Serendib News

Serendib News " මාධ්‍ය සදාචාරයෙන් ඔබ්බට "

30/05/2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන්නේ උසාවියේ

29/05/2024

නාමල් යහපාලනය පතුරු ගසයි

28/05/2024

අනුර සජිත් විවාදය සජිත්ට දේශපාලනය විහිළුවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම...
28/05/2024

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

“දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්”යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා කියා සිටියා.

28/05/2024

රංගේ බණ්ඩාටයි වජිර අබේගුණවර්ධනටයි පිස්සු දෙන්නම අංගොඩ දාන්න ඕනි
තිස්ස කියයි.

මීට වසර එකහමාරකට දෙකකට පෙර තිබුණු ගෝඨාභය පාලනයයි, අදයි සංසන්ධනය කරමින් ජනතාව වත්මන් ආණ්ඩුව හොඳයි කිව්වත්, නමුත් එය යථාර්...
04/06/2023

මීට වසර එකහමාරකට දෙකකට පෙර තිබුණු ගෝඨාභය පාලනයයි, අදයි සංසන්ධනය කරමින් ජනතාව වත්මන් ආණ්ඩුව හොඳයි කිව්වත්, නමුත් එය යථාර්ථවාදී ද යන්න සොයා බැලිය යුතුයි. රුපියල ශක්තිමත් වුනා, පෝළිං නෑ, බඩු තියෙනවා යනුවෙන් කිව්වත් මේ වන විට පවතින්නේ හිරකරගෙන යන ආර්ථිකයක්, රුපියල ශක්තිමත් වීමක් නොවේ සිදුවී තිබෙන්නේ, ණය නොගෙනීමත්, ආනයනය යම් ආකාරයකින් පාලනය කිරීමත්, අත්‍යාවශ්‍ය ගෙවීම් සඳහා ප්‍රාග්ධනය නිදහස් කරගෙන යාම සඳහා ඉඩකඩ නොදීමත් යන කාරණය මුලික කරගැනීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව අද (04) නැගෙනහිර කොළඹ සමගි ජන පවුර වැඩසටහනට එක්වෙමින් ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත. සෑමදාම මේ තත්ත්වයේ පවත්වා ගෙන යාමට නොහැකි බවත්, රට විවෘත කිරීමෙන් පසුව යලිත් පරණ තත්ත්වයට වැටෙන බවත්, එවැනි තත්ත්වයකට අපද කැමති නැති අතර නමුත් ඒ සඳහා විසදුමක් තිබිය යුතුයි. ආණ්ඩුව තවමත් හරි මාර්ගයේ ගමන් කර නෑ. මේ වසරේ රටේ ආර්ථික ඝෘණ තත්ත්වයක පවතින බවත්, මෙය තාවකාලිකව ජනතාව පීඩනයකට ලක් කරමින් සිදු කරන ලද්දක් බවත්, කෙසේවෙතත් ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ නම් අපිද කැමති බවත්, පවතින පිඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගනිමින් ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, අත්තනායක මහතා පවසා ඇත. මේ පවතින තත්ත්වයෙන් ගොඩඒමට රජය ඉදිරිපත් කරන සැලසුම කුමක්ද?, ජනාධිපතිවරයාගේ කතාවේදී ආර්ථික සංගායනාවක් ගැන කතා කළා, නමුත් එය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න යන්නේද ආණ්ඩුවට සැලැස්මක් නෑ. ජනතාවගේ බදු ෆයිල් විවෘත කිරීම හැර ආණ්ඩුව වෙන කිසිවක් කරන්නෑ. බදු ගන්න ඕනේ, නමුත් ආණ්ඩුව තමන්ගේ වියදම් සීමා කිරීම, දුෂණ, සොරකම, වංචාව පිළිබඳව ඊට වඩා සැලකිලිමත් වුයේ නම් වඩාත් හොඳ බව මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇත. අණපනත් ගෙනවිත් අතීතයේ කරන ලද වැරදි යටපත් කිරීමට කටයුතු කරනවා. ජනමතය පවතින්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩු විරෝධීව, මේ රටේ බහුතරයක් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කරලා තියෙන්නේ. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් සජබ ය ඊට සූදානම්ව පැවතියත්, ප්‍රථමයෙන්ම පැවැත්විය යුත්තේ පළාත් පාලන මැතිවරණය බවයි හෙතෙම අවධාරණය කර ඇත්තේ.

05/11/2022

පාපන්දු ලෝලියෝ
ලංකාවට ගෙන්වනවා..!
සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු

Address

Madiwela Kotte
Kotte
94

Website

Alerts

Be the first to know and let us send you an email when Serendib News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Serendib News:

Share