14/05/2025
මේ ගැන යමක් කියන්න හිතුනා... ✍️
අපි විනෝද වෙන්න යන්නෙ ලස්සන තැන් වලට ලස්සන පරිසරයකට. ඉතින් අපි ඒ යන පරිසරය ලස්සනට තියෙන නිසානෙ අපිට යන්න හිතෙන්නෙ. ඒහෙම තැනක් තමා කොලබ ගෝල් ෆේස් කියන්නෙත්.
සමහර විට ගොඩක් පිරිසක් මෙතනට ආවම කසල දාන්න තරම් ප්රමානවත් බදුන් නොතිබෙන්න පුලුවන් නමුත් එක්කෙනෙක් දෙන්නෙක් බිමට දැම්මම හැමෝම ඒක බලල "ආ කමක් නැහැනෙ අපි දැම්මට එයා දැම්මනම්" කියලා බිමට දාලා යනවා. අන්න එහෙම ගොඩක් කුනු එකතු වුන දවසක් වෙසක් දවසෙ රෑ.
මේ කුනු අස් කරන්න ඕනත් අපේ රටේම අහින්සක මිනිස්සු. ඇයි අපිට තව කෙනෙක් ගැන, මේ අපි ඉපදුන රට නේද කියලා හිතන්න බැරි. දාන්න තැනක් නැත්තන් ඔක්කොම එකම දැනකට දාන්න තිබුනා තැන තැන නොදා.
දරුවොත් වැඩිහිටියන්ගෙ මේ පුරුදු දැකලා ඒ දේම කරනවා. ඉතින් කොහෙද රටක් විදිහට අපි ඉස්සරහට යන්නෙ ආකල්ප අතින් නොවෙනස් වන තාක්
මේ දිරන් නැති දේවල් ජලය මූලාශ්ර වලට එකතු වුනාම කොච්චර ජීවි හානියක් පරිසර හානියක් වෙනවද.
තමන්ගෙ ආතල් එක ගන්නවා වගේම. අපේ පරිසරය, රට, අනිත් මිනිස්සු ගැන හිතන්නත් පරාර්ථකාමී වෙන්න.
එතකොට උබලටත් උතුරන්න හරියයි. ස්වභාවදර්මයම උබලව ආරක්ෂා කරයි.
Wara - වරා