RUS Story

RUS Story Hi, I'm Rusiru. There is a story to every day of our lives. Making stories from people and activities in our lives is what I am doing.

You are welcome to share your thoughts here !

රණවිරුවට රණවිරුවා කියලා කියන්න කට ඇරෙන්නේ නැති දේශපාලන ලොන්තයා... රණවිරුවට රණවිරුවා කියන්න බැරි මේ කාල කණ්ණි ආණ්ඩුවේ කොන...
19/05/2026

රණවිරුවට රණවිරුවා කියලා කියන්න කට ඇරෙන්නේ නැති දේශපාලන ලොන්තයා...
රණවිරුවට රණවිරුවා කියන්න බැරි මේ කාල කණ්ණි ආණ්ඩුවේ කොන්ද පණ නැති ජනාධිපතියා..
කියලා කියන, ඊයේ "තපක්" ගාලා බිම පතබෑවුණු මිනිහෙක්, මොර දෙන වීඩියෝ එකක් අද උදේ දැක්කා.

ප්‍රශ්නේ ඒක නෙවෙයි, ප්‍රශ්නේ යුද්දෙ ඉවර කරපු නායකයගේ පුතා ඊයේ රෑ පෝස්ට් එකක් දාලා තියෙනවා 7.40 ට විතර මාතෘ භූමියට ණය නැති "ආදරණීය රණවිරුවන්" සිහි කලෙමි කියාලා. කාගේ හරි උපදෙසකට පෝස්ට් එක එඩිට් වෙනවා 7.48 ට හෙණ හෑල්ලක් එක්ක.

මෙන්න ඒ හෑල්ලේ, යුද්ධය ඉවර කරපු නායකයගේ පුතත් රණවිරුවන්ට "සොල්දාදුවන්" සහ "සෙබළුන්" කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. පස්සේ වැඩේ පත්තු වෙනවා. ආයේ පෝස්ට් එක 7.51 ට එඩිට් වෙනවා අර පලවෙනි කැප්ෂන් එකම දාලා. අවසාන එඩිට් එක තියෙන්නේ 7.56 ට විතර වෙනමම කැප්ෂන් එකක් දාලා. ඒ පෝස්ට් එකේ යුද්දේ ඉවර කරපු මහින්ද මහත්තයත් ඉන්නවා. මේක මං හොයාගත්ත එකක් නෙවෙයි, නමුත් තව වැඩ් දෙනාගේ දැනගැනීම පිණිසයි මමත් මේක පෝස්ට් කරන්නේ.

මට කියන්න ඕනේ, මෙයාලගේ ඇතුලේ තියෙන්නේ එකක්. එලියට දාන්නේ තව එකක්. එයාලටත් "සොල්දාදුවන්", "සෙබළුන්" කියලා කියවෙනවා. නැත්නම් පෝස්ට් එකේ කැප්ෂන් එකට දායිද ?? හැබැයි නඩත්තු කරන්නේ තක්කඩි දේශපාලනයක් හින්දා ආයේ කැප්ෂන් එක වෙනස් කරලා සෙබළුන් සහ සොල්දාදුවන් "විරෝදාර රණවිරුවන්" විදිහට, එයාලගේ ක්‍රමයට මේක නිවැරදි වෙනවා.

නාමල්ලට මේ නඩත්තු දේශපාලනයෙන් ගැලවීමක් නැති එක ගැන මට තියෙන්නේ දුකක්. නැත්නම් මං ආසයි, එයා අර දෙවෙනියට වෙනස් කරපු කැප්ෂන් එකේ අවසාන කෑල්ලට. ඒකේ එයා කියන්න උත්සහ කරනවා, "මේ විජයග්‍රාහී දිනය යුද්ධය සැමරීමට නොව, සාමය වෙනුවෙන් කැප කල බොහෝ පරිත්‍යාගයන් සහ ජාතියක් ලෙස නැවත හුස්ම ගැනීමට ඉඩ දුන් ධෛර්යය සිහිපත් කිරීමකි " කියලා. එහෙම එකක්වත් නාමල්ගෙන් එලියට එන්න තිබුණා නම් වටිනවා.

හැබැයි නාමල්ගේ කඳවුරට ඒක කවදාවත් කියාගන්න බෑ. මොකද ඔවුන් නඩත්තු කරන දේශපාලන සංස්කෘතියට ඒක සෙට් වෙන් නෑ. නාමල්ලගේ මේ දේශපාලන සංස්කෘතිය එක්ස්පයර් වෙලා කියලා දැන දැනත් එයාලා මේ කරන වැඩෙන් වෙන්නේ එක්ස්පයර්ඩ් දේශපාලන අයිඩියාලොජි එකක් අපේ මිනිස්සුන්ගෙ ඔළුවලට දාන එක. ඒක මහ නරුම වැඩක්.

පළමුවත් මව්බිම !දෙවනුවත් මව්බිම !තෙවනුවත් මව්බිම !බඩගාලත් මව්බිම ❤️
18/05/2026

පළමුවත් මව්බිම !
දෙවනුවත් මව්බිම !
තෙවනුවත් මව්බිම !

බඩගාලත් මව්බිම ❤️

පහළ ෆොටො එකේ ඉන්න් මල්ලි කියනවා, මල්වානේ ඉඩම හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න අග්‍රාමාත්‍ය...
18/05/2026

පහළ ෆොටො එකේ ඉන්න් මල්ලි කියනවා, මල්වානේ ඉඩම හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න අග්‍රාමාත්‍යතුමිය පොරොන්දු වුනා කියලා.

ඒ කියන කතාව ඇත්ත නම්, මොකක් හරි සංගමයකින් ඇවිල්ලා කොහෙ හරි පොදු දේපළක් අල්ල ගත්තාම එයාලගේ අරමුණ සලකලා බලලා ඊට අනුකූලව ආණ්ඩුවක් ක්‍රියා කරනවා නම්, මේ මල්ලිලාට පුලුවන් තව ඉඩමක් ගිහින් අල්ලගන්න. ඒකත් හොඳ අරමුණක් වෙනුවෙන් යොදවගන්න. මේ විදිහට දිගින් දිගටම කරන්න. එතකොට අපිට පුලුවන් ආණ්ඩුව මේ මල්ලිලාටම බාර දෙන්න.

තව පැත්තෙන් ගත්තාම මේක හොඳ ව්‍යාපාරයක් කරගන්නත් පුලුවන්. තමන්ගේ අරමුණ පිරිසිදුයි නම්, ඒ පිරිසිදු අරමුණ වෙනුවෙන් කාටහරි ඉඩමක් හෝ දේපලක් ඕන නම්, මෙයාලට වැඩේ බාර දෙන්න. නැත්නම් මෙයාලා වගේ ඉස්සරහට බිහි වෙන්න පුලුවන් හෝ බිහිවෙන්න නියමිත "පොදු දේපළ පිරිසිදු අරමුණු වෙනුවෙන් අත්පත් කරගැනීමේ" සංවිධානයකට වගේ වැඩේ බාර දෙන්න.

එයාලා කඳවුරු බැඳලා, අදාළ පාර්ශව එක්ක සාකච්ඡා කරලා, සියලු වැඩකටයුතු කරලා, ඉඩම සහ අදාළ දේපළ ඔයාලට අරන් දෙනවා. ඔයාලට තියෙන්නේ එයාලා එක්ක බජට් එකක් කතා කරගෙන දේපල අරගෙන ඒක පිරිසිදු අරමුණු වෙනුවෙන් භාවිතා කරන්න.

ඔය අගමැතිතුමිය මෙයාලට දෙනවා කියලා කියන ඉඩම සම්බන්ධව කරපු ප්‍රකාශයේ වීඩියෝ එකක් හරි නිල ප්‍රකාශයක් හරි හොයාගන්න නැද්ද ? මොකද එහෙම වුනොත් මේ බිස්නස් එක අපිට ප්‍රොමෝට් කරන්න පුලුවන්. හැබැයි අරමුණ පිරිසිදු නම් විතරයි 😉 අනික ඉස්සරහට පොදු දේපල සම්බන්ධ නඩු වලටත් මේක හොඳ උදාහරණයක් වෙයි. 🙌

රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබිච්ච ත්‍රීවිලර් එකක් නවත්තලා, රියැදුරා සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් ...
17/05/2026

රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබිච්ච ත්‍රීවිලර් එකක් නවත්තලා, රියැදුරා සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑවා කියලා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

කොල්ලකාපු සල්ලි, සීට්ටුවකින් ලැබුණ මුදලක් බව කියලා පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් සැකයක් ඇති වෙලා දීර්ඝ විමර්ශනයක් කරලා, පස්සේ පොලිසිය හොයාගෙන ඒ සල්ලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ‘කුඩු අංජු’ ගේ කියලා. ඔහොම ඔහොම හෙන පතරංග හෑල්ලක් හොයාගෙන තියෙනවා මේ සල්ලි මොන සල්ලිද, කාගේ සල්ලිද කියලා.

දැන් ඒ හෑලි වලින් මේ වෙලාවේ අපිට වැඩක් නෑ. සල්ලි කාගේද කියලා හොයන ජාතකේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ඒවා පස්සේ විසඳගන්න පුලුවන්. සල්ලි කාගේ වුනත්, මහපාරේ පොලිසීයේ මහත්වවරු දෙන්නෙක් ඒ සල්ලි හොරා කාලා තියෙනවා. නිවුස් එක වෙන්න ඕන ඒක නේද ? හැබැයි නිවුස් එක ඒක වුනත්, නිවුස් එකේ පහළට යනකොට තියෙන්නේ සල්ලි හොයපු ජාතකේ.

මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපුවාම මිනිස්සු කරන්නේ සාධාරණය බලාගෙන පොලිසීයට යන එක. එහෙම සාධාරණය බලාගෙන පොලිසීයට යන්න බලන් ඉන්න මිනිස්සුන්ගෙ ම සල්ලි, දෙනෝ දහක් දෙනා බලන් ඉන්න මහ දවාලේ පොලිසියෙන් හොරාකනවා කියලා ෆේස්බුක් එකේ යනවා. අපි දැන් එම්.කේ ?

මේක නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නේද ?රජයට අයිති දේපළවලට ජනතාවටත් මෙහෙම ගිහින් අත්පත් කරගන්න පුලුවන් නේද ? එහෙම වුනොත...
15/05/2026

මේක නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නේද ?
රජයට අයිති දේපළවලට ජනතාවටත් මෙහෙම ගිහින් අත්පත් කරගන්න පුලුවන් නේද ? එහෙම වුනොත් මේක කොහෙන් කොහොම නතර වෙයිද ? කියලා අහන ප්‍රශ්නෙට මේ චූටි පුතා දෙන උත්තරේ,
"රජය ඒ සඳහා බය විය යුතුයි" කියන එක.

මේක රජයට අයිති දේපළක්. පොදු දේපළකට තමයි ඔයාලා ඇතුල් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තොත් මොකද වෙන්නේ කියලා අහපුවාම මේ පුතා කියනවා,
"නීතිමය විදිහට අමාත්‍යාංශ එක්ක සාකච්ඡා කලාලු, හැබැයි ඒ අමාත්‍යාංශ වලින් නිශ්චිත ක්‍රියාමාර්ග ගත්තේ නෑලූ".

එක්කෝ මේ පුතාට අහන ප්‍රශ්න ටික තේරෙන් නෑ. එහෙම නැත්නම්, අහන ප්‍රශ්නෙට උත්තරේ මෙයාට උගන්නලා නෑ. සමහරවිට ඒක එයාලට වැඩකුත් නෑ. පුතේ, නාට්‍යයක් වුනත් අහයි කියලා හිතන ප්‍රශ්න ටිකට හරියට උත්තර හොයන් පlaයං. ඒ ටික ඉගෙන ගෙන ලොකු වැඩ වලට වreන්.

මේක පොදු දේපළක් නම්, ඒවට හානි කලාම, අනවසරයෙන් ඇතුළ් වුනාම, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ අහන්නේ එතකොට මොකද වෙන්නේ කියලා. ඒවට මැදිහත් වෙන්නේ අමාත්‍යාංශ වලින්වත්, ඇමතිතුමා වත් නෙවෙයි. පොලිසීය සහ අධිකරණය. ඔයා කියන්නේ, අපි මේවා අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කලා කියලා. ඒක මෙතනට වැඩක් නෑ.

අපි උපකල්පනය කරමුකෝ, අහන ප්‍රශ්නෙවත් නොතේරෙන මේ චූටි දරුවො ටික, මේ කරපු වැඩේ කලේ නොතේරුම් කමට කියලා. දැන් එහෙමයි කියලා මේ කරපු වැඩේ කිසිම නීතියක් ක්‍රියාත්මක නොකර අපි අත ඇරලා දාන්න ඕන ද ? රටටම පේනවා මේක නාට්‍යයක් කියලා. හැමෝම දන්නවා මේ ආණ්ඩුව ට හිතවාදි අන්තරයක් කියලා.

ඒ හින්දා දැන් මේ සංදර්ශනය ඉවර කරන්න. කඳුළු ගෑස් පාරක් එහෙම ගහලා මේ නාඩගම තාත්වික විදිහට ඉවර කරන්නත් පුලුවන්. එහෙම නැත්නම්, ඔයාලට පොලිටිකලි විසඳගන්න බැරි මේ වගේ ප්‍රශ්න, මේ විදිහට සංගම් වලට බාර දීලා කොන්ද පණ නැතිව ඉවර කරගන්නත් පුලුවන්.

ඉස්සරහට තව තව කල්ලි කණ්ඩායම් ඔහොම දේපළ අත්පත් කරගන්නකොට එයාලට එක නීතියකුත්, මෙයලාට තව නීතියකුත් නීති දෙකක් තියෙන්න බෑ හොඳේ 🙏

ආරක්ෂිත හිස්වැසුමක් යනු,ආභරණයක් නොව ඔබව ආරක්ෂා කරන මෙවලමකි.ඒ මගින් ආරක්ෂාව ලබා ගැනීමට නම් එහි ආරක්ෂක පටිය තමන්ගේ හිසට තද...
14/05/2026

ආරක්ෂිත හිස්වැසුමක් යනු,
ආභරණයක් නොව ඔබව ආරක්ෂා කරන මෙවලමකි.
ඒ මගින් ආරක්ෂාව ලබා ගැනීමට නම් එහි ආරක්ෂක පටිය තමන්ගේ හිසට තදවන ලෙස පැළඳීම අනිවාර්ය කරුණක් බව,

ඔබේ බිරිඳටත් කියා දෙන්න !

එයා ගියා. වැස්සකුත් එනවා. ඔය ළමයිනුත් දැන් ගෙදර යන්න.
12/05/2026

එයා ගියා. වැස්සකුත් එනවා. ඔය ළමයිනුත් දැන් ගෙදර යන්න.

යුක්තිය උදෙසා කෑමොර දීමයි //දඟ ගෙයි ලෑමට අප සැම කල පව 🙏
12/05/2026

යුක්තිය උදෙසා කෑමොර දීමයි //
දඟ ගෙයි ලෑමට අප සැම කල පව 🙏

09/05/2026

නීතිය උන්වහන්සේ ලාට එක විදිහකටත්, සාමාන්‍ය පුද්ගලයන්ට තව විදිහකටත් ක්‍රියාත්මක වීම මේ සිදුවීම තුලින් අපිට නම් හිතෙන්නේ.

08/05/2026

"එල්ලලාද මැරුවේ
මරලාද එල්ලුවේ,
මේ ප්‍රහේලිකාව කවුද විසඳුවේ"

කොල්ලට තේරිලා වැඩේ අවුල් ගියා කියලා. දැන් වෙන බයිලයක් ගහලා ශේප් වෙන්න හදනවා. එයා අද කියනවා, එයා කිව්වේ කච්චතිව් ඉන්දියාව...
06/05/2026

කොල්ලට තේරිලා වැඩේ අවුල් ගියා කියලා. දැන් වෙන බයිලයක් ගහලා ශේප් වෙන්න හදනවා. එයා අද කියනවා, එයා කිව්වේ කච්චතිව් ඉන්දියාවට දීලා දාන්න කියලා නෙවෙයි, ලංකාවම දීලා දාන්න කියලා ලු. පොරට මතක නෑ පොර ඊයේ කිව්වේ මොකක්ද කියලා. කියපු දේ මතක නැතුව අද වෙන එකක් කියලා හත්පොළේ ගා ගන්නවා.

මෙයා අද කියනවා අනුර කුමාර ගිවිසුම් 7ක් ගහලා ලංකාවම ඉන්දියාව ට ලියලා දීලා තියෙන එකේ, ඕකෙන් කෑල්ලක් අරන් තමිල්නාඩුව ට දෙන්න කියලලු ඊයේ කිව්වේ. කතාව ඕක නම්, මේක ඊයේට වඩා බරපතළ ප්‍රකාශයක්.

අනුර කුමාර ගිවිසුම් 7ක් ගහලා ලංකාවම ඉන්දියාවට ලියලා දීලා තියෙනවා නම්, අර්චුනා පාර්ලිමේන්තුවේ කියන කතාව ඇත්තක් නම්, ඒක ඇත්තක් කියලා අර්චුනාටත් තක්කෙටම ෂුවර් නම්, ඔයා ඕක ලංකාවේ පාර්ලිමේන්තුවේ කියලා වැඩක් නෑ. ඔයාගේ කතාව ඇත්ත නම් දැන් අනුරට කරන්න පුලුවන් දෙයකුත් නෑනේ. ඒ හින්දා ඒක විජෙයි මෝදියි විසඳගනී. ඔයා බලාගෙන ඉන්න. ඕන නම් ඔයා ඕක ගිහින් විජේට හරි මෝදිට හරි කියන්න.

මේ අහන්න, ඔයා ඊයේ කිව්වේ කච්චතිව් නෙවෙයි යාපනේම තමිල්නාඩුට දීලා දාන්න, තමිල්නාඩු මිනිස්සු හරි අපිව ආරක්ෂා කරයි කියලා. වැඩේ අවුල් ගියා වගේ කියලා තේරුණාම, විශේෂයෙන් ම දෙමළ ප්‍රජාවගෙන් ම රිප්ලයි එක එන්න ගත්තාම, අද වෙන එකක් කියාලා අපේ ට්‍රැක් එක මාරු කරන්න හදනවා. හිතෙන හිතෙන වෙලාවට කියන කියන දේවල් වලට ට්‍රැක් මාරු කරගන්න අපිට ට්‍රැක් නෑ.

ඔයාලට මතකද නිශාන්ත මුතුහෙට්ටිගමව ? මගෙ මතකය නිවැරදි නම් පොර තමයි ලංකාවේ පලවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිකරණ නියෝගයකින් මොලේ පිළිබඳ පරීක්ෂා කරපු. අපිට ආයේත් මුතුහෙට්ටිගම වර්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. වැඩේ ඉක්මන් නොකොලොත් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙනවා.

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when RUS Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RUS Story:

Share