News Lanka

News Lanka හරියටම දැනගන්න

17/11/2024

2024 මහ මැතිවරණය
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

01. බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

02. ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,
තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී

06. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

07. ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

09. රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක

10. වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

11. සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික

13. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

14. ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

16. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

17. අබුබකර් ආදම්බාවා
දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක - රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)

18. ආර්. එච්. උපාලි සමරසිංහ
(වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක - ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක)

24/09/2024
22/09/2024

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යවන ලදී.ලක්ෂ්මන් ය...
22/09/2024

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යවන ලදී.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන
2024.09.22

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.
21/09/2024

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.

02/06/2024

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ඟග ආශ්‍රිත ගංවතුර අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ගිං ගඟ දෙපස පහත්බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉල්ලිමක් කලේය

හදිසි ආපදා තත්වයකදී, 117 ක්ෂණික දුරකතන අංකයට හෝ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය - 0112136222 / 0112670002 අමතන්න.....

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය - 0912227315
නෙළුව ප්‍රාදේශිය ලේකම් - 0718616132
තවල⁣ම ප්‍රාදේශිය ලේකම් - 0713238194
නාගොඩ ප්‍රාදේශිය ලේකම් - 0777259626
නියාගම ප්‍රාදේශිය ලේකම් - 0710431796

නෙළුව පොලීසිය - 0718591470
හිනිඳුම පොලීසිය - 0718591469
උඩුගම පොලීසිය - 0718591471
නාගොඩ පොලීසිය - 0718591468
පිටිගල පොලීසිය - 0718591477

නෙළුව ප්‍රාදේශිය සභාව - 0774424752
තවලම ප්‍රාදේශිය සභාව - 0714176048
නාගොඩ ප්‍රාදේශිය සභාව - 0719991577
නියාගම ප්‍රාදේශිය සභාව - 0772518699

මීට අමතරව ඔබ පදිංචි ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීතුමන් හෝ තුමිය වෙත ඔබට බලපා ඇති ආපදා තත්වය පිළිබඳව හැකි ඉක්මණින් දැනුවත් කරන්න. අනතුරුව ඔවුන් අදාළ අංශ දැනුවත් කර කඩිනමින් පහසුකම් සහ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ පණිවුඩයක්

02/06/2024

2024 ජුනි මස 03 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2024 ජුනි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
(කා.වි.දෙ)

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති...
02/06/2024

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ..

එම අනතුරු ඇඟවීම රතු වර්ණයෙන් යුතු නිවේදනයක් මගින් නිකුත් කර ඇති අතර, අනිසි බියක් ඇති කරගැනීමකින් තොරව එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයක් ඒ සම්බන්ධයෙන් යොමු කළ යුතු බවද එහි සදහන්ය

Address

Kandy

Telephone

0778782648

Website

Alerts

Be the first to know and let us send you an email when News Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share