05/07/2026
*. මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයෙ ප්‍රධාන සංඝ නායක,
*. එම පාර්ශ්‍රවයේ කෑගලු දිස්ත්‍රික් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,
*. මුළු දිවයිනටම සාම විනිසුරු,
*. කෑගල්ල, රෑනපාන-කැප්පෙටිහේන දළුග්ගල සිරි ගෞතම දම්සක් විහාරස්ථ ආරණ්‍ය සේනාසනාධිපති.
අතිපූජනීය හකුරුවෙල ශ්‍රී ධම්ම රතන තිස්සාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ....
දැනට ලංකාවේ අඩුම වයසින් නායක ධුරයක් දරන ස්වාමින් වහන්සේ නමක් වන අතර බෝධින් වහන්සේලා දෙනමක් එකම මළුවේ පිහිටි එකම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන ස්වාමින් වහන්සේ වේ. උක්ත තනතුරු ලැබූවද මනා චරිතයකින් යුතු පින්වත් ස්වාමින් වහන්සේ හැකි ශක්තිප්‍රමාණයෙන් දායක කාරකාදීන්ගේ කටයුතු සේම ලිපි ලේඛන පවා ඉතා නිවැරදිව පිළිවෙලට ලිපි ශීර්ෂයකින් ලියන නිසා එය පිළිගැනීමක් පවතී. භික්ෂුවක් ලෙස කටයුතු කරන තමන් වහන්සේගේ ගෞරවය සේම ආචාර්‍ය උපාද්‍යායන් වහන්සේලාගේ සහ නිකායේ ගෞරවයද මනාව රකිමින් හැකි අයුරින් ශික්ෂාකාමීව සංයමයෙන් කටයුතු කරන තරුණ ස්වාමින් වහන්සේ නමකි.
තමන් වහන්සේ වෙත පැවරෙන වගකීම් ඉතා විශ්වාසනීය ලෙස ඉටුකරන අප පින්වත් ස්වාමින් වහන්සේ වැඩ සිටින එම ආරණ්‍ය සේනාසනය පිළිබඳව උන්වහන්සේ කටයුතු කරන සංඝ උපස්ථානයක් සිදු කරනවා සේය. "මම මේ ආරණ්‍ය ගොඩ නගන්නේ මට නෙමෙයි, සිල් ගුණ රකින ස්වාමින් වහන්සේලාට සුවසේ එම ගුණයන් වර්ධනය කරගන්න නිදහස් විවේකී පුණ්‍ය භූමියක්නෙ නිර්මාණය කරන්නෙ. මට ඉතිං තුන් සිවුරයි පාත්තරෙයි අරගෙන ඕනි වෙලාවක එළියට බැහැලා යන්න පුළුවං, අරං යන්න වෙන දෙයක් නෑ. කියලා ස්වාමින් වහන්සේ නිතරම කියන කාරණාවකි.
අපිට ශක්ති ප්‍රමාණයෙන් ඒ උතුම් සත්කටයුත්තට සහයෝගයක් දෙන්න පුළුවං නම් අපිටත් මහත් පිනක්. මොකද ස්වාමින් වහන්සේ නිතරම තමන් වහන්සේ ගැන නොව ස්වාමින් වහන්සේලා ගැන සිතා කටයුතු කරන නිසාවෙනි.
මෙම ආරණ්‍ය සේනාසනය මගින් ගම්වාසී ප්‍රදේශවාසී සියළුම දෙනාට ශාසනික කටයුතු සිදුවෙන ඉතා විශ්වාසයෙන් පැමිණෙන තැනක්.
ආරණ්‍යයේ බොහෝ කටයුතු සිදු කෙරෙන නිසා පිංකැමති දෙස් විදෙස් පිංවත් සැමට පැමිණ හෝ අවශ්‍යතා සොයා බලා උපකාර කරන්න පුළුවං. දායක සභාවක් හරහා බොහෝ ඉදිකිරීම් කටයුතු කෙරෙන්නේ. ඒ සම්බන්ධයෙන් කටයුතු දැනගැනීමට 0779139795 අංකයෙන් ලොකු ස්වාමින් වහන්සේ හා සම්බන්ධ වෙන්න පුළුවං.
අප පින්වත් නායක ස්වාමින් වහන්සේ හා එක්වද සම්බුදු සසුන එකළු කරන සිල් ගුණ දම් රකින, විව්ධ දැනුමෙන් අනූන පින්වත් පිරිසක් සමාජයට දායාද කරමු.