12/09/2026
Orion - My fav 😍
රාත්‍රී අහස බලන ඕනෑම කෙනෙක්ගෙ නෙත පිනවන, අහසේ රජු ලෙස සැලකෙන Orion (දඩයක්කාරයා) තාරකා රාශිය කියන්නෙ විශ්වයේ තියන අතිශය සුන්දරම මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි තාරකා රටාවක්.
පහසුවෙන් හඳුනාගන්නා හැටි
ඔරායන් රාශිය හඳුනාගැනීමට ඇති පහසුම ක්‍රමය වෙන්නේ එහි මධ්‍යයේ එක එල්ලේ පිහිටා ඇති දීප්තිමත් තරු තුන. මේක "Orion’s Belt" (ඔරායන්ගේ ඉණපටිය) කියලා හඳුන්වනවා.
රාශියේ ප්‍රධාන තාරකාවන්
Betelgeuse (බීටල්ජූස්): දඩයක්කාරයාගේ වම් උරහිස පිහිටි ස්ථානයේ ඇති රතු පැහැති අතිවිශාල තාරකාව. මෙය එහි ආයු කාලයේ අවසන් අදියරේ පසුවන තාරකාවක්, අනාගතයේ දවසක Supernova පිපිරීමකින් කෙලවර වෙන්න චාන්ස් එකක් තියන red giant තරුවක්.
Rigel (රයිජල්): දඩයක්කාරයාගේ දකුණු පාදය නිරූපණය කරන, නිල් සහ සුදු මිශ්‍ර දීප්තිමත් තාරකාව.
Alnilam : අපේ පෘථිවියට ජීවයෙ ආවෙ මේ ඔරායන් තාරකා රාශියෙ තියන අල් නිලාම් කියන තාරකාවෙ ඉඳන් කියලත් විශ්වාසයක් තියනවා.
Orion Nebula (ඔරායන් නිහාරිකාව)
නිහාරිකාවක් එහෙමත් නැත්තන් nebula එකක් කියන්නෙ අභ්‍යවකාශයේ දූවිලි හා වායු සහිත යෝධ වලාකුළක් වගේ එකක්. මේ නිහාරිකා වල අලුතින් තරු හැදෙන එක සිද්ද වෙනවා.
මේක ඔයාලට 50mm හෝ ඊට වැඩි focal length එකක් තියන ලෙන්ස් එකක් දාපු කැමරාවකින් හරි telephoto lens එකක් සෙට් කරපු mobile phone එකකින් උනත් capture කරන්න පුලුවන්.
මේ දින වල පාන්දර අහසේ නැගෙනහිර පැත්තෙන්, ඔරායන් පැහැදිලිවම බලාගන්න පුලුවන් කම තියනවා.
All images taken with Nikon D5200 + Nikon 50mm 1.8G, Nikon 55-300mm, Skywatcher 130pds telescope