25/08/2026
තවත් වාහනයක් tow කරලා... ඊළඟට ඔයාගේ එකද?
පෙරහැර බලන්න ඇවිත් වාහනේ නැතිවෙලා පාරෙ රස්තියාදු වෙන්න ඕන නැත්නම් මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න!
පෙරහැර යන පාරවල් අයිනෙ වාහන දාලා තියෙනවා නම්, අද දවල් 2.00 ට කලින් අනිවාර්යයෙන්ම ඒව අයින් කරගන්න. නැත්නම් පොලිසියෙන් ඇවිත් ඒ ටික අදන් යනවා (Tow කරනවා) ෂුවර්.
වාහනේ ඩිංගකට දාලා කොහේ හරි යනවා නම්, ඔයාගේ ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම අනික් අයට පේන්න ඩෑෂ්බෝඩ් එකෙන් හරි වින්ඩ්ස්ක්‍රීන් එකෙන් හරි තියලා යන්න.
පොලිසියේ මහත්තුරු පුළුවන් තරම් එක එක ක්‍රමවලින් කෝල් කරලා ඔයාව හොයාගන්න ට්‍රයි කරයි. ඒත් හොයාගන්නම බැරි වුණොත් විතරයි වාහනේ උස්සන් යන්නේ.
නීතිය ක්‍රියාත්මක කළාට පස්සේ කෑගහලා, පොලිසියට බැනලා වැඩක් නෑනේ. ඒ නිසා කලින්ම පරිස්සම් වෙන්න. ඔයාටත් ලේසි, අනික් අයටත් ලේසි! 🙏