Ven Kandy Yasassi Thero

Ven Kandy Yasassi Thero රට, ජාතිය, ආගම සමඟ ඉදිරියට �

08/04/2025

දැක වඳිමු - සිත නිවමු
ගෞතම මුනි
සිරි දළදා දැක්ම 🙏

අද දිනට 104 වන ජන්ම දිනය යෙදෙනඅපවත් වි වදාළ...අස්ගිරි පාර්ශවයේ 21 වන මහානායක  මියුගුණ රාජමහා විහාරාධිපති ගුරුදේවෝත්තම ගල...
10/01/2025

අද දිනට 104 වන ජන්ම දිනය යෙදෙන
අපවත් වි වදාළ...
අස්ගිරි පාර්ශවයේ 21 වන මහානායක මියුගුණ රාජමහා විහාරාධිපති
ගුරුදේවෝත්තම ගලගම ශ්‍රි අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව පිණිසම අප කරන පුණ්‍යානුමෝදනාවන් හෙතු වේවා...!

02/01/2025

මහියංගණ වරුණ
ශාස්ත්‍රීය සංග්‍රහය දොරට වැඩීමේ මහෝත්සවය | සජීවීව..

රත්කිද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට අද පෙරවරුව වන විට මි.මී. 254 ක් පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් වාන් දොරටු මීටර් 03 ...
26/11/2024

රත්කිද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට අද පෙරවරුව වන විට මි.මී. 254 ක් පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් වාන් දොරටු මීටර් 03 බැගින් විවෘත කිරීමට සිදුවන බව මාපාකඩවැව කාර්‍යභාර ඉංජිනේරු වාර්තා කරයි.

මේ නිසා උල්හිටිය ඔයේ ජල මට්ටම වැඩි වී රත්කිද කෝසුව ජලයෙන් යටවේ.

මීට අමතරව බෙලගන් ඔය සහ අලුත්තරම ඔය පිටාර ගලයි.

වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ වාන් මට්ටමේ නොමැති බැවින් මහවැලි ගගේ ගං වතුර අවදානමක් දැනට නොමැති බව ද වාර්තා වේ.

අවධානයෙන් සිටින ලෙස මහජනතාව දැනුවත් කරන ලදී. සහන සේවා ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය ලේකම්
මහියංගන

26/11/2024

ඉදිරි දිනවල කාලගුණය 💭💭

ගල් බෝතල් අරන් වීදි දිගේ හුරේ තියපු....සුදු පිරුවට  පාට පාට සාටක කරදාගත්....⁣දෑතේ ඇඟිලි වැසෙන්නට රන් මුදු යොමාගත්...එක ම...
03/06/2024

ගල් බෝතල් අරන් වීදි දිගේ හුරේ තියපු....
සුදු පිරුවට පාට පාට සාටක කරදාගත්....
⁣දෑතේ ඇඟිලි වැසෙන්නට රන් මුදු යොමාගත්...
එක මිනිහෙක් නැත....
ගල් බෝතල් ගත් එක මිනිහෙක් නැත....
කම්කරු දිනයෙදි ද වැඩ....
මහා අව්වේද මහා වැස්සේ ද ....
කම්කරුවන් ඇත.....

අපවත්වීවදාල ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන නා...
01/12/2023

අපවත්වීවදාල ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේට අජරාමරවූ නිවන්සුව අත්වේවා.

ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.මේ ඒ කතාවයි."ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා""අ...
24/07/2023

ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගත යුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"
....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත...

උපුටා ගැනිමක්... | ස්තූතියි !

03/05/2023

Address

Kandy

Telephone

+94702344451

Website

Alerts

Be the first to know and let us send you an email when Ven Kandy Yasassi Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category