04/07/2025
ආදර පියතුමනි ,
මීට වසර අටකට පෙර අද වැනි දිනක (04.07.2017 )ඔබ වහන්සේ අප සැමව තනි කර ස්වර්ගරාජයට ගියද,ඔබගේ ඒ පීතෘක ආදරය,ඒ ආදර සිනහව,ඒ කට හඩ සැම දාම ඒ ආදරය අපගේ සිත් පුරවමින්,ඒ සිනහව අපගේ දෙනෙත් පුබුදුවමින්,ඒ කට හඩින් අපගේ දෙසවන් සනහවමින් දිනෙන් දින ඔබව අපට දැනෙන්නට සැලසෙනවා .පියතුමනි ඔබ නැති අඩුව පිරවිය නොහැකි මුත් අපට කොයි මොහොතක වත් ඔබ අප අතරම සිටිනා බවමයි හැගෙන්නේ ඒ මන්දයත් ඔබ වහන්සේ ගැන කතා නොකරපු ඔබ වහන්සේව මතක් නොවුණු දිනයක් නොමැති හෙයිනි.ඉතින් මා ආදර ගරු දොන් සිසිල් කුමාර පියතුමනි දෙව් මව් සළු සෙවනේ හිදිමින්,ජේසුස් වහන්සේගේ දකුණුපස රැදෙමින් අප වෙනුවෙන් මැදිහත් වෙන්න.
පියතුමනි ඔබ වහන්සේට සදා මොක්සුව .
8 වන ගුණ සැමරුම 04.07.2025
ඉග්නේෂස් ඇන්තනි .