන්න අමාරුයි නංගි......

කියූ ඔහු.....
අනතුරුව පැමිණ සිටී සියල්ලන් දෙසම බලා

එහෙනම් අපි ගිහින් එන්නම්....... හැමෝම පුළු පුළුවන් විදිහට අපට උදව් කලා ඒකට ගොඩාක් පින්........
ඒ විදිහටම දානේ වැඩ ටික කරගන්නත් අපට උදව් කරනවනම් ලොකූ දෙයක් යැයි ඔව්න් අමතා කීවේය.

අයියෝ..... ඕක කියන්නත් දෙයක්ද දොස්තර මහත්තයා.....

නැති උනේ පිට එකියක් යෑ......

මේ ගමේ එකියක් නේ......

ඉන්නකන් පුදුම තරම් ගමේ මිනිස්සුන්ට පුළු පුළුවන් විදිහට උදව් උපකාර කරපු කෙල්ලෙක් නේ දිලානි කියන්නේ......

ඉතින් ඒකි වෙනුවෙන් අපට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරනවා මහත්තයෝ යැයි..... පිරිසගෙන් ඒක අයෙක් කීවේ යස්මිතගේ දෙනෙතට කදුලක්ද එක් කරවමින්ය.
ඒත් එක්කම ඇද හැලෙන්න වූ සිහින් පොදයත් සමගින්
පැමිණ සිටී ගමේ සියල්ලන්ටම සමු දුන් යස්මිත දිව ගොස් රථයට නැග රථය පනගන්වාගෙන එතනින් පිටත් වන්නට විය.

ඇදුන් බෑගයත් පපුවට තද කරගත් සේයා පිටුපස කන්නාඩියෙන් ආපසු හැරී මොහොතක් තම පරන නිවස වෙත නෙත් රැදවුයේ දරාගත නොහැකි වේදනාවකින් මුළු හිතම කෑ ගසන්දිනුයි. අද සිටන් ගෙව්න අතීතය මතකයක් විතරක්ම වෙයි. ඇය හුල්ලන්නට වුයේ නෙත් කෙවෙනි තුල ගල් උන කදුළු කැටි පහලට ඇදහැලෙන්නට නොදී සිරකර ගන්නා ගමන්මය.

හීන් හිරිපොද හෙන පුපුරවමන් මහා වැස්සක්ව ඇද හැලෙන්න මහා වෙලාවක් ගත වුයේ නැත. මැල්සිරිපුර නගරය පසුකරගෙන ඉදිරියට ඇදෙන රථය තුල ඉදගෙන පැති කන්නාඩියේන් නිහඩවම එලිය බලාගෙන ගිය සේයාගේ නෙතගින් කදුළු දහරාවක් ඇද හැලෙන්නට වුයේ අහේතුකවය.

මින් පසුවට එලබෙන දින වකවානු කෙසේ ගෙවිලා හමාර වේවිද ඇයට සිතෙන්නට විය. පුපුරු ගැහෙමින් ඇදුන් කන නෙත් දෙක මොහොතකට පියාගත් සේයා පැලෙන්න මෙන් වේදනාවෙන් බරව තිබෙන හිස පිටුපස සීට් එකට බරකර ගත්තේ........ සිත මෙන්ම ගතත් කියාගත නොහැකි වේදනාවෙන් රිදුම් දෙන්නට වූ නිසාමය. එළියෙන් ඇදහැලෙන මහා අනෝරා වරුසාවත් රථය තුල ක්‍රියාත්මකව ඇති වායුසමීකරණයේ සිසිලසත් සමගින් ගතේ තිබ්බ අදික තෙහෙට්ටුවටත් දින ගණනාවකින් මොහොතකට වත් නෙත් නොපියන් සිටිය සේයාට නින්ද ගියේ නොදැනීමය.

මහා අනෝරා වැස්ස බාල වෙමින් සුළු ප්‍රමාණයට ඇදහැලෙන වැහි බිදු කපාගෙන ඉදිරියට ඇදුන කාර් රථය නතර වුයේ පේරා දෙනිය යස්මිතගේත් රසාන්ගිගේත් දෙමහල් නිවස ඉදිරිපිටය.වැරෙන්ඩා ව තුලට ඇතුල් කොට රථය නතර කෙරු යස්මිත

නෝනා......

සුදුවත් ඇහැරවන් එන්න එහෙනම් මම ඉක්මනට ගිහින් වොස් එකක් දාලා වැඩට යන්න ලෑස්ති වෙන්නම් කියමින් යුහුසුළුව ගෙට දිව ගියේය.

ඉදිරිපස අසුනේ සිටම ආපසු හැරී බැලූ රසාන්ගි මොහොතක් යුවතියගේ මුණ දෙසම බලා ඉන්න වුයේ පපුවට තදින්ම දැනෙන්න ට වූ ලෙන්ගතු කමක් හේතුවෙන් ය.

පැහැපත් වත කමල පිරී ගිය කම්මුල් අහිංසක නෙත් දෙක තරමක් පළල නළලත රසාන්ගිගේ හිත ට කා වැදුනේ පුදුම තරම් දරුණුවටය.කිසිදු මතකයක් නොමැති වුවත් ඇයව පුදුම තරම් ඇගේ පපුවට දැනෙන්න වුයේ කොහේ කොතනක හෝ ලගින්ම ඇසුරු කර ඇත්තාක් මෙන් හුරුපුරු අයුරින් ය.සේයා ඉපදුනත් හරි පස් හය පාරකට වඩා ඇයව දැක නොතිබුනේ ඇයගේ මෙන්ම යස්මිතගේත් කාර්ය බහුල ජීවිතය හේතුවෙනි. සේයාව දැකපු මුල්ම දවසෙම ඇය කෙරෙහි හිතේ උපන් ආදරය මෙතෙකැයි කියා විස්තර කල නොහැකි තරමටම ඒ හැගීම හරි අමුතුම දෙයකි.

ගොඩම ගොඩාක් අහින්සකයි........චුටි කෙල්ල මගේ....... ඇය ඇයටම මුමුණා ගත්තේය.

පිරිමි දරුවෝ දෙන්නෙකුට පමණක් ම. මවක් වූ ඇය කාලයක් තිස්සේ ගෑණු දරුවෙකු හදන්න උත්සහ කලෙන් එය ව්‍යර්තව ගියෙන් වේදනාවෙන් හෝ එම අදහස අත හැර දැම්මේ වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසාමය.

මේකට තමයි එහෙනම්....... මගේ බඩට කෙල්ලේක්‌ නාවේ....... සිරියාවන්ත කමින් බේරෙන උබවගේ දරුවෙකුට ජන්මය දෙන්න බැරි උනාට අද ඉදන් මැරෙන තුරුම උබට මගේම දරුවෙක් විදිහට උස්මහත් වෙන්න පුළුවන් කෙල්ලේ...... ඇය යටි සිතින් තමන්ටම කියාගත්තේය

යස්මිතගේ නංගි ගේ දුව මොකද මගේ දුව මොකද........ දැන් මට තිබ්බ එකම අඩුවත් හරි....... ඇය යටි සිතින් උදම්ව ගියේ උතුරා යන ප්‍රීතියෙන් යුක්තවය.

හෙමින් සැරේ දොරත් ඇරන් එළියට බැස්ස ඇය පිටුපස දොර හැර සේයාට කතා කලෙන්
ඇය ගැසීසී ගොස් නෙත් හැර බැලුවේ කලබලයෙනි.

මොකද පුතේ........ ඇයි මේ බයවෙලා වගේ......
ම්ම්ම්ම්ම්ම්
එන්න අපි ගෙදර ආවා......බහින්න පුතේ යැයි ඇය කීවේ සේයාගේ අතකින්ද අල්ලා ගෙනමය.

අහිංසක දිගැටී නෙත්යුග හීන් කරමින් සිහින් සිනහවකින් මුව සරසන් උකුලේ ගුලිව තිබු ඇදුන් බෑගයත් රැගෙන එළියට බහින්න හදන්වාත් සමගම

පුතේ..... ඔය බෑග් එක ඔහොම්ම සීට් එකෙන් තියලා ඔයා විතරක් බහින්න.......
අපි කැලුම්ට කියලා බෑග් ටික ගෙට ගෙන්න ගමු.........
රසාන්ගී කීවෙන් ලොකු කරගත් දෙනෙත් ඇය වෙත පාමින් හිස සොලවා රථයෙන් බැස ගත් ඇය නෙත් යුග අයාන දෙමහල් නිවස සිසාරා ඇදන් ගියේ තම මාමණ්ඩියගේ නිවසට පය තිබු පළමු අවස්ථාව ද මෙය වීම නිසාය.

තමන් කුඩාකල සිට ජිවත් වූ නිවස මෙන් දහගුණයක් මෙය විශාල ඇතැයි ඇයට සිතුනේය. ගෙට ඇතුලව නැවතත් ආපසු හැරී මිදුල දෙස බැලූ ඇයගේ දෙනෙත් දිලිසෙන්නට වුයේ මිදුල පුරා වවාතිබු විවිධ අලංකාර මල් ගොන්න දැකීමෙනි. කුඩා කල සිටම මල්වලට පුදුම තරම් ඇය ඇලුම් කරන්නට වීම එයට හේතුව විය.

නැවතත් ගෙතුලට යෑම සදහා ඇය ආපසු හැරුනත් නැන්දා පේන්න නොසිටිය නිසා ඇය අන්ද මන්දව ගියේ හිත පුරාම මහා නොසන්සුන් තාවයක් ඇති කරවමිනි.
ඇය දිගැටී ඇස්දෙකත් කරක කරකාම මුළු ගේ පුරාම නෙත් දිවැව්වේ තම නැන්දනියව සොයා ගැනීමේ අරමුණ ඇතිවය.

නුහුරු නුපුරුදු සුවිෂල් නිවස තුල ඇයට ගෙන ආවේ මන් මුලා වුවාක්‌ වැනි හැගීමකි.

හෙමින් හෙමින් ඉදිරියට පය තබමින් විශාල කරගත් දෙනෙත් ගේ පුරාම ඇදයමින් ගැහෙන හදින් ඉදිරියට ගිය අරලියා මහා පර්වතයක් වැනි යමක හැපී විසිව ගොස් ඇදන් වැටුනේ අසල තිබු මල්පෝච්චියක්ද බිම වැටී කීතු කීතූ වෙන්න කුඩුවෙලා යන්දිනුයි.

කොහොද අයිසේ යන්නේ.........
ඇස්පෙන්නේ නැද්ද.......
චික්...... යනුවෙන් ඇගපුරා විසිර ගිය කිරි කෝෆී එක පිස දමමින්ම පැහැසර බනින්නට වුයේ ඉවත බලාගෙනමය.

අස්කරලා දානවා ඔය ටික.... රෙද්ද කියමින් පැහැසර
පය තිබ්බේ කුඩුවී බිදී විසිරිලා තිබ්බ විදුරු මල් පෝච්චියේ කැබිලි උඩටය.

අහ් 🥰...... ඔන්න ඔය විදිහට තමයි කතාවේ ආරම්බය මම ගත්තේ පැටව්‍නේ😁. ඉතින් මිලගට මොකක් වෙයිද 🤭ඔයාගේ අදහස් පහලින් ලියාගෙන යමු එහෙනම් බලන්න 😁

මතුසම්බන්දයි

⚠️කතෘ අවසරයකින් තොරව පිටපත් කර ගැනීම තහනම්

⚠️නිර්මාණ අයිතිය කතෘට පමණක් ඇති බැවින් එය විකුර්ති කොට හෝ වෙනස් කොට පල කිරීමද දඩුවම් ලැබිය හැකි වරදකි.

⚠️කතෘ අයිතිය ලබා දෙමින් සෙයා කිරීමට අවසර ඇත.

චතු රත්වත්තේ
නිර්මාණය කි 💞

2026/04/30

#කෙටිකථාකියවන්නෝ #නවල්පිස්සෝ #නවකතාකියාවන්නෝ ゚viralシviralシfypシ゚viralシalシ #නවකතාවකි

#කෙටිකථාකියවන්නෝ #නවකතාකි #නවල්පිස්සෝ #නවකතාකියාවන්නෝ ゚viralシviralシfypシ゚viralシalシ #නවකතාවකි

20/05/2026

😌

❤️🥰
20/05/2026

❤️🥰

❤️
Soul Wander

අනිවාර්යෙන් ❤️
20/05/2026

අනිවාර්යෙන් ❤️

ජිවිතේ කියන්නේ රේස් එකක ජිවත් වෙනවා කියන්නේ ගේම් එකක්
බුද්දියෙන් ගේම් එක ප්ලේ කලොත් ඔයා දිනුම්

අපේ ජිවිතේ වටිනාකම තීරණය කරන්නේ අපිමයි............. වැටෙන හැම මොහොතේම
නැගිටින්න ශක්තිමත් වෙන්න..........
වැටි වැටී නැගිටින අය තමයි ජිවිතේ දිනන්නේ....... හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ....... ඉතින් ලස්සන ළමයෝ ඔයත් ඔයාගේ ජිවිතේ ජයගන්න මේ ගේම් එක ප්ලේ කරන්න බුද්දිය මෙහෙයවන්න පුරුදු වෙන්න.

✍️
චතු රත්වත්තේ

#කෙටිකථාකියවන්නෝ #නවකතාකි #නවල්පිස්සෝ #නවකතාකියාවන්නෝ ゚viralシviralシfypシ゚viralシalシ #නවකතාවකි

එකනම් ආසම ❤️
17/05/2026

එකනම් ආසම ❤️

කෙටි කථා 01

පලවෙනි කොටස

චිරි චිරි හඩනගමින් සතියක් පුරාවට එකම ගානට ඇදහැලෙන වරුශාව වෙලාවකටනම් මහා වදයක් ලෙස රස්මිතට දැනෙන්න ට වුයේ ප්‍රජෙක්ට් එක අවසන් කොට බාර දීමට තව සතියක කාලයක් පමණක් ඉතිරිව ඇති බැවිනි.

මාස එකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ තමන්ට කිරීමට සුදුසු ප්‍රජෙක්ට් එකක් සම්බන්දව හිත හිතා හිටියා මිසෙක ඒ සදහා කිසිම අදහසක් ඔලුවට නාවේ රස්මිතගේම කරුමයකට යැයි ඔහු සිතන්නට වුයේ උණු උණු කෝපි කෝප්පයද දෙතොලෙහි රදවමින්ය . පෙරදා ඔහුගේ නෙත ගැටුන සිත්තම ගැබුරු අර්ථයක් විදහා පාන්නට උත්සහ කරන වග යස්මිතගේ හිතට නිතර වද දුන් කාරණයක් වූයේය.

පේරාදෙණිය විශ්ව විද්ද්‍යාලය තුල විවිධ කාල වල විවිධ දේශක වරු සම්බන්දවී දේශන පැවැත්තුවද කථාකරන සිත්තම් මවන්න හැමෝටම බැරිය. මෙම අරුම පුදුම සිත්තරුවා මීට වර්ෂ පහකට පෙර සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ ඉන්න තැනක් ගැන කිසිදු තොරතුරක් කිසිවෙකුට දැනගන්නට ද ඉඩ නොතිබාය.

කාලය ඇත්තේ අල්පය නමුත් කරන්නන් වාලේ යමක් කිරීම රස්මිතගේ විදිය නොව. ඔහුට අවශ්‍ය හරවත් පලදායි යමක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය මෙන්ම බුද්දියද මෙහෙය වීමටය.

රස්මිත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ මනෝඋපදේශනය සම්බන්දව අද්‍යාපනය ලබන ශිෂුවෙකි.පෙරදා විශ්වවිද්‍යාලය තුල තිබු කාන්තා ලාලිත්‍ය විදහා පාන සිතුවමක් ඔහුගේ හිත නොසන්සුන් කොට තිබුනේ එහි අන්තර්ගතය කාන්තාවක් ම නොවන නිසාය.

එක් පසෙකින් සරාගී බැල්මකුත් තවත් පස්සෙකින් සෝකා කූල බැල්මකුත් තවත් පසෙකින් ප්‍රේමනීය බැල්මකුත් එකම දෙනෙතෙහි සිත්තම් කිරීම කෙතරම් හැකියාවක්ද? එකම රුපය තුලින් චරිත තුනක් මැවීමට සිත්තරුවා දක්ෂ වී ඇත. ශරීරය ගත් කල එක් පසෙකින් පිරිමි සහ ගැහැණු හරියට නිකන් නපුංශක වගේ මැවීමක් කොට ඇත. බැලූ බැල්මට එය සමාන්න්‍ය සිතුවමක් ලෙස අන් අයට හැගුනද එය යමෙකුට කීමට අවශ්‍ය යමක් සගවා හිත තුල වද දෙන යම් දෙයක් ඉස්මතු කිරීමට ගත් වෑයමක් ලෙස ගැබුරින් සිතුවම බලන අයට අවබෝධ වන්නේය.

විශ්වවිද්‍යාලය තුල ඇති ආපන ශාලාව තුල රැදී ගැබුරු කල්පනාවක නිග්මව සිටී රස්මිතට බෝඩිමට යන්නට සිත් නුදුන්නේය.මනස මෙන්ම සිතුවිලිද කැලබී ඇති රස්මිත කල්පනා කලේ මේ සම්බන්දව තම පෙම්වතිය වන රසාන්ගිත් එක්ක කථා කිරීමටය. එය ඔහුට මහත් සහනයක් වනු ඇති බවට ඔහු හොදාකාරවම දන්නේ ඇය ඉතාමත් ගැබුරු බුද්දියකින් යුක්ත අයෙක් වූ නිසා මෙන්ම ඕනම ප්‍රශ්නයක් දෙස දාර්ශනිකව බැලීමට ඇති සහජ හැකියාව නිසාය.

රසාන්ගිගේ දේශනය ඉවර වෙන්න තවත් විනාඩි 20ක පමණ කාලයක් ඉතිරිව ඇති හෙයින් රස්මිත නිහඩ කල්පනාවක තනිවෙන්නට වුයේ මෙම සිත්තරුවා ගැන සොයා ගැනීමට යම් ඉඩකඩක් ඇත්තේ කොතනදැයි නිගමනයකට එලාබීම පිණිසය.

එක්වරම රස්මිතගේ ඔලුවට ආව අදහසත් සමගින් ඔහු නව ප්‍රබෝදයක් ලැබුවෙන් මිටින් හල කුරුල්ලෙකු මෙන් දිව ගියේ පුස්තකාලය වෙතය.අනතුරුව රස්මිත තම ජංගම දුරකථන ය ගෙන සිත්තමේ පින්තුරයක් ලබා ගනිමින් දිව ගියේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දේශක වරයා මුණ ගැසීමටය.

එක්ස්කියුස් මී.... සර්.......

ඔව්... කියන්න......

සර් මට සර්ට පොඩ්ඩක් කථා කරන්න පුළුවන් ද.......

මේ... වෙලාවෙනම් පොඩි වැඩක ඉන්නෙ..... කමන්නෑ........
එන්නකෝ.........
මෙතනින් වාඩි වෙන්න......... යැයි පවසමින් ඉදිරිපස අසුන පෙන්නුවේ ප්‍රධාන දේශක තුමා වන සෝමපාල ඉලන්ගසිංහ මහතායි........

සර් මට දැනගන්න දෙයක් තියෙනවා..... සර්ට කරදරයක් නැත්නම්..... මට උදව් කරන්න පුළුවන් ද.........

මොකද්ද දරුවෝ.........
පුළුවන් දෙයක්නම් කරන්නම්.............

සර්..... මට ඊයේ හවස පුස්තකාලේ තිබිලා ච්ත්‍රයක් හම්මබ උනා.....
ඒ ඒක හරි ගුප්ත නිර්මාණය ක් සර්.......
ඒක නිසාම මට ඒ.. ගැන හොයලා බලන්න හිතුනා යැයි රස්මිතා කීවේ දේශක වරයාගේ නෙත් දෙස සෘජුව බලමින්ය.

ලයිබ්‍රි එකේ කොයිතරම් නම් සිත්තම් තියෙනවද රස්මිත..........
ඔය දරුවා අහන්නේ කොයි සිත්තම ගැනද............

සර්...... අහන්නේ මෙන්න මේ සිත්තම ගැන යැයි පවසමින් රස්මිත තම ජන්ගම දුරකථනය තුල ඇති පින්තූරය දේශක වරයා වෙත පෑවේය.

මද වෙලාවක් උපේක්ෂා සහගතව එදෙස දෙනෙත් රැද වූ දේශක වරයා සිහින් සිනහවකින් මුව සරසන් අසුනේ පිටුපස ට බර ව රස්මිත වෙත බැල්මක් හෙළුවෙ දිලිසෙන දෙනෙතින් යුක්තවය.

රස්මිත අහන්නේ මේ නිර්මාණය ගැනනම්

ඇවිත් තියෙන්නෙ හරිම තැනට යැයි පවසමින් සිනහ මුසු මුහුණින්ම ඔහු කොලයක් ගෙන එහි දුරකථන අංකයක් සටහන් කරන්නට වුවේය .

මේ.... තියෙන්නේ ඔය නිර්මාණයේ අයිතිකාරියගේ අංකය මගෙන් විස්තර අහනවට වඩා හොදම දේ ඇයගෙන්ම මේ ගැන අහලා දැනගන්න එක යැයි දේශකවරයා පිළිතුරු දුන්නේ අංකය සදහන් කොලය රස්මිතගේ අතේ ගුලිකරමින්ය.

නිර්... මා ණ කා.... රිය.... රස්මිතගේ ඇස්දෙක උඩ ගියේ එහි අයිතිකාරිත්වය කාන්තාවකගේ වග සැලවීමෙන්ය.

හැබැයි.... එක දෙයක්... කොල්ලෝ
යනුවෙන් දබර ගිල්ල ඔසවා ඔහු අසුනෙන් නැගිට රස්මිතගේ මුහුණට එබුනේ රස්මිතව නොසන්සුන් කරමින්ය.

ඇය පිලිබදව මම දන්නා වග කිසිම කෙනෙක් දැනගන්න හොද නෑ..... කොල්ලෝ.....ඒ වගේම. නැවත කිසිම දිනක... මේ සම්බන්දව මගෙත් එක්ක කථා කිරීමද තහනම්

කියමින් නැවතත් තම අසුනට බර දුන් එතුමා

දැන් ඔබට හිමි කාලය අවසානයි පවසමින් දොරවෙත දෑත දිගු කලේය.

ස්තුතියි සර්.....
මේ දුන්න තොරතුර මට ප්‍රමාණවත් යැයි පවසමින්
ගිහින් එන්නම් සර්.... කියමින් යස්මිත ගුරුවරයට දෑත එක්කොට ආචාර්ය ද පල කරමින් එයින් නික්මිණි.

යස්මිත අංකයද රැගෙන වහාම දිව ගියේ තාවකාලික නවාතැන් පල වෙතටය.

සිත්තමේ අයිතිකාරයා කාන්තාවක් වග ඔහු කිසි සේත්ම සිතුවේ නැත.

නවාතැනට පිවිසි ඔහු තම පෙම්වතියට කෙටි පණිවිඩයක් යොමුකලේ ඔහු නවාතැන වෙත පිවිසි හෙයින් ඔහු එනතෙක් බලානොසිටින ලෙස දැනුම් දීමටය.

යුහුසුළුව තම කලිසන් සාක්කුවේ සුරක්ෂිතව තබා තිබු සිත්තරුවාගේ අංකය ගෙන ඇමතුම ලබා ගැනීමට සුදානම් වුයේ කාලය අපතේ නොහැරිය යුතු නිසාය.

හෙලෝ........
කියමින් ඇමතුමට සම්බන්ද වුයේ ගැහැණු කට හැඩකි.

හෙලෝ...... මිස්......
මම පේරාදෙණිය විශ්ව විද්ද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.....
මගේ නම රස්මිත අලහකෝන්.......

යැයි රස්මිත කලබලයෙන් මෙන් ප්‍රකාශ කරන්නට විය.

ඔව්...... රස්මිත...... කියන්න.......... මගෙන් මොකද්ද කෙරෙන්න ඕන.....

යැයි හරිම ලයාන්විතව ඇය අසන්නට විය

මිස්...... මට ඔබතුමියගේ සිතුවමක් සම්බන්දව පොඩි තොරතුරු ටිකක් අවශ්‍යයි..............
මෙහෙම පෝන් එකෙන් කථා නොකර....... මුණගැහිලම කථා කරන්න තියෙනවනම් හොදයි...... යැයි රස්මිත පවසන්නට වුයේ චිත්‍රය පිළිබද කෙසේවෙතත් ඇයව දැකගැනීමට තිබු අවශ්‍ය තාවය නිසාමය.

සමාන්නයෙන් මම කිසිම කෙනෙක්.... මුණ ගැහෙන්න කැමති කෙනෙක් නෙවෙයි දරුවෝ............

මම හිතන්නේ ඔබට ඒ.. උදව්ව කිරීමට මට හැකියාවක් නැතිවෙයි.....

අනේ මිස් සමාවෙලා..... ටිකක් අහන්න.... පෝන් ඒකනම් තියන්න එපා......

ඔව් කියන්නකෝ........

මිස් මම ප්‍රජෙක්ට් එකක් කරනවා.......
ඒක අවසන් කරන්න තව සතියකුත් නැති තරම්.......

කිසිම අදහසක් තිබ්බේ නැති වෙලාවක තමයි අහම්බෙන් මට මිස්ගේ චිත්‍රය දකින්න ලැබෙන්නේ..........
ඉතින් මට දැඩි ආසාවක් තියෙනවා මිස් මේ චිත්‍රය සම්බන්දව විශ්ලේෂණය කරන්න
අනේ සමාවෙලා මට උදව් කරන්න. යැයි රස්මිත බැගෑපත් වන්නට විය.

මොන චිත්‍රය සම්බන්දවද මේ දරුවා මගෙන් අහන්නේ........

මිස් අර අපේ කැම්පස් එකේ ලයිබ්‍රි එකේ තියෙන්නෙ කාන්තාවකුත් නොවන පිරිමිකුත් නොවන ගුප්ත නිර්මාණය ක්...... අන්න ඒක මිස්.... යැයි ඔහු පිළිතුරු දුන්නේ ටිකක් කල්පනා කරමින් එය කෙසේ හදුන්වන්නදෝ යි හිතා ගැනීමට අපොහොසත් වය.

හ්ම්ම්ම්ම්ම්....හඩක් නගමින්
ඇය සුළු මොහොතකට නිහඩ විය.......

විනාඩි පහකට විතර පසු හඩ අවදි කල ඇය. ඇයි රස්මිත ඒ නිර්මාණය කෙරෙහිම ඔය තරම් උනන්දු වුනේ.............. යැයි ඇසීය

මට හිතෙනවා මිස් ඒ චිත්‍රය තුලින් කටින් කීමට නොහැකි ගැබුරු යමක් කියන්න උත්සහ කරනවා කියලා මිස්........ යනුවෙන් රස්මිත කීය.

එච්චර ද? යනුවෙන් ඇය නැවතත් ඇසීය.

නෑ මිස්.... මට හැගෙන දේ විස්තර කරන්න මට මිස්ව මුණගැහෙන්න එකම එක අවස්ථාවක් දෙනවනම් ඒක ඉගෙන ගන්න කෙනෙකුට කරන ලොකු උපකාරයක් වෙයි මිස්..... යනුවෙන් රස්මිත නැවතත් බැගෑපත් වන්නට විය.

රස්මිත මට පොඩි වෙලාවක් දෙන්න.....
මට පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕන....

අනේ මිස් ලොකු උපකාරයක්..........
මට වැඩි කාලයකුත් නැති නිසා පුළුවන් ඉක්මනට සුබවාදී පණිවිඩයක් මිස් මට දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

හොදයි රස්මිත........
එහෙනම් බුදුසරණයි
මම තියන්නම් යැයි ඇය කීවේ ඉතාමත් ශාන්ත ස්වර්යෙන්ය.

හොදයි මිස් බුදුසරණයි පරිස්සමින් ඉන්න..... යැයි කී රස්මිත ඇමතුම විසන්දි කලේ සුබවාදි තොරතුරක් ලැබේවියැයි බලාපොරොත්තු වෙන්ය.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔



ප්‍රේමය මා හැදිනුවේ ඔබෙන් මුත්
රාගය හැදිනුවේ නැත මා කිසි ලෙසත්
ආලය මුලාවකි ජිවිතේ මිල නොලත්
සොහොනකි මගේ ජිවිතයම පෙම් කලත්

නිර්මාණ අයිතිය
🌺චතූ රත්වත්තේ🌺

එකනං ඇත්ත 😍👍❤️
16/05/2026

එකනං ඇත්ත 😍👍❤️

🖤
Soul Wander

එකනම් ❤️🥰
14/05/2026

එකනම් ❤️🥰

මේ ලොව පවතින තුරු සදට අහස ආදරෙයි.........
ඒ වගේම
මගේ හුස්ම පවතින තුරු
මම ඔයාට ආදරෙයි

✍️
චතු රත්වත්තේ

#කෙටිකථාකියවන්නෝ #නවල්පිස්සෝ ゚viralシviralシfypシ゚viralシalシ #නවකතාකියාවන්නෝ

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ChathuribbonEmbroider posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share