Devinda Bandara

Devinda Bandara Aviator 🛫 Astrophile 🌌 Wanderer 🚶‍♂️Digital Creator 👨‍💻

පහළින් පෙනෙන වල්ගාතරුව අපිට පියවි ඇසට දැක බලාගන්න හැකි වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දි මේ අවුරුද්දෙ පියවි ඇසින් අපිට නි...
04/10/2025

පහළින් පෙනෙන වල්ගාතරුව අපිට පියවි ඇසට දැක බලාගන්න හැකි වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දි මේ අවුරුද්දෙ පියවි ඇසින් අපිට නිරීක්ෂණය කරන්න පුලුවන් වෙයි කියලා හිතෙන අලුත්ම වල්ගා තරු දෙකක් හොයාගෙන තියනවා.

C/2025 R2 (SWAN) සහ C/2025 A6 (Lemmon) ලෙස හඳුන්වන මේ වල්ගා තරු දෙකම අපිට ඔක්තෝබර් මාසෙ මැද ඉඳන් පියවි ඇහෙන් නිරීක්ෂණය කරන්න ලැබෙයි කියලා තමා කියවෙන්නෙ. මේ දෙකේ පිහිටීම ඔයාලට Stellarium සහ Sky Tonight කියන mobile app දෙක භාවිතා කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ වල්ගාතරු දෙක ගැන තව විස්තර මම ඉස්සරහට කියන්නම්.

පහළින් තියෙන්නෙ මම ගිය අවුරුද්දෙ ගත්ත අපිට පියවි ඇහැට දර්ෂණීය විදියට පෙනුන C/2023 A3 (Tsuchinshan–ATLAS) වල්ගා තරුවෙ photo එකක් 😍

20/09/2025

This is what I call my kind of luxury 🥺
Jimny + Astro nights 🥺

19/09/2025

To escape and sit quietly on the beach and watch stars twinkle, that's my idea of paradise 🥺😍🌌

15/09/2025

whisper your secrets to the night sky - රාත්‍රී අහසට ඔබේ රහස් මුමුණන්න

How to capture milkyway පහු ගිය 7 වෙනිදා රාත්‍රියෙ තිබ්බ Lunar Eclipse එකේ මගෙ photo එකත් එක්ක හුඟ දෙනෙක් මගෙ page එකේ m...
14/09/2025

How to capture milkyway

පහු ගිය 7 වෙනිදා රාත්‍රියෙ තිබ්බ Lunar Eclipse එකේ මගෙ photo එකත් එක්ක හුඟ දෙනෙක් මගෙ page එකේ milkyway photos බලලා මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේ විදියට photos ගහන්නෙ.මේවා edit ද,කොහොමද මෙහෙම එඩිට් කරන්නෙ,අපි ගැහුවට මෙහෙම එන්නෙ නෑනෙ කියලා.

මුළින්ම කියන්න ඕනෙ මේ තියෙන්නෙ එඩිට් එකක් නෙවෙයි ඡායාරූපයක්. මෙහෙම ඡායාරූපයක් අරගන්න කලින් පොඩ්ඩක් සැලසුමක් හදාගත්තනම් පහසුවෙන්ම මේ වගේ ඡායාරූපයක් ගන්න පුළුවන්. හොඳ ඉවසීමක් සහ කැපවීමක් අවශ්‍යයි. හොඳ පැහැදිලි අහසක් අත්‍යාවශ්‍යයි. මේ ඡායාරූපය ගන්න මම නම් භාවිතා කලේ මගෙ Nikon D5200 කැමරාව සහ Nikon 18-55mm ලෙන්ස් එක. මේ වගේ ඡායාරූපයක් ගන්න wide angle lens එකක් තිබිය යුතුයි.35mm වලට වඩා අඩු එකක් නම් හොදයි.

ඒ වගේම මේ දිනවල ඔයාලට හවස 7න් පස්සෙ ligjt pollution අඩු ප්‍රදේශ වල milkyway එක පියවි ඇහෙන දැක බලා ගන්නත් හැකියාව තියෙනවා.

පෙර සූදානම:
මේ ඡායාරූපය අපි ලබා ගන්න ඕනෙ රාත්‍රී කාලයේ නිසා අපිට අපේ කැමරාව auto focus කරගන්න නම් ටිකක් අමාරුයි. ඒ නිසා දවල් හොඳට එළිය තියෙන වෙලාවක් බලලා ඈත තියෙන වස්තුවක කැමරාව යොමු කරලා කැමරාව focus කරගන්න.ඊට පස්සෙ auto focus off කරලා ඒක ලෙන්ස් එකේ සලකුනු කරගන්න. මෙහිදී ඈත තියෙන වස්තුවක් තෝර ගත්තෙ අපිට අනන්තයට focus කර ගැනීමට අවශ්‍ය නිසා.නමුත් සමහර ලෙන්ස් වල අනන්තය සලකුනු කරලා එනවා.ඒවා නම් focusing ring එක කරකවලා අනන්තයට සකස් කරගන්න පුළුවන්.
මීළග කාරනය තමයි කැමරාව හොදින් චාජ් කරගැනීම. ඒ වගේම හොඳ tripod එකකුත් අවශ්‍යයි.

කොහොමද milky way එක හොයාගන්නෙ:
මේකට මම නම් භාවිතා කරන්නෙ Stellarium කියන Android app එක.මෙකෙන් අපිට පුළුවන් රාත්‍රී අහස සිමියුලේට් කරගන්න.මතක ඇතිව gps සහ data on කරන්න. ඒ වගේම අපිට හොදටම milky way එක පේන්නෙ කොයි වෙලාවෙද කියලත් මේ ඇප් එකෙන් බලාගන්න පුළුවන්.

ඔයාලට නිල් පාට අහසත් එක්ක milky way එක capture කරගන්න ඕනෙ නම් මම sugest කරන්නෙ රාත්‍රී 7.00ත් 7.30ත් අතර කාලයයි.මේ වෙලාව විනාඩි 10කින් විතර එහා මෙහා වෙන්න පුළුවන්.ඒවා ගැන වෙනම කියලා දෙන්නම්.

ඇප් එක භාවිතා කරන්න බැරි අයට පුළුවන් රාත්‍රී 7.00න් පස්සෙ හොදට අහස පේන අදුරු තැනකට ගිහින් ගිනිකොන සිට බස්නාහිරට ක්ශිතිජයට අංශක 30ක් විතර ඉහළින් අහස දිහා හොදින් බලද්දි පියවි ඇහෙන් milky way එක බලාගන්න.

**මේ දවස් වල නම් සම්පූර්ණ ක්ශීර පථයම ඡායාරූපයකට ගන්න අමාරුයි.**

හරි එහෙමනම් වැඩේට බහිමු.
චායාරූපය ගන්න ස්ථානයක් තෝරා ගැනීම:
කොළඹ පැත්තෙ නගරාසන්නව ඉන්න අයට නම් මේ වැඩේ ටිකක් අමාරුයි.මොකද ආලොක දූශනය,වායු දූශනය සහ ගොඩක් උස ගොඩනැගිලි නිසා. නමුත් ටිකක් නගරයෙන් එළියට ආවනම් මේ වැඩේ කරගන්න බැරි කමක් නෑ. මේ සදහා හොද එළිමහන් පරිසරයක් නම් වඩාත් යෝග්‍යයි.ඒ වගේම පසු බිම ටිකක් ආකර්ශනීයනම් තවත් හොදයි.
උදා: ස්මාරකයක්,ලස්සන ගහක් වගේ එකක් තියෙනවනම්.

**සවස 6.30ට වගේ අදාල ස්ථානයට ගිහින් පසු බිමේ ඡායාරූප ටිකක් අරගෙන ඉන්න.**

ඊට පස්සෙ හවස 7.30න් විතර පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ.කැමරාව ට්‍රයිපොඩ් එකට හොදින් මවුන්ට් කරගෙන ලෙවල් කරගන්න. කැමරාවට රිමෝට් කන්ට්‍රෝලර් එකක් භාවිතා කරන්න පුළුවන්නම් වඩාත් හොදයි.එහෙම නැතිනම් කැමරාවෙ ටයිමර් එක තත්පර 2කට දාලා ඡායාරූප ගන්න.කැමරාවට අපේ අතෙන් එන shake එක අවම කරගන්න පුළුවන් එතකොට.

Settings:
ලෙන්ස් එකේ අපි කලින් හොයාගත්ත අනන්තයට මැනුවල් ෆෝකස් එක හදාගන්න.
Focal length එක පුලුවන් තරම් අඩු අගයක්,(මගෙ නම් 18mm) තියාගන්න.
Apreture එකත් පුළුවන් තරම් අඩු අගයක් (මගෙ නම් 3.5)
ISO අගය 2000-3200ත් අතර තියාගන්න.Apreture අගය ගොඩක් අඩු ලෙන්ස් වල නම් ISO 1800 වගේ අගයක් භාවිතා කරන්න පුලුවන්.
Sutter speed එක තත්පර 20ක් යොදා ගන්න.
පගළ පසු බිමත් එක්ක චායාරූපය ලබාගන්න අවශ්‍ය නම් කැමරාව උස් අතට මවුන්ට් කර frame එකස් කරගන්න එක තමයි හොදම.
දැන් ඉතින් ක්ශීරපථය තියෙන තැන අදුනගෙන ඡායාරුප ගත කරගන්න එක තමයි තියෙන්නෙ.

Mobile phone වලින් milkyway එක capture කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ mobile එකේ camera එක Pro mode එකට දාලා ISO1800 Aperture එක අවම අගය දාලා (f/1.8,f/2.8) Shutter speed එක 30 seconds භාවිතා කරලා focus mode එක Manual තියලා ( අර කන්දක් වගේ තියන mode එක select කරන්න) milkyway එක capture කරන්න. හැබැයි tripod එකක් නම් තියෙන්නම ඕන. එහෙම නැත්තන් තත්පර 30ක් phone එක හෙල්ලෙන් නැතුව තියෙන්න ඕන.

Milkyway photos ගන්න ලොකු ලොකු devices ඕන නෑ. මම මේ පහළින් දාලා තියන photos ඔක්කොම අරන් තියෙන්නෙ මගෙ Nikon D5200 entry level camera එකෙන්. හොඳ techniques ඉගෙනගෙන aply කරන්න තමා ඕන. ඒ වගේම creative වෙන්නයි ඕන.



Shot with Nikon D5200

13/09/2025

රෑ අහසයි මේ sound track එකයි අතර තියෙන්නෙ ආත්මීය බැඳීමක් 🥺😍

Total Lunar Eclipse 🥺😍Composite Version Nikon D5200 Astro Modified  with Skywatcher 130pds
07/09/2025

Total Lunar Eclipse 🥺😍

Composite Version

Nikon D5200 Astro Modified with Skywatcher 130pds

තරුම විතරක් නෙවෙයි මූද යටත් photo ගන්නවා 😍ලංකාවෙ snorkeling වල පරාදීසයක් තමා Pigeon Islands කියන්නෙ 😍Shot on Gopro hero ...
07/09/2025

තරුම විතරක් නෙවෙයි මූද යටත් photo ගන්නවා 😍

ලංකාවෙ snorkeling වල පරාදීසයක් තමා Pigeon Islands කියන්නෙ 😍

Shot on Gopro hero 7

අද රෑ 10 වෙද්දි 🌚
07/09/2025

අද රෑ 10 වෙද්දි 🌚

Happy world photography day guys 😍
19/08/2025

Happy world photography day guys 😍

Address

Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when Devinda Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share