
24/03/2025
(ජේ ඒ එල් ජයසිංහ )
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පූජනීය භූමිය අවට වළාකුළු බැම්ම සහිත වැව් පදික වේදිකාවේ සිදුවන අසෝභන ක්‍රියාකාරකම් වලට වහා පියවරක් ගන්නැයි මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණෙන බැතිමතුන් වග කිව යුත්තන්ගෙන් මෙන්ම පොලීසියෙන්ද ඉල්ලා සිටිති.
මෙම පදික වේදිකාවේ ඉදිකර ඇති විවේකය සඳහා රැඳී සිටීමට වෙන් කල සිමෙන්ති බංකුවල වාඩිවී විදේශිකයන් බීර බොති ,පිට පලාත් වලින් අමතර පංතිවල ටියුෂන් අධ්‍යාපනය ලබන්නට පැමිණෙන ඉතා ලාබාල සිසු සිසුවියන් එම බංකු මත වාඩිවි ඉතා අසෝභන ලෙස සිප වැළඳ ගැනීමේ යෙදෙති.
සිය කුඩා දරුවන් පවුලේ ඥාතීන් සුදු වතින් සැරසී දළඳා සමිඳු වැඳ මෙම ස්ථානවල මදක් විවේක ගැනීමට රැඳී සිටිති එහෙත් මෙම පදික වේදිකාවේ සියලු බංකු පෙම්වතුන් විසින් අත් පත් කරගෙන සිටිති.මෙම ස්ථානයේ ගැවසෙන යාචකයන් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් නිසා දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ටද කරදර හිරිහැර වලට මුහුණ පෑමට සිදුව තිබේ.
ඇතැම් විදේශීකයන් දැණුවත් භාවයක් නැති කමින් මෙම පදික වේදිකාවේ බංකුවල වාඩිවී පුසිද්ධියේ බීර ( ටින් බියර්) බොති ,ඔවුනට එහි එවැන්නක් සිදුකිරීම තහනම් හෝ නුසුදුසු බව සඳහන් දැන්වීම් පුවරුවක් නැත ,මෙම පදික වේදිකාව අවට විශාල ජනතාවක් ගැවසුණද අඩුම වශයෙන් ජංගම පොලිස් පාමුර සේවා නිලධාරින් හෝ රාජකාරියට යොදවා නැත.
විදේශිකයන් ප්‍රසිද්ධියේ බීර පානය කරද්දී එය වළක්වා ලීමට පොලිස් නිලධාරියෙකු හෝ ඒ අවට සේවයට නොයදවා සිටීම කණගාටුවට කරුණක් බව දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන් සහ එම පදික මාර්ගයේ ගමන් කරන
ජනතාව පවසති.
ම