
22/08/2025
“පිරිසිදු මනසක් - පිරිසිදු වෙරළක්” | මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහන
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් - පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් අගෝස්තු 07 වනදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ප්‍රමුඛ මහාසංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට අප විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අමතරව බුද්ධ ශ්‍රාවිකා පිරිවෙනේ මෙහෙණින් වහන්සේලා ඇතුළු විදේශීය දූත පිරිසක් ද සහභාගී වූහ.
“පිරිසිදු මනසක් - පිරිසිදු වෙරළක්” | මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනඅධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්...