02/08/2026
වැඩ ඉවර වෙලා ගෙදර එන සමහර දවස් වලට
ඇඳ විට්ටමට බර වෙලා
නුඹ මහ රෑ වෙනතුරුත්
කල්පනා බරින් යුතුව හිටියා...
"ඇයි තාත්තා මේ?"
අපි කොච්චර ඇසුවත්
නුඹ උත්තර නොදී
පුරුදු හිනාවෙන් විතරක්ම සංග්‍රහ කළා...
"තාත්තේ... අලුත් සපත්තු දෙකක් ඕනෑ..."
"ස්කෝලේ යන්න අලුත් බෑගයක් ඕනෑ..."
"මේ මාසේ පන්ති ගාස්තු ගෙවන්න ඕනෑ..."
අපි නුඹෙන් ඉල්ලීම් ලැයිස්තු ඉල්ලද්දී,
නුඹ කිසිම දිනෙක "බෑ" කීවේ නෑ...
මාසික පඩියෙන් ගෙදරට බඩු අරන් දීලා පුතාගේ දුවගේ පන්ති ගාස්තු ගෙවලා ඉතිරි වන මුදල දෙස බලා
නුඹ අහසයි පොළොවයි ගැටගසන්නට කල්පනා කරා ...
බැරිම තැන,
කාටත් නොදැනෙන්න අම්මාට කතා කරලා
"ළඟපාත කාගෙන් හරි කීයක් හරි ඉල්ලන්න,
පඩි හම්බුණ ගමන්ම මං දෙන්නම්" කියද්දී...
නුඹ විඳි ඒ නිහඬ වේදනාව
අපිට එදා තේරුණේ නෑ තාත්තේ...
තමන්ගේ ලෝකය අමතක කරලා දරුවන්ගේ හීන වෙනුවෙන් නුඹේ උපරිමයෙන්ම කැපවුණා...
ඒ තාත්ත ළඟ ඉන්නකල්
අපි මොනවාද ප්‍රශ්න ගැන දැනන් උන්නේ. බුදුසරනයි තාත්තේ .😔🥀