Low Of Attraction

Low Of Attraction ඔයා හිතින් හිතන දේ ඔයාව ආකර්ෂණය ආකර්ශනය කරගන්නවා. විශ්වාස කරන්න

06/01/2025
"ඔබට ලැබීමට ඇති දේ ස්වභාවිකවම ලැබේවි. කනස්සල්ලට, හෝ ලුහුබැඳීමට අවශ්‍ය නැහැ. විශ්වාසයෙන් ඉන්න.""What's meant for you will...
05/01/2025

"ඔබට ලැබීමට ඇති දේ ස්වභාවිකවම ලැබේවි. කනස්සල්ලට, හෝ ලුහුබැඳීමට අවශ්‍ය නැහැ. විශ්වාසයෙන් ඉන්න."

"What's meant for you will come effortlessly. No need to stress, worry, or chase—trust the process."

මේ ලාවුලු වාරයයි...💛  ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ.  විශේෂයෙන් බබාල...
11/12/2024

මේ ලාවුලු වාරයයි...💛 ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..

ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ. විශේෂයෙන් බබාලට එහෙම නොදී අතාරින්න එපා..

ලාවුලු උයන්නෙ කෝමද 🙃😊

රසවත් ලාවුළු ව්‍යංජනයක ගුණ - (Pouteria campechiana) Canistel Curry 🍲

අතීත කතාව - මීට අවුරුදු ගණනකට ඉහතදී ලංකාවේ තිබුණා පරිප්පු ඇටයක්වත් හොයාගන්න බැරි උන කාලයක්. ඉතින් ආහාර වේලට පරිප්පු නැතිවම බැරි උන අය මේ සදහා ආදේශකයක් හොයාගත්තා. කතාවට කියන්නෙ නම් පරිප්පු වලට යොදන්න පුළුවන් ආදේශක කොහෙවත් නෑ කියලා උනත් රස බලපු හැමෝම කියලා තියෙන්නෙ මේ ව්‍යංජනය ඊටත් වඩා රසවත් උනා කියලා තමයි. ඒ තමයි ලාවුළු ව්‍යංජනය.

☘️ලාවුළු කියලා කියන්නෙ ටිකක් කන්න අපහසු තරම් මත් ගතිය එන නිසාම අපේ රටේ සමාජයෙන් ඉවත් වෙලා යන පලතුරක්.

☘️ලන්දේසී සමයේ ලංකාවට හදුන්වා දුන්නා කියලා අදහස් කෙරෙන මේ ශාකය හරිම ගුණදායක පෝෂක වලින් යුතු ගෙඩි වලින් යුක්තයි.
☘️ පෝෂණ බහුලතාව නිසා අධිකව ආහාරයට ගැන්මෙන් මත් ගතියක් ඇති වන්නේයැයි සඳහන් වන ලාවුළු ඉතා ශක්තිජනක පලතුරක්.
☘️ ලාවුළු මද ග්‍රෑම් 100ක, ශක්තිය කැලරි 138 ක් අඩංගු වෙනවා.
☘️ ඒ වගෙම විටමින් A B C ඛනිජ ලවණ- ප්‍රෝටීන් පොස්පරස් යකඩ කැල්සියම් පොටෑසියම් කාබොහයිඩ්‍රේට් පෝෂක, ඇමයිනෝ අම්ල, හිතකර රසායන සංයෝග, ප්‍රතිඔක්සිකාරක ගුණ ආදියෙනුත් පරිපූර්ණයි.
☘️ Canistel, Egg fruit , yellow sapotae යන නම්වලින් මෙය හඳුන්වනු ලබනවා. Egg fruit කියන නමේම ගැබ්වෙලා තියනවා මේ පලතුරේ තියන ගුණදායක බව
☘️ඉදුණු ගෙඩිවල දීප්තිමත් කහ පැහැති මාංශල, පිෂ්ට ගතියෙන් යුක්තයි.
☘️ පලතුරක් විදියට වගේම ජෑම් වර්ග අයිස්ක්‍රීම් කස්ටඩ් විදියටත් සකස් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ ගෙඩිවලින් බීම හදලා පානයට භාවිතාකරන්නත් පුළුවන්.

☘️මේ ගෙඩියෙ මදය පොල් හා පිටි සමග මිශ්‍රකර සකසා ගන්නා රොටී අතීතයේ සිට ම ජනප්‍රිය ආහාරයක් බවට පත්වුණා.
☘️පැසුණු අමු ගෙඩි පොතුහැර සිහින් කොටු කපා හොඳින් කිරි සෝදා හැර වෑංජන, මැල්ලුම් වගෙත් හදලා බතට එක්කර ගන්නවා. ව්‍යංජනය ගැන ලිපිය අන්තිමට සදහන් වෙනවා.
☘️ ශාකයේ ගෙඩි ඇට කොළ පොතු ආදි සියලු කොටස් ඔසු ගුණ සහිතයි.
☘️විෂනාශකයක්, දාහය නිවන්නක්, බැක්ටීරියා සහ දිලීර නාශකයක්, ප්‍රතිශක්ති වර්ධකයක්, හෝමෝන වර්ධකයක්, හා ස්වාභාවික රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් සිරුරේ ක්‍රියාත්මක වෙනවා.
☘️ ඇසේ දෘෂ්ටි විතානයේ නීරෝගී පැවැත්මට අවශ්‍ය වන A විටමින කැරටිනොයිඩ ලාවුළුවල බහුලව පවතින බව ඔබ දන්නවාද. ඉතින් ඒ මගින් ඇස්වල වියළි බව නැතිකරන්න සමත් වෙනවා. සුද ඇතිවීමත් වෙනත් ඇස් රෝග වැළකී අක්ෂිවල පෙනුම වර්ධනය වීමක් සිදුවෙනවා.
☘️ ගෙඩිවල අන්තර්ගත කැරොටිනොයිඩ ඔබේ සම පැහැපත් කරලා එහි දිලිසෙන ගතිය නැත්තම් glow එක වැඩි කරනු ලබනවා.. ඒ වගේම ඔබේ හිසකෙස් නිරෝගිකර වර්ධනය කර දෙනු ලබනවා.
☘️මේ ශාකයේ ගෙඩි වලට හිසරදය, ආමාශයේ ඇතිවන දාහය , විෂාදය සහ අධි රුධිර පීඩන මට්ටම් පාලනය කිරීමේ හැකියාවකුත් පවතිනවා.ඒ වගේම පරීක්ෂණ වලින් සනාථ වෙල තියනවා පිළිකා සෛල මර්දනය කරන්නටත් උපකාරි වෙන බව.
☘️ඒ වගේම එය විටමින් B6 වලින් පොහොසත්.ඒ නිසා ඉන් අක්මාව ආරක්ෂා වන අතරෙ සිරුරේ විෂ හරණය වීමත් සිදුකෙරෙනවා.
☘️අක්මාවට වගෙම එය අග්න්‍යාශයටත් ඉතාම හිතකරයි. සීනි මට්ටම කෙරෙහි බලපාමින් දියවැඩියාව පාලනය කිරීමක් මෙමගින් සිදුකරනවා.
☘️රුධිරයේ මනා පැවැත්මට උපකාරී වන හිස්ටමින් නිපදවීමට උපකාරිවෙමින් රුධිර සංසරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට මග පාදනවා ☘️ඒ නිසාම අධි රුධිර පීඩන,අධි කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියත් ආහාරමය වශයෙන් පාලනය කිරීමක් කරන්න මේ ගෙඩිවලට පුළුවන් කම තියනවා.
☘️ලාවුළු ගෙඩි වල යකඩ බහුලයි. මේ නිසා ලාවුළු ආහාරයට ගැනීම මගින් හිමොග්ලොබින් නිපදවීමට සහායවෙමින්, ඔක්සිජන් ප්‍රවාහ වැඩිකර, මතක ශක්තිය වර්ධනය කිරීම අවශ්‍යයෙන්ම සිදුවනු ලබනවා.
☘️මෙමගින් රක්ත හීනතාවය නැතිනම් නිරක්තියත් එමගින් ඇතිවෙන්න පුළුවන් තවත් රෝග තත්වත් වළකනවා.
☘️ ලාවුළු ගෙඩිය කැල්සියම්වලිනුත් ඉතාම පොහොසත්. මේ නිසා මේ ගෙඩි ආහාරයට එකතු කරගන්න එකෙන් ඔබේ අස්ථි ශක්තිමත් වෙනවා.
☘️ කාටිලේජවල මනා පැවැත්මට උපකාරී වෙන අතරෙම ආතරයිටිස් වැනි සන්ධි රෝග පාලනය කිරීමටත් සමත් වෙනවා. අස්ථි වල මනා පැවැත්මට හේතු වෙන නිසා ඔස්ටියෝ පොරෝසිස් අවදානම අඩුකිරීමත් සිදුවෙනවා.
☘️අස්ථි වලටම අයිති වෙන දත් සවිමත්වීම සිදුවෙන අතරෙ විදුරුමසින් සිදුවෙන ලේ ගැලීමුත් වලකිනවා.
☘️දත් කැක්කුම දුරුකිරීමට ප්‍රතිකාරයක් ලෙස ඇට මදය යොදාගන්නවා ලාවූළු වල ඇති C විටමින් සෙම්ප්‍රතිශ්‍යා උණ ආදි බෝ වන රෝග ඇතිවීම වළක්වනවා. වයිරස් වලට ඇතිවන ප්‍රතිරෝධය තමයි ඊට හේතුව. ඒ වගේම එහි ඇති ක්ෂුද්‍ර ජීවීන්ට HI වෛරසය මර්දනය කරන ගුණ ඇති හෙයින් ලොව පුරා ඒඩ්ස් රෝගීන් බොහොමයකගේ ආහාර වේලට ලාවුළු එක්කරනු ලබනවා. .
☘️ලාවුළුවල ඇති ආහාරමය තන්තු ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ඇතිකරනු ලබනවා. මේ හින්දා බඩවැල් ආශ්‍රිතව ඇතිවන විවිධාකාර රෝග වලටත් මල බද්ධ අර්ශස් ආදී රෝගවලටත් මේ පලතුර ඉතාම හිතකරයි.

☘️ ස්නායු පද්ධතියට හිතකරව ක්‍රියා කරන ලාවුළු අපස්මාරය හා මතකය අඩුවීම ආශ්‍රිත ඩිමෙන්ෂියා රෝග තත්වය පාලනය කිරීමට සමත් වන ආහාරමය ඖෂධයක්.
☘️ ඒ වගේම මානසික ආතතිය දුරු කරලා සුවපත් නින්දක් ලබාදීමටත් සමත් වෙනවා.
☘️ ලාවුළු ගෙඩියේ ඇට සිහින්ව කපා රැයක් දියෙහි තබා උදෑසන හිස්බඩ පානය කිරීමට ලබා දීම මගින් ☘️ඕජස සහ ශුක්‍ර වර්ධනය කර ගැන්මට ද යොදාගනු ලබන්නක්.
☘️ඇටවලින් හිඳින තෙල් හිසකෙස් වර්ධනය කරන ගුණ සහිතයි. බීජ වගේම කොළ සහ පොතුත් සමේ රෝග දුරුකරන ශක්තියෙන් යුක්ත වෙනවා.
☘️ ඇට වල මදත්, ශාක පොතුත්, ගසේ කොළත් තැම්බු ජලය තුවාල සේදීමට යොදා ගන්නවා. කල් ගිය තුවාල අරමණ වණ සහ ඉස්ම ගලන තුවාල සුව කිරීමට පොතු කෂාය ලබා දෙනවා.
☘️ගසේ පොතු .විෂබීජ නාශක ගුණයෙන් යුතු අතර උණ සෙම් ප්‍රතිශ්‍යා කැස්ස ට ද කෂායකර බීමට දෙනවා. කොළ ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්ත වන අතර මෙහි කොළ කෂාය අධි රුධිර පීඩනය පාලනය කිරීමට ලබා දෙනවා.
👉 නිරෝගි ශක්තිමත් සිරුරක් ලබාගැනීමටත් නිරෝගී පැහැපත් සමක් ලබාදෙන ලාවුළු රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් ,ආවේණික රෝග පාලනය කිරීමටත් උපකාරිවෙනවා. මේ නිසා රූපලාවන්‍ය නිෂ්පාදන වළටත් ලාවුළු යොදනු ලබනවා.
👉කොයිතරම් ගුණදායක වුවත්, මේවායේ පොටෑසියම් බහුලතාව නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු රෝගීන්ට ලාවුළු හිතකර වෙන්නෙ නෑ.
👉ගැබිණි මවුවරුන්ට ඉතාම පෝෂ්‍යදායි පලතුරක් විදියට ලාවුළු දක්වන්න පුළුවන්. බොහොමයක් පලතුරු වර්ග රසායන ද්‍රව්‍ය ඉහලා ගෙනෙන ඒවා උනත් ස්වභාවිකව ගන්න පුළුවන් විදියෙ හොදම පලතුරක් තමයි මේක.කොපමණ ගුණ වුවත් සීමාවකට ගැනීම සුදුසු බවයි සඳහන්වන්නේ.

ලාවුළු ව්‍යංජනය
==================

ලොකු ලාවුළු ගෙඩි 2
අමු මිරිස් කරල් 3
කරපිංචා
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 1
උකු පොල්කිරි කෝප්ප 1
රතු ළූණු ගෙඩි 3
කහ
අබ ස්වල්පයක්
උම්බලකඩ කැබලි තේ හැඳි 2
සාදාගන්නා ආකාරය..
හොඳින් පැසුණු ලාවුළු ගෙඩි මේ සඳහා තෝරාගන්න.
ලාවුළු පොත්ත ඉවත් කර හිරමනයකින් හෝ ග්රෙටරයකින් ගාගන්න.
ජලයේ දමා හොඳින් සෝදා ලුණු වතුර මිශ්‍ර උණු වතුරෙන් හොඳින් මිරිකන්න.
ඉන්පසු උම්බලකඩ,මිරිස්,කහ,ලුණු,අමු මිරිස් ආදිය දමා කිරිත් සමග මිශ්‍ර කර හොඳින් පිසගන්න.
සුදු ලූණු ,කපාගත් රතු ළූණු,කරපිංචා තෙම්පරාදු කරලා මිශ්‍ර කල විට වඩා රසවත් වෙනවා.

Dr. Rasanjana Ilangkoon
BAMS(University of Kelaniya )
Harithayur Healthcare
Ganemulla
0703482814 whatsapp

විශ්වාස කරන්න සොබාදහම සහා විශ්වය!ඔයාට සාධාරණයක් ඉෂ්ඨ කරනවාමයි !මිනිසුන්ට නොපෙනෙන ඔයාගේ ලස්සන හදවත,සොබාදහමට සහා විශ්වයට හ...
11/12/2024

විශ්වාස කරන්න සොබාදහම සහා විශ්වය!
ඔයාට සාධාරණයක් ඉෂ්ඨ කරනවාමයි !
මිනිසුන්ට නොපෙනෙන ඔයාගේ ලස්සන හදවත,
සොබාදහමට සහා විශ්වයට හරි අපූරුවට පේනවා.....
ඉතිං විශ්වාස කරන්න....
ඔයාට හැමදාම කරදර එන්නේ නැහැ !
ඔයා හැමදාම විඳවන්නේ නැහැ !
ලස්සන ජීවිතයක අයිතිකාරයෙක් වෙලා,
ඔයා හරි ඉක්මනට හිනා වෙනවා...🌼💗💗🙏
සුබ දවසක් වේවා ❤️❤️❤️❤️❤️

11/12/2024

නිවස ඉදිරියේ තියෙන අනතුරු දායක පොල් ගසක පොල් වැටෙනවට මෙහෙම ක්‍රමයකුත් යොදන්න පුලුවන්. නිවසේ වහලෙට පොල් වැටෙන්න තියෙන අවද...
10/12/2024

නිවස ඉදිරියේ තියෙන අනතුරු දායක පොල් ගසක පොල් වැටෙනවට මෙහෙම ක්‍රමයකුත් යොදන්න පුලුවන්. නිවසේ වහලෙට පොල් වැටෙන්න තියෙන අවදානම වගේම දරුවෝ ඉන්න පව්ලක හෝ කුමන හෝ අයෙකුට අනතුරක් නොවෙන විදිහට. නමුත් මේ ක්‍රමෙත් සීයයට සීයක් සාර්ථකයි කියන්නත් බෑ. එහෙම නේද.

ජායාරූපය මුහුණු පොත හරහා උපුටාගැනුණි.

13/02/2024

Good morning ❤
මේක දකින ඔයාලගෙ මුලු දවසම සුබ වෙලා සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන😍🌼

When the nice guy looses his patience the devil shivers
08/02/2024

When the nice guy looses his patience the devil shivers

ඔබ හිතනවට වඩා ඥානවන්ත නිසා, යටි සිත යම් අදහසක් ඉෂ්ට කිරීමට ඉක්මන් වන්නේ නැත... ඔබ නිතර සිතන පතන යම් අදහසක් වේ නම්, එය ක්...
08/02/2024

ඔබ හිතනවට වඩා ඥානවන්ත නිසා, යටි සිත යම් අදහසක් ඉෂ්ට කිරීමට ඉක්මන් වන්නේ නැත... ඔබ නිතර සිතන පතන යම් අදහසක් වේ නම්, එය ක්‍රම ක්‍රමයෙන් පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යටි හිතෙන් ස්වභාවය යි..උඩු සිත කලබල වූ විටෙක හෝ, ආහාර පාන ගැනීමෙන් පසුව දුම්වැටියක් දල්වා ගැනීමේ පුරුද්දක් ඔබට ඇතැයි සිතන්න....ඔබ, ඔබට එම අවශ්‍යතාවය නියම වෙලාවට නොවරදවා දැනුම් දීමට යටිහිත සූදානමින් සිටි...

ඔබ අකුරු ලිවීමට, යතුරු ලිවීමට, මෝටර් රථයක් පැදවීමට, ඉගෙන ගත්තේ කෙසේද? ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර කරුණු අවබෝධ කරගත් පසු, ඔබ දක්ෂයෙක් වූයේය... ඒ සියල්ල අවබෝධ කරගත්තේ ඔබේ යටි හිතයි... යමක් සත්‍ය හැටියට අවබෝධ කර ගන්නා තුරු එය අදහස් කරන කාරණය ඉෂ්ට කරන්නේ නැත... ඔබට අවංකව "දැන් හොඳට පුළුවනි" යයි කිව හැකි තත්ත්වයට එනතුරු යමක් හොඳ හැටි කළ නොහැක.... මිනිසා නොයෙකුත් සතුන් හීලෑ කර වැඩ ගන්නේ ඇත්ත වශයෙන්ම එම තිරිසනුන්ගේ සිතට යම් යම් පුරුදු ඇතුල් කිරීමෙනි.... යම් පුරුද්දක් ඇතුල් කිරීමෙන් පසුව එය ඉබේටම මෙන් නොවරදවා ඉටුකිරීමට සිත වග බලා ගනියි. පාන්දරින් අවදිවීමට පුරුදු වූ අය වැඩක් ඇතත් නැතත් හිමිදිරියේ අවදි කරන්නේ යටිහිත විසිනි...කෙනෙකුට පාන්දර හතරට අවදි වෙන්න ඕනෑ නම් ඒ බව යටි හිතට ඇතුළු කළ යුතුය. මේ සඳහා සමහරු තමන් නිදියන කොට්ටෙට යම් වාර ගණනක් තට්ටු කරති..... හතරට අවදි විය යුතු නම් හතර වතාවක් එසේ තට්ටු කළ විට ඔරලෝසුව නතර වී තිබුණත්, නියමිත වෙලාවට යටිහිත විසින් පුද්ගලයා අවදි කරනු ලබයි... මෙහි යටි සිත විසින් එසේ අවදි කරවනු ලබන බවට විශ්වාසයක් නැති අය, පාන්දර 4 ට පෙර කිහිප වතාවක්ම අවදිවී වෙලාව බලනු ඇත... "විශ්වාසා පරමා ඥාති" යනුවෙන් බුදුදහමේ පවසා ඇත්තේ විශ්වාසයෙන් තොර ව යමක් කළ නොහැකි නිසාය....එසේම සැකය නිවන් මඟ අහුරණ නීවරණ ධර්මයකි. දෙවියන් වහන්සේ, (සිත) ගැන විශ්වාස නොතබන අයට ස්වර්ගයට යාමට බැරිය....

සිත ගැන හා සිතේ බලය ගැන අධික විශ්වාසයක් ඇතිව වුවද, බලහත්කාරයෙන් යමක් සිතට ඇතුළු කළ හැකි නොවෙයි... කෙනකු මෝහනයට පත් කළ හැකි වන්නේත් එම පුද්ගලයා කැමති නම් පමණකි... කෙනකු අකමැති දෙයක් සිතකට ඇතුල් කළ නොහැක. "සංගීතයට" අකමැති කෙනෙක් "සංගීතඥයකු" නොවේ ගණිතය අප්‍රිය කෙනෙක් කරන ශිෂ්‍යයෙක් හට ගණකාධිකාරීවරයෙකු විය නොහැකිය....යමක් ඉගෙන ගැනීමට ඉවසීම හා නොකඩවා කරන වෑයම අවශ්‍යයි...මෙයට හේතුව යටිහිත යමක් පිළිගන්නේ හෙමිහිට කිසිදු බල කිරීමක් නැතිව, කලබලකාරී තත්ත්වයෙන් මිදී සිටින අවස්ථාවකදී පමණයි නිසා......

යමක් මතක තබා ගැනීමට නම් එය නිසංසලව සිතට ඇතුල් කල යුතුය... කෙනෙකු මෝහනයට පත්කළ හැක්කේ එම පුද්ගලයා නිසංසලව වැතිරී හෝ වාඩිවී සිටින විටය.... මෝහනයට පත්වූ පසුව ඔහුගේ තර්ක කරන උඩු හිත ක්‍රියාත්මක නොවේ. එවිට යටිහිත අනෙකුත් අය විසින් යොමු කරන ලබන අදහස් අනුව ඔහු ක්‍රියා කරයි.. මෙයින් පෙන්වන්නේ යටි සිත තර්ක නොකරන බවයි... මෝහනයට පත් වූ පුද්ගලයාට හිසේ කැක්කුමක් දැනෙයි කී විගස යටිසිත එය පිළිගෙන ඔහුට හිසේ කැක්කුම ඇති කරයි....

යටි සිතෙන් යම් වැඩක් ගැනීමට නම්, එම කාරණය යටි හිතේ බලය විසින් ඉටු කරන බවට දැඩි විශ්වාසය කොට, එය ඉටු වූ බවක් යටි සිතට කා වැද්දීම කළ යුතුය.... හරියට ගෙයක් සෑදීමට අදහස් කරන පුද්ගලයා පළමු කොට සිය මනසේ ගෙදර ප්ලෑනයේ සටහනක් කරගන්නාක් මෙනි... එවිට මනසේ මුලින්ම පහළ වූ දෙය පසුව තම ඉඩමේ ඇත්ත වශයෙන්ම මැවේ....

පළමුවෙන්ම ඔබ ඔබේ අභිප්‍රාය සිතේ මවාගෙන, එය ඉටු වන තුරුම දිගටම වරින්වර අදහස රැක ගැනීම මෙයින් අදහස් කරනු ලැබේ.. මින් ඉදිරියට ඉදිරිපත් කරනු ලබන කරුණු වලින්ම මේ පිළිවෙත ඔබට තහවුරු කරගත හැකිවේ....ලෝකයේ සියලුම දාර්ශනික මත හා සොයාගැනීමේ සිතේ පහළ වූ නිසංසලවයි...බුද්ධත්වය වැනි උසස් තත්ත්වයක් මෙන්ම අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණය අවබෝධ කලේද නිසංසල ව සිටීමෙනුයි...

ඔබ පාඩම් කරන යමක් ධාරණය වන්නේ ඒ ගැන නිවිසැනසිල්ලේ කල්පනා කරන විටයි... ශිෂ්‍යයන් පාසලේදී ඉගෙනගත් කරුණු හොඳින් තේරුම් ගන්නේ පාසල් නිවාඩු කාලයේ දී ය...උඩු සිතින් නොහොත් සිතට ඇතුල් කර ගන්නා හොඳ හෝ නරක යටි හිතට කිඳා බැසීමට නම් ඒවා නිතර නිතර මෙනෙහි කළ යුතුය... ඔබ නිතර නිතර මෙනෙහි කරන්නේ කුමන සිතිවිලිද? ඔබම සිතන්න..

(මිනිස් සිතෙහි හාස්කම් පොත ඇසුරිනි 🙏🌷)

ස්තූතියි ආදරණීය ඔබ සැමටත් ආදරණීය විශ්වයටත්...❤️

ස්තූතියි...!!
By,
𝕋𝕙𝕠𝕦𝕘𝕙𝕥𝕤
Copied

09/01/2024

ඔයා දන්නවද ඔයාගේ අනාගත බාලාපොරොත්තු ,සිහින එහෙමත් නැත්නම් දැන් කරගෙන යන වැඩක් ගැන කාටවත් කියන්න එපා ඒ වැඩේ ඉවරවෙනතුරු කියලා අපේ පැරැණි අය කිව්වේ ඇයි කියලා.ඇස්වහ කටවහ වදීවි කියලා නේද?ඒකේ ඇත්තක් තියනවා.එහෙම උනාම ඔයාට ඒ වැඩේ සාර්ථක කරගන්න අපහසු වෙනවා.ඇස්වහ කටවහ දෝශවල මනෝව්ද්‍යාත්මක සත්‍යය තේරුම් ගැනීමට අපි උත්සාහ ගනිමු.ඔයා අලුත් වැඩක් පටන් ගන්න විටම ඔයාගෙ මනසට සතුටක් ඇතිවෙනවා.ඒ ඔයාගෙ මොළයේ ඩොපම්න් වැනි සතුට දනවන හෝමෝන සක්‍රිය වෙන්න පටන් ගන්න නිසා.ඒ කාර්‍ය්ය අවසන් කළ විට ඔයා වඩාත්ම සතුටට පත්වෙනවා.තව තවත් ජීවිත ජයග්‍රහණ සදහා ඔයාට පෙළඹවීමක් ඇති කරනවා.ඒත් වැඩේ පටන් ගන්න කලින්ම ඔයා අන් අය සමග ඒ ගැන කතා කරන විට ඒ අය ඔයාට සුබ පතාවී.(මූනට මොකුත් කියන්න හෝ විවේචනය කරන්න බැරි නිසා) සුබ පැතීමටම තමා කටවහ කියලා කියන්නේ .එවිට ඔයාගෙ මොළයේ ඩොපමින් වැනි ස්නායුසම්ප්‍රේශක(neurotransmitters)සක්‍රිය වෙමින් ඔයාගේ කාර්‍ය්ය නිම කළ පසු දැනෙන තෘප්තිය ,සතුට ඔයාට දැනෙන්න පටන් ගන්නවා.ඔයාගෙ මනස ඒ වන විට සංතෘප්ත වන නිසාම ඉදිරි ජයග්‍රහණ සදහා සහ ඒ ජයග්‍රහණ අවසානයේ ලබා ගැනීමට නියමිත තෘප්තිමත්බව තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැත.ඒ ඔයා ඒ වන විටත් ඒ හා සමාන තෘප්තිමත් බවක ඉන්න නිසා.ඉතින් ඔයාගෙ ජයග්‍රහණ සදහා සිදුකරන කාර්‍ය්යන් කරගෙන යාමට ඇති මානසික පෙළඹවීම අඩුවෙන්න පටන් ගන්නවා.කරන වැඩේ අතරමග නවතිනවා.ජයග්‍රහණ සීමා වෙනවා.ඒකට තමා ඉතින් කටවහ කියන්නේ.
ඇස්වහ හෝ කටවහ නොවදින ශක්තිමත් මනසක් ඔයාට ලැබේවා !

විෂ්ව මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම ව්‍යාපාර දියුණුවේවා මේ නව වසරේ  ව්‍යාපාරවලින් ඉහලටම මා රැගෙන යන විශ්ව මෑණියන්ට ස්තූති ව...
09/01/2024

විෂ්ව මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම ව්‍යාපාර දියුණුවේවා මේ නව වසරේ ව්‍යාපාරවලින් ඉහලටම මා රැගෙන යන විශ්ව මෑණියන්ට ස්තූති වේවා 🙏❤️

විෂ්ව මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම නිවාස සිහින ඉටු වේවා මේ නව වසරේ නිවාස සිහින සැබෑකර දෙන විෂ්ව මෑණියන්ට
ස්තූති වේවා 🙏❤️

විෂ්ව මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම වාහන සිහින ඉටු වේවා මේ නව වසරේ වාහන සිහින සැබෑකර දෙන විෂ්ව මෑණියන්ට ස්තූති වේවා 🙏❤️

විෂ්ව මෑණියන්ගේ පිහිටෙන් හැමෝගෙම මුතු මැණික් රන් රිදී සිහින ඉටු වේවා මේ නව වසරේ මුතු මැණික් රන් රිදී සිහින සැබෑකර දෙන විෂ්ව මෑණියන්ට
ස්තූති වේවා 🙏❤️

විෂ්ව මෑණියන්ට සස්තූති වේවා 🙏🙏❤️❤️
2024 නව වසර හැමෝටම සුභ වේවා ❤️🙏

මෙ අවුරුද්දෙ මුල් ම ප්‍රාර්තනය " මම කෝටීපතියෙක් වේවා" 🙂❤️
09/01/2024

මෙ අවුරුද්දෙ මුල් ම ප්‍රාර්තනය " මම කෝටීපතියෙක් වේවා" 🙂❤️

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Low Of Attraction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share