Ravi N Madhu

Ravi N Madhu RaviNmadhu 👫
🌏 Travel | 🥘 Cooking | 🎬 Content Creation

21/07/2026
අර පෙරහැරක ගිය ගෑනු ලමයෙක්ගෙ මූනෙන් ප්‍රකාශ උන නොරිස්සුම් සහගත හැඟිමක් වයිරල් වෙලා තිබුනා..ඒකට මනේශා සහ හස්ත කලණ වගෙ ජනප...
18/07/2026

අර පෙරහැරක ගිය ගෑනු ලමයෙක්ගෙ මූනෙන් ප්‍රකාශ උන නොරිස්සුම් සහගත හැඟිමක් වයිරල් වෙලා තිබුනා..ඒකට මනේශා සහ හස්ත කලණ වගෙ ජනප්‍රිය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කරපු උපාහාසාත්මක වීඩීයෝ ගැන මට හිතුනා පෝස්ට් එකක් වෙනම ලියන්න ඕනෙ කියලා.

මෙතනදි මං සලකා බලන ප්‍රධානතම දේ අදාල ගෑනු ලමයා පබ්ලික් ෆිගර් එකක් හෝ ජනප්‍රිය පුද්ගලයෙක් නෙමෙ. සමහර විට කිසි දවසක නරක විදියෙ සමාජ අවදානයකට ලක් නොවුන බොහොම සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්!

එයා නිකම්ම පෙරහැරක යනවා ජාතික කොඩිය අල්ලන්. ඇහට කණට පේන ගෑනු ලමයෙක්. යකාට ඇදගත්ත එකෙක් මේ ලමයට එහෙන් මෙහෙන් කොකං පානවා. ඇගෙන් ඇල්ලුවද නැද්ද අපිට පැහැදිලි නෑ. අපි දකින්නෙ තප්පර කීපයක සිද්ධියක්. මුළු පෙරහැරම අපි දකින්නෙ නෑ.. සිද්ධිය මුල සිට නිගමනය කරන්න..

මිනිස්සුන්ගෙ හැඟිම් ප්‍රකාශන විවිධයි. නොරිස්සුම් සහගත දේකදි ඕනෑම කෙනෙක් ක්ශණික ප්‍රතිචාර දක්වනවා. ඒක කවුරුත් හිතලා කරන්නෑ ඉබෙත් වෙනවා

දැන් මේ තප්පර කීපය කැප්චර් වෙනවා.

මේක මහ ලොකු සිද්ධියක් නෙමෙ වයිරල් යන්න තරම් අර කෙල්ල ලස්සන නැත්‍තම්.. ලස්සන ගෑනියෙක් නිසා වයිරල් යන්නෙ.

ඉතින් මොකක්ද අවුල ලස්සන ගෑනුන්‍ට තරහා යන්න කේන්ති ගන්න බැයිද?? මූණෙන් හැඟිමක් එලියට පනින්න බැයිද??

ගෑනියෙක්ගෙ නිහතමානිකම තියෙන්නෙ මනේශා කොයි වෙලෙත් දෙන්න වගෙ ඉන්න එකේ නෙමේ..😁

විශේශයෙන් ටිකක් ඇහට කණට පේන්නත් ඉදලා හැම එකාටම " ඉදා ගනින් " වගෙ දිගෙන උන්නොත් දහ පාරක් බඩ වෙලා නවතින්නෙ🤣 එහෙම රටක් මේක..

ගෑනු උනාම රවන ගස්සන චුක් ගාන අවස්ථා තියෙනවා. ඒක මේ නලලෙ තියාගෙන ඉන්නෙ වගෙ අර්ථකථනය කරන්න බෑ

එතකොට තප්පර කීපෙක එහෙම සිද්ධියක් අල්ලන් අර සාමාන්‍ය ජිවිතයක් ගත කරපු සාමාන්‍ය පුරවැසියෙක්ව දරුණු සමාජ වෛරයකට , හාස්‍යකට, උපහාසයකට නිරාවරණය කරනවා මනේශා ඇතුලු කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ටික.

හිතපන් උබලගෙ නන්ගි යනවා පෙරහැරක් බලන්න. පෙරහැරක කොඩියක් උස්සන්

ඒකි නිලියක්වත් මොකියක්වත් නෙමෙ. නිලියන්ට නම් මේවා බොහොම සාමාන්‍ය දේවල්. උන් කොහොමත් පවුල් කන්නෙත් කැමරා ඉස්සරහනෙ උන්‍ට පෞද්ගලික ජිවිත නෑ

උබගෙ නන්ගිට එකෙක් ඇද කරලා විඩියෝ එකක් දානවා. ඒක උන්ගෙ ආර්ට් එකලු..කලාවලු..

මෙතනින් පස්සෙ සාමාන්‍ය පුරවැසියෙක් උන උබගෙ නන්ගිව එක රැයින් රටේ ෆේමස් වෙනවා.. සමහරු බනිනවා හේතුවක් නැතුව .සමහරු කුනු හර්ප කමෙන්ට් දානවා

" අහ් නන්ගි නලලෙද අහනවා?

කවුද මේ වෛරයට හෝ අනවශ්‍ය පබ්ලිසිටියට අර මනුස්සයව නිරාවරණය කරන්නෙ??

කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන රස්සාව කරන උන්.

එතනින් එහා අර මනුස්සයගෙ සාමාන්‍ය ජිවිතය අවුල් යනවා. අසාමාන්‍ය සමාජ වෛරය හෝ අපහාස උපහාස දරලා පුරුදු නැති කෙනෙක් නම් ගෙදරින් එලියට බහින්නත් ලැජ්ජ වෙනවා.

මොකද මේ කෙල්ල මිනියක් මරලද?🙄

තරහ වෙන්නෙපා මනේශා මේක තනිකර පුද්ගල නිදහස උල්ලංඝණයක් සහ අපහාසයක්!!

මනුස්සයෙක්ගෙ මුනෙන් ස්වයං ආයාසයකින් තොරව ආපු එක්ස්ප්‍රෙශන් ටිකකට ඒකිව මර.. ම් කාලා ඔයා සල්ලි හොයන්නෙ ඔය..

මේකට ඔයා ඇතුලු නඩේට නඩු දාන්න පුලුවන් පැහැදිලිවම!!

ආර්ට් කියන්නෙ ඕක නෙමෙ. උපහාසය කියන්නෙ ඕක නෙමෙ..

ඔයා ඕකෙ ලිමිට්ලස් අත් හදා බලන්න ගිහින් ඔයා විසින්ම පහතට වැටෙනවා!

කෞරුත් කරන්නෑ ඔයාමයි කරගන්නෙ..

එදාට තව කන්ටෙන්‍ට් ක්‍රියේටර් කෙනෙක් ඔයාට වෙච්ච දේ රගපාලා පෙන්නලත් කීයක් හරි හොයා ගනී☺

ඔයා අද ඔය පහර ගහන්නෙ ගෑනියෙක්‍ට ඕනෑම තැනකදි , ඕනෑම නොඉවසිය යුතු තැනකදි නැඟී සිටින්න තිබිය යුතු හයියට..

හරිම නරකයි!!

අද උදෑසන හැමෝටම Good morning  කියන්නේ සමාජයේ තියෙන ලොකු වැරැද්දක් කතා කරගෙන. මේ ළමයි දෙන්නම අම්පාරේ..එක්කෙනෙක් කරන්නේ දු...
10/07/2026

අද උදෑසන හැමෝටම Good morning කියන්නේ සමාජයේ තියෙන ලොකු වැරැද්දක් කතා කරගෙන. මේ ළමයි දෙන්නම අම්පාරේ..

එක්කෙනෙක් කරන්නේ දුප්පත් කම පෙන්න පෙන්න page එක monetize කරගෙන ඒකෙන් සල්ලි හොයන එක. ඒ ළමයාට සල්ලි හම්බෙන්නේ දුප්පත් වෙලා හිටියොත් විතරයි.

අනිත් ගෑනු ළමයා කරන්නේ දුප්පත් කම නැති කරගෙන අඩියක් උඩට එන්න තමුන්ගේ පේජ් එක පාවිච්චි කරන එක. එයාට ඕන තමුන්ගෙ දරුවන්ට හොඳ කාලයක් උදා කරන්න සාධාරණ ව්‍යාපාරයක් කරලා.

හැබැයි දුප්පත්කම මාකට් කරන ළමයට followers ලා ලක්ෂ හතර පැනලා. දුප්පත් කම නැති කරගන්න උත්සාහ කරන ධෛර්මයත් ළමයට followers ලා 47000 යි.

අපේ සමාජයේ ලොකු අවුලක් තියෙනවා නේද? අපි කාවද follow කරන්නේ? අපි කාටද ධෛර්යය දෙන්නේ? අපි කාටද ආශිර්වාද කරන්නේ?

ධනරාජා, ජිනූ වගේ අයට දෙන අවධානය ඔයාලට පුළුවන්නම් ගම්වල අවම යටිතල පහසුකම් යටතේ ඔලුව උස්සන්න දඟලන සෙලූ රසපෝෂ වගේ අයට දෙන්න ඔයාලා දන්නවද ඒකෙන් රටට කොච්චර සෙතක් වෙනවද කියල. ?
ජිනූට බැරි ගොඩක් දේවල් සෙලූට රට වෙනුවෙන් කරන්න පුලුවන්.
👉 එයාගේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙනකොට එයාට පුළුවන් ගමේ තියෙන යටිතල පහසුකම් ටික සංවර්ධනය කරගන්න දායකත්වයක් ලබා දෙන්න.

👉එයාට පුළුවන් ගමේ ඉන්න තව කෙනෙකුට රැකියාවක් දෙන්න. එහෙම කරලා තව පවුලක් ජීවත් කරවන්න එයාට පුළුවන්.

👉එයාට පුළුවන් රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ දාන්න.

👉එයා ධාන්‍ය වලට අගය එකතු කරන නිෂ්පාදිකාවක් නිසා එයාට පුළුවන් ධාන්‍ය මිල ස්ථාවර කරලා රටේ ගොවියෝ රැක ගන්න.

👉තව ටිකක් දියුණු වුනාම එයාට පුළුවන් අපේ රටේ ධාන්‍ය වලින් කරන නිෂ්පාදන අපනයනය කරලා රටට ඩොලර් ගේන්න.

👉එයා ඉහලටම ගිය දවසක එයාට පුළුවන් රටට බදුත් ගෙවන්න.

හැබැයි ජීනුට පුලුවන් මෙතනින් එකම එක දෙයක් කරන්න විතරයි..එයාට පුලුවන් Facebook එකෙන් රටට ඩොලර් ගේන්න.

සමාජ මාධ්‍යය කියලා කියන්නේ හරියට පාවිච්චි කරොත් අපිට රටක් දියුණු කරන්න පුළුවන් මිනිස්සු ගොඩනගන්න පුළුවන් තැනක්. මම මේ සෙලූව ගත්තේ පුංචි උදාහරණයකට විතරයි. හේතුව මේ දෙන්නම අම්පාරේ දෙන්නෙක් වීම. මේ වගේ තව ගොඩක් ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවා රට වටේම පුංචි තැන්වල ඉඳලා උඩට එන්න උත්සාහ කරන. මේ වගේ කාලයක් මටත් තිබුණා.

සමාජ මාධ්‍යවල අවධානය නිසි ලෙස ලැබුණොත් තමයි මේ වගේ ගම්වල පුංචි ව්‍යවසායකයන්ට තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ අයත් නොයෙක් උපක්‍රම කරනවා තමුන්ගේ පේජ් එකට අවශ්‍ය අවධානය දිනාගන්න..මේ සෙලූම ගන්නකෝ උදාහරණයකට..එයා නිෂ්පාදනයත් කරනවා විතරක් නෙවෙයි, එයාගේ පේජ් එකේ රීච් එක තියාගන්න එයා කොමඩි නාට්‍ය කෑලි රඟපාලා දානවා. එයා උත්සාහ කරනවා.

හැබැයි ජීනූ මොකද්ද කරන්නේ? තමුන්ගේ අම්මගෙයි තාත්තගෙයි දුප්පත් කම පෙන්වන්න තිබ්බේ නැත්නම් එයා මොනවද පෙන්වන්නේ?

මම ඒ ළමයට වැරැද්දක් කියන්නේ නැහැ..ඒ ළමයට ඉරිසියා කරන්න අවශ්‍යත් නෑ..ඒක එයාගේ වාසනාව..ඒත් සමාජයක් විදියට අපි කාවද උඩට ගන්න උත්සාහ කරන්නෙ? සමාජයට ප්‍රයෝජනවත් කෙනෙක්ද නැති කෙනෙක්ද?

මේ ප්‍රශ්නයට උත්තර ඔයාලාට කල්පනා කරබ්න ඉඩහරිමින් අදත් එක මිලි මීටරයක් මම ඉදිරියට යනවා.. හැමෝටම ජයග්‍රාහී දවසක්.. ❤️🌿

ප.ලි - මෙතන කියන්නෙ ජීනුව unfollow කරන්න කියලවත්,එයාට hate කරන්න කියලාවත් නෙවෙයි. ගම් වල ඉන්න ව්‍යවසායකයන්ව උඩට ගන්න කියලා..ඒක රටට පෙරළා ගොඩක් ප්‍රතිලාභ දෙනවා කියන එකයි. ජීනුලා වගේ අයට දෙන අවධානය සෙලූලා වගේ අයටත් දෙන්න කියලයි..

Copied…

#දෙළුමා

08/07/2026

ඒක වෙනම ලෝකයක්! 💚

ලක්ෂ සංඛ්‍යත දෙව් මිනිස් සියල්ලනගේ නිතර වන්දනාමානයෙන් පිදුම් ලබන විශ්වයේ බලගතුම ස්ථානය 🙏
06/07/2026

ලක්ෂ සංඛ්‍යත දෙව් මිනිස් සියල්ලනගේ නිතර වන්දනාමානයෙන් පිදුම් ලබන විශ්වයේ බලගතුම ස්ථානය 🙏

05/07/2026

බුදුගුණ අරහං නවගුණ වේවා!
අරහං නවගුණ හදතුල වේවා!
මරණෙදි මට කිසි බියක් නොවේවා!
මරණෙදි මට බුදුගුණ සිහි වේවා!

01/07/2026

කිරි ආහාර පූජාව 2026 අනුරාධපුර සවර්ණමාලී මහා සෑරදුන්හට පූජා කරමි පූජා වේවා!
සැදැහැ සිතින් දැක බලා ගන්න.🙏

රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව (නාග දොරටුව ලෙසද හඳුන්වයි) නාගයින් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ස්ථානයක් ලෙසත්, බුදුරජාණ...
29/06/2026

රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව (නාග දොරටුව ලෙසද හඳුන්වයි) නාගයින් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ස්ථානයක් ලෙසත්, බුදුරජාණන් වහන්සේගේ වැඩසිටි ඉරියව්ව සිහිපත් කරමින් බැතිමතුන් වන්දනාව ආරම්භ කරන පූජනීය දොරටුවක් ලෙසත් බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

සියලුසත්වයො දුකින් මිදෙත්වා
නිවන් දකිත්වා!!!!


මහන්සිය -මාස 8වියදම -ලක්ශ 58😍උස අඩි -60 පරිවාර කූඩු 300+අනර්ගම නිර්මාණයක් 💖 ගම්පහ කිරිදිවල (මිල්ලතේ)Location - millathe ...
08/06/2026

මහන්සිය -මාස 8
වියදම -ලක්ශ 58😍
උස අඩි -60
පරිවාර කූඩු 300+
අනර්ගම නිර්මාණයක් 💖
ගම්පහ කිරිදිවල (මිල්ලතේ)
Location - millathe kirindiwala , gampaha 🩷
ජුනි 13 වන දින දක්වා ප්‍රදර්ශනය කෙරේ 🔴

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Ravi N Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share