𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල

  • Home
  • Sri Lanka
  • Kandy
  • 𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල

𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල විරාජමාන සෙංකඩගලපුර සිරිවිසිතුරු දකින්නට එකතුවෙන්න.. 🥀😇

📌️ Call Now For Advertisement
📞 0779181278

නුවර යන අය අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනෙ තැනක් 😍✨️ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි ...
21/07/2025

නුවර යන අය අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනෙ තැනක් 😍✨️
ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් (17) පෙරවරුවේ විවෘත කෙරුනා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.
ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි, පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා, ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

✨️

නිවන් සුව අත්වේවා හිමියනි.. 🙏✨️
21/07/2025

නිවන් සුව අත්වේවා හිමියනි.. 🙏✨️

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර  නම දිනකින් වීදි සරයි ! 🙏✨️🪷❤️
21/07/2025

ජිනරාජ දළදාවේ පින්සාර මහ පෙරහර
නම දිනකින් වීදි සරයි ! 🙏✨️🪷❤️

සතර දළදා වහන්සේලා වන්දනා කිරීම.. ✨️🙏🪷 ඒකා දාඨා තිදස පුරෙඒකා නාග පුරෙ අහූඒකා ගන්ධාර විසයෙඒකාසි පුන සීහලෙචතස්සො තා මහා දාඨ...
20/07/2025

සතර දළදා වහන්සේලා වන්දනා කිරීම.. ✨️🙏🪷

ඒකා දාඨා තිදස පුරෙ
ඒකා නාග පුරෙ අහූ
ඒකා ගන්ධාර විසයෙ
ඒකාසි පුන සීහලෙ

චතස්සො තා මහා දාඨා
නිබ්බාණ රස දීපිකා
පූජිතා නර දෙවෙහි
තාපි වන්දාමි ධාතුයො

එක් දළදාවක් තව්තිසා දෙව්ලොව ද, එක් දළදාවක් නා ලොව ද, එක් දළදාවක් කළිඟු රට ද, එක් දළදාවක් ලක්දිව ද වී' ද නිවන් රසය ගෙන දෙන, රජ දරුවන් විසින් පුදන ලද සතර දළදා වහන්සේ මම වඳිමි.

ලෝකෙක නාථ වදනම්බුජ රාජහංසං
වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං
වන්දාමි සාධු මමලං ජිනදන්තධාතුං

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ නමැති පියුමට හංස රාජයකු වැනි වූ, විනේ ය ජන නමැති කුමුදු වනයට චන්ද්‍රයා වැනි වූ, අඩ සඳ වැනි රූ සටහනකින් බබළන්නා වූ, නිර්මල වූ දන්ත ධාතූන් වහන්සේ වඳිමි.

චතුසච්චං පකාසෙත්වා - සංසාරොඝා මහබ්භයා

සන්තාරෙසි බහූ සත්තේ - මහා කාරුණිකො ජිනො

වදනෙ තස්ස සඤ්ජාතං - සත්ථුනො සච්චවාදිනො,

ලද්ධසද්ධම්මසම්ඵස්සං - දාඨාධාතු නමාමි’හං

මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කොට බොහෝ සත්ත්වයන් භයානක වූ සංසාර නැමැති මහෝඝයෙන් එතෙර කළ සේක. සත්‍යවාදී වූ ඒ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙහි පහළ වූ සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දාඨාධාතුන් වහන්සේ නමදිමි.

ධාතූන් වහන්සේලා වැඳීම

1 ) සමන්ත බුද්ධ කිච්චෝ සෝ
කුසිනාරාය නිබ්බුතෝ
ධාතුභේද මභේදඤ ච
අදිට්ඨාය මහාදයෝ

සම්බුදු කිස නිමවා පිරිනිවනට වැඩි බුදුන් වහන්සේගේ උතුම් අදිටන් බෙලෙන් ධාතූන් වහන්සේලාගේ බෙදීම සිදු වූ සේක.

2 ) උණ්හීසං චතුරෝධාඨා
අක්ඛකාද්වේච සන්නිමා
අසම්භින්නාච තා සබ්බා
සේසාභින්නච ධාතුයෝ

ලලාට ධාතුවද සිව් දළදා ද අකු ධාතූන් ද යන සත් ධාතූන් වහන්සේලා නොබිදී ශේෂ වූ සේක. සෙසු ධාතූන් වහන්සේලා බෙදී ශේෂ වූ සේක.

3 ) භින්න මුග්ගප්පමාණෙන
භින්න තණ්ඩුල සන්නිභා
මහන්තතා මජක්ධිමා චෙ ව
බුද්දකා සාසනූපමා

මහන්තා සුවණ්ණ වණ්ණාච
මජ්ඣිමා මුත්තිප්පභා
ඛුද්දිකා කුන්ද වණ්ණාච
සබ්බාවන්දාමි ධාතුයෝ

මහත් ප්‍රමාණය මුං පියලි ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය කඩ සහල් ප්‍රමාණය ක්ෂුද්‍ර ප්‍රමාණය අබ ප්‍රමාණ ක්‍රමයෙන් එම ධාතූන් වහන්සේ ස්වර්ණ වර්ණ මුතු වර්ණකොද කැකුළු වර්ණ වේ. මෙකී සියලු ධාතූන් වහන්සේලා වදිමි.

4 මහන්තා පඤ්ච නාළීච
මජ්ඣිමා පඤ්ච නාළිච
ජ නා ඛුද්දිකා චෙව
සබ්බා වන්දාමි ධාතුයෝ

මහත් වූ ධාතූන් වහන්සේලා නැළි පහක් ද මධ්‍යම ධාතුන් වහන්සේලා නැළි පහක් ද කුඩා ධාතුන් වහන්සේලා නැළි සයක් ද යන සියලු ධාතුන් වහන්සේලා නමදිමි.

සාධූ සාධූ සාධූ.. ! 🙏✨️

ඔබ සැමට සිරි දළදා සමිදු පිහිටයි !

📸 Kingsly Perera

19/07/2025

ඔයා ආසම ඇතා /අලියා කව්ද ? 🌿🐘
එයාට ආසා වෙන්න හේතුව
මොකක්ද ?
😍🐘✨️

නුවර පෙරහර පටන් ගන්නවා කිව්ව ගමන් මතක වෙන්නේ එයාව... 🥺🐘❤️
19/07/2025

නුවර පෙරහර පටන් ගන්නවා කිව්ව ගමන් මතක වෙන්නේ එයාව... 🥺🐘❤️

18/07/2025

ජීවමාන වූ කන්ද උඩරට ඓතිහාසික පුරාවත...

" ඇහැලේපොළ වලව්ව " ✨️⚔️❤️

17/07/2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඓතිහාසික ඉටි රූප කෞතුකාගාරය 😇✨️⚔️
17/07/2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඓතිහාසික ඉටි රූප කෞතුකාගාරය 😇✨️⚔️

ඇහැ­ලේ­පොළ වලව්වේ ඉටි රූ කෞතු­කා­ගා­රය ජන­පති අතින් විවෘත වේ.සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ග...
17/07/2025

ඇහැ­ලේ­පොළ වලව්වේ ඉටි රූ කෞතු­කා­ගා­රය ජන­පති අතින් විවෘත වේ.

සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ගේ ජීව­මාන ප්‍රමා­ණයේ අනුරූ ප්‍රති­නි­ර්මා­ණය කර­මින්, සෙංකඩගල ඇහැ­ලේ­පොළ වලව්ව පරි­ශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතු­කා­ගා­රය අද (ජූලි 17) පෙරවරුවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් විවෘත කරන ලදී. ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුකාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිලින කිරීමට සූදානම්. පොත-පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල දැන් ජීවමාන වී තිබේ.

President Anura Kumara Dissanayake Declares Open Sri Lanka’s First Historical Wax Museum

President Anura Kumara Dissanayake ceremoniously inaugurated Sri Lanka’s first historical wax museum today (July 17) at the Ehelepola Walawwa premises in Senkadagala, Kandy. This landmark cultural attraction features life-size wax figures of 36 prominent individuals associated with the final era of the Sinhala monarchy.

The museum is the realization of a concept proposed by the Hon. Diyawadana Nilame of the Sri Dalada Maligawa, Pradeep Nilanga Dela, and aims to enhance the cultural and historical appreciation of both local and international visitors.

By transforming centuries-old stories and historical records of the Kandyan Kingdom into vivid, three-dimensional exhibits, the Ehelepola Wax Museum provides a unique and educational experience, preserving the legacy of Sri Lanka’s rich heritage.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය, පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.🙏...
17/07/2025

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය, පෙරහර මඟ ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.🙏✨️🔥

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල:

Share

Category