23/09/2025
"ගැමුණු අභිසෙස්- 2025"
2025 වර්ෂය සදහා අභිනවයෙන් තේරීපත් වූ නවක ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡනය පැළදවීමේ උත්සවය 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 17වන දින පැවැත්වුණි. එම උත්කර්ෂවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනි හසාරා හිටිබණ්ඩාර නායක මැතිනිය ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ M.K.M. ජාබර්, විශ්‍රාමික විදුහල්පති W.M. ආරියරත්න, නාච්චදූව කොට්‌ඨාසයේ විද්‍යාල කිහිපයක විදුහල්පතිවරු, නියාමක ගුරු උපදේශක E.P.N. පලගසිංහ, ආයුර්වේද වෛද්‍ය නිලධාරීතුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මුදිත් අමරසිංහ, පාසලේ හිටපු විදුහල්පති W.M.S. ප්‍රියශාන්ත, සංවර්ධන කමිටුවේ ලේකම්තුමා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. තවද විද්‍යාලයේ ස්වාමින් වහන්සේ වන පූජ්‍ය සංවර ස්වාමීන් වහන්සේ, විද්‍යාලයේ විදුහල්පතිනි M.M.කල්‍යාණි අබේවර්ධන ,, නියෝජ්‍ය විදුහල්තිවරුන් වන නන්දන ජයරත්න හා නිමල් කරුණාතිලක, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන W.A.I.මධුභාෂිණි හා S.D.වන්නිනායක යන මහත්ම මහත්මීන්ද, ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුමව්පියවරු ද පාසලේ සියලුම සිසු සිසුවියන් මෙන්ම නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ දෙමව්පියන්ද ඵම උත්සවයට සහභාගී වූහ.