
19/07/2024
"මෙයාට උල් සපත්තු ඕනෙලු සර්..
ඒ සපත්තු දෙක හාරදහයි දැන්.
ස්කෝලෙ ගියෙත් නෑ අද.."
"ඉමල්ස.. "
මං කතා කරද්දි කොල්ල මූනෙ අමුතු හිනාවක් දාන් මං දිහා බැලුව
"CR පොතක් හාරසීයයි සර්.. මෙයාට ක්ලාස් වලටයි පොත් පෑන් වලටයි තිස් දාහක් විතර යනව. "
"පංතියෙ ඔක්කොම දාන්නෙ ඒව සර්.. මං විතරක් කොහොමද කියන්නකො.."
ඉස්සරල තිබ්බ හිනාව වෙනුවට කොල්ලගෙ ඇස් වල කදුළු පිරිල.
දුප්පත් කම..
හැමදාම මිනිස්සු අසරණ කලා
පොඩි උන්ගෙ හීන මරla දැම්ම..
තියෙන එකා වැජබෙද්දි නැති එකාට අනාගතය ගැන හිතන්නත් තහනන් කරා..
"ඉමල්ශ.. දැනට ඕක ගන්න අම්ම පව්නෙ.."
කොල්ල මොකුත් නොකිය පොත දිහාම බලන් ඉන්නව
ඒ ඇස් අගින් වැටෙන කදුළු පොතට හිමින් වැටුනව.
_________________________________________
"මොකෝ ගජී.."
"අද චිකන්නෙ සර්.. තාත්තට අද පඩි.."
"අප්ප එහෙමද.."
"ඉස්සරනන් අපි සතියට දවසක් දෙකක් කෑව. දැන් පඩි දවසට විතරයි.."
"මේ මෙයාගෙ බොරු සර්..ඇයි පෙරේදත් කෑවෙ."
"පෙරේදා කොහෙද කෑවෙ. "
අම්ම කොල්ලට හොරෙන් රවනව.
පොඩි එකා ආයෙ මං දිහා බලනව
"ආ ඔව්නෙ පෙරේද චිකන් තිබ්බ සර්.."
ඒ පාර හිමින් කියනව
ඉස්සර හොදට කාල ඇදල හිටපු මිනිස්සු
ඒත් අද..
_________________________________________
මේ ළඟදි බොරැල්ල ලේඩිජේ එකට ගියා
පොඩි එකෙක් ඉකි ගහ ගහ අඩනව.
සෙල්ලන් බඩු ඉල්ලල
ඒ අම්මයි තාත්තයි කොල්ලගෙ අතේ තිබ්බ සෙල්ලන් බඩුව රාක්කෙන් තියල කොල්ලව වඩන් පහලට යනව.
ඔව් මේ අපි ඉන්න සමාජෙ
දකුණු ආසියාවෙ උසම කුළුණ තියන රටෙ
අද දෙමව්පියන් පුදුම දුකක් විඳිනවා..
_________________________________________
මාස දෙකකට කලින් බොරැල්ලෙ ප්‍රසිද්ධ වෙලද සැලකට යද්දි
එක කෙල්ලෙක් වට කරන් එතන කට්ටිය කෑ ගහනව
"මොකද අර.."
"චොකලට් එකක් හොරකන් කරල.."
"චොකලට් එකක්.."
"ඔව් අර පොඩි බබා චොකලට් එකක් අරන්. කෙල්ල හිතල තියෙන්නෙ සල්ලි ඇති වෙයි කියල සල්ලි මදි වෙලා. කෙල්ල චොකලට් එක හොරෙන් බෑග්ගෙට දාගෙන"
"නෑ.."
"ඒක අහුවෙලා ඔය"
වයස විසි පහක විතර කෙල්ලෙක්
අවුරුද්දක විතර බබෙක්
ඒ වයසෙම කෙල්ලො සෙට් එකක් බයින හැටි
හරියට මහ බැංකුව කැඩුව වගේ..
බබා ඉල්ලන හින්දම සල්ලි නැති කමට හොරෙන් අරන්...
සමාජෙට හොරෙක් වෙච්ච අම්මෙක්
_________________________________________
"හැමදාම පහක් හයක් බෙහෙත් වල ගනන් අහල හැරිල යනව"
"පව් බන්.."
"මේ ළඟදි සීය කෙනෙක් ආව.. ගනන් අහල හෙට එන්නන් කියල ගියා. මේ ළඟ.."
"ඉතින්.."
"රෑ නැති වෙලා.. දිව යට තියාගන්න පෙත්ත ඉවර වෙලා. පව්.. "
"අඩෝ.."
"මොනා කරන්නද බන්. ඉස්සරනන් මං ඔය පොඩි ගානක් කියල මගෙ ගානෙ දෙනව. දැන් එහෙම කරන්න බෑ බන්.. අපිත් හිගා නොකා හිගාකනව.."
ෆාමසියෙ යාළුවෙක් කියනව..
අපි කොච්වර අසරණ වෙලාද
පාට පෙට්ටියක් ගන්න බැරි සිරියාවතී අපේ සිංහල පොතේ හිටිය
අද පැනසලක් ගන්න බැරි ළමයි මේ කොළඹ විතරක් කොච්චර ඇත්ද..
මේක කතාවක් නෙමෙයි..
සමාජ යථාර්ථයක්..
ඉස්සර මුතු ඇටේ..
අද හාමතේ..
_________________________________________
ශෙයාර් කරන් යන්
මොනව හරි කියන් යන්, ඔයාලටත් අත්දැකීම් ඇති.
Copied