Yugani Samarasinghe

Yugani Samarasinghe ❤️❤️❤️❤️
(1)

17/08/2026

අහස කියන්නෙම එක්තරා මායාවක් 🤍✨
~Yugani Samarasinghe-
゚

15/08/2026

සූරියකාන්ත කියන්නෙම අහිමිවීමේ සංකේතයක්ලු......

හැමදාම ඉර හවසට බැහැගන ගියාට සූරියකාන්ත මල්,
ඉර ආයෙම හෙට එනකම්
මග බලනවලු හරි ආදරෙන් 🌻🤍
~Yugani Samarasinghe~

10/08/2026

Nature 🌱
゚

04/08/2026

*_"සොබාදහම කියන්නෙම දෙවියන් අතින් පින්තාරු වුනු අපූරු ගණිතයක්."_* 💞✨

31/07/2026

Nature 🌱

🌒🤍
28/07/2026

🌒🤍

ඔයා කොතනද ඉන්නෙ ?"නිල් පාට අත්දිග ශර්ට් එකක් ඇදගන ඉන්නෙ ඔයා නේද ?" එයාගෙ මැසේජ් එකට මන් එහෙම රිප්ලයි එකක් දැම්මෙ එයාව මම...
23/07/2026

ඔයා කොතනද ඉන්නෙ ?
"නිල් පාට අත්දිග ශර්ට් එකක් ඇදගන ඉන්නෙ ඔයා නේද ?"
එයාගෙ මැසේජ් එකට මන් එහෙම රිප්ලයි එකක් දැම්මෙ එයාව මම දැක්ක බව අගවන්න.කවදාවත්ම දැකලා නොතිබුන එයාව දකින්න එදා දවස වෙනකල් මන් ආසාවෙන් බලාගන හිටියා. ගවුගානක් දුර ගෙවාගන මාව බලන්න ආපු ඔයාවෙනුවෙන් මගෙ හිතේ ලොකු පැහැදීමක් තිබ්බා. ඒ වෙද්දි අපි ආදරවන්තයො නෙවෙයි. එයා පාර පැනලා මන් ලගට ආවා.
මොකෝ මේ බයවෙලා?"
මෙච්චර දවස් ෆෝන් එකෙන්වත් අහපු නැති ඒ කටහඩ පලවෙනි පාරට ඇහෙද්දි බය හිතෙන් නැද්ද දෙයියනේ. හිතින් මම එහෙම හිතුවා. එයාගෙ ප්‍රශ්නෙට උත්තරයක්වත් නොදි මන් ඒ මූණ දිහාම බලාගන හිටියා.

" යමුද අපි අර පැත්තට .මොකො ඔයා සද්දයක්වත් නැත්තෙ. කට ගෙදර තියලද ආවෙ ?" එයා මගෙන් එහෙම ඇහුවා. සමහරවිට ෆෝන් එකෙන් කතාකරන තරම්වත් එදා මන් කතානොකරපු නිසා වෙන්න ඇති එයා එහෙම ඇහුවෙ. මට තවම කතාකරන්න වචන එන්නෙ නැති තරම්.මන් ඔලුව වැනුවා.

" එන්නකො අපි යන් අරහෙට "
මන් එයා පස්සෙන් සද්දයක්වත් නැතුව ආවා. වැව රවුමෙ බංකුවක් උඩ වාඩිවෙලා මන් හිටියෙ එයා දිහා බලාගන. වැව රවුම ලස්සනටම දැක්කෙ මම එදා. එයා හිටියෙ මගේ එහාපැත්තෙන් වාඩිවෙලා.
"මේක ඔයාට"
එයා එදා මගෙ පැත්තට දික්කරපු කඩචෝරු මල්ල එපාම කිවුවෙ එදා ආපු ලොකුකමකටද මන්දා. පස්සෙ එයා ඒක මගෙ අත උඩින්ම තිබ්බට පස්සෙ එපා කියන්න මට හිතුනෙ නෑ .
කන්න යමුද ?"
" අද ඉක්මනින් ගෙදර යන්න ඕන. වෙන දවසක යමු " මම එහෙම කිවුවෙ එදා මට ඉක්මනින් ගෙදර යන්න ඕන උන නිසා. ටික වෙලාවකට පස්සෙ ගෙදර යන්න
එයා පස්සෙන්ම ඇවිත් බස් එකට නැගපු මන් එයා පෙනි නොපෙනී යනකල්ම බලාගන හිටියා අද වගේ මතකයි.
එදා ඒ දැකපු ඇස් කවදාවත්ම මට අමතකවෙන එකක් නෑ. ඒ තප්පර ගෙවෙන්නෙ නැතුව එතනම නැවතුනානම් කියලා එදා දවසම මන් කල්පනා කරා. ගෙවුන තප්පර ගානෙ හිතට පුදුම සතුටක් දැනුනා වගේ හැගීමක් මගෙ හිතේ තිබ්බා.කියන්න දේවල් ගොඩාක් හැංගිලා තිබ්බත් එදා දවසෙ මන් ගොලුවුනා.
ආදරෙත් හරි පුදුම දෙයක්. කල්ප කාලයක් ගියත් සමහර සිදුවීම් සමහර මතක අපිට කවදාවත් අමතක්වෙන එකක් නෑ 🎀🪄

ඔයත් ඔයාගෙ phone එක ඔයාගෙ partner ලග ඕනම වෙලාවක් තියලා යන්න පුලුවන් කෙනෙක්ද ❓ කියවන්න සාමාන්‍යයෙන් මේ මතේට ගොඩාක් අය විර...
20/07/2026

ඔයත් ඔයාගෙ phone එක ඔයාගෙ partner ලග ඕනම වෙලාවක් තියලා යන්න පුලුවන් කෙනෙක්ද ❓ කියවන්න

සාමාන්‍යයෙන් මේ මතේට ගොඩාක් අය විරුද්ධවෙන්න පුලුවන්. Phone එකක් කියන්නෙ පෞද්ගලික දෙයක් ඒ වගෙ විවිද කතාකියන්න පුලුවන් . ඒත් එහෙම එක දවසකටහරි බය නැතුව ඔයාට partner ලග phone එක තියලා යන්න පුලුවන්ද. සමහර අයට මැසේජ් ඩිලිට් කරන්න වෙයි චැට් ඩිලිට් කරන්න වෙයි ෆොටො ඩිලිට් කරන්න වෙයි contacts අයින්කරන්න වෙයි. ඇයි එහෙම වෙන්නෙ ? හැමවෙලාවෙම අනිත් කෙනාට අවංකවෙන්න. මන් දකින දේ phone එකක් කියන්නේ 100% පෞද්ගලික දෙයක් වෙන්න ඕන නෑ. ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර තමන්ගෙ අවංකකම ඇතුලෙ මුනගැහෙයි. තමන් අවංකනම් කවදාවත්ම තමන්ගෙ phone එක තමන්ගෙ partner ලග තියලා යන්න බයවෙන්න එපා. මන් හිතන්නෙ දෙන්නෙක් ගනුදෙනු කරද්දි ඒ තරමට විශ්වාසයක් ඒ දෙන්නා අතර තියෙන්න ඕන.ගවුගානක් දුරින් හිටියත් ඒ විශ්වාසෙ රකින්න පුලුවන් වෙන්නත් ඕන. අවංකකම විශ්වාසය කියන්නෙ දුර්ලබ උනත් වටින දෙයක් 🤍✨

20/07/2026

සොබාදහම දඩුවම් දෙනවා හරිම වෙලාවට ❕

දොරකඩ දෙවොල

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Yugani Samarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share