18/05/2025
ඔය යුද්ධ ජයග්‍රහණය කියන එක සමරන් නැතුව ඉන්නවා නම්, ඒක කරන්න තිබුණ පලවෙනිම මනුස්සයා තමයි, රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. මොකද මහින්ද යුද්ධ කරනකොට, ඒකට කරන්න සහ කියන්න පුලුවන් උපරිම අවලාද ටික කිව්වේ, කෙරුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එයාගේ ඒ කාලේ කඳවුර.
තොප්පිගල බේරගත්තාම, තොප්පිගල කියන්නේ කැලයක් කිව්වා. අලිමංකඩ යනවා කියලා, පාමංකඩ යන්නේ කිව්වා. කිලිනොච්චි කියලා මැදවච්චියට යනවා කිව්වා. යුද්ධ කරන්න ඕන ගො නෙ කු ට පුලුවන් කිව්වා. රනිල්ගේ කඳවුර එදා එහෙම කිය කිය මේ යුද්ධය මෙහෙයවීම හෑල්ලුවට ලක් කලා. මිනිස්සු ඒවගේ රිටර්න් එක ඒ කාලේ ඒ පක්ෂ වලට දුන්නා.
හැබැයි එහෙම කියපු කඳවුරේ නායකයා වෙච්ච රනිල් වික්‍රමසිංහත් මේ රටේ පස්සේ දවසක ජනාධිපති වුනා. ජනාධිපති වුනාට පස්සේ, ඒක ජනාධිපති. එච්චරයි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ වගේ හැසිරෙන්න එයාට බෑ. ජනාධිපති තනතුරෙන් එයාට පැවරුණු රාජකාරියක් තියෙනවා. සමහර සමයං, මල කෝලම් එයාට නතර කරන්න පුලුවන්. හැබැයි, රාජ්‍යත්වයත් එක්ක එන බැඳිම්, සම්ප්‍රදායන් මග හැරලා ඉන්න එයාට බෑ.
රනිල්ටත් තිබ්බනේ අනේ ඕවා සමයං කියලා නතර කරලා දාන්න. ක්‍රෙඩිට් එක රාජපක්ෂලාට වුනත්, කරන්න වෙනවා නම් කරන්න ඕන. යුද්ධේ දින්නේ රාජපක්ෂලා හින්දා කියන එක තවදුරටත් යට ගහන්න හදන එක නිකන් අර ටෙනිස් බෝලයක් වතුර යට හංගනවා වගේ වැඩක්. ඒක නිකන් හරියට රාජපක්ෂලගේ කාලේ යුද්ධ ජයග්‍රහණ සමරද්දී ෆොන්සේකව හැංගුවා වගේ වැඩක්. ඒක යට ගහන්න, යට ගහන්න වුනේ ෆොන්සේකා සම්බන්ධව මිනිස්සුන්ගේ ආදරය තව තවත් වැඩි වුන එක. යුද්ධය හා සම්බන්ධව ෆොන්සේකගේ දායකත්වය තවත් හයිලයිට් වුන එක. රාජපක්ෂලා ඒ කාලේ කරගත්ත මෝඩම වැඩක් තමයි ඒක.
දැන් මේ කරන්නෙත් ඒක. මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය මොකක් වුනත්, ඒ මනුස්සයට ඒ යුද්ධයේ ජයග්‍රහණය දීලා දැම්මාම ඉවරයි. එහෙමයි කියලා දේශපාලනිකව උස්සන්න යන්න ඕන නෑ. 2010 උඩින් දින්න සේනාධිනායකයම තමයි, මිනිස්සු 2015 ජනේලෙක එල්ලුවෙත්. ඒ මිනිස්සුම තමයි, ආයේ 2019 බලයට අරන් ආවෙත්. ඒ අයම තමයි ආයේ 2.50 ට බැස්සුවෙත්. එතකොට ඒ මිනිස්සුම තමයි දැන් ඒක 10% ක ආසන්න මට්ටමකට අරන් ඇවිල්ලා තියෙන්නේත්. මේ සරල සමීකරණය තේරුම් ගන්න බැරුව දේශපාලනය කරන්න එපා. රාජපක්ෂලා ඔය සමීකරණේ දන්නවා. ඉතින් එයාලා කාලේකට සැරයක් බලයට එනවා. අනිත් අය මේක හත්පොලේ ගාගෙන, චොර වෙනවා.
ඒ හින්දා මුලින් එන්නේ නෑ කියන්නයි, ආයේ එනවා කියන්නයි, ආණ්ඩු ඕනේ නෑ. මේ ආණ්ඩුවේ කොන්ද සම්බන්ධව අවසන් ලිට්මස් පරික්ෂාව මට අනුව නම්, අර කොටහේන පාසල් දැරිවියගේ සිදුවීම වෙලාවේ ඒකට කටයුතු කරපු අකාරයෙන් පැහැදිලි වුනා. මෙතනින් එහාට නැවුණු කොන්ද තවත් නැවෙනවා මිස, ඒක කෙළින් වීමක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක මේ යුද්ධ සැමරුම් වගේ ඒවගෙන් තවදුරටත් ඔප්පු වෙනවා.
උතුරේ මිනිස්සුන්ටත් එයාලගේ සැමරුමක් කරගන්න ඉඩ දෙන්න. නැතිවුණේ තමන්ගේ පුතා නම්, ඒ අම්මට අඬලා පුතාව මතක් කරන්න, පුතා වෙනුවෙන් සැමරුමක් කරන්න ඉඩ දෙන්න. ඒකටත් අයිතියක් තියෙනවා. ඕවා නොදුන්නාම තමයි, අන්තවාදීන් ඒ මිනිස්සුන්ව තමන්ගේ වැඩ වලට යූස් කරගන්නේ.
හැබයි යුද්ධ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයක් මිස කණ්ඩායමක ජයග්‍රහණයක් නෙවෙයි. අනුර කියන්නේ රටක නියෝජනයක් මිස, කණ්ඩායමක නියෝජනයක් නෙවෙයි. එහෙම නම් ඇයි අනුර මේ වගේ දේවල් වලින් පැනලා යන්න හදන්නේ ?
මේ වගේ දේවල් මග හරිනවා නම්, ඔයාලත් අප්‍රේල් වලයි, නොවැම්බර් වලයි සමරන ඒවා නවත්තලා දාන්න. ඒවා අත්පුඩි ගහලා සමරලා, මේ ජාතික මට්ටමේ ජයග්‍රහණයකට ජනාධිපති එන්නේ නෑ කියලා, පස්ස ගහන්න හදන්න එපා. එහෙම කියපු එක පට්ට අවුල් කියලා ඔයාලටම දැන් තේරිලා තියෙන්නේ කියලා අපි දන්නවා. ඔතන තියෙන්නේ සන්නිවේදනයේ අවුලක් නම්, හැමදාම කියනවා වගේ කට්ටිය එකතු වෙලා කතා වෙලා, එකක් එලියට කියන්න.
හැමදාම කාගේ කාගේ හරි අතින් ලොකු පොඩි වැරදි සිද්ධ වෙනවා. කවුරුත් ඒවා පිලි අරන් හදාගන්නවා වෙනුවට කරන්නේ, ඒවට තව තව කතන්දර කියලා, අර ජරා ගොඩ වහගන්න ට්‍රයි කරනවා. වහන්න හදන එකෙන් වෙන්නේ තව තව ඇඟේ ගා ගන්න එක කියලා කාටවත්ම තේරෙන් නෑ. තේරෙනකොට ඉතින් ඔයාලා බලයෙත් නෑ.