20/06/2021
Step into Robotics: නොමිලේ!
අනාගත ඉංජිනේරුවන්ට!
පාසැල් ළමුන් සඳහා BBC micro:bit සහ Arduino IoT and Robotics නොමිලේ සටහනක්!
BBC Micro:bit හා Arduino මගින් IoT සහ Robotic ලෝකය හඳුන්වාදෙන ශිල්ප සයුර online වැඩමුලු මාලාවට ඔබටත් දැන් ඉල්ලුම් කරන්න පුලුවන්.
සම්පූර්ණ online මෙවලම් හරහා ඩිගිටල් පරිපථයක් සැකසීම, Programming කිරීම, IoT හැසිරවීම සිට රොබෝවරයකු ක්‍රියාකරවන ආකාරය හඳුන්වාදෙන මෙම වැඩ සටහන් මාලාවේ අරමුණ අනාගතයට දක්‍ෂ නව නිපැයුම් කරුවන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයින් බිහිකිරීමයි.
ළමුන්ට අලුත්ම අත්දැකීමක් වන Step into Robotics වැඩසටහනට Girls In Technology ගැහැණු ළමයින්ට විශේෂයෙන් ආරධනයක් කරයි!
5-8 ශ්‍රේණිවල ළමුන් සඳහා වන BBC micro:bit වැඩසටහන
1. Introduction to BBC micro:bit
2. Patterns, Inputs & Music
3. Logic and Math Programming
4. BBC micro:bit Sensing and Control
5. රොබෝටික් හදුන්වාදීම
9+ ශ්‍රේණිවල ළමුන් සඳහා වන Arduino වැඩසටහන:
1. ධාරා විද්යුතයේ හැසිරීම
2. ඩිජිටල් පරිපථ නිර්මාණය
3, ආඩියුනෝ Programming
4. Internet of Things for Life
5. රොබෝටික් හදුන්වාදීම
නොමිලේ පවත්වන මූලික micro:bit හා Arduino වැඩසටහන් දෙකින් තෝරාගන්නා ළමුන් මාස 4 ක Arduino IoT & Robotics Master හා Micro:bit Master උසස් පාඨමාලාවන්ටද, ඉන් අනතුරුව Scracth, Web, App Inventor, Python, C++ සහ Java programming, Computer Science for International Olympiad තරගාවලි සඳහාද යොමුකෙරේ.
අනාගත පරිගණක විද්‍යාඥයින්, ඉංජිනේරුවන් නව නිපැයුම් කරුවන් බිහිකරන NextGen වැඩ සටහන ශිල්ප සයුර Foundation වෙතින් වසර 14 ක අධ්‍යාපන නව්‍යකරණයේ හා සංවර්ධනයේ ප්‍රතිඵලයකි.
ඔබේ දරුවාටද BBC micro:bit හා Arduino Programming හඳුන්වා දීමට online පැවැත්වෙන ශිල්ප සයුර STEP into Robotics වැඩසටහනට සහභාගී කරවන්න.
ඊළඟ වැඩසටහනට ලියාපදිංචිවීම මෙතනින් :
https://forms.gle/CCd5GmSJ5j4idQ7XA
මෙම වැඩසටහන් සඳහා මුදල් අය කිරීමක් නොමැත.
විස්තර සඳහා WhatsApp 0777 573857 අමතන්න.
ICT අධ්‍යාපනය නවීකරණය සඳහා UNESCO සහ ITU WSIS ජාත්‍යයන්තර සම්මානලාභී ශිල්ප සයුර Foundation විසින්
මෙහෙයවයි.
Nextgen අනාගත
හැකියා දැන්!