Sir Lanka FB News

Sir Lanka FB News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sir Lanka FB News, Media/News Company, Kilinochchi.

නිදහස් පක්ෂ කණ්ඩායමක් සජිත් සමඟ ගිවිසුමකටශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තරුණ කණ්ඩායමක් ජනාධිපතිවරණයේදී නව ප්...
15/10/2019

නිදහස් පක්ෂ කණ්ඩායමක් සජිත් සමඟ ගිවිසුමකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තරුණ කණ්ඩායමක් ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට එරෙහිව නැගී සිටිනු ඇත.

එම කණ්ඩායමේ ලේකම් නීතිඥ රාජික කොඩිතුවක්කු ඊයේ (14) රිපබ්ලිකන් නෙක්ස්ට් වෙබ් අඩවියට පවසා සිටියේ මේ මස අවසානයේදී ඔවුන් සජිත් ප්‍රේමදාස සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවයි.

ඒ අනුව ඔහු කියා සිටියේ නොවැම්බර් 17 දක්වා වන කෙටි කාලයක් සඳහා ගිවිසුමක් මත පදනම්ව සිය සහාය සජිත් ප්‍රේමදාසයට ලබාදෙන බවයි.

තම පක්ෂයට හෝ එහි සාමාජිකයින්ට සජිත් ප්‍රේමදාස සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙම තීරණය ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම සඳහා පමණක් බවත් ඔහු සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමාට පක්ෂය තුළ කිසිදු කාර්යභාරයක් නොමැති බවත්, පක්ෂය සමන්විත වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන හා වැඩ කරන තරුණ කම්කරුවන්ගෙන් පමණක් බවත්, ජ්‍යෙෂ්ඨයින් එය පාවා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසයට සහය දෙන බව කුමාර වෙල්ගම කිසිදු අවස්ථාවක නොකියුවත්, ඔහු නිතරම කියා සිටියේ තමා ගෝඨාභයට සහාය නොදක්වන බවයි.

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්ශ්‍රී ලංකාව ආසන්න පහල වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවත...
15/10/2019

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද(15) සිට ඉදිරි දින කීපයේ දී බලාපොරත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඒ අනුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මිලිමීටර 100 ට වැඩි වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනු ලැබේ.

යුධ හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි හමුදාපති – ගෝඨාභයඅද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බ...
15/10/2019

යුධ හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි හමුදාපති – ගෝඨාභය

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය මහතා ප්‍රකාශ කරා.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි එහිදී ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.
නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.
එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.
කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි.

කාලගුණෙන් රතු නිවේදනයක්October 14, 2019 ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේ...
14/10/2019

කාලගුණෙන් රතු නිවේදනයක්
October 14, 2019

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

වැස්ස සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවද කාලගුණ අංශ නිවේදනය කරයි.

සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කරන පිරිසක් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමදිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් සමාජ ...
14/10/2019

සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කරන පිරිසක් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම

දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ජනතාව සමඟ විශ්වාසය ගොඩනගා ගනිමින් ඔවුන් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

ඔවුන් විසින්,

විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම හෝ ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව
රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබා දීම
විදේශ කාන්තාවන් බව හඟවමින් ඔවුන් සතු විශාල මුදල ලංකාවේ ආයෝජනය කිරීමට සහය ඉල්ලා සිටීම
ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ඔබේ නමින් රේගුව වෙත යොමු කර ඇති බව පැවසීම
ආදී වශයෙන් පවසා ඉහත සඳහන් මුදල් සහ දේපල ලබා ගැනීමට මූලික වශයෙන් මුදලක් අවශ්‍ය බවත්, එම මුදල වංචාකරුවන් ඔවුන්ගේ ගිණුම්වලට ලබා ගෙන වංචා කිරීමක් සිදු කරන බවටත් වාර්තා වී ඇත.

එක් සිදුවීමක් ලෙස මෙම වංචාකරුවන් පසුගිය මස 05 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හඳුනාගෙන ගුවන් තොටුපලෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂ 70,000ක මුදලක් වංචා කර ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් වගකිව යුතු ආයතනයකින් විමසීමකින් තොරව මෙලෙස මුදල් හෝ ත්‍යාග ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කිරීම, සිදුනොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

හිටපු කොටියාගේ කිලිනොච්චි නිවසේ අවි ගබඩාවක්කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසේ සඟව...
14/10/2019

හිටපු කොටියාගේ කිලිනොච්චි නිවසේ අවි ගබඩාවක්

කිලිනොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි, අත්බෝම්බ, ඩෙටනේටර් සහ ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ විශාල තොගයක් කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

ජූඩ් පීටර් රොබින්සන් (36) නැමැති මෙම හිටපු කොටි සාමාජිකයා පසුගිය සිකුරාදා(11) රාත්‍රියේ සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක්, උණ්ඩ 15ක් සහ මැගසින් එකක් සමඟ සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල යුද උපකරණ සොයා ගැනීමෙන් පසුව හිටපු කොටි සාමාජිකයාගේ බිරිඳ බව කියන කාන්තාවක් සහ ඔහුගේ සොහොයුරියද අත්අඩංගුවට ගනු ලැබිණ.

සැකකරු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.

අද(14) දිනයේ සිට සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසය...
14/10/2019

අද(14) දිනයේ සිට සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් විශ්වවිද්‍යාල තාවකාලිකව වසා තැබීමට පියවර ගත්තේය.

අඛණ්ඩව පුරා දින 33ක් පුරා පැවති අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය අවසන් බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇති බවයි ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන අතර පාඨමාලා පවත්වාගෙන යාම සහ විභාග කටයුතු පිළිබඳ තීරණ ගැනීමට විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් වෙත අවස්ථාව ලබා දී ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර අද දිනයේ සිට සියලු සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එල්.ඩී රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

ගෝඨාට එරෙහි රීට් පෙත්සම ප්‍රතික්ෂේප කළ හේතුව අධිකරණය දන්වයිශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එ...
14/10/2019

ගෝඨාට එරෙහි රීට් පෙත්සම ප්‍රතික්ෂේප කළ හේතුව අධිකරණය දන්වයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අභියාචනාධිකරණය මේ සතියේ පැහැදිලි කරන බව නීතිඥයින් පවසනවා.

අභියාචනාධිකරණය සිය තීන්දුව අඟහරුවාදා (15) පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවයි ඔහුගේ නීතිඥයින් තමාට දන්වා ඇති බව ක්‍රියාකාරියකු වන ගාමිනි වියන්ගොඩ පවසන්නේ.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට එරෙහිව සමාජ ක්‍රියාකාරින් වන ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් නඩු පවරනු ලැබූ නමුත් අභියාචනාධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

මෙම නඩුව මුලින් නිෂ්ප්‍රභ කිරීමට හේතු විමසා බැලීමෙන් අනතුරුව තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි වියාන්ගොඩ සහ තේනුවර පවසා සිටින්නේ.

ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව නඩු පවරා ඇති පෙත්සම්කරුවන් දෙදෙනා කියා සිටියේ තමන්ට මරණ තර්ජන සහ දුරකථන ඇමතුම් තර්ජනය කර ඇති බවයි.

ඔක්තෝම්බර් 04 වන දින අභියාචනාධිකරණය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කළ දින සිට සමාජ මාධ්‍ය වේදිකා හරහා අන්තර්ජාලය හරහා තමන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඔවුන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

“අප වෙත එල්ල වන සයිබර් තර්ජන සම්බන්ධයෙන් අපි රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හේතු ලැබුණු පසු අපි නිසි ක්‍රියාමාර්ග ගන්නෙමු. ” යනුවෙන් ඔවුන් ”සන්ඩේ මෝනින්” පුවත්පතට අදහස් දක්වමින් සඳහන් කර සිටිනවා.

ගෝඨාගේ රැස්වීම් වලට ජනපති මෛත්‍රී නෑගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු ර...
14/10/2019

ගෝඨාගේ රැස්වීම් වලට ජනපති මෛත්‍රී නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මෙවර මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත්, මේ නිසා පක්ෂ සභාපති තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා පත්කර තිබෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් තුන්සිය හතළිස් එකක් හා කොට්ඨාස මට්ටමින් රැස්වීම් එකසිය පනහක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් ගණනාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම්වලටද සහභාගි වන බවත් ඔහු පවසා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

හමුදාපති ගෝඨාගේ දැන්වීමකOctober 13, 2019ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේ...
13/10/2019

හමුදාපති ගෝඨාගේ දැන්වීමක
October 13, 2019

ශ්‍රී ලංකා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්., පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය යුධ සමයේ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සැපයූ විශේෂ සහායන් පිළිබඳව ඔහුව අගය කරමින් 2009 වසරේ දෙසැම්බර් 28 වනදා සිදුකල ප්‍රකාශයක් සදහන් කරමින් මැතිවරණ ප්‍රචාරණ පුවත්පත් දැන්වීමක් පළකර තිබේ.

හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති අද්මිරල් ඔෆ් ද එයා ෆෝර්ස් රොෂාන් ගුණතිලක, හිටපු යුධ හමුදාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරුන් විවිධ අවස්ථාවලදී සිදුකල ප්‍රකාශයන් සමඟ වර්ථමාන යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශය මෙසේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීමේ පළකර ඇත.

සති අන්ත සිංහල ඉරිදා පුවත්පත් කිහිපයක මෙම දැන්වීම පළකර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සක්‍රීය සේවයේ සිටින බැවින් ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සදහා ඔහුගේ රුව ඇතුලත් කිරීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සේම සදාචාර විරෝධී ක්‍රියාවක්ද වන බවයි මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන සමාජජාල ක්‍රියාකාරීන් රැසකගේ මතය වී ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මේ වනවිට දැනුවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් යුධ හමුදාව නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැත.

IOC සමාගම පෙට්ට්‍රල් මිල පහත දමයි(දිනුක් හේවාවිතාරණ2019-10-11)ලෝක වෙළදපලේ ඉන්ධන මිලෙහි ඇතිවි තිබෙන වෙනස සැලකිල්ලට ගනිමින...
11/10/2019

IOC සමාගම පෙට්ට්‍රල් මිල පහත දමයි

(දිනුක් හේවාවිතාරණ2019-10-11)

ලෝක වෙළදපලේ ඉන්ධන මිලෙහි ඇතිවි තිබෙන වෙනස සැලකිල්ලට ගනිමින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය පෙට්ට්‍රල් මිල ගණන් පහත හෙලිමට තීරණය කර තිබෙනවා.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් අඩු කිරිමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

මේ අතර ඩිසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකල බවයි LIOC සමාගම සදහන් කර සිටින්නේ.

නවතම මිල ගණන් පහතින් දැක්වේ :

ලංකා ඕටෝ ඩීසල් රු. 104
එක්ස්ට්‍රා මයිල් ඩීසල් රු.108
ලංකා සුපිරි ඩීසල් රු.132
ලංකා පෙට්ට්‍රල් 92 රු.142
එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්ට්‍රල් රු. 148

අපේ එකමුතුකම ඇත්නම් තව මොනවද කරන්න බැරි ?විස්සයි 20 ජයග්‍රාහී නායක දසුන් කියයිකණ්ඩායමක් තුල එකමුතු කම හා ආත්ම විශ්වසය ඇත...
11/10/2019

අපේ එකමුතුකම ඇත්නම් තව මොනවද කරන්න බැරි ?

විස්සයි 20 ජයග්‍රාහී නායක දසුන් කියයි
කණ්ඩායමක් තුල එකමුතු කම හා ආත්ම විශ්වසය ඇත්නම් ලොකු ගමනක් යා හැකි බව තමන් තරයේ විශ්වාස කරන බව පාකිස්තානය පරදවා විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

අනු හයේ ලෝක කුසලානය දිනාගත් ලාහෝර් පිටියේදී පාකිස්තානය පරදවා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවැත ජයග්‍රාහී මාවතට යොමු කිරීමක් බව ශ්‍රී ලංකා විස්සයි 20 නායකයාගේ අදහසවී තිබේ.

“තරග ජය ගන්න නම් ආත්ම විශ්වාසය ඉතා වැදගත්. දැන් බිය චකිතය තරුණ ක්‍රීඩකයන් තුළ නෑ. කණ්ඩායම තුළ එකිනෙකා අතර විශ්වාසය ගොඩනැගී තිබූ නිසා නායකයෙකු විදිහට මට පීඩනයක් තිබුණේ නෑ. එකමුතු කමයි ආත්ම විශ්වසයයි ඇත්නම් අපට මොනවද කරන්න බැරි” දසුන් ශානක පැවැසීය.

“ක්‍රීඩා පිටිය ඇතුලේ විශේෂ දේවල් කතා කරන්න තිබුණේ නෑ. ටීම් මීටින් එකේ කතා කළ දේ ක්‍රියාවට නගන්න පමණයි තිබුණේ. පාකිස්තානය පන්දුවට පහර දෙද්දී අපි ඔවුන්ව පස්සට අදින්න අදින්න ඔවුන්ගේ ලකුණු වේගය ඉහළ ගියා. ලෝක කුසලානයක් දිනාගත් ක්‍රීඩා පිටියෙන්ම යළිත් නැගී සිටීමට හැකිවීම විශාල ආශිර්වාදයක් කියා හිතනවා. මේ නැගී සිටීමත් සමග ශ්‍රී ලංකාවේ ජනතාව දැන් ක්‍රිකට් වලට ආදරය කරයි” හෙතෙම විශ්වාසය පළ කළේය.

සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි 20 තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ලාහෝර් ක්‍රීඩා පිටියේදී පුහුණුකරු රොමේස් රත්නායක මහතා ද සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා හා පුහුණුකරු යන දෙදෙනාම විදෙස් ක්‍රීඩකයන් සහභාගීවන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියක අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට කරුණු හෙළි කළහ. ජාත්‍යන්තරය සමග කරට කර සිටින හොඳම විස්සයි 20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් බිහි කර ගැනීමට නම් එම අඩුපාඩුව සම්පූර්ණ විය යුතු බව ඔවුහූ පැවැසූහ.

“ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලි දෙකක් අපට මුහුණ දෙන්න තියෙනවා. ක්‍රිකට් ගහන හැම රටකම විදෙස් ක්‍රීඩකයන් සහභාගීවන ප්‍රීමියර් ලීග් තරගාවලි පැවැත්වෙනවා. අපේ ක්‍රීඩකයන් මේ තරම් හොඳට කළත් වෙනත් රටවල් අපේ ක්‍රීඩකයන් තුන් හතර දෙනෙකු හැරෙන්න ගන්නේ නෑ. එහෙම වෙන්නේ අපේ රටේ ඒ වගේ තරගාවලියක් නැති නිසයි. පාසල් වියේ සිට ඉදිරියට එන ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කොට පසුව ශ්‍රී ලංකාව අත් හැර වෙනත් රටවලට යන්නේ ඔවුන්ට නිසි තැනක් නොළැඹෙන නිසයි. අපේ ගොඩක් ක්‍රීඩකයෝ අද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ අයගෙන් යම් අදහසක් ගන්නවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් නෑ. අන්තර්ජාතික මට්ටමේ තරග ක්‍රීඩා කළොත් පමණයි ඒ අත්දැකීම ගන්න පුලුවන් වෙන්නේ” දසුන් ශානක පැවැසීය.

“මා ගොඩක් මහන්සියෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී ඉන්නේ. මා එය අත්දැකීමෙන් දන්නවා. රටක ප්‍රීමියර් ලීග් තරගාවලියක් පැවැත්වුණාම ඒ රටේ ක්‍රීඩකයන් ඉදිරියට එනවා වාගේම වෙනත් රටවල් ඔවුන්ව තරගවලට ගෙන්වා ගන්නවා. පසුගිය කාලයේ ඒ අඩුව ගොඩක් තදින් දැනුණා. අපි දිගින් දිගටම තරග පරාජය වන්නත් මේක හේතුවක්. මොකද එක් කණ්ඩායමක් විතරයි ගහන්නේ අනිත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දකින්නේ නෑ. පාකිස්තානයට තරුණ කණ්ඩායමක් අවේ නැත්නම් මේ මුහුණු කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ. මාගේ අදහස මේ දක්ෂතා හැමෝම දකින්න අවශ්‍ය බවයි. ලසිත් මාලිංග, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න හා දික්වැල්ල වැනි කිහිප දෙනකු පමණයි වෙනත් රටවල ප්‍රීමියර් ලීග් ගන්නේ. මේ තත්ත්වය වඩාත් පුලුල් කරන්න නම් අපට විස්සයි 20 ප්‍රීමියර් ලීග් තරගාවලියක් අවශ්‍යමයි” දසුන් ශානක පැවැසීය.

මේ පිළිබඳ පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා ද ඒ හා සමාන අදහසක් පළ කළේය. “එවැනි උසස් මට්ටමේ තරගාවලියක් තිබුණා නම් ඉතා හොඳ දෙයක්. 2011දී අපේ රටේ එවැනි තරගාවලියක් පැවැත්වූවා. මා දන්නේ නෑ ඉන් පස්සේ එවැනි තරගාවලියක් පැවැත්වීමට අපට හැකියාවක් නැත්තේ ඇයි කියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේදී මේ ගැන යමක් කරයි” ශ්‍රී ලංකා පුහුණුකරු සඳහන් කළේය.

Address

Kilinochchi

Website

Alerts

Be the first to know and let us send you an email when Sir Lanka FB News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share