13/08/2026
🚨 දැඩි අවධානයට - අසරණ වූ කුඩා දැරියකගේ භාරකරුවන් සෙවීමට මහජන සහය පතයි! 🚨
අගෝස්තු 13 වනදා උදෑසන, වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ, ගම්මැද්ද පාරේ අතහැර දමා ගොස් සිටි අවුරුදු 4ක් පමණ වයසැති අහිංසක දැරියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ශරීරයේ තැලීම් තුවාල පවතින බැවින් ඇයට පහරදීමක් සිදුව ඇති බවට සැක කෙරෙන අතර, ඇයව ත්‍රීරෝද රථයකින් රැගෙන විත් දමාගිය බවට තොරතුරු ලැබී ඇත.දැරිය මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවමත් ඇයගේ මව්පියන් හෝ පදිංචිය පිළිබඳ තොරතුරක් අනාවරණය වී නොමැත.මෙම දියණිය හඳුනන හෝ ඇයව දමාගිය පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් දන්නේ නම්, කරුණාකර වහාම වත්තේගම පොලීසිය අමතා දැනුම් දෙන්න:📞 වත්තේගම පොලීසිය: 0812476222 / 0812476223📞 පොලිස් හදිසි ඇමතුම්: 119
අහිංසක දරුවෙකුට සිදුකළ මේ අපරාධයට යුක්තිය ඉටු කිරීමට සහ ඇයගේ පවුලේ අය සෙවීමට උපකාරයක් ලෙස මෙය හැකිතාක් Share කරන්න.)