St. Mary’s Church, Peliyagoda - Media Unit

St. Mary’s Church, Peliyagoda - Media Unit Welcome to the Official page of St. Mary's Nativity Church, Peliyagoda Media Unit!

We are committed to spreading the word of God, fostering spiritual growth, and building a vibrant community through our digital media.

03/09/2026

පෑලියගොඩ සාන්ත මරියා (උත්පත්ති දේවමාතා) දේවස්ථානයේ 144 වැනි වාර්ෂික මංගල්‍යය අරඹමින් මළාවූ විශ්වාසිකයින් සිහිකරමින් මීසම් සේවක පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව කොඩිගස එසවීම සිදුකරන ලදී.

කැළණිය මීසමේ 23 වන අභිනව මීසම් සහයක පියතුමා වන ගරු. තිවංක ඩයස් පියතුමාව පිලිගැනීම සහ හිටපු සහයක පියතුමන් වන ගරු ට්‍රිෂාන...
03/09/2026

කැළණිය මීසමේ 23 වන අභිනව මීසම් සහයක පියතුමා වන ගරු. තිවංක ඩයස් පියතුමාව පිලිගැනීම සහ හිටපු සහයක පියතුමන් වන ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමන් හට සමුදිමේ දිව්‍ය පූජා යාගය අගෝස්තු මස 27 වන දින පෑළියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මැදුරේදී කැලණිය මිසමට පිළිගනු ලැබීය.

මේ අවස්ථාව සඳහා කැළණිය මීසම් වාසී ජනතාව සහ මෙම අවස්ථාවට අප මීසම් සේවක පූජා ප්‍රසාදීන් වහන්සේලා මෙන්ම ගරු තිවංක ඩයස් පූජා ප්‍රසාදීන් වහන්සේ මීසම් සහයක ලෙස කටයුතු කළ කිඹුලාපිටිය මීසමේ මීසම් සේවක පූජා ප්‍රසාදීන් වහන්සේ මෙන්ම කොළඹ සෙත්සරණ ආයතනයේ සහය අධ්‍යක්ෂ ගරු අරුණ ඩයස් පූජා ප්‍රසාදීන් වහන්සේ මෙන්ම කිඹුලාපිටිය මීසමේ මීසම් ජනතාවද සහභාගි විය. ගරු තිවංක ඩයස් පියතුමාව අප මිසමට භාර දීම සදහා ද කිබුලපිටිය මීසම් වාසී ජයනතාව ද විශාල පිරිසක් එක්ව සිටියේය.

කැලණිය මීසමට උන්වහන්සේව අප ජනතාව ඉතාමත් ආදරයෙන් පිළිගත් අතර ගරු තිවංක ඩයස් පූජා ප්‍රසාදීන් වහන්සේ කැලණිය මීසම තුළ කරන්නට යන්නා වූ ධර්මදූතික මෙහෙවරට සුදතුම් වරම්, මරිමව් රැකවරණය මෙන්ම ශුද්ධ වූ පාවුළු මුනිදුන්ගේ බලවන්ත මධ්‍යස්ථකම තුළ අපගේ යාච්ඤාශීලී සුභාශිංෂන පුදකරමු.

©SMC Media Unit. All Rights Reserved. No content shall be reproduced.
📸Photographed by:
◼Nethula Silva

අප කැලණිය මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමාට කැලණිය අප මීසමෙන් සමු දීමේ දිව්‍ය පූජා යාගය හා නවක සහයක පියතුමන් ...
26/08/2026

අප කැලණිය මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමාට කැලණිය අප මීසමෙන් සමු දීමේ දිව්‍ය පූජා යාගය හා නවක සහයක පියතුමන් වන ගරු. තිවංක ඩයස් පියතුමන් පිලිගැනීමේ දිව්‍ය පූජා යාගය අගෝස්තු මස 27 සවස 4.30ට පැවැත්වේ. මේ සදහා මීසම් වාසි ඔබ සැමට ආරාධනා කර සිටිමු..

Happy Birthday Rev. Fr. Jude Lakshman!Ad Multos Annos Vivat! With heartfelt prayers and best wishes from the parish of K...
22/06/2026

Happy Birthday Rev. Fr. Jude Lakshman!

Ad Multos Annos Vivat!

With heartfelt prayers and best wishes from the parish of Kelaniya, we wish you God’s abundant blessings, good health, joy, and strength for many more years of faithful service.

පෑලියගොඩ උත්පත්ති දේව මාතා දහම් පාසල විසින් දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධනය කරනු ලැබූ අවුරුදු උත්සවය සාර්ථකව විශ...
29/05/2026

පෑලියගොඩ උත්පත්ති දේව මාතා දහම් පාසල විසින් දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධනය කරනු ලැබූ අවුරුදු උත්සවය සාර්ථකව විශාල දරුවන් පිරිසකගේ සහභාගී වීමෙන් මැයි මස 03 වන ඉරුදින පැවැත්වුණි.
මෙම කටයුත්ත සදහා අප කැළණිය මීසම් සේවක ගරු. ජූඩ් ලක්‍ෂ්මන් පියතුමන්, කැළණිය මීසම් සහයක ගරු. ට්‍රිශාන් ප්‍රනාන්දු පියතුමන්, පෑලියගොඩ දේවස්ථානයේ මීසම් ධර්ම සේවා සභාවේ ලේකම් රොහාන් ද සිල්වා මහතා, තවත් ආරාධිත අමුත්තන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වය හා සහයෝගය ඇතිව සාර්ථකව පැවැත්වුණි.

29/05/2026
23/05/2026

සාන්ත මරියා වසන්ත උදානය 2026

ජ්‍යෙෂ්ඨ අංශයේ ළමුන්ගේ හා ආදි ශිෂ්‍යයන්ගේ නර්තනාංගය

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 04 වැනි වැනි ආලේලුයියා  සෙනසුරාදා මීසම් සේවක ගරු. ජූඩ් ලක්‍ෂ්මන් පූජා ප්‍රසාදීන් ...
22/04/2026

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 04 වැනි වැනි ආලේලුයියා සෙනසුරාදා මීසම් සේවක ගරු. ජූඩ් ලක්‍ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේගේ පැට්‍රික් පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මදුරෙහි දහම් පාසලේ ගුරු මණ්ඩලයේ සංවිධනයෙන් සිදුකෙරුනි.

ප්‍රථමයෙන් නව ගින්න ආසිරි ගන්වා පාස්කු ඉටිපහන දල්වා ඉන් අනතුරුව දේව වාක්‍ය පිළිවෙතින් අනතුරුව කිතු සමිඳාණන්ගේ විජයග්‍රාහි උත්ථාන ප්‍රතිමාව නිරාවරණය කරන ලදී. අනතුරුව ජලය ආසිරි ගන්වා ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කරන ලදි.

දේව මෙහෙය අවසානයේදි උත්ථාන ප්‍රතිමාව රැගත් පෙරහැරක් දේවස්ථානය වටා ගමන්කරන ලදී. ඉන් අනතුරුව කිතු සමිඳාණන්ගේ උත්ථාන ප්‍රතිමාවෙන් ජනතාව ආසිරි ගන්වන ලදී.

පැලියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මදුරෙහි මහ සිකුරාදා දින දේව මෙහෙය මීසම් සහයක  ගරු. ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමාගේ සහ ගරු....
22/04/2026

පැලියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මදුරෙහි මහ සිකුරාදා දින දේව මෙහෙය මීසම් සහයක ගරු. ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමාගේ සහ ගරු. පැට්‍රික් පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. තුන් පැය ධ්‍යානයෙන් අනතුරුව කිතු සමිඳාණන්ගේ ශ්‍රී දේහ සිපාචාරය ද සිදු කරන ලදී...

පැලියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මදුරෙහි මහ සිකුරාදා දින උදෑසන පාදනමස්කාරය මීසම් සේවක ගරු. ජූඩ් ලක්‍ෂ්මන් පියතුමන්ගේ මෙහෙය...
21/04/2026

පැලියගොඩ උත්පත්ති දේව මාතා දෙව්මදුරෙහි මහ සිකුරාදා දින උදෑසන පාදනමස්කාරය මීසම් සේවක ගරු. ජූඩ් ලක්‍ෂ්මන් පියතුමන්ගේ මෙහෙයවීමෙන් මීසම්වාසී ජනතාවගේ සහභාගීත්වයෙන් දේවස්ථාන භූමියේදී සිදු කෙරිණි.

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when St. Mary’s Church, Peliyagoda - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category