17/10/2025
2025 FTZSA මහා ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තරඟවදින ATG ක්‍රිකට් විශිෂ්ටයින්ට සුබ පැතුම්!
කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩා සංගමය (FTZSA) මඟින් සංවිධානය කරන 2025 අන්තර් සමාගම් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ, එළැඹෙන ඔක්තොම්බර් 19 වන දා කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.
ඊට සුදුසුකම් ලබා සිටින කටුනායක ATG ඔකියුපේෂනල් සහ හෑන්ඩ් කෙයාර් යන ආයතන නියෝජනය කරන ක්‍රිකට් විශිෂ්ටයින්ට සුබ පැතීමට සහ නව ක්‍රිකට් නිල ඇදුම් ලබා දීම වෙනුවෙන් වූ විශේෂ උත්සවයක්, අද දින එම ආයතන පරිශ්‍රයන් හි දී සංවිධාන විය.
ATG සමූහ ව්‍යාපාරය සිය ආයතනයන් හි සේවක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය සහ පෞද්ගලික වර්ධනයට රුකුලක් වන ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට මෙන් ම එම අවස්ථා ලබා දීමට නිරන්තරයෙන් ඇප කැප වී සිටියි.
පසුගිය වසර කිහිපයේ දී ද FTZSA ක්‍රීඩා තරඟාවලි නියෝජනය කරමින් කලාපීය ආයතන රැසක් අභිභවා ක්‍රීඩාවෙන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ATG ක්‍රීඩා තරු සමත්වීම අපට මහත් ගෞරවයක් මෙන් ම ආඩම්බරය කි.
ATG heartily congratulates our Cricket Teams ahead of FTZSA Cricket Quarter Finals 2025!
The quarter-finals of the Inter-Company Soft Ball Cricket Tournament 2025 organised by the Katunayake Free Trade Zone Sports Association (FTZSA) will be held on the 19th of October at Katunayake FTZ Sports Stadium.
Ahead of the upcoming matches, ATG issued new cricket jerseys, at a congratulatory function dedicated to the teams representing ATG Occupational PVT LTD and ATG Hand Care PVT LTD in Katunayake, today.
As part of its overall vision for employee wellbeing, as well as personal and professional growth, ATG encourages all employees to engage in sports and related activities, regularly.
Over the recent years, ATG sports champions have achieved great victories across all regions the Group is based in.