ScienceSick

ScienceSick Available drugs for SCIENCE SICK 😜

ඔබ දන්නවාද 1913 කාලයේ ඇමරිකාවේ මිනිසුන් තමන්ගේ දරුවන්ව තැපැල් මගින් නෑදෑයන්ට යැවූ බව?වර්ෂය 1913 ජනවාරි මාසයයි. ඇමරිකාවේ ...
12/02/2026

ඔබ දන්නවාද 1913 කාලයේ ඇමරිකාවේ මිනිසුන් තමන්ගේ දරුවන්ව තැපැල් මගින් නෑදෑයන්ට යැවූ බව?

වර්ෂය 1913 ජනවාරි මාසයයි. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ දැඩි ශීතලක් පවතින උදෑසනක තැපැල් මහතෙකු වූ ජේම්ස් ලයිට් තමන්ගේ රාජකාරිය සඳහා සූදානම් වෙමින් සිටියේය. ඒ වන විට ඇමරිකානු තැපැල් සේවය විසින් අලුත් සේවාවක් හඳුන්වා දී තිබුණි. ඒ තමයි "Parcel Post" හෙවත් පාර්සල් තැපැල් කිරීමේ ක්‍රමය. මීට පෙර තැපෑලෙන් යැවිය හැකි වූයේ ලිපි ලේඛන පමණක් වුවත් දැන් රාත්තල් 50ක් දක්වා බර ඕනෑම දෙයක් අඩු මුදලකට තැපැල් කළ හැකි විය.

​එදින උදෑසන ජේම්ස් ලයිට්ගේ තැපැල් කාර්යාලයට පැමිණි යුවළක් කළ ඉල්ලීමෙන් ඔහු මොහොතකට ගල් ගැසුණි. ​"අපිට මේ පාර්සලය අපේ අම්මලාගේ ගෙදරට යවන්න ඕනේ," ජෙසී බීගල් නම් පියා පැවසීය. ​ඔහු පෙන්වූයේ පෙට්ටියක් හෝ බෑගයක් නොවේ. ඒ ඔවුන්ගේ මාස අටක් වයසැති කුඩා පුතු, ජේම්ස් ය. තැපැල් ගාස්තුව ලෙස ඔවුන්ට වැය වූයේ ශත 15ක් පමණි. නමුත් එම දරුවාට ඩොලර් 50ක රක්ෂණයක් (Insurance) ලබා දීමටද ඔවුහු අමතක නොකළහ.

​ජේම්ස් ලයිට් නම් තැපැල්කරු මේ දරුවාගේ ඇඳුමේ තැපැල් මුද්‍රා සහිත ටිකට් පත අලවා තමන්ගේ තැපැල් මල්ලේ ආරක්ෂිතව තබාගෙන සැතපුම් කිහිපයක් දුරින් පිහිටි දරුවාගේ මිත්තණියගේ නිවසට ඔහුව භාර දුන්නේය. මෙය ඉතිහාසයේ වාර්තා වූ පළමු "දරුවෙකු තැපැල් කිරීමේ" සිදුවීමයි.

​මේ පුවත ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ඒ කාලයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන දරුවෙකු කැඳවාගෙන යාමට යන වියදමට වඩා, තැපැල් ගාස්තුව ගෙවා දරුවා යැවීම ලාභදායී බව දුප්පත් දෙමාපියන්ට වැටහුණි.

​1914 පෙබරවාරි මාසයේ තවත් අපූරු සිදුවීමක් වාර්තා විය. හතර හැවිරිදි චාලට් මේ පියර්ස්ටෝෆ් නම් කුඩා දැරියගේ කතාව ඉන් ප්‍රසිද්ධම කතාවයි. ඇගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ චාලට්ව සැතපුම් 73ක් ඈතින් සිටින ඇගේ ආච්චිගේ නිවසට යැවීමටය. දුම්රිය ටිකට් පතක් මිල අධික වූ නිසා, ඔවුන් චාලට්ගේ කබායේ ශත 53ක තැපැල් මුද්දර ඇලවූහ.​ ඇයව එදින රාත්‍රියේ තැපැල් දුම්රියක (Mail Train) ආරක්ෂිතව යවන ලදී. ඇය ගමන් කළේ ලිපි ලේඛන සහ පාර්සල් ගොඩගසා තිබූ මැදිරියේය. එහි සිටි තැපැල් නිලධාරීන් ඇයට කෑම බීම ලබා දෙමින්, සුරතල් කරමින් ගමනාන්තය දක්වා රැගෙන ගියහ. ඇය ඇත්තටම "තැපැල් කළ දරුවෙකු" ලෙස ඉතිහාසයට එක් වූවාය.

පටල ගන්නේ නැතුව  විසඳගමු...මුලින්ම ඔයාලා හැමෝම ගැසට් එක හොදට කියවන්න. ලොකු ගාණක් යන්නෙ නෑ පුලුවන් නම් ප්‍රින්ට් අවුට් එක...
06/02/2026

පටල ගන්නේ නැතුව විසඳගමු...

මුලින්ම ඔයාලා හැමෝම ගැසට් එක හොදට කියවන්න. ලොකු ගාණක් යන්නෙ නෑ පුලුවන් නම් ප්‍රින්ට් අවුට් එකක් හරි අරගෙන කියවන්න. අවශ්‍ය දේ හයිලයිට් කරගන්න.

පලවෙනි එක

2023 / 02/ 10ට කලින් ඉදලා රාජ්‍ය සේවේ ඉන්න අයට ඔන්න අද ඉදන් ඇප්ලයි කරන්න පුලුවන් 🥰 ඔයාලා වෙබ්සයිට් එකට ගියාම ඔයාලගේ ඇප්ලිකේශන් එක එතන පෙන්නයි.

2023/02/10 න් පස්සේ රාජ්‍ය සේවෙට බැදුන අයට ලියන්න වෙන්නෙත් ඕපන් එක්සෑම් එක. ඒ කියන්නේ එලියේ ඉන්න උපාධිධාරීන් එක්ක. ලින්ක් එක පෙබරවාරි 20 ඉදන් ඕපන් වෙයි..🥰🥰

පුරාවිද්‍යාව අය ගැන නම් ටිකක් කණගාටුයි. ඒත් ඔයාලට පුලුවන් නම් ඔයාලා හදාරපු උපාධිය ඉතිහාසයට සම්බන්ධයි කියලා කැම්පස් එකෙන් ලියුමක් ගන්න පොඩි සහනයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්.

බොහෝ දේ වෙනස් වෙන්නත් පුලුවන්. එක හීනෙන් එළි වෙන්නෙ නෑනේ.

ඊටපස්සේ ක්‍රෙඩිට් ගාන.. ඔයාලා ස්පේෂල් එකක් කලා නම් ඔයාලට සම්පූර්ණ ක්‍රෙඩිට් ගාන 120යි. මේකෙන් 1/3 ක් ඒ කියන්නේ ක්‍රෙඩිට් 40ක් ඒ අදාළ සබ්ජෙක්ට් එකට තියෙන්න ඕනේ.

සාමාන්‍ය උපාධියක් කලා නම්.. ක්‍රෙඩිට් 30ක් ඒ අදාළ සබ්ජෙක්ට් එකට තියෙන්න ඕනේ. එතකොට 1/3 සෙට්ල්..
සමහර කෝසස්වලට ක්‍රෙඩිට් 03ක් , 02ක් වගෙ ලැබෙනව. අවධානෙන් ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියවන්න. ක්‍රෙඩිට් එකයි ග්‍රේඩ් එකයි පටල ගන්න එපා 🤭🤭

ඊළගට ශිෂ්‍ය උපදේශනය..

ඔයාලා සමාජ විද්‍යාව හරි මනෝ විද්‍යාව හරි කරලා තියෙනවනම් ප්‍රධාන විෂයක් විදියට..ගැටලුවක් නැතුව උපදේශනය ඉල්ලන්න පුලුවන්
ඒ වගේම වෙනත් උපාධියක් එක්ක ඩිප්ලෝමා එකක් කරලා තියෙනවනම් ඒත් උපදේශනය ඉල්ලන්න පුලුවන්

මොකද උපදේශක ගුරුවරුන්ගේ ලොකු අවශ්‍යතාවයක් ඉස්කෝලවල තියෙනව. ඔයාලා ගිය ගමන්ම උපදේශනයට දාන්නෙ නෑ. නේවාසික පුහුනු පවා තියලා හොඳට ට්‍රේනින් කරලයි ඉස්කෝලෙදි අවස්ථාව දෙන්නේ.

අනික් කාරණාව පදිංචිය...

හරිම සරලයි..2025 ඡන්ද හිමි නාමලේඛනේ ඔයාලගේ නම තිබ්බ නම් ඒ නම තිබ්බ පළාතෙන් ඔයාට ඉල්ලුම් කරන්න පුලුවන්.

ඊළග කාරණාව ප්‍රෙග්නට් අම්මලා..🥰🥰

එයාලා ගොඩක් අය බයවෙලානේ

2023 දී ඉන්ටවීව් ආව අම්ම කෙනෙක් හිටියා. ඉන්ටවීව් එක ඉවර වෙලා චූටි බබෙකුත් අරන් තමා ආපහු ගෙදර ගියේ..🫢. පැටියත් ලොකුයි..අම්මත් දැන් ඉස්කෝලෙ යනවා.

විභාගේ කොයි කාලේ වගේ වෙයිද....

අප්‍රේල් , මැයි , ජුනි
බොහෝ දුරට ලිමිටඩ් එක අප්‍රේල් හෝ මැයි වෙයි කියල විශ්වාස කරමු..

ඉෆෙක්ටිව් ඩේට් එකේ ගැටලුව....

2025/06/30 ට කලින් අයට විතරයි දැනට අවස්ථාව තියෙන්නෙ. හැබැයි ඉදිරිය කොහොම වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ.

තරඟෙ පටන් අරන් තියෙන්නෙ. හැමෝම එකවගේම වේගවත්.ගොඩක් අය අලුත් උපාධිධාරීන්. ඉතින් තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගමු.

🥰🥰🥰🥰

#ගුරුපුරප්පාඩු

21/01/2026

❤️

11/01/2026

වී ඇටයක් වී ගසක් වෙන හැටි 🤩

05/01/2026

*ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සැබෑ නම් සහ ඔවුන් භාවිතා කල නම්* 👀

1) W.D. අමරදේව = වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා.
2) රවීන්ද්‍ර රන්දෙනිය = බොනිෆස් පෙරේරා .

3) නන්දා මාලිනී = නන්දා පෙරේරා .

4) ඇන්ජලීන් ගුනතිලක = ඇන්ජලීනා රැචෙල් ඩී ලැනරෝල් .

5) ලතා වල්පොල = මාතරගේ රීටා ජෙනිවීව් ප්‍රනාන්දු.

6) සුජාතා අත්තනායක = සුජාතා පෙරේරා .

7) මහින්ද රාජපක්ෂ = පර්සි මහේන්ද්‍ර.

8) විජය කුමාරතුංග = කෝවිලගේ ඇන්ටන්

9) අනගාරික ධර්මපාල = දොන් ඩේවිඩ්

10) වීරපුරන් අප්පු = ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු ( මුලුන්ම පුරන්සිස් වී පසුව වීර පුරන්විය).

මොරටුවේ ඉපදුනු මොහු වීරත්වයට පත්උනේ පහත රැටියන් අඩුකුලේ/ පාතයන් ලෙස හදුන්වන උඩරට නුවර ප්‍රදේශයේදීය.

11) මිල්ටන් මල්ලවාරච්චි = සුමනසිරි මල්ලවාරච්චි දොන්.

12) රුක්මණී දේවි = ඩේසි ඩැනියෙල්ස්

13) ෆ්‍රෙඩී සිල්වා = හපුගේ ලියනගේ මොරිස් ජෝසප් රණබාහු.

14) ජෝ අබේවික්‍රම = දේශබන්දු ගම්මාන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම .

15) දෙනවක හාමිනේ = දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක .

⛔ මේ විශාල නම් ප්‍රමාණයකින් ටිකක් පමණි . සමහරවිට මෙම පුද්ගලයන් නියම නම භාවිතා කලේනම් මෙතරම් ජනප්‍රිය නොවෙන්න තිබුනා යන්න මගේ අදහසයි.

28/12/2025

.

25/12/2025

Liquid Nitrogen Dump (දියර නයිට්‍රජන් පිටකිරීමක්) යනු සාමාන්‍යයෙන් MRI ස්කෑනර් යන්ත්‍ර වැනි උපාංගවල සිදුවන විශේෂිත ක්‍රියාවලියකි. මෙය Quench කිරීමක් ලෙසද හඳුන්වනු ලබයි.
මෙහිදී සිදුවන දේ සරලව පහත පරිදි පැහැදිලි කළ හැකිය:
1. එය සිදුවන්නේ ඇයි?
MRI යන්ත්‍රයක ඇති බලවත් චුම්බකය ක්‍රියා කරන්නේ අධික ශීතල තත්වයක් යටතේය. මේ සඳහා දියර නයිට්‍රජන් හෝ හීලියම් භාවිතා කරයි. යම් හදිසි අවස්ථාවකදී (උදාහරණයක් ලෙස චුම්බකයට ලෝහමය වස්තුවක් ඇදී ගොස් රෝගියෙකු අනතුරට පත්වීම) චුම්බක බලය වහාම නැති කිරීමට අවශ්‍ය වේ.
2. ක්‍රියාවලිය (The Process)
හදිසි බොත්තම (Emergency Button) එබූ විට, යන්ත්‍රය තුළ ඇති අධික ශීතල දියර නයිට්‍රජන්/හීලියම් ඉතා වේගයෙන් වාෂ්ප බවට පත්වේ. මෙම වාෂ්ප වායුගෝලයට මුදා හැරීම "Dump" කිරීමක් ලෙස හැඳින්වේ.
3. මෙහිදී සිදුවන ප්‍රධාන දේවල්:
* චුම්බක බලය නැති වීම: දියර වායූන් ඉවත් වීමත් සමඟ චුම්බකය රත් වී එහි චුම්බක ගුණය ක්ෂණිකව නැති වී යයි.
* විශාල ශබ්දය: වායුව ඉතා වේගයෙන් පිටවන නිසා විශාල "පිපිරුම්" හඬක් හෝ "හිස්" (hissing) හඬක් ඇසේ.
* දුමාරය: දියර නයිට්‍රජන් වාතයට මුදාහැරීමේදී සුදු පැහැති විශාල දුමාරයක් (මීදුමක් මෙන්) දැකිය හැකිය.
4. ඇතිවිය හැකි අවදානම්
* ඔක්සිජන් අඩුවීම: වසා ඇති කාමරයක් තුළට මෙම වායුව කාන්දු වුවහොත්, වාතයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වී හුස්ම ගැනීමට අපහසු විය හැකිය.
* අධික පීඩනය: වායුව වේගයෙන් ප්‍රසාරණය වන නිසා කාමරයේ පීඩනය වැඩි වී ජෙන්නෙල් හෝ දොරවල් වලට හානි විය හැකිය.
වැදගත්: මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජීවිත බේරාගැනීමේ හදිසි අවස්ථාවකදී පමණි. මන්ද, වරක් මෙලෙස වායුව පිට කළ පසු යන්ත්‍රය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා විශාල මුදලක් වැය වේ.

එහි විද්‍යාගාර demonstration එකක් පහත වීඩියෝවෙ දැක්වේ.

25/12/2025

මේ මොකද්ද කරන්නෙ ???

සෝඩියම් කාබනේට් (Na_{2}CO_{3}) සහ ඇමෝනියා (NH_{3}) සමඟ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) ප්‍රතික්‍රියා කළ විට සිදුවන දේ පහත පරිදි පැහැදිලි කළ හැකිය.
1. සෝඩියම් කාබනේට් සහ HCl අතර ප්‍රතික්‍රියාව
සෝඩියම් කාබනේට් යනු භෂ්මීය ලවණයකි. එය අම්ලයක් සමඟ ප්‍රතික්‍රියා කළ විට ලවණයක්, ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි.
* නිරීක්ෂණය: මෙහිදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන බැවින් බුබුළු නැගීමක් (Effervescence) දැකිය හැකිය.


> සටහන: ඔබ HCl ස්වල්පය බැගින් එකතු කරන්නේ නම්, මුලින්ම සෝඩියම් බයිකාබනේට් (NaHCO_{3}) සෑදෙන අතර පසුව එය තවදුරටත් HCl සමඟ ප්‍රතික්‍රියා කර CO_{2} පිට කරයි.
>
2. ඇමෝනියා සහ HCl අතර ප්‍රතික්‍රියාව
ඇමෝනියා යනු දුර්වල භෂ්මයකි. එය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කර ඇමෝනියම් ක්ලෝරයිඩ් නම් ලවණය සාදයි.
* නිරීක්ෂණය: වායුමය ඇමෝනියා සහ වායුමය HCl හමුවූ විට ඝන සුදු දුමාරයක් (Dense white fumes) සාදයි. මෙය රසායනාගාරයේදී ඇමෝනියා හඳුනා ගැනීමට යොදාගන්නා ප්‍රධාන පරීක්ෂණයකි.


23/12/2025

20/12/2025

🤯 ඇමෝනියම් ඩයික්‍රොමේට් ((NH4)2Cr2O7) රත් කළ විට, එය වියෝජන ප්‍රතික්‍රියාවකට භාජනය වන අතර, විශාල ශක්තියක් මුදා හරින අතර ගිනිකඳු පිපිරීමක් ඇති කරයි. සිදුවන්නේ මෙයයි:
1. _තාපය වියෝජනය අවුලුවයි_: ඇමෝනියම් ඩයික්‍රොමේට් රත් වී, ක්‍රෝමියම්(III) ඔක්සයිඩ් (Cr2O3), නයිට්‍රජන් වායුව (N2) සහ ජල වාෂ්ප (H2O) බවට බිඳ වැටේ.
2. _වායු නිෂ්පාදනය_: ප්‍රතික්‍රියාව මඟින් පීඩනය වැඩි කරන වායුවක් (N2 සහ H2O වාෂ්ප) නිපදවයි.
3. _ප්‍රසාරණය සහ පිපිරීම_: පීඩනය ක්‍රෝමියම්(III) ඔක්සයිඩ් පිට කරයි. හරිත Cr2O3 "අළු" පිහාටුවක් සමඟ "ගිනි කන්දක්" බලපෑමක් ඇති කරයි.
ප්‍රතික්‍රියාව: (NH4)2Cr2O7 → Cr2O3 + N2 + 4H2O
⚠️ සටහන: මෙම අත්හදා බැලීම විෂ සහිත ක්‍රෝමියම් සංයෝග ඇතුළත් වේ, එබැවින් එය සාමාන්‍යයෙන් නිසි ආරක්ෂක පියවරයන් සමඟ පාලිත රසායනාගාර සැකසුමක සිදු කෙරේ. 🔬

19/12/2025

මේ දවස්වල කොලොන්නාව පැත්තෙ ගංවතුරට අහු වුනු අය එයාලාගෙ ගෙවල් අස් කරන ගමන් 😶 මේ හදිසියේ ගත්තු වීඩියො එකක්

මේ මිනිස්සු මේ බඩු ඔක්කොම එලියට දාලා තියෙන්නෙ ඒව ආපහු පිරිසිදු කරලවත් භාවිතයට ගන්න බැරිම නිසා වෙන්නැති 😪 පව් මිනිස්සු

සූර්යාලෝකය මෙහෙම දැක තිබෙනවාද?අපිට සාමාන්‍යයෙන් සූර්යාලෝකය පෙනෙන්නේ සුදු පැහැයෙන්. නමුත් එම සුදු පැහැය තුළ විද්‍යුත් චුම...
10/12/2025

සූර්යාලෝකය මෙහෙම දැක තිබෙනවාද?

අපිට සාමාන්‍යයෙන් සූර්යාලෝකය පෙනෙන්නේ සුදු පැහැයෙන්. නමුත් එම සුදු පැහැය තුළ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝක පරාසය තුළ ඇති සියලුම සංඛ්‍යාතයන් අපිට නිරීක්ෂණය කිරීමට හැකි වෙනවා.

මේ දැක්වෙන්නේ ඒ ආකාරයට සූර්යයාගෙන් පැමිණෙන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝක පරාසයට අයත් වන සියලුම සංඛ්‍යාතයන් වෙන්කර නිරූපණය කළ විට එය දැක්වෙන ආකාරයයි.

මෙහි ඉහළින්ම අධෝරක්ත කිරණයන්ට ආසන්න වන රතු වර්ණයත් පහලින්ම පාට ජම්බූල කිරණයන්ට ආසන්න වන දම් වර්ණයත් දැක ගැනීමට හැකිවනවා.

ඒවගේම මෙහි දැක්වෙන වර්ණාවලිය පිළිබඳව විශේෂතම කරුණ තමයි එය අවශෝෂණ වර්ණාවලියක් (Absorption spectrum) වීම.

එනම්, මෙහි ඔබට පෙනෙනවා ඇති මෙහි දැක්වෙන විවිධ වර්ණයන් තුළ අඳුරු පැහැති ඉරි දක්නට ලැබෙන බව. එම අඳුරු පැහැති ඉරි වලින් නිරූපණය වන්නේ එයින් දැක්වෙන සංඛ්‍යාතයන් අවශෝෂණය වී ඇති බවයි. එම හේතුව නිසා තමයි මෙය අවශෝෂණ වර්ණාවලියක් වශයෙන් ද හඳුන්වන්නේ.

ඊළඟට ඇතිවන ගැටලුව තමයි මෙම සංඛ්‍යාතයන් අවශෝෂණය කරගෙන තිබෙන්නේ කුමක්ද යන්න. එයට පිළිතුර වන්නේ මෙම වර්ණයන් අවශෝෂණය කරගෙන තිබෙන්නේ සූර්යයා මත ඇති විවිධ වායූන්වලින් වීමයි.

ආවර්තිතා වගුවේ ඇති විවිධ මූලද්‍රව්‍යයන්ට අයත් වන වායූන් සූර්ය පෘෂ්ඨය මත ඇති නිසා එලෙස ඇති මූලද්‍රව්‍යයන් අපිට මෙවැනි අවශෝෂණ වර්ණාවලියක් මගින් හඳුනා ගැනීමට හැකිවනවා.

මෙයින් ඔබට පැහැදිලි ඇති මෙම වර්ණාවලියේ තිබෙන වැදගත්කම ගැන.

(Image Credits : Nigel Sharp (NSF), FTS, NSO, KPNO, AURA, NSF)

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ScienceSick posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share