
23/07/2025
සොඩෙන් ලේ විදිනා ගැබිණි අලි මව තවමත් සොයයි 💔🍀🌿.
Protect Elephants World Global Association අප විසින් ඊයේ දින ඔබ වෙත මෙම කිසියම් පාපතරයෙකුගේ වෙඩි උණ්ඩයකට සිය සොඩය බිලි වී පිඹිනා විට ලේ විදින ඇතින්නිය පිලිබදව තොරතුරු ගෙන එනු ලැබූ අතර ඇයව තවමත් සොයාගැනීමට මේ වනවිටත් නොහැකි වී ඇත.
අම්පාර , පදියතලාව ,මාවුන්නේවැල ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලද මෙම ඇතින්නිය පිලිබදව තොරතුරු ලද පසු අම්පාර වනජීවි නිලධාරීන් විසින් ඊයේ දින ඇයව සොයාගැනීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර තොරතුරු අනුව ඔවුන් විසින් ප්‍රථමයෙන්ම තක්ශිලා නම් කාන්තාවගෙන් තොරතුරු විමසා සිට ඇත.
අනතුරුව ඇය විසින් මෙම ගමේ කෙලවරේ පිහිටි ප්‍රේමේ කඩේ මුදලාලි මහතාව වනජීවි නිලධාරීන් වෙත යොමු කොට ඇති අතර මුදලාලි මහතාද එම ඇතින්නිය දැක නොමැති බවට පවසා ඇත. පසුව මුදලාලිගේ මාර්ගයෙන් ගුණපාල නම් ගොවිමහතෙකුගෙන් වනජීවි නිලධාරීන් විමසා ඇති අතර එතුමාගෙ කුඹුරට ඊයේ අලි පැමිණියද , එම ඇතින්නිය සිට නැත.
කෙසෙවෙතත් අද දිනත් අම්පාර වනජීවි නිලධාරීන් විසින් ඇයව සොයන අතර , ආදරණීය රසික රසිකාවියන් කවුරුන් හෝ මෙම අසරණ ගැබිනි ඇතින්නිය දුටුවහොත් දැනුම් දෙන මෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමු.
එමෙන්ම ඇතින්නිය ඊයේ දින සොයාගෙන ඇති බවට ප්‍රචාරය වන තොරතුරු ද අසත්‍යයි.
( සැ.යු.- පහත චායාරූපය ලද තොරතුරු අනුව කෘතිම බුද්ධිය AI භාවිතයෙන් නිර්මාණය කරන ලද්දක් බවත් සැබෑ චායාරූපයක් නොවන බවත් කරුනාවෙන් සලකන්න.)
ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏
Pregnant elephant mother still in search 💔🍀🌿.
Protect Elephants World Global Association We brought you information yesterday about this elephant that was bleeding when its trunk was blown off by a bullet from some sinner and it has not been possible to find her yet.
After receiving information about this elephant, which was found in the Mavunnewela area of Padiyathalawa, Ampara, the Ampara Wildlife Officers have started searching for her yesterday and according to the information, they have first asked a woman named Thakshila for information.
She has then referred Mr. Preme ,a local businessman of Preme Kade located at the edge of this village to the Wildlife Officers and Mr. Preme has also said that he has not seen the elephant. Later, through him, the wildlife officials inquired from a farmer named Gunapala and although the elephants had visited his paddy field yesterday, the elephant was not there.
In any case, the Ampara wildlife officials are still searching for her today, and we kindly request that if any of our dear fans see this helpless pregnant elephant, please inform us.
(NB.- Please note that the image below was created using artificial intelligence (AI) based on the information received and is not a real image.)
Thank you 💝
May triple gems bless you 🙏